Tuesday, December 16, 2008

තත්


ආශා ගගුල් මැවූ
සප්ත ස්වර අතර
කම්පිත තත්මතින්
ආත්මය හඩ නගන්නේ...

ඇදී හිරවී තදින්
මොහොතකින් වයන්නේ
ජීවිතේ එක් නිමේෂයක
නූපන් වදන් සහසයි...

දුප්පත් භාෂාව ගොළු කර දමා
පත්ඉරු පුරා ලියූ වදන් බොදකර දමා
වැයෙයි පොපියන හදක
හිරවී ගලන සුසුම් පොදක් ‍වෙනුවෙන්
හඩයි තත් කදුළු නූපදින දෑස්
රිදවමින්...

ගල්වුනු සිත් බැමි බිද දමා
‍ආතුර සිත් සනසවා
වැයේ වැයේ තත් අතර
ආත්මයේ පද රටා...

මලී
03.12.2008

pic by Dhamz A.K.A DJ.Parker

10 comments:

  1. ලස්සනයි.සත්‍යයි.විශ්වයේ සැබැවින් නොපවතින සිතින් අල්ලාගත් හැගීම් විස්තර කිරීමට භාෂාව අපොහොසත්ය. මේ ශුන්‍යත්වය අවබෝධ කරගත හැක්කේ සමාහිත සිතකින්ය. එවිට දුක මෙන්ම සතුටද,සැප මෙන්ම දුකද අනිත්‍යවූ ශුන්‍ය දෙයක් වැටහෙනු ඇත.

    ReplyDelete
  2. ලස්සනයි. අමූලික ඇත්ත. නමුත් දැන් දැන් බිහිවෙන සමහර සංගීත නිර්මාණ ඇහවම නම් කිසිම හැගීමක් එන්නෙ නෑ.

    ReplyDelete
  3. මේකට ලයාන්විත සංගීතයක් එක්ක දෙදරවන ගිටාර් පාරක් අතරින් පතර දාල තාලෙකට කියන්න පුළුවන් නම් එල.

    ReplyDelete
  4. Kalekata Passe Maleege kaviyak kiyewwa, harima lassanai, Aruthbarai, "Muvin Nododa - Sithin Sithuwa, mesey A'", Hunuwataye kathawe podi kellak mathak una......
    Maru kava.........

    ReplyDelete
  5. හරිම ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
  6. පස් දෙනාටම ස්තූතියි හොදේ...!

    ReplyDelete
  7. ලස්සන පද ටිකක්. ඒ වගේම අදහසත් ලස්සනයි. සුභ පැතුම්.

    ReplyDelete
  8. ස.....රි....ග....ම....ප...ධ...නි.............................

    ReplyDelete
  9. මලි අලුත් දෙයක් කරන්න කැමතිනම් sameera@abans.lk
    ලියන්න
    http://apiwenuwenapi.blogspot.com

    ReplyDelete
  10. eka tamai...sangeethaya vishwa bhashawak kiyanne....e wagema visha aushadayak mage hite....

    ReplyDelete