Thursday, September 4, 2008

සතු‍ට හා කතිරය

අපි හැමෝම ආසාවෙන් කරන වැඩ තියෙනවානේ...ලියන එක, කියවන එක, මල් වවන එක ,ටීවී බලන එක , ආදී එකී මෙකී කොච්චර වැඩ අපි අපේ හිත් වල සතුට වෙනුවෙන් කරනවද නේද? සමහර විට අපි ආසාවෙන් කලාට වැඩෙන් සත පහක ප්‍රයෝඡනයක් නැති වෙන්න පුළුවන්...අපි ආසාව නිසා/හිතේ සතුට නිසා කරන වැඩ වෙන්න පුළුවන්.....කතිර මැහුම්....ඒ ව‍ගේ මම සම්පුර්ණයෙන්ම මගේ සතුට වෙනුවෙන් කරන දෙයක්‍... ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසාවෙන් හිටියට මම මහන්න පටන් ගත්තේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ....ඇත්තම කියනවා නම් මම දන්න හොදම කාලේකන වැඩේ....භාවනාවක් වගේ...
කොටු පිරිලා තියෙන රෙදි කෑල්ලක පාට පාට නූල් වලින් රූපයක් මවන එක හරි ආස හිතෙන දෙයක් හැබැයි....කරන අය මේක කලාට බලන් ඉන්න අයට නම් පිස්සුවක්.....මොකද අ‍තට ගත්තම ආයේ බිම තියන්න හිතෙන්නේ නැති හින්දා‍‍....මම ගැන කියනවා නම් මම මේක නිසා ඉගනීමත් කඩා ගත්තා‍‍‍ මේ එකක තියෙන ගෑණු රූපේ මහන්න මට මාස 6 කට වඩා කල් ගියා(ඔයාලට පේන තරමට වඩා මේක තව ලොකුයි )...මම මහන්න වෙලාව හම්බ වෙන්නේ රෑටයි සති අන්තයයි විතරයි නිසා මම සති අන්තේ පන්ති නොයා මැහුවා...හික් හික් ඒත් ඒ කාලේ හිතේ තිබ්බ හැම අවුලක්ම අමතක කරන්න මේ වැඩේ නම් මට ගොඩක් උදව් උනා.....

නිකමට හිතුනා බ්ලොග් එකේ දාන්න...ඒකයි දැම්මෙ කැමති නම් ඔයාලත් මහන්න පටන් ගන්න :D :D

16 comments:

  1. me lamayo narakada thawa tikak mahala amathara aaadayamak ehema hoya gaththanam? nadda mang ahanne? :D

    mmmm mang nam kamathi guitar gahanna. eth wade hariyanne na wage :S

    thawa monada itin..........parana maalu tankiya aapahu geta ganna haduwa eth ihala baladaariya wisin epa kiwwa :S :P hehe!

    ReplyDelete
  2. btw ara girl wanam 3D widihata mahala thiyenne hari lassanai :)

    ReplyDelete
  3. Ane hariima lassanai malee...
    habai mata nam mahanna ba..mama asama nathi wadak eka...:D amma kochchara kiyala dunnath mata asa hithennema nane...
    oya nam lassanata mahala... keep it up nangs...

    ReplyDelete
  4. නියමයි නෙ ... ජයවේවා

    ReplyDelete
  5. ෂා මරේ මරුනෙ..හරිම ලස්සනයි..රස්සාවෙන් දොට්ට දැම්මත් බයවෙන්න දෙයක් නැහැ වගේ මලීට නම්.

    ඉස්සර මගේ හෙන විනෝදාංශයක් තිබ්බා cartoon චිත්‍ර අදින එක. ඉස්කෝලෙ පරණ පොත් වල හිස් පිටු පිරෙන්න මමම නිර්මාණය කරන චරිත අදිනව. හුගක් වෙලාවට ෆයිට් තමයි අදින්නෙ. පිස්තෝල කඩු අදිනව කියල අම්ම බනින නිසා පොත් අල්මාරිය උඩ හංගලා තියනවා..

    ReplyDelete
  6. හරිම ලස්සනයි මේ මැහුම් ගෙතුම්.
    ඒ වගේම මේ බ්ලොග් එකත් නියමයි. සමාජයානුකූලව සම්මත දෑ තුල පවතින කඩතොලු දකින, ඒ ගැන එදිනෙදා ලියන කියවන බසින් දොඩන මේ පිටුව මෙතෙක් දකින බ්ලොග් ආකෘතිවලට වෙනස් අයුරකින් ලියවෙන්නක් වුනත්. ඒ වෙනස හොඳයි කියලා කියන්න පුළුවන්. නියමයි.නොවරදවාම කියවන වෙබ් පිටු ගොන්නට මේකත් එකතු කරගත්තා. තව තවත් ලියන්න මලී. ආ.. මැහුම් ගෙතුම් ඒවත් කරන්න, ඇත්තටම, අපූර්ව නිමැවුම් මවනා හිත් හරිම විශාලයි !

