Thursday, September 18, 2008

තෝසේ

ගොඩක් කාලෙකින් බ්ලොග් සටහනක් ලියවුනේ නෑ කියලා මතක් උනේ අද ලොකු අයියා කිව්වමයි. කාර්යාලේ වැඩක් නැත්නම් ඉතිං බ්ලොග් එකට මොනා හරි ලියන්න කියලා තව කෙනෙක් කිව්වා... ඒත් ඉතිං දෙයියනේ මොනවා කියලා ලියන්නද? අපේ ඉස්කොලේ මීලගට 9 වසර ගැන ලියන්න තියෙන්නේ ඒත් එක ලියන්න හරියට මතක් වෙන්නෙත් නෑ අප්පා....ඉතිං ලියන්න අදහසක් ඉල්ලුවා ලියන්න කිව්ව කෙනාගෙන්ම.... එයා කිව්වා ලියන්න දෙයක් නැත්නම් එදා ගියපු තොසේ ක‍‍ඩේ ගැන හරි ලියන්න කියලා... මට පෙන්නේ එයා‍ට කඩේ හිතට අල්ලලා වගේ හික් හික්... ඉතිං මම කල්පනා කලා කඩේ ගැන නෙවෙයි කඩේ තියෙන අපුරු කෑම ගැන එහෙමත් නැත්නම් මගේ ප්‍රියතම ආහාරය ගැන පොඩි සටහනක් ලියන්න....

දෙමළ කෑම (තෝසේ - සාම්බාරු හා උළුදු ව‍ඩේ)

කවද කොහොම මොනවා හින්දා මම
තෝසේ වලට ආස උනාද කියන්න මම දන්නේ නෑ.. ඒ කියන්නේ මම මට මතක ඇති කාලේ ඉදන්ම තෝසේ කන්න ආසයි.... මීට අවුරුදු සැහෙන්න කාලෙකට ඉස්සර කොළඹ එන්නේ මාව ‍තෝසේ කන්න එක්කන් යන්න අම්මලාව පොරොන්දු කරගෙන... මට මතකයි සමහර දවස් වලට තාත්තා කෙටි නිවාඩු දාලා ‍ගෙදර එන දවස් වලට තකහනියක් මගින් බැහැලා මට කන්න තොසේ අරන් එනවා උළුදු ව‍ඩේ එක්ක... වෙන වෙනම කොළ වල ‍ඔතලා තියෙන තෝසේ... කොළපාට සම්බෝලේ හා රතුපාට සම්බෝලේ හා සාම්බාරු හොදි බෑග් එකයි උළුදු වඩෙයි මට දැනුත් මැවිලා පෙනවා වගෙයි.... පස්සේ කාලෙක ගෙදරදි කොච්චර හැදුවත් සයිවර් කඩේකදි කන ‍රස ගන්න නම් මට වත් අම්මටවත් බැරි උනා ඒක හින්දා දැන් අපි ඒවා ගෙදර හදන එක සම්පුර්ණයෙන්ම නතර කරලා ක‍ඩෙන්ම ගෙනත් කනවා නැත්නම් ගිහින් කනවා.... තෝසේ කන්න මට ලඟම ක‍ඩේ තමයි බම්බලපිටියේ සරස්වතී එක.. ශක්ති එකේ පන්ති ගිය දවස් වල අනිවාර්යයෙන් තෝසේ කන්න යනවා.... ගෙවන මුදලට සරිලන වටිනාකමකුත් ලැබෙනවානේ මොනා උනත්....

මං හිතන්නේ අපේ අන්තර්ජාල මහගෙදර අය නම් බහුතරයක් දන්නවා මම
තෝසේ වලට කොයි තරම් කැමතිද කියලා.. හික් හික් ඒ කට්ටියෙන් මුලින්ම මතක් වෙන්නේ සෑම් ව එහෙම නැත්ම් පිස්සු සැම් ව.. මොකෝ එයා කන්නේ අල බෝල.. හොදම අලබෝල තියෙන්නේ කොට්ටාවේ කඩේකලු නේ මම නම් ඉතිං එහෙන් කාලා නෑ.. ඒ වුනාට සෑම් නම් අල ‍බෝල මතක් කලත් කෙල පෙරනවා. ඒ කියන්නේ ඒ තරමටම එයා ඒවට කැමතියි.. ඒ එක්කම තව යාලුවෙක් මතක් වෙනවා... මහ ගෙදරම එ‍ක්කෙනෙක්. එයා වට්ටක්කා කන්නේ නෑ. ඒක හින්දා ‍සම්බාරු හොදි කන්නේ නෑ... ඒ හින්දා තෝසේ කිව්ව ගමන් ඊයා ගාන පුරුද්දක් එයාට තිබ්බා. ඒත් පස්සේ කාලෙක එයා අපිට වඩා තෝසේ කන්න ගත්තා හැබැයි සාම්බාරු නැතුව..

