Monday, September 29, 2008

දරුවෝ

වයසින් අඩු වැඩි උනාට අපි හැමෝම අම්මා කෙනෙක් ගේ තාත්‍තා කෙනෙක්ගේ දරුවෙක්. අපි කිසිම කෙනෙක් ඕපපාතික නැහැනේ... ඒ වගේම මේක කියවන බොහෝ ‍දෙනෙකුත් දැනටම හෝ අනාගතයේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් හෝ තාත්තා‍ කෙනෙක් වෙන්න ඉඩ තියනවා. ස්වභාවධර්මයේ නීතිය අතින් බැළුවොත් උපදින හැම සතෙක්මත් තම වර්ගයා‍ගේ පැවැත්ම වෙනුවෙන් තම වර්ගයා‍ගේ මීළග පරම්පරාව බිහිකරන්න කැපවෙනවා.. ඒ කැපවීමේ හා මිනිස් සිරු‍‍‍රේ අවශ්‍යතා වල ප්‍රතිඵලයක් විදියට තමයි අපි හැමෝම අද මේ තත්වෙන් ඉන්නේ නේද? අපි විතරක් නෙවෙයි මෙලොව ජීවත් වන සියළුම සතුන්ට මේ කථාව පොදුයි... මාත් එක්ක එක කාමරේ ජීවත් වෙන හූනාටයි රෑට එළිය දෙන්න එන කණාමැදිරියට පවා මේක පොදුයි... ඒත් හූනන් හා කණාමැදිරියන්ට සාපේකෂව මිනිස් ගහණය වැඩියි... එක අතකින් හා අපේ හ‍‍‍රේෂ් සොයුරා කියන විදියට අද ලොකේ පවතින බොහෝ ගැටළු වලටත් හේතුව මේ අධික ඡනගහනය හා ඒ ප්‍රමාණයට අවශ්‍ය තරම් සම්පත් ප්‍රමාණවත් නොවීම... ඒත් අපි කවුරුවත් ඒ පිළිබදව හිතන්නේ නෑ නේද? උපත් පාළන ක්‍රම හා පුංචි පවුල රත්තරං කියන න්‍යායන් ගෙන ආවාට මේ ගැටළු වලට පිළියම් ලැබෙන්නේ නෑ... අපි පිළියම් යොදන්න කැමතිත් නෑ.. හේතුව අපි ආත්මාර්ථකාමීයි... දරුවෙක් හදන හැම දෙමාපියෙක්ම එහෙමයි... තමන්ට බැරි වෙන කාලෙක තමන් දුබල වෙන කාලෙක තමන්ගේ දරුවන් තමන් ළග ඉදන් තමන්ව බලාගනියි කියන හැඟීම වචනෙන් නොකිව්වට එයාලා‍ගේ හිත් ඇතුලේ තියෙනවා නේද?

ඔය කථාවෙම තවත් පැත්තක් දවසක් freednbeing නොහොත් හ‍රේෂ් අපේ මහ ගෙදරට ඇවිල්ලා ටික දවසකින් ඉදිරිපත් කලා ‍"ඉපදීම දුකක් නම් ඉතිරිය" කියලා...ඇත්තටම ඒ නිර්මාණය දිගේ ඒ දවස් වල මම ගොඩක් හිතුවා ඒ වගේම ලොකු වාද විවාදත් ඇති උනා... තම තමන් කැමති විදියට හිතා ගනිත්වා කියලා හිතලා ඒ විවාද අතර මග නතර කරලා දැම්මා අපි හැමෝගෙම සුභ සිද්ධිය තකා.. හිකිස් !

දැන් මම මොන දේ කිව්වත් දරුවෙක් ඉන්න 99%ක් අම්මලා හා තාත්තලට තමන්ගේ දරුවා සම්පතක්.... මැණිකක්... රත්තරං කෑල්ලක්... මම 99%ක් කිව්වේ උපදුනු ගමන් දරුවෝ කුණු ගොඩට වැසිකිලි වලට විසි කරලා යන අම්මලත් අපි අතර ඉන්න නිසයි... ඒ කොහොම උනත් මම මේ හැම දේම කිව්වේ මම අද උදේ ලිව්ව සිතුවිල්ලක් ‍‍බ්ලොග් සටහනට ඇතුළු කරන්න ඕන වුනු නිසයි....

