Wednesday, December 31, 2008

අවසන් ලියමන..



තව පැය දාහතරකින් විතර දැනට බිත්තිවල අන්තිම කොලේ නිසා එල්ලිලා ඉන්න කැලැන්ඩර් ගැලවිලා අළුත් එ‍්වා එල්ලෙනවා.. ඒ කියන්නේ වසරක් අවසන් වෙලා තව පැය කිහිපයකින් අළුත් වසරක් උදා වෙනවා.. 2008 අවුරුද්දෙන් පැය අටදාස් හත්සිය හතලිස් හයක් විතර මේ වෙනකොට ගෙවිලා ගිහින්‍... ‍ඒ ගතවෙලා ගිය දින පැය සති මාස අතරේ කොයි තරම් නම් දේවල් සිද්ධ වෙන්න ඇතිද... කදුළු එනකම් හිනා වුනු දවස් වගේම කාටත් හොරෙන් දුක් වුනු දවසුත් හැම කෙනෙකුගෙම ජිවිත වල ඇති.. මගෙත් ඒ වගෙයි.. සමස්ථයක් වශයෙන් නම් ගතවෙලා ගිය වසර ගැන කොහෙත්ම සැහීමකට පත් වෙන්න බෑ.. කාර්යාලය හා නිවස අතර ගෙවිලා ගියා මිසක් ජිවිතේට වැඩක් වෙන ‍විදියේ දේවල් කෙ‍රුනේ බොහෝම ටිකයි..ඒ ගැන කථා කරලා වැඩක් නෑ ගිය දේ ගියා.. අනිත් අතට ගත්තොත් ‍සමහර‍ දේවල් ජිවිතේට එකතු වුනෙත් මේ අවුරුද්දේමයි..
  • 2005 ස්කොලේන් අස්වෙනකොට‍ පුරප්පාඩු වුන හොදම යාළුවා තනතුරට කෙනෙක් හොයාගත්තා..මටත් ව‍ඩා හොදට මගේ හිතේ තියන දේවල් දන්න කෙනෙක්.. ස්තූතියි මචෝ අද වගේම හෙටත් මං ලග ඉදී කියලා හිතනවා.
  • ඒ හැර සතුටෙදි වගේම දුකේදිත් පුළුවන් තරමින් ළගින් ඉන්න හොද යාළුවෝ පිරිසක් ජිවිතේට එකතු වුනා.. දයාබර සහෝදරවරුණි බොහෝම සතූතියි..!
  • සිංහල ‍බ්ලොග් කරණය පටන් ගත්තා‍... ‍ඒ හරහා තවත් අළුත් පිරිසක් දැන ගන්න ලැබුනා.සමහර අවස්ථා වල අදහස් ප්‍රකාශණයේදී කාගේ හරි හිත් ‍රිදෙන යමක් වුනා නම් සමාවෙන්න.
  • මහන්න ඉගෙන ගන්න හිතුවා.. තවම ආරම්භයනේ.. ලබන වසර අවසන් වෙද්දි යමක් කමක් කරගන්න බැරි වෙන එකක් නෑ..
  • තව තව දේවල් වෙන්න ඇති.. දැනටමත් ඒවා මතකයේ නෑ වගේ..
එලබෙන්නේ අළුත් වසරක්..කැමති නම් ඉතිං අපිට අළුත් වෙන්න පුළුවන්..ඒත් ඉතිං අද රෑ දොළහට අළුත් වෙනවා කියලා හම ගහගන්නයැ... හෙට උදේ ඉර පායද්දි ඉන්නෙත් අද ඉන්න අපිම තමයි.. ඒත් ජිවිතේට අළුත් ප්‍රාර්ථනා එකතු කරගන්න නම් පුළුවන්.. ඒකට ඉතිං අළුත් අවුරුද්දක් එනකම් එන්න ඕනේ නැති වුනාට අළුත් අවුරුද්ද කියන වචනේ ඇතුලේම ඒකට පොඩි තල්ලුවක් තියෙනවානේ.. ඉතිං මමත් ලාවට ප්‍ලෑන් එකක් හිතුවා.. හැබැයි ඒක කාටවත් කියන්නේ නෑ.. මොකද ඒ එකක්වත් මම ම කරනකම් කෙරෙයිද කියලා විශ්වාසයක් නැති හින්දයි.. ලොකුම දේ තමයි කාටවත් වදයක් නොවී මගේ පාඩුවේ ජිවත් වෙන එක.. හිතට එන හැම දේම ඒ වෙලාවෙම ද‍ඩාස් ගාලා කියලා දාන්න පුරුදු වෙන්න ‍ඕනා කියලා හිතන් ඉන්නේ.. මොකද අනිත් අය ගැන හිතලා හිතට එන අදහස් කියන්නේ නැතුව ඉදලා මම නැතිකර ගත්ත දේවල් හොදටම ඇති..