ඒ විදියට
තෝසේ වලට ආස කරන ගොඩක් අයව මට මතක් වෙනවා මේ වෙලාවේ... ආහ් අපේ අයිස් ගේ ශෙනී එයාත් එක්කෙනෙක් නේ තෝසේ සමාජිකයින්ගේ. හික් හික්... මම මහගෙදර ඉඳන් තෝසේ මතක් කලාම එයා ඕසි වල ඉදන් කෙල ගිලිනවා...

කොහොම උනත් අපේ රට ආහාර සම්ප්‍රදායන් අතින් සෑහෙන්න ඉදිරියෙන් ඉන්න රටක්... සිංහල ජනයා ට හුරු පුරුදු කෑම වර්ග දෙමළ මුස්ලිම් ජනයාගේ කෑම වර්ග ආදී නොයෙක් සම්ප්‍රධා‍යන්ට අයත් කෑම බීම වලින් අපේ රට පොහොසත්. ඒ වගේම බඩගිනි වෙලාවට හිත් වල තියෙන සියළුම ජාති වාදී කුල මල අමතක කරන්නත් අපේ මිනිස්සුන්ට පුළුවන්. ඒකනේ "ආනන්ද භවන් එකට වැදී ‍
තෝසේ ගිලින වෙලාවට කිසිම අපුලක් නැතුව කාලා එළියට ඇවිත් දෙමළුන්ට බනින ජාතියක්නේ අපි" වගේ අදහසක් එක්ක සින්දුවකුත් තියෙන්නේ. මට ඒ වගේ අත්දැකීමක් තියනවා... ඒ විදියම නොවුනත් පොඩ්ඩක් විතර ඒ වගේ එකක්.... ඒ වෙලාවේ ඉතිං මම කවියක් වගේ එකක් ලිව්වා මේ තියෙන්නේ ඒක... ඔයාලා ඒක කියවලම මේ සටහන කියවන එක නතර කරන්නකෝ මතක ඇතිව ආයේ තෝසේ කන වෙලාවට මාවත් මතක් කරලා කන්න හොදේ .... මම නම් ගිය සිකුරාදත් කෑවා බලමු ආයේ කවදද පුළුවන් වෙන්නේ කියලා.... :-)

21 comments:

  1. මමත් ආසම කෑම තෝසේ, අපි කට්ටිය සෙට් උනාම යන්නෙත් තෝසෙ කඩේකට, හොස්ටල් එකේ එකට උයාගෙන කන දවසට හදන්නෙත් තෝසේ තමයි. හොඳ ලිපියක්.

    ReplyDelete
  2. සෑම් කියල කියුවෙ පන්නිපිටියෙ සෑම් වෙන්න ඇති නේද? මම හිතන විදිහට එයා කියන්න ඇත්තෙ කොට්ටාවෙ වීරසිරි කැෆේ එකේ අලබෝල ගැන..මාර රසයි තමයි..මමත් කාලෙකින් ඒ පැත්තෙ ගියේ නැහැ. ගෙදරට ගෙනැල්ලා කනව වගේ නෙමෙයි කඩේ ඉදන් කද්දි මාර ගති. ඉස්සර මම වීරසිරි එකේ වේටර් වරු කීප දෙනෙක් දැනන් හිටියා. එයාල ටිප්ස් වලින් දවසකට හම්බු කරන ගාන ඇහුවම පිස්සු හැදෙනවා.