මට ඉන්නවා යාළුවෙක් අපි හැමෝම දන්න නමින් කියනවා නම් නුකී.... එයාට ඕන උනා එයාගේ කාර්යාල මිතු‍‍‍රෙක්ගේ පුතෙක් ගේ උපන්දිනයක් වෙනුවෙන් පැවතුනු දානයකට අදාලා වීඩියෝ පට‍යේ මුලට මොනා හරි සුභ පැතුම් සටහනක්! ඉතිං මට කිව්වා වහාම ක්‍රියාත්මක වන පරිදි විනාඩි 10ක් ඇතුලත ලියලා ඕනි කියලා... මමත් ඉතිං කරඅරින්න පුළුවන් හැම දේම කිව්වට වැඩේ මටම කරන්න උනා... ඉතිං මම පොඩි සටහනක් ලියලා දුන්නා... ඒ වැඩේ ඉවර කරලා අවකාශයේ අද දිනට කවි ලියන්න නියමිත පිංතූරය දැක්කම මට හිතුනා මම මොහොතකට කලින් ලිව්ව එක හොදයිනේ කියලා... ඒත් පිංතූරය තවත් හොදින් බැළුවම දැක්කේ ඉන්නේ පුතෙක් නෙවෙයි දුවෙක් කියලා... ඉතිං මම සටහනෙත් වචන පොඩ්ඩක් එහේ මෙහේ කලා... මෙන්න මේ විදියට තමයි අළුත් එක ලියවුනේ....





කොයි හැටි වෙතත් උපන්දිනය සමරපු පොඩි පුතාට සුභ උපන්දිනයක්.... අන්තර්ජාලයට අළුතින්ම එකතු වූ වෙබ් අඩවිය අවකාශේ.com නුඹට දිගු ගමනකට සුභ පැතුම්...!


12 comments:

  1. ඇත්තටම දෙමවුපියො දරුවො හදන්නෙ දරුවන්ට ආදරේ නිසාද??? නැත්නම් වයසට ගියාම තනි වෙයි කියන බය හිඳද? ගොඩක් දෙමවුපියො තමන්ට ජීවිතේ කරගන්න බැරිඋන දේවල් ලමයි ලවුව කරවන්න හද්දනව. ලමයෙක්ගෙ අවුරුද්දෙ උපන්දිනේට ලොකු පාටි දාන එක අවුරුද්දක ලමයෙක්ට දැනෙනවද? දෙමවුපියො ලමයින් පාවිච්චි කරල තමන්ගෙ විනෝදාස්වාදය ලබනව. අවුරුදු දෙක තුන වෙනකොට මොන්ටිසෝරිදාන්නෙ ලමයින්ගෙ වදෙන් පැය දෙක තුනක් වත් බේරිල ඉන්න ඔනේ නිසා මිසක් ඒකෙන් ලමයින්ට හොඳක් වෙන නිසා නෙමෙයි මොකද ඔය දෙමවුපියො කවුරුත් මොන්ටිසෝරි ගිහින් නැති නිසා. මේවා තේරූම් ගන්න මටත් තාත්තෙක් වෙලාම ඉන්න වෙනව. සත්තු මීට වඩා ඉදිරියෙන්දමන්දා මොකදා සත්තු තමන්ගෙ පැටවු බැරිකාලෙ බලල ඊට පස්සෙ එලවනවා තනියම ජීවත් වෙන්න සත්තුන්ගෙ නැහැ තමන්ගෙ පැටවු තමන්ගෙ හීන හැබැකරන්න ඔනේ කියන පරමාර්ථෙ

    ReplyDelete
  2. @ Maraya - හරියටම හරි මරණය...ඔයා කියන‍දේ කිසිම වැරැද්දක් නෑ..ඕක තමයි ඇත්ත...මං හිතන්නේ බටහිර රටවල ඔය ක්‍රමය වෙනස් වෙමින් පවතිනවා!

    ReplyDelete
  3. ඇත්තටම මේ ජනගහන ගැටලුව තාම ගැටලුවක් වෙලා නෑ බොහෝ අයට. විවිධ ආගමික සංකල්ප මත මිස යථාව මත දේවල් තීරණය නොවෙන නිසා යම් දවසක ලොකු බලපෑමක් වෙයි.

    ඇත්තටම තියෙන ප්‍රශ්ණෙ ජනගහනය වැඩි වීමත් නෙවෙයි. තියෙන සම්පත් නිවැරදිව බෙදී නොයාම හෙවත් සම්පත් බෙදී යාමේ විෂමතාවයයි. අර අපි මගේ විප්ල‍වයෙදි කතා කලා වගේ අරගලය ඕන වෙන්නෙ මේ ‍විෂමතාවය නැති කරන්න.