වැල් බයිලා ඕනි නෑ... මොනවා කොහොම කලත් ඉරහද පාය‍න ලෝකේ ආලොකය අතරේ... සැප දුක සමබර වේනේ.. ඉතිං මේක කියවන නොකියවන් හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා.. මේ ලොකයේ ඇතිව තිබෙන යුද ගැටුම් ටික ටික හෝ අඩු කරන්න මිනිස්සුන්ට මොලේ පෑදේවා.. හුල්ල හුල්ල ජිවත් වෙන මිනිස්සුනගේ ජිවිත ‍වලට සතුට බිදෙන් බිද වත් ලැබේවා.......

ආදරණීය බ්ලොග් පිටුව,
දන්නා තරමින් නුඹට පණ නෑ..
නමුත් අප්‍රාණ නුඹ පු‍රා‍ මාස 5ක්
මගේ මෙන්ම මා මිතුරාගේද
දුක සතුට අසා සිටියා
ස්තූතියි එයට..
සමුගනිමු අපි මේ වසරෙන්
ඉතිං ආයුබෝවන්
නැවත නව වසරේ
හමුවෙන තුරු
...

ආදරයෙන්,
මලී.
31/12/2008

16 comments:

Nash_Node said...

oh.. happy new year my fellow blogger !

Nash

Sakuni said...

Wish u the same Nashuu...!

said...

මට තාම හෙට එල්ලන්න අළුත් කැලැන්ඩරයක් හම්බ උනේ නැහැ. ඒත් මම අළුත් අවුරුද්ද සතුටින් පිළිගන්නවා.
මගේනම් කිසිම වෙනසක් අවුරුද්ද අළුත් උනා කියල වෙන එකක් නැහැ. ඉන්න විදිහටම ඉඳී...
සුභ නව වසරක් වේවා!!!!!

Nash_Node said...

@maranaya.

I got.. something around 20 calenders and 12 diaries.

want one? :-)

said...

@ Nash
Thats great machannnn
Do you have any with girls or full of bottles?. Then I need that one ;-)

සරත් ගුණතුංග said...

අලුත් අවුරුද්ද සම්මුතියක් පමණයි නේද? ඇත්තටම අලුත් දෙයක් සිද්ද වෙනවද? රෑ 12 වෙනකොට විසාල සද්ද බද්ද සහිතව, පාටි දාල ගෙදර ගිහින් වෙරි මර ගාතෙ නිදා ගන්නව. උදේට ඩිම් ලයිට් පිටින්ම නැගිටිනව, නිකම් විකාරයක් වගෙයි.

D Kavi said...

hapooo me awuruddewath mata karadarayak novee hitapan umbe oya pc kabala wikunala dala... :P:P:P

said...

අනේමන්ද මට නම් මේ අවුරුද්ද සහ උපන් දින වගේ දවස් සම්බන්ධ දේවල් දැනෙන්නෙම නෑ. ඒ දේවල් ගොඩක් විට වෙළෙන්දන්ගෙ උවමනාවට අපි විසින් සැමරිය යුතු දේවල් බවට පත්වෙලා වගේ. ඒ වුණාට ඉතිං හැමදාම එකම විධියට ගෙවෙන ජීවිතේට පුංචි වෙනසකටත් එක්ක හොඳයි.

gangster said...

ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්.අවුරැද්ද පුරා හිනා වෙලා සතුටෙන් ඉන්න ලැබේවා...

ආ මට තියෙනවානේ හිතුන දේ ඒවෙලාවෙම කියන කරන පුරැද්ද.ඔයා නම් ඒක කරන්න යන්න එපා ඒක මහ නරක පුරැද්දක්.ඔන්න දැනුත් එකක් කරන්න යන්නේ.
"ඔයාගේ බ්ලොග් එකට ආවම මම ඉස්සර වෙලාම කලේ මොකක්ද දන්නවද අර ම්යුසික් එක එන තැන හොයලා ඒක stop කරපු එක".

Chathura Sandeepa said...

හැමෝටම සුභ නව වස‍රක් වේවා!!!

@ මලී : අර ශාකුන්තලට කපුටෙකුගෙ මොකක්ද ම‍හන්න ඕනෙ කියලා තිබ්බා පොඩි help එකක් දෙන්න :P :D

malee_msg said...

ma - අපිත් ඉතිං එච්චරම තමයි.. මොකෝ මැරිලා ඉපදෙන එකක් යෑ..

දොස්තර මාමා - ‍නැත්තං වෙන මොනාද? හැබැයි දැන් අපේ රටේ නම් මදි නොකියන්න හිංදි චිත්‍රපට පෙන්නනවා තරගෙට 31 රෑ වඩා අර්ථවත් කරගැනීම පිණිස.

ලොකු අයියා- අනේ එහෙම කියලා බෑ‍නේ අනේ.. මං නංගි නැතුව වෙන මොකා වද දෙන්නද අයියේ..මේක විකුණලා කොහොමදදදදදදදදද??
අනික මේක කබලක් වෙන්නේ කොහෙද එළකිරි වගේ වැ‍ඩ!

හ - ඔයා ගැන කථා කරලා වැඩක් නෑ..

අඩෝ චණ්ඩියා - හිකිස්.. එසේම වේවා හොදේ.. සතුටින් ඉන්න...!

නරකද කියන්න මම දන්නේ නෑ.. කවුරු එපා කිව්වත් මම නම් ඒකට කැමතියි. ඉතිං මමත් පුරුදු වෙනවාමයි.!
ඇත්තම කියනවා නම් මම ඒ සංගීතයට හරිම කැමතියි..!‍බ්ලොග් අයිතිකාරයෝ දෙන්නම කැමති නිසා ඒක නම් අයින් කරන්නේ නෑ අපි!

4,ර- මම වැරදිලාවත් වෛද්‍ය විද්‍යාලයකට ගිහිං නෑ.. ශකුන්තලට කියමු සරත් මාමා ව හරි බෝ අක්කාව හරි සම්බන්ධ කරගන්න කියලා :P

කැඩපත said...

ජිවිතයට හොද දේවල් වැඩි වැඩියෙන් එකතුවන නව වසරක් වේවා!

Chathura Sandeepa said...

@ මලී : කෝ මට කිසිම music එකක් ඇහෙන්නෙත් නෑ, player එකක් පේන්නත් නෑනේ

gayankt said...

ජයෙන් ජය පිරි සිරි සුභ නව වසරක් වේවා.

malee_msg said...

කැඩපත -එසේම වේවා...

4ර -‍ වෙන්න බෑ.. ‍එහෙම තමයි ඇබ්නෝමල් මැජික්! ලොල්ස්.

ගයාන්- එසේම වේවා...!

kasun said...

Each moment in a day has its own value. Morning brings HOPE, Afternoon brings
FAITH, Evening brings LOVE, Night brings REST, Hope you will all of them
everyday. HAPPY NEW YEAR. :)