Monday, June 29, 2009

මට හිතක් නැත...!



උපන්දා සිට මම
මට බොහෝ දේ කර දී ඇති
ඔහුට ලොකු හිතක් ඇත
වචනයකින් වත් මම
ඒ හිත රිදවිය යුතු නැත..

ඇයට හිතක් ඇත
මා වෙනුවෙන් පැතුම් සහසක්
ඒ හිතේ පිරී ඇත
බැල්මකින් වත් මම
ඒ හිත රිදවිය යුතු නැත..

ඔහුටද හිතක් ඇත
50% ප්‍රතිශතයට එය
මා සමග බෙදෙනු ඇත
එම නිසා ඒ හිත
මා අබැටක් තරම් වත්
රිදවන්න හොද නැත..

සමාජය යැයි එකක් ඇත
හිත් බොහෝ එහි ඇත
මට හරියන තුරු හෝ වරදින තුරු
ඒ හිත් බලා හිදිනු ඇත
එම නිසා මා වැඩ කල යුතුවන්නේ
ඒ හිත්ද නොරිදෙන ලෙසිනි..

මට මම නම් කෙනෙක් ඇත
රිදවනවා දැනෙන්නැත
අඩුම ගානේ හැගීමක් වත් නැත
ඒ නිසා හැමෝටම මට රිදවිය හැක
කොනිත්තා මදි වගේ නම්
කිනිස්සක් ගෙන ඇණ
පලා හද බැලිය හැක
මට හිතක් නැත‍‍..හදවතක් නැත..
ඒ නිසා මට දැනෙන්නේ නැත
දවසක මමත් නැති තැන
මට රිදෙව්වාට කම් නැත..!

you know it's love
when all you want is
that person to be happy;
even if you're not
part of their happiness :D

මලී 28/06/09

ප.ලි- මෙය කාව්‍යාත්මකව මසිතේ ඇති වුනු සිතුවිල්ලක් පමණක් වන අතර ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික හෝ වෙනත් අත්දැකීමක් මත පදනම් වී නොමැත.! එම නිසා මෙය කියවන කිසි කෙනෙකු ඒ පිළිබදව වැඩිදුර සිතිය යුතු ‍නැති අතර.. මා පිළිබදව වැ‍රදි වැටහීම් ඇති කර ගත යුතු නැත.! :p තවද ඉහත දැක්වෙන ඉංග්‍රීසි පාඨය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.. එය මෙහි යොදා ඇත්තේ මෙතෙක් මා දැක ඇති ආදරය පිළිබද ප්‍රකාශ වලින් වැඩියෙන්ම සිත් ගත් ප්‍රකාශය එය බැවිනි.! :-)

ඡායාරූප අනුග්‍රහය- Ek DarkZone

14 comments:

Jay said...

අෙල් වන්දා ෙමයා!!!

I was so happy to post the 1st comment, but have nothing o say........mmmm.......
Nah...........writer's block,

Il mondo di una povera pazza said...

කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා. මෙහෙ මොනවා වෙලාද බලන්න ආවා ඔන්න මම.

said...

මට මේ බරපතල ඒවා තේරෙන්නේ නැහැ අප්පා

Priyankara Perera said...

මටත් මේක තේරුම්ගන්න අමාරුයී ! මම හිතන්නේ එයාගේ හිත හීලෑ නෑතිව ඈති මේ දවස්වල.

malee_msg said...

Jay- අම්මෝ..! මෙතුමව දැක ගන්න තියන අමාරුව! මම නොදන්න එකේ ඔයා කොහොම දැන ගන්නද මෙයා..!

Mondo di una & ect.- වෙල්කම් මැඩම්..! බ්ලොග් එක නම් චාටර් මම නම් ෆි‍ට්! යු නෝ මී නේ... හික් හික්!

ma - අනේ ලොකු දෙයක් අප්පා

Pri- කාගෙද? අනේ මංදා හිත් නැති මිනිස්සුන්ට හීලැ නැති හිත් තියනවාද කියලා.. හිත් තියන මිනිස්සුවත් නැද්ද කොහෙද.. (තේරුණාද? තේරුණා නම් මටත් තෝරලා දෙන්න :p )

නුවන් චින්තක said...

කවිය ලියද්දි ඔයා කවිය ලියන්න...! මෙහෙම කියන්නේ...! ඔයා අර පසුවට ලියන දෙය (ප.ලි), එහෙම ඒවා ලියන්න අනවශ්‍යයි බවයි මම නම් හිතන්නේ! එහෙම බැලුවොත් මම ලියන ඔක්කොම මගේ පුද්ගල අත්දැකීම්ද? නැහැ!කවුරුවත් එහෙම මං ගැන හිතල වැඩකුත් නැහැ. ඒ අපිට හිතෙන හැටි, මිසක් අපිට වෙච්චි දේවල් නොවේ නේ? :)

deeps said...

@නුවන් චින්තක
සමහර විට මලී අක්ක එහෙම කියන්න ඇත්තේ සමහරු ඔය වගේ දේවල් වලට උනත් දැන් වලි ඇදගන්න නිසා වෙන්න ඇති.

සරත් ගුණතුංග said...

"මම" කියා කෙනෙක් නැති බව වටහා ගත් දාට ඔබ නිදහස් සුවය විඳිනු ඇත......

The Chinthaka said...

දිගක් පළලක් නැති,
දකින්නත් බැරි
බලන්නත් බැරි,
හිත
තිෙයන ෙනාතිෙයන බව
දන්ෙනත්
හිත පමණි

malee_msg said...

Nuwan - ඔව් ඔයා කියන දේ හරි... ඒත් සමහර අය කියවන්නේ කවිය නෙවෙයි කවියා.. ඒකයි...

Deeps- වලි වලට නම් මම බය නැහැ නගෝ.. ඒත් වලි නෙවෙයි දැලි වලට නම් බයයි.

Sarath mama -සරත් මාමේ.... දැක්ක කල්...! කොහේ ගියේ??? හ්ම්.. තාම බැරි උනා මාව මරාගන්න.

The Chinthaka - හ්ම්ම්ම්ම්ම්...!

the_STORM said...

That last part....(english)...100% true...Nice work again malee...

නලින් (Boman) said...

ඔච්චරම හිතන්න යන්න හොද නෑ මං නං කියන්නෙ.:p
ලස්සනයි නිසදැස නංගි.

Anjana Jayaweera said...

මේ මලී වැඩ කරන අස්සේ උඹගේ බ්ලොග් එක බලන්න ඕනිමයි කියලා හිතුනා... දැක්කේ මේක..

මේකට මම මොනාද කියන්න ඕනි කියලා දන්නේ නෑ...

පට්ටයි..

malee_msg said...

ද ස්ට්‍රෝම්ල බෝ බ්ලැකී තැන්ක්ස් මචංලා!