    හික් හික්! මම ඉස්සර ඉඳන් ඔය ළමයි සම්බන්ධව කියන කතාව වෙනස් කරමින් හිටියේ. කාලයක් මම කිව්වා මගේ යාළුවන්ට තොපි බැන්දොත් ළමයි දෙන්නෙක්ට වඩා හදන්න එපා කියලා. පස්සෙ ඒක වෙනස් වුණා එකකට. දැන් නම් කියන්නෙ හදන්න එපා කියලා. හික් හික්.. ඒත් ගොඩක් දෙනා ජීවිතේට බයයිනේ නේද?

    ReplyDelete
  4. දරුවෙක් නෑතිනම් නව ජිවීයෙක් , සොබාදහමෙ අඛ්න්ඩ පෑවත්මට අතවශ්ය සාදකයක් නෙ ,
    තම වර්ගයගෙ පෑවත්මට අන්තර් අබිජනනයෙන් හෙවත් ලි0ගික ප්රතජනනයෙන් , (ඈමිබා වගෙ නම් අලි0ගිකවද ), නව ජිවියෙකු බිහිකිරිම මිනිසා අතුලු සෑම ජිවියෙකුගෙම යුතුකම්ක් හා වගකිම්ක්…

    අක්කේ ඔයත් මාත් අපි හෑමොමත් අද මෙ විදිහට ඉන්නෙ එ ක්රි යාවලියෙ ප්රකතිපලයක් විදිහට නෙද ? ,

    මෙහෙමයී, අද ලොක ජනගහනය වෑඩි වීමට ප්රඑදාන හෙතුවත් මිනිසාමයී ,
    මිනිස් ගහනය සෑලකුවොත් ගහනයක ජීවින් සමතුලිතව ගටලු වලින් තොරව ඉන්න උපත් හා මරන අනුපාත සමාන වෙන්න ඔනී ,
    නමුත් ශාක හා අනික් සතුන්ට ( හූනාට , කණාමැදිරියට ) සාපෙක්ශව කර්මික විප්ලවයෙන් පස්සෙ තාක්ශනයෙ සිදුවුනු දියුනුවත් එක්කකම වීද්යාවෙ සිදුවුනු දියුනුවත්
    නිසා , මිනිස් ගහනයෙ අනික් සන්තුනට සපෙක්ශව මරන ගන්න අඩුවි උපත් ගන්න වඩිවෙලා තියනවා . එකයී මෙ හෑම දෙකටම මුල ,
    එ නිසා වර්තමානයෙ උපත් පාලනයක් ඕනා නෙද ?
    එතකොට තමයී සම්පත් කර්යක්ශමව බෙදිලා යන්නෙ .

    හම්ම්මො මෙ ගෑන මෙහෙම කතා කරන්න බෑහෑ , මෙක කලචෙද 40 ක් පාඩමක් නෙ අපිට ,

    මම නම් කියන්නෙ දෙමපියන් ගොඩක් දරුවන් නොහද , හදන එකා , දෙන්නා හොදට ගුනගරුකව හෑදුවොත් කවදාවත් එ ලමයී තම දෙමාපියන්ට , රටට පිටුපාවි කියලා .

    " පින්මද පුතුන් සියයක් ලෑබුවත් නිසරු . . .
    ගුන නෑන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු . . . "

    උපන්දිනය සමරපු පොඩි පුතාට සුභ උපන්දිනයක් සහා වාසන්නාවන්ත අනාගතයක් . . . !

    ReplyDelete
  5. @හරේෂ් - බයයි නේනම් දෙයියනේ..මේ යන විදියට කොවැන් කොයි විදියට මොනවා වෙයිද කවුද දන්නේ...

    @ ප්‍රයන්කර - ඔව් මල්ලි ඒක තමයි මම මුලින්ම කිව්වේ...ස්භාවිකවම අපි හැදිලා තියෙන විදියක් තියනවා..ඒත් අපි තව දුරටත් ස්භාවික පරිසරයේද ජීවත් වෙන්නේ? මල්ලි හරි මල්ලි මෙහෙම ඔන්ලයින් ඔවා ගැන වාද කරන්න බෑ..හේතුව මට ටයිප් කරන්න කම්මැලියී...

    ReplyDelete
  6. මේ මසුරන් කමෙන්ට්ස් අස්සෙ අලුක්කාල් ගහන්න මට නිකන් මොකක්දත් වගේ. කවිය නම් ඉතින් ක්ෂනිකව ලියූ එකක් උනාට හරිම සුන්දරයි..

    දෙමවුපියො තමන්ගෙ හීන දරුවන් තුලින් ජීවත් කරන්න තැත් කරන එකටනම් මම විරුද්ධයි. ඒක අහිංසක දෙයක් වගෙ පෙනුනට එක වෙලාවකට හරිම භයානක වෙන්න පුලුවන්..

    ReplyDelete
  7. මගේ ඔලුව රිදෙනවා ඕයි.....