    මම ඉස්සර කැමතිම ශාන්ති විහාර් එකේ හදන අල තෝසේ කන්න. ඒ එකක් උලුදුවඩේ එක්ක කෑවම බඩ හොල්ලගන්න බැහැ.CIMA පන්ති යන දවස්වල සතියකට දවසක් දෙකක් ඒකෙන් කැවෙනවමයි. ශාන්ති විහාර් ඇරුනහම බම්බලපිටියෙ අපි කන තව තැනක් තිබ්බා එතනත් තෝසෙ හරි රසයි(ෂි! මට නම මතක නැහැනෙ එතන). මම සරස්වතී එකෙනුත් කාල තියනව දවස් තුනක් විතර.

    ReplyDelete
  3. හපොයි මේක කියවලා ඉවර වෙද්දී පුදුම බඩගින්නක් නෙ ආවෙ :D

    කටට කෙල උනන ලිපියක් :D

    ReplyDelete
  4. වීරසිරි Cafe එකෙන් මමත් ඉස්සර තෝසේ, අල බෝල කනවා. හැබැයි මේ පාර ලංකාවට ආපු වෙලාවෙ කෑවම තමයි හිතුනෙ එක බාල කරල කියලා.

    ශාන්ති විහාර් එකේ නම් හොදයි.

    බම්බලපිටියේ අනිත් තැන Ambal Cafe එකද? (ABS එකට එහා පැත්තේ තියෙන්නෙ.)

    ReplyDelete
  5. මේක කියවද්දි කටට කෙළත් උනනවා අප්පා!!
    තෝසෙ කෙසේ වෙතත් අල බෝල වලටනම් මාත් මාර ආසයි...ඔයා ඔය කියලා තියෙන කොට්ටාවෙ කඩේ වීරසිරි හෝටලය වෙන්න ඕනෙ!!මාත් හැබැයි අල බෝල කාලා තියෙන්නෙ වීරසිරියෙන් තමයි..හි හි...
    මම නම් කොහොමත් කොට්ටාවෙනෙ ඉන්නෙ!!

    ReplyDelete
  6. @Dhanu - අන්න හරි. ඒක තමයි.ස්තූතියි නම මතක් කලාට :).ABS එකේ පන්ති යන දවස්වල ඒකෙන් නිතරම අපි තෝසේ සහ පරාටා කනවා. කුකුලු මස් සහ පරිප්පු හොදි එක්ක කාපු ඒ පරාටා වල රස තාමත් මතකයි.ඒ තරම් රසයි.

    ReplyDelete
  7. හප්පා...ක‍ට්ටිය මේක ‍හෝ‍ටල් ප්‍රවර්ධනයට යොදා ගෙන නේ...:p හොදයි හොදයි හැමෝම තෝසේ අල බෝල පරාටා ආදියට කැමතියි කියන එක කොයි තරම් දෙයක්ද?
    දවසක ඔක්කොම සෙට් වෙලා කමු හික් හික්

    @ Bo - හික් හික් නියමයි තොසේ සමාජයට තව කෙනෙක් බොහොම ස්තුතියි අක්කා
    @ Mr.Bo - ඔව් ඔව් ඒ සැම් තමයි..අනේ ඉතිං මට ඔය පැත්ත ගැන පොඩි දැණුමක්වත් නැහැනේ අප්පාපාපාපා...යකෝ බලන් ගියාම පන්ති යන හැමෝම තෝසේ නේ කාලා තියෙන්නේ
    @ Ana - හික් හික් මමත් මේක ලිව්වේ කෙල ගිල ගිල ඉහික් ස්තූතියි හොදේ
    @ dhanu - අම්මේ අප්පොච්චියේ..මාර තොසේ මීටර් එකක් නේ..හික් හික් ම‍ට නම් ඉතිං ලේසි පහසු හා හුරු පුරුදු සරස්වතිය තමයි.තත්වේ බාල කිරිමට හේතුව ඉතිං පවතින ආර්ථිකයත් එක්ක අඩු වියදමකින් වැඩි ලාභ ඉපැයිම වෙන්න ඇති ඒ මිනිස්සුත් ඉතිං ජිවත් වෙන්න එපායෑ
    @ SK - උණනවනම් ඉතිං ගිලපන් මල්ලියේ වෙන මොනා කරන්නද? වෙන්න ඇති වෙන්න ඇති‍ වෙලාවක මමත් එන්න ඕනි ඔය පැත්තේ අලබෝල කන්න ඉහික් ස්තූතියි මල්ලියා....

