Friday, August 7, 2009

අගෝස්තු 7


අද අගෝස්තු 7 ඔව්.. වැරදිලා නෑ.. කැලැන්ඩර් වල, ෆෝන් වල කොම්පියුටර් වල හැමතැනම පෙන්වන විදියට අද 2009 අවුරුද්දේ අගෝස්තු 7 වෙනිදා... ඉතිං?? ඉතිං මොකක්ද විශේෂත්වය? ඇත්ත බැලූ බැල්මටම අහස තරමක් වළාකුලින් පිරුණු ඒත් තරමක් රස්නය.. දවසක්.. තව කියනවා නම් නිවාඩුවක් දාලා ගෙදර ඉන්න හිතුනු ඒත් නොආ බැරි නිසා වැඩට ආපු තවත් එක නිදිමත දවසක්.. ඒ නිසා මට අමුතුවෙන් විශේෂයක් නෑ අද දවසේ..! ඔව් ඒ මට.. මේ බ්ලොග් එක ලියන එක අතක් අයිති මටයි අද ඒ වගේ නිකම්ම නිකං දවසක් උනේ.. ඒත් අද මගේ බ්ලොග් එකට‍ විශේෂ දවසක්! ඔව්... ඇබ්නොමල් මයින්ඩ්ස් බ්ලොග් එකට අදට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වෙනවා...

අම්මෝ දවස් යන ඉක්මන...!!! හ්ම්.. අවුරුද්දක් බ්ලොග් ලිව්වද කියලා හිතා ගන්නවත් බෑ තමා... ඒත් අවුරුද්දේ ගිය අවුරුද්දේ කරපු කියපු දේවලින් මතක තියන සුළුතරයක් දේවල් වලින් ‍බ්ලොග් එක එක් වැදගත් දෙයක්.!

අවුරුද්දක් අතීතෙට ගියොත් බ්ලොග් කියන්නේ පහුගිය අවුරුද්දේ මට ලැබුනු වටිනම දේ වලින් මට ලැබුනු මුල්ම දේ බ්ලොග් එක. සමහර විට දෙවනියට ලැබුනු දේ ‍ලැබෙන්න බ්ලොග් එකත් එක් හේතුවක්!!!

මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න මට උවමනා උනු කාලෙකයි ඇබ්නෝමල් මයින්ඩ්ස් පටන් ගැනුනේ. දැන් වෙනකොට දෙන්නෙක් ලියනවා උනාට මේක පටන් ගැනුනේ තනි පුද්ගල ඒ කියන්නේ මලීගේ බ්ලොග් එක විදියට. මතක විදියට බ්ලොග් එකේ මුල්ම නම ඇබ්නොමල් කෙල්ලකගේ නොමල් සිතුවිලි. පටන් අරන් දවස් කීපයකින් මගේ මාළුවා.. සොරි සොරි යාළුවා නෑෂ්_නොඩ් එක්ක බ්ලොග් එක බෙදාගත්තා. එයින් පස්සේ තමයි ඇබ්නෝමල් මයින්ඩ් විදියට වෙනස් උනේ. ‍

කොයි හැටි වෙතත් මේ වෙනකොට අවුරුද්දේ මාස 12 පුරාම ක්‍රියාකාරී විදියට බ්ලොග් එක පවත්වගන්න අපිට පුළුවන් උනා. ඒ කියන්නේ අඩුම තරමේ සතියකට එක් ලිපියක් වත් ප‍ල කෙරුනා.

කවුරු හරි කෙනෙක් මේ බ්ලොග් එක මුල ඉදන් කියෙව්වොත් මේ ලියන දෙන්නා‍ගේ ජිවිතේ ගතවුනු අවුරුද්ද ගැන ‍කියවන්න පුළුවන් වේවි.. සතුට‍‍.. දුක.. කලකිරීම්.. වේදනා.. කවි.. කතන්දර.. පොත්.. චිත්‍රපට.. සංගීතය.. උපන්දින.. එක් වීම්.. වෙන්වීම්... සංචාර.. කෑම බීම.. ස්කෝල.. බස්.. එකී මෙකී නොකී ‍මාතෘකා ගොඩක් ගැන මේකේ ලියවිලා ඇති.. සරළවම හදුන්වන්න පුළුවන් හොදම නම තමා මේක මහ අච්චාරු ‍බ්ලොග් එකක්. කෑවට අගුණෙකුත් නෑ ඇති ගුණේකුත් නෑ.. මොකද අපි දෙන්නම බහුලව බ්ලොග් වෙන තොරතුරු තාකෂණය ගැන වචනයක් වත් ලියලා නෑ.. හේතුව අපි දෙන්නටම ඒ ගැන අනිත් අයට කියාදෙන්න තරම් මහ දැනුමක් නෑ.. හැබැයි අපි දෙන්නම ජිවත් වෙන අය. ඒ නිසා ජිවිතේ දවසින් දවස ගැන කථා කරන්න අපිට පුළුවන්.. ඒකයි මෙච්චර කල් මේ බ්ලොග් එක ලියවුනේ.

