Wednesday, March 18, 2009

අත කහනවට ලියවෙච්චි කවිය.



සකල සිරින් සෝබ මාන
මනරම් දිවයිනක් ඇතුලේ
සිතුමිණ එක බැගින් අයිති
ජනයා වෙසෙනා..

මැණිකට පිං සිද්ධ වෙන්න
අහේනියක් නැතුව හොදට
බ‍වභෝගත් නෙක සම්පත්
අපමණ තිබෙනා..

අඩුපාඩුත් නැති හින්දම
හිතේ බරක් නැති හින්දා
විවේකයේ ‍ජොලියේ ඉන්න
වෙලාව තිබෙනා..

හවස හයෙන් පටන් ගන්න
මැජික් පෙට්ටියෙන්- සිංදු කාමරෙන්
පවුල් පිටින් දනෝ සැවොම
මායා ලෝකෙට ඇදෙනා..

නච්ඡ ගීත වාදන විසූක දස්සන බල බල
නින්දට යන්නේ හැමෝම
හෙට රෑටත් සෙට් වෙන්නට
සහසක් පැතුමන් පතලා..

බස් රථයේ කෝච්චියේ
කාර්යාලයේ පන්තියේ
අද මොනා වෙයිද රෑ වෙනතුරු
ඉවසුමක් නැතුව කට්ට ගනින්නා..

ඒ ගැන අනුකම්පාව හිතිලා
රූප පෙට්ටියේ රගනා
අති ශේෂ්ධ නළු නිළියෝ
බයිලා ගායනා කරන්නෝ
හුදීජන යහපත වෙනුවෙන්
මනාප ඉල්ලනා..

අනේ ඉතිං දැන් රෑට බලන
නරි නාටක සේරම ටික
විදුලි බිලක් නොගෙවම
පැය විසිහතරම බලාගන්න
පාට පකෂ අමතක කොට
මනාපේ දෙමු
අපි හැමෝම..


මේක මේ කාටවත් මඩ ගහන්නවත් වෙන දේකටවත් ලිව්ව දෙයක් නෙවෙයි. නිකම්ම නිකං ලියවුනු එකක්. මොකද දැන් දැන් බස්නාහිර ඡන්දේ ලං වෙන හින්දා එක එක විදියට හිනා වෙන අමුතු අමුතු කෝණ වලින් අනන්තය දිහා බලන් ඉන්න.. මහා දාර්ශණිකයන්ගේ පිංතූර වලින් තාප්ප ගස් ගල් හිනා වෙන්න පටන් අරන්.ඔය අතරේ නිතර දැකලා තියන මුහුණු හිනා කට දාගෙන ඉන්නවා. ඉතිං ඒවායි එයාලගේ රංගන කෞෂල්‍යයි දැක්කම මට මේක හිතුනා.. අඩුම ගානේ වැඩක් කරන්න බැරි‍උනොත් අපිට හොද රගපෑමක් හරි පෙන්නන්නේ නැතැයි කියලා.. නැද්ද මං අහන්න‍?
මං දැනට ගණන් කරපු විදියට බස්නාහිර පළාතට විතරක් නළු නිළි ගායකයෝ 6 දෙනෙක් විතර ඡන්දේ ඉල්ලනවා.. හැබැයි ඉතිං නරකක් කියන්න බෑ අපේ අතිගරු ජනාධිපතුමත් රගපාලා තියනවානේ කලින්..
ඇමරිකාවෙත් නළුවෝ ජන්දේ ඉල්ලපු එකේ අපේ රටේ මොනා ඉල්ලුවම‍ මොකෝ.. නැද්ද?
මලී
18032009

*ඉහත පිංතූරය කැමිලස් සිල්වා මහතාගේ සිරිබිරිස් කාටූණය ඇසුරිනි.

14 comments:

  1. මරු මරු..
    නගර සභා ඡන්දෙ කාලෙ උන රසබර සිද්දියක් මතක් උනා මට. ඒකට ගියවර අපේ ගමේ සහෝදරයෙක් ඉදිරිපත් වෙලා හිටියා. උගත් සහ හොද ගතිගුණ වලින් හෙබි අයෙක්. අවාසනාවට ඔහු ඡන්දය නම් දිනන්න බැරි උනා. ඉතින් මම කියන්න ගියේ මේකයි. ඔහුගේ ඡන්ද තේමා පාඨය උනේ ගමට පායන හිරු කියන එක. ඔහුගේ විරුද්ධවාදියෙක් ඊට විරුද්ධව මෙහෙම කවියක් හදල පතුරල තිබ්බ ඒ දවස් වල.

    ගමට පායයි හිරු
    අම්මට පෙනෙයි තරු
    තාත්ත විකුණයි කූරු
    වටේම ඉන්නෙ හොරු

    කූරු- ගංජා කූරු

    ReplyDelete
  2. මේ පාර චන්දේ ඉල්ලන එක් අපේක්ෂකයෙක් තමන්ගේ පොස්ටර් වල ගහලා තියෙනවා "සත්පුරුශ දේශපාලනය සදාකාලිකයි කියලා".
    සදාකාලික නොවු ලෝකෙක සදාකාලික දේශපාලනයක්.:D

    ReplyDelete
  3. :D

    දැන් මුළු බස්නාහිරම හිනාවෙනව අප්පා. එයාල කොයි තරම් කැප වෙනදව අපි වෙනුවෙන්. ඉතිං ඔහොම කියන එක හොඳ නෑනේ. අනිත් එක රෑට රූප පෙට්ටිය නොබල මිනිස්සු මොනව කරන්නද? අනික ඒවයෙ යන ඒව කොයි තරම් වැදගත්ද?