    ReplyDelete
  8. හෆොයි කෙල්ලේ මට tease කරන්න නේද මේක ලිව්වෙ? කටට රහට තොසෙ කෑල්ලක් කන්න තව කී කාලයක් බලන් ඉන්නද අප්පා???
    වීරසිරි හෝටලේ තියෙන්නෙ කොතනද? ඊලගපාර ආවාම යන්න ඕනේ..........

    කවිය එළ......එළකිරි එකේ කලින් දාපු එකක් නේද?

    ReplyDelete
  9. මන් නම් කන්නෙ ඉඳි ආප්ප. සයිවර් කඩෙන් ඉඳිආප්ප කන එක මාර ලාබයි. ABS එකෙ Class යන කලෙනම් උදේ දවල් දෙකටම කැවෙ ඉඳි ආප්ප. මොකද අතේ තිබ්බ ගානට බඩ පිරෙන්න කන්න පුළුවන් නිසා. සයිවර් කෑම කන්න නම් බම්බලපිටිය වැල්ලවත්තට එන්න ඕනෙනේ එක නිසා දැන් කන්න හම්බ වෙනව අඩුයි.

    ReplyDelete
  10. @ Haresh - ශා...තාත්තා හදන්න දන්නවා නම් පුතත් දන්නවා ඇතිනේ නියමයි...ගෙදරම තොසේ හදලා කන්න පුළුවන් වෙයි නේද? ඔය කොවා කැවත් පිෂ්ඨය අප්පා හික් හික්

    @ Jay - හු..හු... එක තමයි හලෝ කට කැඩෙනකම් කියන්නේ ඉපදුනු රටට ආවට ලෙ‍ඩ වෙන්නේ නෑ...‍ඔහේට වෙලා නොකා නොබී දුක් විදින්නේ නැතුව මෙහෙ වර ඔව් ඔව් බෝ එහෙම දන්නවා වගේ අහලා බලන්න

    @ Maranaya - අනේ මම නම් සයිවර් කඩ වලින් ඉදිආප්ප කාලා නෑ..තොසේ තියෙද්දි මොන ඉදිආප්පද හික් හික්....ඔව් ඔයා කියන හරියේ තමයි හොදම කඩ තියෙන්නේ

    ReplyDelete
  11. හික් හික්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රසවත්" පෝස්ට් එකක් ලොල්.

    මම නම් එච්චරම තෝසේ පෙරේතයෙක් නෙවෙයි. නමුත් අපේ ඉස්කොලේ ඉස්සරහ තිබුනා ඉස්සර මරු තෝසෙ කඩයක්. (සා.ජෝ.වි - කො 10)

    සෝ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සතියට 5 පාරක් තෝසේ කැවුනා ඒ දවස් වල... උන්ගෙ සාම්බාරු එක නම් මෙලෝ රහක් නැහැ හැබැයි. නමුත් තොසේ, අල බොන්ඩා සහ උලුඳු වඩේ නම් එලමකිරි.

    ඔය කෑම සෙට් එකෙන් මම නම් ආසම හිල තියෙන වඩේ (උලුඳු ). ඉස්සර අපේ කොල්ලො විහිලු කරනව අපෝ මූ කන්න ගියත් එතනත් හිලක් හොයන්නෙ කියල හාහා

    කවිය නම් කලින් දැකල තියෙනව මලියෝ :) එදා ඒකට විචාරයක් දෙන්න ඇතිනෙ මම? කොහොම වෙතත් ලස්සනයි මචං

    සරස්වතී නම් ගිහින් නැහැ මම. නමුත් ශාන්ති විහාර් නම් මාස 2 කට සැරයක් හරි යැවෙනව ඉස්සර... සුන්දර අතීතෙ මතක් කලාට ස්තූතියි උඹට.