    ReplyDelete
  8. priyankara kiyapu dee hari.

    but sobhaa-dahama ta anuwa jeewiyo wargaya boo karanawa. minisun saha thawath sathun kihipa denek pamanai thrupthiya udesa ek wenne.

    edaa weela kanna nathi aya poolime lamai hadanneth....diyunu ratawala lamai 1-2k hadanneth lankawa wage rata wala lamai nohadana aya diha samaajaya amuthu widihata balanneth adyaapana krame thiyana wishamatha nisa thamai.

    priyankarage comment eka sawuththu wunada manda mang nisa :D

    ReplyDelete
  9. දරුවො ගැන කියවල අංජනගෙ ඔළුව රිදෙනවනම් දරුවො හදන දෙමවුපියන්ගෙ ඔළු කොහොම රිදෙනව ඇද්ද?

    ReplyDelete
  10. එක එක රටවල ආගමික, සංස්කෘතික වට පිටාව නිසා මිනිස්සුත් එකිනෙකා සමග ගැටෙන විදිහ , ජීවිතේ බැඳීම් පවතින විදිහ වෙනස් වෙනවා. අපේ රටේ අම්මලා අප්පච්චිලා දරුවන් ගැන හිතන විදිහට හාත් පසින් වෙනස් විදියකට තමයි බටහිර රටවල දෙමාපියන් හිතන්නේ. අපි කොයිතරම් උස් මහත් උනත් අපේ අම්මට අප්පච්චීට අපි තාමත් එයාලගේ පොඩි එකා වගේ තමයි දැනෙනේ, ඉතින් ඒතරම් අසීමිත ආදරයක් රැකවරණයක් අපිට ලබාදෙන්නේ, කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලා මට හිතෙන්නේ. එහෙම කරන දෙමාපියනුත් ඇති, නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම නිර්පේක්ශ ආදරයක් මම දකින්නේ දෙමාපියන් තුලින්ම පමණයි. දුබල වෙන කලට දෙමාපියන් රැක බලාගැනීම දරුවන්ගේ යුතුකමයි. නමුත් හැම තිස්සෙම මතක තියාගන්න ඕනා, මොන තරම් සැලකුවත් බැලුවත්, අපේ දෙමාපියන් අපි වෙනුවෙන් කරන ලද කැප කිරීම්, සහ සෙනේහය පුරවන්න, ඒ කිසිවක් සමත් නොවන බව.

    ReplyDelete
  11. බෝමන් - අනේ පලයන් යන්න අලුක්කාල් මං කියන්නේ නෑ ඉතිං...ඔව් ඔව් ඔය අන්තිමට කියලා තියෙන දේට මමත් එකගයි ඒත් කරන්න දෙයක් නෑ...පොඩි එකා මොන්ටිසෝරි යන්නත් කලින් ඉදන් අම්මලා ප්ලෑන් එක ගහලා ඉවරයි ඒ ලෙවල් වලට මොනවද කරවන්නේ කියලා

    අංඡා - ගන්න මල්ලි ක්ෂණික සහනය පැනඩෝල් 2ක්

    ධම්ස්z - අධයාපන ක්‍රමයට වඩා සමාජේ චින්තන රටාව කියලයි මම හිතන්නේ...දරුවෙක් නැති ගැහැණියක් දිහා බලන්නේ වද ගැණී.. කාළකන්නී වගේ ඇහැකින් ඒක නිසා එපා උනත් දරුවෙක් හදන්නම වෙනවා මේ හිතන විදිහ නිසා

    මරණය - හික් හික්

    බෝ - දරුවන්ගේ පැත්තේන් දෙමාපියන්ට හා දෙමාපියන්ගේ පැත්තෙන් දරුවන්ට..කියන පදනමේ ඉදන් අක්කා කියන දේට මම අත් දෙකම උස්සලා එකග වෙනවා...අම්මලා අපට කරපු දේවල් වලට මොනවා කලත් ඒ ණය ගෙවන්න අපිට බෑ..අක්කා කථා කරන විදියේ දෙමාපියෝ ඉන්නවා...ඒත් ගොඩක් නෑ...බහුතරයක් බලන්නේ තමන්ට සැබෑ ගන්න අත් කරගන්න බැරි උනු දේවල් තමන්‍ගේ දරුවට එපා උනත් බලෙන් හරි ලබාදෙන්න..දරුවා හරහා තමන්ට අත්පත් කරගෙන සතුටු වෙන්න..එතනදි වෙන්නේ දරුවන් පීඩා‍වට පත්වෙන එක‍ නේද ?

    ReplyDelete
  12. That girly girl got some LOOONG eye lashes !

    ReplyDelete