    ReplyDelete
  7. ලස්සනයි........හෙන ඉවසීමක් තියෙන්න ඕන වැඩක්........මම අපේ අම්මටත් යැව්වා.....එයා ඒවා මසනු ඇවැයි සිතනවා.....

    ප:ලි: ඇයි අධ්යාපනය අතඇරුනු එක ගැන ඔතරම් පසුතැවිලි වෙන්නේ......මතක තියා ගන්න,ඉගෙනීමට වයස් සීමාවක් නෑ.....

    ReplyDelete
  8. meya ithin owa karana dakshayane........ela..ela.....

    ReplyDelete
  9. @ Dhamz - eka nam hoda idea ekak thamai.... eka patan ganna mata podi help ekak denna puluwanda.. oya oyage daruwek wa kawada hari wikunanna kiuwoth eyage gaana kiiyai kiyala kiyanawada ? :P
    hik hik anna ethanai prashne...BTW thankyou Malliyoo!

    @ Kanch - me me mama mahanna danne ochcharai anith mehum walin danne damwel mesma witharai.. adum mahanna nam dannema nehe...igana ganna asath ne wage...hebei emroidary nam igana ganna podii asawak thiyanawa eth kammeli. ape ammath mahann dannawa eth mata boththamak alla gannawath behe hik hik thanx akkiyaa

    @ Dharshana - sthuthii yaluwe

    @ Hare - hehe ow ow mahana wede ta wada take awy eka nam hoda wei neda? aduma gaane api kastiyata wath kanna beriye LoLzz. apitath 5 wasaredi kotta urayak mahanan kiuwa eka mahala dunne amma... iita passe girl guiding walata punchi babekta ladaru edunmak mahanna kiwwa.. eka mahala dunne gewal peththe hitiya achchi kenek
    awasana washayen sthuthii!

    ReplyDelete
  10. @ Boman - hehe ow ow rassawa nethi wena eka gena nam bayak ho dukak nehe butithin iita passe kammeli kama maawa gilaganii ekai case eka. heheh e kiyanne oyath Art By Kala porakda? ko api oyage chithra dekala nehe ne :-(

    @ Bo - Sthuthii akke.. mama meka liyanna kalin oyage blog pituwata gihin kiyanna oni tika kiyala awa.. eka nisa methanadi mama oyata sthuthii kiyala witharak kiyannam

    @ Jay - Oyage ammata? hmm hodai hodai hebei koluwo oke Block eka nethuwa mahana eka nam leesi wena ekak nehe...
    ane appeee mama iganiima nathara una eka gena duk wenne nehe... maga yaluwo 3rd shy xam karala me year eke Uni enter weddi mama 2 years Job eka karala mage jiwithe patan aragenath iwarai !


    @ Kavi aiya - hik hik oya ithin dannawane... mama awilla kochchara athi daksha lamayek da kiyala LOL...thanx aiyaa

    ReplyDelete
  11. aiyooooo moko me lamai wikunana kathaawak???? :O :P

    anyways oya kiyanne hakiyaawa wikunana eka gananam....... eka nemeda api hamoma karanne? hakiyawa wikunala salli gannawa :)

    (doctor,condoctor,driver,artist,musician etc.etc.) :P

    p.s
    lamaya wikunana eka poddak pahadili karanna pls:)

    ReplyDelete
  12. @ Dhamz - ioo ganan ganna epa ane... mekai oya kiyana de eththa api talents wikunana eka thamai karanne...eth samahara wita api e talent ekata huru wenneth eka wikunanna balagena neda?
    eth methana mama karana de mama karanne ehema adahasak hithe konakawath thiyagena newei... ekai mama kiuwe Sathuta kiya... eththatama malli mata mewa mage daruwo wage moko mahansi wela assawen karana nisa :-) daruwek wa mila karanna be wage...mama karana de walath gaanak kiyanna mata behe

    ReplyDelete
  13. hmm ya ekathawath aththa itin:)

    ReplyDelete
  14. අපූරු හැකියාවක්
    පන්ති කට් කරල මහන්න තරම් ඔය වැඩෙ fun ද?
    ඔව් මට හිතාගන්න පුළුවන් මුලු ලොකෙම අමතක කරල යමක් හිත ඒකතැන් කරනවනම් ඒක අමුතුම සතුටක්. බිහිවන නිර්මානයත් හරි අපූරු ඒකක් නෙ!

    ReplyDelete
  15. @ Asi - ow malli mata nam eka tharam wena kisima deyak me dakwa allala gihin nehe

    ReplyDelete
  16. අහා මේ දෙක නම් සිරා මාර ලස්සනයි..
    මම කැමතියි මේ ගැහැණු ළමයෙක්ව මහලා තියෙන එකට..හරියට චිත්‍රයක් ඇන්දා වගේම වැඩක්.. ම් මේකත් ඉතින් චිත්‍රයක් තමයි..

    ReplyDelete