ඇත්තටම මට මේ දවස් වල ලියන්න කැමැත්තක් නෑ.. එහෙම නැත්තං ලියන්න හිතෙන දේවල් ලියලා එවට එන ප්‍රතිචාර එක්ක වාද කරන්න තරම් හිතේ උවමනාවක් වත් හැකියාවක් වත් නෑ... ඒ නිසා මේ ලිපියත් ‍පුළුවන් තරම් කෙටි කරනවා.

අවසාන වශයෙන් ඒත් ගෞරවනීය ලෙස සුපුන් සුදාරක මල්ලිට ස්තූති වන්ත වෙනවා සිංහල බ්ලොග් ගැන දැනුවත් කලාට. එයින් පස්සේ මම මුලින්ම ලිව්ව ලිපියට මුල්ම ප්‍රතිචාරය ලබාදීපු.. ඒ වගේම අදටත් ප්‍රතිචාර ‍නොදැක්වුවත් බ්ලොග් එකේ හැමදේම ගැන ගොඩක් අවදාණයෙන් ඉන්න හරේෂ් ට බොහොම ස්තූතියි.. ඒ වගේම ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් නොලිව්වත්..තමන්ගේ කාලවේලාවෙන් මොහොතක් වැය කරලා කමෙන්ට් කරපු බ්ලොග් ලියන නොලියන හැමදෙනාටමත්... ‍කමෙන්ට් නොකලත් බ්ලොග් එක කියවන හැමදෙනාටමත්.. චැට් එක හරහා බ්ලොග් එක ගැන දිරිමත් කරන හැම දෙනාටමත්.. ලියන්න කම්මැලි කමේ ඉන්න වෙලාවට මොකද මේ කාලෙකින් ලියලා නැත්තේ ලියපන් ලියපන් කියලා දරිමත් කරන බුරූ අක්කටත්‍‍.. අද මුලින්ම මේ ලිපිය පල කරන්නත් කලින් සුභ පැතුව මරණය යාළුවටත්.. මම කැමතිම ඉංග්‍රිසි ලිපි ලියන්නා වන ඒ වගේම ඒ ලිපි මගේ බ්ලොග් එකේ පල කරන නෑෂ් ටත්.. එකී මෙකී නොකී හැමදෙනාටමත්‍‍... බොහොම ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි.....!!!!!

ප.ලි - අමතක නොකර නොමිලේ මේ සේවය ලබා දෙන බ්ලොග්ස්පොට් අඩවියටත්.. ලියන දේවල් පලකරගන්න අන්තර්ජාල පහසුකම ලබාදෙන මම රැකියාව කරන ආයතනයේ අපේ බොස්ටත් ‍ස්තූතියි කියන්නම එපැයි‍‍... :D

23 comments:

  1. ඕන් මගෙන් ආයිත් සුභ පැතුම්
    මුළු අවුරුද්දම නැතත මාස 10 විතර මාත් මේ බ්ලොග් එක එක්ක ගැවසුනා
    එහනම් දාමු පාටියක්
    මන් ගානේ බොන්න
    චියර්ස්ස්ස්ස්ස්..!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඕං මගෙනුත් සුභ පැතුම් දිගටම ලියන්න. මම ඉතා කැමැත්තෙන් කියවන බ්ලොග් වලින් එකක් තමයි මේක

    ReplyDelete
  4. සුබපැතුම් නංගි. ඒ වගේම නෑෂ්ටත්

    අවුරුද්දකුත් ගිහින් නේද? මේ ළගදි අපි සෙට් වෙච්ච මොහොතක මායි හරේෂුයි සෑහෙන දේවල් කතා කලා අපි බ්ලොග් ලියන්න පටන් ගත්ත මුල් අවදිය සහ ඉන්පස්සේ වෙච්ච විවිධ වෙනස්වීම් ගැන. ඇත්තටම දැන් ඉස්සර ලියද්දි දැනුණු හැගීමට වඩා වෙනස් හැගීමක් දැනෙන්න අරන් බ්ලොග් ලියද්දි.

