Thursday, September 25, 2008

පැවතීම

පැවතීම

මොහොතකට ඔබ වන්න
නුඹ ගල් කුලක් මෙන්
දැඩි වෙන විට
මා ගලක් නොවී වෙන
මක් ‍කරන්නද....
එහෙත් උද්ගෝෂණ නැති
ම‍ගේ ඉල්ලීම
සිහි කැදවා නැවත
නුඹ කිව්වා මට
මා ලෙසම පවතින්න


විටෙක නුඹ
මල් පෙත්තකටත් වඩා
සුසිනිදු වෙද්දි
මාද ගලක් බව දැනුනා මට
නුඹේ සුමුදු බව නොදැනෙන විට
බිය ‍සිතුනි මොහොතකට
මා මතින් නුඹ
නැවත ඉදි වෙයිද අළු වෙයිද?

නුඹ පිහාටුවක් මෙන්
පාවී යන්න උවමනා
බැව් පැවසු විටදි
හිස සලා පැවසුවෙමි
මම පවන වෙන බවට
නුඹ යන හැම තැනම
නුඹ සමග යන
අමතක උනා මට මොහොතකට
පවන් පොද රිසි තැනට පිහාටුව
පාවෙලා යන බැව්
නැවත් අත්හැර දමුවෙමි නුඹ
වටා එතෙන පවන් රොද
වෙන පැතුම...

රාත්‍රීන් පුරා නිදි මරා
දෑත් හිස මත තබා
කලතවා සිතුවිලි සයුර සෙවුවෙමි
නුඹ සමග පෑහෙන්න
නුඹ නුඹ ම වන
මම මම ම වෙන
අළුත් ක්‍රමයක්....

කල්පකාලයක්
එක තැනම පල්වෙන
පුහුමතවාද - බැමි - පවුරු
බිද දමා අපි අපි වෙන්න
යලි වෙන් වෙන්ව

තනි තනිව
අප ලෙසම පවතින්න
පෙර හැම දිනකදි මෙන්ම
අපටම ගැලපෙන විදිය
හොයාගත්තා මෙවරද
නුඹ විසින්...

නුඹ විද්‍යුතය
මම චුම්බකත්වය
පැවතිය හැකියි
අපට මේ ලොකෙන් එපිට
නුඹ කැමතිම
විශ්වය තුල වුවද
අපට අප මෙන්ම
පැවතිය හැකිය....


අප එක්වන විට
හට ගැනෙන

විද්‍යුත් චුම්බකත්වය
හානි කර විය හැකියි
"අන් අයට"
අපට නෙවේ ඒ...
.................
.................

පසු සටහන - ගොඩක් දවසකින් කවියක් තියා කවියක් වගේ එකක් වත් ලියන්න බැරි උනා... බ්ලොග් සටහන් පෙළත් 49 වෙනි සටහනෙන් නැවතිලා තිබ්බ නිසා හිතුවා 50 වෙනි සටහන ‍පොඩ්‍ඩක් විශේෂ කරලා ලියන්න... එත් එක්කෙනෙක් මතක් කරලා දුන්නා සංඛ්‍යාව නෙවෙයි වැදගත් වෙන්නේ කියලා.... ඒක නිසා ඒ අදහසත් අතහැරලා දැම්මා....අද කාර්යාලයේ වැඩ තිබුනත් ඒ තරම්ම හදිසි වැඩ නැහැ. ඒ නිසා කරන්න කම්මැලි.... අනිවාර්යෙන් කලයුතු වැඩ ටික උදේම අහවර කරලා දැම්මා... කවියක් ලිවීමේ ආසාවක් ඇති උනු නිසා ලියන්න කොළය එහෙම අතට අරන් පැන්සල උල් කරලා ලියන්න හදද්දි ලියන්න හිටිය වචන ටික නැති වෙලා... ඕනි දෙයක් කියලා බ්ලොග් එකේ කෙලින්ම මොනා හරි කුරුටු ගානවා කියලා ආවම ලිය වුනේ ඔය උඩ තියෙන වචන ටික......තේරුමක් නෑ තමයි ...ඒත් ඉතිං මට හිතුනා ලියවුනා..එච්චරයි....!

18 comments:

  1. Mehemai mata hithna widiya..
    methana nisades dekak widiyata ganna puluwan..1, 2,3 kotas =1
    2,3,4,5 = 2
    api api wagema inna one apen ehata anith hamoma eyala wage inna one.. eth hoda sambanda thawayakata api api weema badawak newei eth api athara therum ganeemak thoiyenne one anikage adahas walat garu kiremak, sahaya weemak ethakota onema nogalapena (Galapenne ne kiyala kiyana) dennekta galapenna puluwan..

    ReplyDelete
  2. සංඛ්‍යාව තේරුමක් නෑ.... ඒවා අන්තිමට ඉලක්කම් විතරක් වෙන නිසා.... කව්රු කිව්වත් ඒ කථාව ඇත්ත.....

    "උඔ උඹේ විදියට හිටපන්, මම මගේ විදියට ඉන්නම්".... (හරි ඉතින්, ඇයි කෑ ගහන්නේ.....)