    කොල්ල යාළුවීගෙන ඇවිල්ල ආයෙත් තරහ වීගෙන යනවා. ආයෙත් යාළුවීගෙන ඇවිත් සෙට් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කෙල්ල වෙන කොල්ලෙක්ව සෙට් කරගන්නවා. ඔය සේරම වෙන්න මාස ගානකුත් යනවා. ඔය අස්සෙ ඔය තාප්ප වල හිනාවෙන කට්ටිය‍ගෙ ජහමන සේවයත් පෙන්නනවා. මිනිස්සු බලන්නෙ තමන් ජීවත්වෙන සමාජයේම පැතිකඩ. මේක ඉදිරියට යන එකක් නෙවෙයි. එක තැන පල් වෙනවා. ඒ දේ බොහොම සාර්ථකව කරන්නනේ ඔය ඇවරි පෘන්නෝ මනාපෙ ඉල්ලන්නේ.

    ලස්සනම නළුවටයි හොඳම ගායකයටයි ප්‍රතාපවත්ම දේශපාලකයටයි දෙන්න මනාප.

    ReplyDelete
  4. අනේ , නියමයි මලී...
    ඔයා 'Thoughts tank'එකක් නේ..
    එළ එළ....

    ReplyDelete
  5. ඔය හිනාව ඇතුලෙ තියෙන්නෙ. . ." අනේ මං ගොඩයන්නෙ කවද්ද?"
    " කොමිස් ගහන්නෙ කවද්ද? " ටෙන්ඩර් හොරට පාස් කර ගන්නෙ කොහොමද?" " මගේ ඇත්තම ගතිගුණ මේ මෝඩ ජනතාවට එලිවෙයිද? " " පිටරට සවාරියක් ගෑනී ලමයි අරන් යන්නෙ කවද්ද? " "අර අලුත්ම ජීප් එක ගන්නෙ කවද්ද? "
    .......කොටින්ම උන්ටත් අපිට වගේම උන්ගෙම හීන.......!!!!!!

    ReplyDelete
  6. නියමයි කවිය අක්කේ, ජන්දදායකයාගෙන් අපේකෂයාට මනාපයක්! නරකද එස් එම් එස් වලින් ජන්ද ක්‍රමයක් යෝජනා කලෝත්?

    ReplyDelete
  7. අපිට ජය වේවා!!!!!!

    ReplyDelete
  8. He......he.....malee nangi chandeta set wenawa vagey neda? Oyage manapenum ara issara konde digata thibuna, den kapala inna wessataney........
    J

    ReplyDelete
  9. හප්පා , ජන්දේ කියද්දි මතක් උනේ , මමත් මේ පාර පලමුවෙනි වතාවට ජන්දය පාවිච්චි කරනවා.

    කාට ජන්දේ දාන්නද කියලා හිතාගන්න බෑරුවයී ඉන්නේ,

    ඔයා ජන්දේ ඉල්ලුවොතින් මම අනිවාර්යයෙන්ම මගේ මනාපේ ඔබට දෙනවා

    ජය වේවා !

    ReplyDelete
  10. පට්ට මාලියෙ පට්ට...අනින් හිතෙනව ටොක්කක්...

    ReplyDelete
  11. මම ලගදි කොලඹ එද්දි අබලන් අතුරු පාරකට උඩින් ගහල තිබුණු බැනර් එකක් දැක්ක.

    'මේක හදන කෙනාට, මේක (x) හම්බවෙයි.'

    ReplyDelete
  12. බෝමෑන්-පිළිතුර සරළයි.. හොද දේට වඩා මාකටින් දන්න අයට තැන වැඩියි..!

    කැඩපත-ලොකු දෙයක් ප්‍රේමයක් කියලා ගහලා නැති එක. එයා ආස ඇති හැමදාම දේශපාලුවෙක් වෙලා ඉන්න. පරම්පරා 6-7ක්ම ගොඩනේ..

    එච්-ඒ ගැන ඉතිං කවර කථාද සහෝ..

    පිස්සා-අහැම්.. ස්තූතියි කිව්වා.

    චින්තක-සහතික ඇත්ත.!!!

    බිංකු-අනේ ඔය මගඩි වැඩ වලට මං නැතෝ...!

    ම-අපිට කියලද කිව්වේ???

    ජේ-අනේ ඔන්න මම නම් නෑ..
    හික් හික්.. ඒ මනාපේ නම් ඉතිං වෙනස් වෙන්නේ නැහැනේ අයි‍යේ..සේවයට සදා කැප වෙලාමනේ ඉන්නේ ;) :p

    නොදරුවා-එළස්!

    ප්‍රි.පේ-මං හිතන්නේ මටත් මේ පාර ඡන්දේ තියනවා.. මං මේ කල්පනා කරන්නේ ඡන්දේ නොදී ගෙදරට වෙලා ඉන්න කියන බොරුව මොකක්ද කියලායි
    මට මනාපේ දුන්න කෙ‍නාට මාත් ම‍නාපේ දීලනේ ඉන්නේ.. ආයේ ඉතිං වෙන ඕනි නෑ. ;)

    කු.ඇ.‍ව-මට නෙවෙයි නේද කිව්වේ?

    ස.බ-ඔය තියෙන්නේ තට්ට ඔළුවක්.. ඇන ගන්න එකයි ඇත්තේ:p

    ගවේෂණ-නියමයි! ලිව්ව මනුස්සයාට ජය වේවා!!

    ReplyDelete