Thursday, June 11, 2009

එනතුරු...

මට පොඩි කාලේ- පොඩි කිව්වේ චූටිම චූටි නෙවෙයි ස්කොලේ 5-6 විතර ඉන්න දවස් වල පොඩි ආමි උණක් තිබ්බා... මං හිතන්නේ ඒ අපේ තාත්තාගේ යාළුවෝ ගොඩක් ඒ කාලේ ත්‍රිවිධ හමුදාවේ හිටිය නිසා වෙන්න ඇති.. ‍ඒ කාලේ මං හිතාගෙනත් හිටියා ලොකු ‍වුනාම ආමි එකට යනවා කියලා.. ඒ කාලේ මට කමාන්ඩෝ ඇදුමකුත් තිබ්බා.. ඒ තාත්තාගේ යාළුවෙක්ගෙන් හම්බවෙච්ච යුනිෆෝම් රෙද්දකින් ද කොහෙද අම්මා මහලා දීපු එකක්... තව ආමි එකේ අය අදින ටී ෂර්ටුත් තිබ්බා..ඒත් ඉතිං ඒවා අදින්න ඒ කාලේ මං පොඩි වැඩියිනේ... සේරටම ව‍ඩා තිබ්බේ ආමි එකේ අයගේ පිංතූර එකතු කරන පිස්සුව..usa army එකේ එක්කෙනෙක් චුටි බබෙක්ව වඩන් ඉන්න පිංතූරයක් කාලයක්ම මගේ කාමරේ බිත්තියෙත් අලවලා තිබ්බා... කොහොම කොහොම හරි වයසත් එක්ක ඒ අදහස් වෙනස් වෙලා අමතක වෙලා ගියා.. අද මෙන්න මේ පිංතූරේ දැක්කම ආයෙත් ඒ දවස් මතක් උනා.. මේක ඉතිං දැක්කේ මෙතනින්.. ‍ඒකට ලියවෙච්චි එක තමා පහළ තියෙන්නේ.. ඒ වගේම ලිය වෙච්චි තව එකක් තියනවා මෙතනයි මෙතන යි... පිංතූරය හෙව්වෙ කසුන් සංකල්පන යාළුවා..



විරුවෙකු වෙද්දි රට රකින
නුඹ පහන් පැලයි මා හදවතේ
සදාකල් ආදරේ නාමයෙන් පුද ලබන...

නුඹේ දැතින් රැකෙන මේ දෙරණ මත
සාමයේ සුදු මල් පිපෙන තුරු..

මේ නුඹේ උණුසුමයි සවිය මට
නුඹේ සුවදයි දිරිය මට
රෑ පුරා තනි යහන් මත
තවත් එක් දිනකටත්
නුඹ තුරුල විදින තුරු
ඉවසා සිටින්නට.....

මලී 11062009

8 comments:

  1. Beautiful !

    Simply amazing malee

    Good show !

    ReplyDelete
  2. මටත් පොඩි කාලෙනම් ලොකු උණක් තිබ්බ දැන්නම් පෙන්නන්න බැහැ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මටත් ඒකාලෙ තිබුනා ආමි යන්න ආසාවක්. ඒත් දෙතුන් පාරක් Cadetting කෑම්ප් ගියාට පස්සෙ ලෙඩේ හොදටම හොද උනා. දැන් නම් ආයෙත් ආසාවක් තියෙනව ඒත් දැන් අපිව ආමි එකට ගන්නෙ නෑ වයසයි කියල.

    ReplyDelete
  5. මටත් තිබුනා හරිම ආමි පිස්සුවක් ඒ කාලෙ. මට හොඳට මතකයි අපේ පංතියේ ළමයි ෂාරුක් ගෙ අමීර් ගෙ පිංතූර එකතු කරද්දි මම එකතු කලේ යුද්ධ ටැංකි, මැෂින් තුවක්කු වගේ අවි ආයුධ වල පිංතූර.. මගේ වීරයා තමා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව. ආමි එකට තියන අසාව නිසාම Cadetting කලා,camps ගියා. ඒත් මට ඉතිං මගේ ආසාව ඉටු කරගන්න ලැබුනෙ නැහැ. මං නං හිතන්නේ ඒ uniform එක අඳින්න(විශේෂයෙන් තරු සහිත) පිං කරලා තියෙන්න ඕන. ඊ ළඟ ආත්මෙදිවත් බලමු.

    ReplyDelete
  6. @Nashu - thanx dude.. :)

    @Ma- එහෙම බෑ!!!

    @Tharaka- හයියෝ පව් වැඩේ.. ස්වෙච්ඡා එකකටවත් බැරිද?

    @රතුතරුව - හපොයි මම අවි ආයුද එකතු කලේ නෑ.. මම එකතු කලේ හමුදා සෙබලුන්ගේ මානුෂික ඡායාරූප උදා- බබලා ව‍ඩාගෙන ඉන්න ඒවා.. වයසක අයට උදව් කරන ඒවා.. මල් අරගෙන ඉන්න ඒවා.. මේකේ තියන පිංතූරේ ව‍ගේ ඒවා.. මමත් ආස යුනිෆෝම් එකට නම් තමයි.. දැන් නම් මට ඒක ගැලපෙන්නේ නැති වෙයි.. ඒකයි නොගියේ :p

    ReplyDelete
  7. ආමි එකේ අය කරපු වීර වැඩ නිසා දැන් ආමි එක ගැන යුද්දෙ ගැන ලොකු කතා කියපු අයත් ආමි එක ගැන කවි ලියනවා. ලෝකෙ පෙරලෙන හැටි!

    ReplyDelete
  8. A touching poem................

    ReplyDelete