    මේ බ්ලොග් එක ගැන කියනවනම් ඊලගට ‍මොනවගේ දෙයක් ලියයිද කියල හිතන්න බැරි. ඒකාකාරී නැති සටහන් රැසක එකතුවක්. නෑෂ්ගෙ එකතුවත් ඒකට ගොඩක් දුරට බලපානව.

    ඔබ දෙපළට ජය.ස්තූතියි හැම බ්ලොග් සටහනකටම.

    ReplyDelete
  5. @ම- උඹ හැමදාම ඔන්ලයින් චියර්ස් විතරයි. දවසක දාමුද සැබෑම පාටියක්?

    ReplyDelete
  6. ඔව් ඔව් මේ ලඟදි ආරාධනාවක් ආවේ උඹලාගෙන් , කො මට මතක් උනේ ඉරිදානේ
    අනික් මේ දවස් වලනම් ආර්ථිකේ අවුල් බන්

    ReplyDelete
  7. නියමයි මලී අක්කෙ..
    බොහොම සතුටුයි මඤ්ඤං පාලලා දෙන්නගෙ බ්ලොග් අඩවිය මේ ත‍රම් සාර්ථකව අවුරුද්දක්ම පවත්වන් ආව කියන එකට හෙහෙහෙ.. :P, මම මේකේ ලිපි වලට වැඩිය ප්ර්තිචාර දාලා නැතත් ඔක්කොම වගේ කියවනව ;)
    මගේ සුබ පැතුම් දෙන්නටම..
    ඉස්ස‍රහටත් මේක මේ විදියටම ගෙනියමු, කවදාවත් කියවන්න කම්මැලි නැති පෝස්ට් තියෙන බ්ලොග් එකක්, හෙහෙ පෙළක් වෙලාවට මහ පාන්ද‍ර නිදිමත නැති වෙලාවට මෙන්න මේක අස්සෙ තමයි රිංගන් ඉන්නෙ කියලා කියන්නත් ඔනේලු ;)
    එල එල එහෙනම් ජයවේවා! :D

    ReplyDelete
  8. මමත් ආසාවෙන් කියවන බ්ලොග් එකක්...
    හැමදාමත් ලියන්න මලියෝ...
    අපි ආසාවෙන් බලං ඉන්නවා...

    නෑෂ් ලොක්කාටත් සුභ පැතුවා කියන්න...

    ආ... තව එකක්, මම දැකලා තියෙනවා, සමහරු කට්ටියකගේ බ්ලොග් වලට විතරයි, කමෙන්ට් කරන්නේ.. ඒත් උඹ පිල් වලට බෙදෙන්නේ නැතුව,හැමෝගෙම බ්ලොග් වලට කමෙන්ට් කරනවා...උඹ වගේ අය නිසා තමයි,ඇත්තටම අනිත් උන්ට ලියන්න පෙළඹවීමක් ලැබෙන්නෙත්..
    ඒ තියෙන හොද ගතිගුණයටත් හිස නමලා,ආචාර කරනවා...

    ReplyDelete
  9. ආ... දන්නෙම නැතිව අවුරුද්දකුත් ගිහිල්ලා නෙව. සිංහල බ්ලොග් අවකාශය තනිකරම ටෙක්නිකල් ‍දේවල් වල හිරවෙලා තියෙන කාලයක තමයි මලී වගේ තව අය කිහිපදෙනෙක් බ්ලොග් අවකාශයට එකතු කරගන්න පුලුවන් වුනේ. එතකොට මේ මලී අක්කාගේ බ්ලොග් එකත් අර ට්‍රැක් එකෙන් එළියට පන්නන්න සෘජුව හෝ වක්‍රව දායක වෙච්ච බ්ලොග් එකක්. ඒක බ්ලොග් කියන දේ ගොඩක් අයට ගෙනියන්න බලපාපු දෙයක්.