    @ Bo > පන්නිපිටියෙ හිටිය සෑම් කියල කබරගොයෙකුත් ඒ දවස් වල :P

    ReplyDelete
  12. @ XP - හික් හික් ස්තුතියි සහෝ මචෝ..සතියට පස් පාරක් ? ඇ‍‍ඩෙනවා අප්පා ඉහි ඉහි..උළුදු ව‍ඩේ ඉතිං කොහොමත් රසයි නේ ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...ඔව් ඔව් කවිය මහගෙදර දැම්මා කමෙන්ට් එකත් ආවා..මේ සටහන ලියද්දි කවිය මතක් උනා ඒකයි දැම්මේ...
    අර පන්නිපි‍ටියේ කබරයා ගැන තමයි මම මේ ලියලා තියෙන්නෙත් වෙලාවට මේ පැත්තේ එන්නේ නෑ
    @ Oksh - හයියෝ මදැයි තොසේ කන්න බලන් හිටියා...අනේ ඔයාගේ කෑම ඔයා ඉතිං සදා බෝංචි තමයි ‍ඔහොම ගියොත් නම් හික් හික්

    ReplyDelete
  13. ai yako mewagey blog satahan danne...epaaa wenawa...dan lankawatanam hadda pandara athi ney...meheta nam 12ta kittui...wadak naha kiyala..eda ara mama blog ekey masala thosey kawa kiwwata passe thama kawe naha...ayee magey hithey kannath bari wei sahena kalekata..danatanam amma ewapu sini sambal,abul thiyal,polos wagey ewa thiyenawa...ewath dan iwara wegena yanne

    ReplyDelete
  14. Happaa.. Madai idala idala blog ekak kiyewwa... dan ithin those kanakan iwasumak naha... Hoda welawata mama inna rate those kada thiyanawa... eth ithin lankawe sivr kadekin kana athal eka nam naha... issara hamadaama iskole enna kalin maradaane policiya gaawa thiyana dhavala giri ekata gihin those 2i plain-T ekai gahala aapu dawas nam jeevitheta amathaka wenne naha... AL class walata awahama nam menu eka poddak maru una.. (those 2i, Plain-T ekai, Gold leaf ekai) api kadeta gihama oder karanna one naha. Waiter kaama genalla denawa... bila gewanne nathuwa maru una dawas gaana matawath mathaka naa... hahah

    Mama GADOL

    ReplyDelete
  15. @ x-p

    dan ee kadee na oii....iskole issaraha patha bildimak hadamin pawathinawa. :D

    @ malee:

    ow thosey nam ela. eeth mang kamathi paraata walata. nagala yanawa eka. hehe

    ReplyDelete
  16. @ Sampath - ඇයි හමා අයියේ ලොන්ඩොන්ඩොන් වල තොස කඩ නැතැයි? නැති වෙන්න බෑ අප්පා..හොයලා බලන්න..රැදි සිටින්න අප සමග අච්චාරු අතරමග එනවා...හිකිස්

    @ Gadol - අයි පොඩ් එකවත් අරන් ගිහින් දෙමළ සිංදු ටිකක් වත් අහන ගමන් කන්න මෙයා හිකිස්...අපෝ ලෝක පොලු කාරයෙක් නේ :p

    @ Dhamz - parata? hmm mama nam wediya kemathi ne malliya..iiyeth kanna ethi maye hithe :p

    ReplyDelete
  17. mage nam fav thama paraata!

    btw blog eka update karanne nadda eeye gamana gana? ;P

    ReplyDelete
  18. @Dhamz - ithin oya karannakoo....mata be appa oyata beri nam oya inne maha loku aiyala eyala kauru hari liyai! :p

    ReplyDelete
  19. ah mee ewa paraata neme chapaathi :P nama patalila hitiye


    p.s
    mata kamaaliy appa blog eka update karanna.....donno when il write again. ethakan comments walin set wemu:D

    ReplyDelete
  20. @ Dhamzz - ahhaa...chapathi...ewa nam ape gedara hadanawa masekata serayak withara Ata piti walin ne hadanne... mamath kanawa nam thamai eth those tharam ekath fit ne appa....
    ane oyage kammeli kama gedarata wela nikan inna welawe liyanawakoo mona hari!

    ReplyDelete
  21. @ Haresh - ඒ තොසේ වලට තමයි මම ‍වැඩියම කැමති කියලා මිස්ටර් රවී ට කියන්න

    ReplyDelete