    මම මේ බ්ලොග් වලට addict වෙයිද මන්දා මේකි කියන කථා අහලා....

    බේරගනියෝ.....

    ReplyDelete
  3. @Gangika- appaa ehemada? mata eka ganak une ne.. mata nam meka me widiyatama oni nethnam therumak ne mulu kaviyema.. hikiz

    ow oya kiyana deth eththak thiyanwa eth man kemathii eka mohothakadi denna dennek widiyatama jeewithe widinna thiyaanwa nam ekai mama ehema deyak liyala thiyenne samnyen suttak withara asamanyai thamai ithin mona karannada eth????


    @ කළු මල්ලි- අමතක කරන්න එපා ගොයියෝ උඹ මට දෙපාරක්ද කොහෙද කිව්වා ‍බ්ලොග් එකක් හදා ගනින් කියලා..දැන් ඇඩික්ටඩ් කියලා මට කෑ ගහන්න එපා...
    මම කෑ ගැහුවේ නෑ යකෝ උඹ නේ කෑ ගහන්නේ ලොල්ස්ස්ස්ස්ස්

    ReplyDelete
  4. he..he.. ne ne aulak ne ekatama thiyena eke wereddak ne ehemmama thiyenna thamai one eka..:)
    man dakka kaviya athule kavi 2k.. ekai :)
    asamnya nehe ne..
    denna dewidiyakata thamai jeewath wenneth.. (Denna ekkenek wenawa kiyanne mokakda appa..)
    oya kiyanne ara sahayogaya, therumganeema wage dewaluth e mohothedi nathi wenna one kiyalada...:{
    ehenum ithin mokakwath koranna be thamai appa....:P

    ReplyDelete
  5. @ Gangi- nethi wenawa newei thawa kalikawa ath harinawa.. mula idan apahu patan gannawa... eka amaru wedak but beri nehe ne..hebei ehema karanna hoda awabodhayak thiyienna ona...AWABODHAYA- eka ethule oya kiyana hema deema ekathu wela thiyenawa :D

    ReplyDelete
  6. Hmm hari hari therum gattha moakda kiwwe kiyala..:D

    ReplyDelete
  7. @Gangiyo- dawasaka mama kiyannam pehediliwama mama adare gena darana mathe.. ekat me dawas wala hithaagena yanawa....ethakota api katha karamu.. oyata puluwan wei mage weradi pennala dennam :-)

    ReplyDelete
  8. Eeh ehemada kk ikmanatama eka apitah dakina salaswannako edata kathakaramu ehenum eka gena..:)

    ReplyDelete
  9. මාත් මේ දවස් වල මේ වගෙ ගැටුමකට මැදිවෙලා ඉන්නෙ. මේක ගොඩක් බහුල දෙයක් ද මන්දා. මගේ මැටි මොලේට කවිය තේරුනේ වැරදියටද දන්නෙ නැහැ, එහෙමනම් සමාවෙන්න ඕනේ

    ReplyDelete
  10. අම්මෝ!
    අපි මොනවද බන් ආදරේ ගැන දන්නෙ උඹල එක්ක බලද්දි..ලොල්!

    නියමයි නංගි මේකනම්..ඉරිසියාත් හිතෙනව වචන පෙළගැස්ම දැක්කම..සමහර තැන් වලදි හරේව කියවනව වගෙයිත් දැනුන..
    සුබපැතුම් :)

    ReplyDelete
  11. නිසඳැස අගෙයි, බෝමන් කිව්වා වගේ ඇත්තටම හොඳ වචන පෙළගැස්මක්, මේ කව හොඳයි අපිට අපිවම කියවාගන්න , නංගෝ දිගටම ලියන්න.
    මට මම වෙන්න ඉඩ හරින නුඹ, නුඹම වෙන්න එතකොට එහෙම ලෝකෙක අපි අපිම වෙනු ඇත. මෙවැනි තවත් හරවත් ගුණවත් නිසඳැස් ඔබෙන් බිහිවෙනු ඇතැයි සිතමි.

    ReplyDelete
  12. මම නම් කියන්නෙ ඔයාගෙ 50 වෙනි බ්ලොග් සටහන ‍පොඩ්ඩික් විශේෂ කරලා ලියන්න
    තිබ්බා

    මම වෑරදි වෙන්න පුලුවන්,
    ණමුත් ඔයා අද 50 වෙනි බ්ලොග් එක ලියයන්නෙ
    මීට කලින් බ්ලොග්ස් 49 ක් ලියපු නිසානෙ . . .
    පුන්ච් මල් ගොඩක් එකතු වෙලා
    ලොකු මල් පොකුරක් හදෙනවා වගෙ
    බ්ලොග් සටහන් එක එක එකතු වෙලා 50 වෙනි එක හෑදන මේ වේලවෙ
    දුක සතුට මතින් මේ ලියපු බ්ලොග්ස් 49 ගෑන අපසු හෑරිලා බලලා
    50 වෙනි එක ලියන මෙ වෙලවෙ ඔයා ඉන්න තෑන මොකක් ද ?
    තමන් මෙතෙක් අපු ගමන ගෑන තමුන් තෘප්තිමත් ද ?
    කියලා පොඩ්ඩක් හොයලා බලලා තමුන් ලබපු වින්දනය ගෑන මෙ වෙලාවෙ මොනවහරි
    හිතලා 50 වෙනි එක ලිව්වන්ම් හරිම අගෙයී . . .
    එතකොට තමුන් ගෑන පුන්චි හරි අඩම්බරයක් ඔයාට දෑනෙවි !