    එළ එළ! අවුරුද්දක් නෙවෙයි තව අවුරුදු සිය දහස් ගානක්, ලබන ආත්මෙත් බ්ලොග් ලියන්න ලැබෙන සුබ බ්ලොග් වසර සංවත්සරයක් වේවා!

    :D

    ReplyDelete
  10. ආහ් මෙතන පුළුවන් වුනේ කියන අදහසින් ගම්‍ය වෙන්නේ මම විතරක් නෙවෙයි. "අපි හැමෝම" නැත්තං වැරදි විදිහට වටහාගන්න එපා... :)

    ReplyDelete
  11. ammo oyata avuruddak unada appaaaa... passe comment ekak daannnamko... thanks magen benum aha aha blog liyanavata....

    love ya loads maliyo...

    ReplyDelete
  12. ආයුබෝවන්ඩ මලී නෝනා..අනේ අපෙනුත් සුබ පැතුම් බාර ගන්නවද? සදා සතුටෙන් සුවෙන් බ්ලොග් ලියන්න සත්තිය දයිර්යය ලැබෙන්ඩ ඕනෑ..මේ බ්ලොග් එක කියවලා මගේ හක්ක තුනටියෙන් පැනපු අවස්ථා ගොඩක් තියනවා..හැපි කියන්නෙ බොක්කෙන්ම..
    අපේ බජාර් එක පැත්තෙත් ඉංගිරිසි මහත්තයත් එක්ක සැට් වුනොත් නම් සරැවත් පාරකින් හරි ඕනම නම් ගල්බෝතලයකින් හරි සප්පායම් වෙන්න සන්ග්‍රහ කරන්න තිබුනා..

    ආරි..

    ReplyDelete
  13. එතකොට ඇබ්නෝමල් දෙසිතක නොමල් සිතුවිලි කියල තිබ්බෙම නැත්ද ???????????????
    සුබපැතුම් මලී !!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  14. Congrats'
    Keep your abnormal minds as it is. Don't try to be normal.

    ReplyDelete
  15. "ඈබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි" පලමු වෑනි උපන් දිනය සමරන අද දින මලි සොයුරියට හදවතින්ම සුභ පෑතුම් එකතු කරන අතර ඉදිරියටත් දිගු ගමනක් යන්නට ශක්තිය ලෑබේවායි පෑතුම් එක් කරමි.

    ReplyDelete
  16. සුභ පැතුම්! ෆස්ට් බර්ත්ඩේ පාටි එක ගන්න තැන, දවස හෙම දන්වන්න හොඳේ!

    ReplyDelete
  17. හැබෑටම අවුරුදුදක් ගියාද බොල මලියෝ... එල එල... බොලාලා දෙන්නගේම ලුණුයි ඇඹුලුයි වැටුනම ... හප්පේ කියලි වැඩක් නෑ... අයියනායක දෙයියන්ගේ පිහිටයි බොලල්ලට...

    අර එනවා කිව්ව දවසට පාටියක් දාමු. මරනෙගෙන් අහල හොඳ එව්වයෙන් බොතලයක් දෙකක් අහක් කොරලා තියන්නං.

    Nash ලොක්කාවත් මතක් කලැයි කියන්න. දැකලා වත් නෑ ඉතින්. එ වුනාට හිතාගතෑකි. :-)

    ReplyDelete
  18. ම- චියර්ස්ස්.. ම.. හරි හරි දවසක සෙටාර් වෙමු මගේ ගානේ බයිට්.. :p

    තාරක- ස්තූතියි අයියේ.. මමත් හැමදාම ඔයාගේ බ්ලොග් එක කියවනවා.

    බෝමන් - ඔබතුමාට නම් අමුතුවෙන් තෑන්ක්ස් කරන්න දේකූත් නෑ වගේනේ..

    මහේෂ් - ස්තූතියි මල්ලියා... පාන්දරට නින්ද යන්නේ නැති එක නම් ලෙඩක් ඕං...! ‍තෑන්ක්ස් අගේන් හොදේ..

    පිස්සා - මමත් ඔයාගේ බ්ලොග් එක ආසාවෙන් කියවනවා... හැබැයි තාම ඉන්න රට තමා හොයා ගන්න බැරි උනේ. එක අතකින් ඒක දැනගත්තා කියලා මං මොනා කරන්නද. නැවත වතාවක් ස්තූතියි.
    අනිත් අය ගැන නෙවෙයි තමා ගැන හිතලා වැඩ කරමු. අනිත් අය ගැන හොයන්න ගියොත් අපිට වැඩ කරන්න වෙලාවක් නැති වෙයි.

    සුදාරක- මේ ඔයා තමා මාව මේ තත්වෙට පත් කරන්න වගකියන්න ඕනි. ඇත්තටම මම කිව්ව නිසා ඇඩ් කලා මිසක් සින්ඩිකේටර් කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ. ඇඩ් කරාට පස්සෙයි තරු විසික් උනේ ඒක දැකලා. මං හිතුවේ නෑ මගේ බ්ලොග් එක ඒකට ගැලපෙයි කියලා. හැබැයි ‍කොම්පියුටර් අස්සේ මොලේ හිරවෙලා මලකඩ කාලා හිටිය අයගේ මොල ටිකක් කූල් කරන්න මට පුළුවන් උනා කියලා මම හිතනවා. ඒ ගැන දැන් සතුටු වෙනවා.

    අක්කේ....- අෆොයි! පුදනකොටම කාපි යකා කියපි මට නෙවෙයි අනේ.. මගේ බ්ලොග් එකටයි අවුරුද්දක් උනේ..
    ලව් යා ටූ... අක්කාස්...!!!

    ආරී- ආයුබෝවන්. බොහොම ස්තූතියි. මම නම් සුරා සූදුවෙන් තොර.සරුවත් ගැන නම් සලකලා බලතැහැකි. ඒත් එක්කෝ මොකටද කරදර වෙන්නේ.

    චතුරංග - තිබ්බා තිබ්බා....ඒ හෙඩර් එකේ නමනේ. ‍බ්ලොග් ලින්ක එකට එන තැන නමයි ඇබ්නොමල්මයින්ඩ්ස් කලේ. (ඒකට කියන හරි වචනේ දන්නේ නෑ.)
    ස්තූතියි හොදේ..

    ද චින්ක -ස්තූතියි.. වෙයි කියලා හිතන්න අමාරුයි. බලමුකෝ.

    නුවන්ස් ලේන් - බොහොම ස්තූතියි මගේ දෑත් ශක්තිමත් කරනවට ;-)

    නිරෝ - කියන්නම් කියන්නම්. තාම නෑෂ් මට ක්‍රෙඩිට් කාඩ් එක එව්වේ නෑ.. එව්ව ගමන් මම කියන්නම් :D

    කුෂාන් - ගිහිල්ලා නේන්නං බොල අයියේ.අයියනායක දෙයියන්ගේම පිහිටයි ඔබ දෙපොලටත් අර මව් යානා දෙක දැන් හරිද?
    ලබන සතියේ දිහාට අපි ඔයාලෑයි ගම් පලාතේ එනවා. :p

    මං කියන්නං.. මාත් දැකලා නෑ හිටියට.. ඇති නිකං මරු සිරා වගේ වගේ..

    එච් - හා

    ReplyDelete
  19. එනවා... හැබැට... එළ එළ ලිඳ‍ටඑන්න... :D

    ReplyDelete
  20. ෂා මරුනේ ! , මමත් ඔයාගේ බ්ලොග් එක පටන්ගත්තු කාලේ ඉදලම කියවනවා , මගේ මොලේත් ඈබ්නෝමල් වෙලාද මන්දා !!! .

    ඔයාට තවතවත් බ්ලොග් ලීයන්න හෑකියාව ලෑබෙන්නයී කියලා මම සුබ පතනවා ! .( එතකොට ඔයාගේ දරු මුනුපුරන්ටත් ඔයාගේ බ්ලොග් එක කියවලා ආදර්ශයක් ගන්න පුලුවන් නේ ! )

    ප. ලී . එක නොවෙයී , ඔයා අර අයීයත් එක්ක යාලු වෙලා කොච්චර කල්ද ?

    ReplyDelete
  21. auruddak giya ikmana. matanam ada eeye wage.dennatama mage suba pathum. :)

    ReplyDelete
  22. හැමදාම වගේ මම අදත් පරක්කුයි... සුබ ... මමත් ලියන්න ගත්ත දවසෙ ඉඳන් නිතර ගැවසෙන බ්ලොග් ටිකෙන් ඇබ්නෝමල් සටහනත් එකක් තමා... ජය...

    ReplyDelete