    “ ආ මග කෙටියී
    යා යුතු මග දුරයී ”

    50 වෙනි සටහනට මගෙන් සුභපෑතුම් !

    ReplyDelete
  13. 51 වෙනි සටහන විදිහට ඔයාගෙ A/L
    කාලෙ ගෑන ලියන්න
    හොදම කාලෙනෙ !

    ReplyDelete
  14. Aney manda......kochchara dennek wenna katha kalath. mulu kaviya ethulema mama dekkey, thmangey karaganna thiyena asawa ....Possesive nature, oya kiyanne, eyata nidahasa dennam, habei, mama kiyana seemawa ethuley.....hariyata, parole ekata nidahas wena hira karayek wagey....kuduwey inna kurullata piyambinna kiwwa wagey......

    Ekko, "Mage Maranaya" ta wagey mageth mole' mati.....

    Monawa unath Ela kaviya......

    ReplyDelete
  15. @Maranaya -මොකක්ද ගැටුම සමාජය හා අපි ද? එහෙම දේවල් ගැන නොහිතා ඉන්න එක තමයි හොද මං හිතන්නේ...ප්‍රශ්නේ තියෙන්නේ පිට අයට නම් ඒක අපි අපේ ප්‍රශ්ණයක් කරගන්න ඕනි නැහැ නේ..

    @Mr.Bo - අනේ පව් උඹ බබා...
    ස්තූතියි අයියේ..ඇත්තම කියනවා නම් ලියද්දි මටත් හිතුනා මේ ලියන්නේ වෙන කෙනෙක් ගේ වචනනේ කියලා ඒත් ඉතිං එයා මොකෝ මං මොකෝ කියලා හිතලා ලිව්වා ලොල්ස්...මේ රටාවත් මං හිතන්නේ එයාගෙම තමයි

    @Dr. Bo - බොහොම ස්තුතියි අක්කේ...බලමු තව ලියවෙයි කොහොමත්...

    @ Priyankara Perera - අම්මෝ උදේම ඔයාගේ නම දැක්කම මාව උඩ විසික් උනා...අපේ MDට තියෙන්නෙත් ඔය ලගින් යන නමක්...මේකයි මල්ලියෝ...මේ ලියවුනු සටහන් 50ම අපි දෙන්නා (me & Nash)ලියලා තියෙන්නේ ඒ ඒ වෙලාවල ඇති උනු මානසික මට්ටම් වල අපි ලියන්න ඕනි කියලා හිතුන නිසයි..ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් මේ සටහන් සේරම විශේෂයි..ඒක නිසා 50 කියලා වෙනසක් නෑ..51 - A/L ගැන නම් බෑ..කලින් 9 වසරට යන්න එපැයි..බලමු හොදේ ඉක්මනටම ලියන්නම්

    @ Jay - කොතනද සීමාවක් ගැන තියෙන්නේ???මම නම් සීමවක් දාලා කියලා කියලා නැහැනේ??? ඒ වුනාට ඔව් සීමාවක් තියෙන්න ඕනි ඒත් ඒක තීරණය කරන්න ඕනි තමන්මයි.අනිත් කෙනා නෙවෙයි...‍ටිකක් කල් දෙන්න මම ආදරය ගැන ම‍ගේ මතය කියන්නම්...එතකම් ඔයා‍ට මං ලියන කවි ටැපලෙයි..

    ReplyDelete
  16. @ OKsh - ඊරිසියාව පැහැදිලි ඊරිසියාව කියලයි ඕකට කියන්නේ....!!!!ග්ර්ර්..ඔයාගේ මොන්ගල් කවි වගේ නෙවෙයි මගේ ශෝයි කවි හලිද? එන්න අපා එවා මේවා කියන්න..!:p

    ReplyDelete
  17. එකම රාමුවක් ඇතුලෙ දෙන්න දෙන්නෙක් වෙන්න දඟලන අරගලයකින් විමුක්තිය හොයාගෙන වගේ..එළ එළ...අවසානෙට ඉතින් ඔය ඔක්කොම එකිනෙකාගෙ සිතුවිලි අවබෝධ කරගැනීම තමා නේ.....ජය වේවා...

    ReplyDelete
  18. @Sa'th - ඔව් ඔව් මොන බයිලේ ගැහුවත් අන්තිමටම එන්නේ අදහස් දෙකක් සලකා බලා වඩා හොද අදහස ක්‍රීයාත්මක කිරීමකට තමයි...ස්තූති වේවා...

    ReplyDelete