Wednesday, August 12, 2009

රස්සා හා මං

ලියන්න තියා හිතන්නවත් අකමැති මාතෘකාවක් උනාට නොහිතා ඉන්න බැරි නිසාමයි නිකං ඉන්න එකේ මොනා හරි ලියන එක හොද නිසයි. ඇතුවත් බැරි නැතුවත් බැරි රස්සාව ගැන ලිව්වා නම් හොදයි වගේ. සාමාන්‍යයෙන් අපි රැකියාවකට යොමුවෙන්නේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ උනාට රස්සා ගැන හිතන්න ගන්නේ ප්‍රාථමික අධ්‍යාපනයටත් කලින් නේ.. ඒ කියන්නේ ගෙදර සෙල්ලම් කලොත් සෙල්ලමට කරන්නෙත් රස්සාවක්මනේ. කථා කරන්න පුළුවන් ‍ඕනම පොඩි එකෙක් ගෙන් බබා ලොකු උනාම කවුද වෙන්න කැමති කියලා.. දොස්තරගෙන් පටන් ගත්තම තාත්තා කෙනෙක් වෙනකම්ම කියන්න උත්තර පොඩි අය ළග තියනවා. ඔය අතර අම්මලා තාත්තලත් දරුවන්ගේ ඔළු ගෙඩි වලට අකුරු උගන්නන්නත් කලින් දාන්නේ ලොකුවෙලා කරන්න ඕනි රස්සාවනේ.
ඔය විදියට හිතාගෙන හිතාගෙන යනකොට මටත් තිබිලා තියනවා ලස්සන රැකියා අතීතයක්. ඇත්තම කියනවා නම් මම කවදාවත් එක අරමුණක් තියාගෙන ඒකට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම හැමදාම ජි‍විතේ සිද්ධ වෙන විදියට ඒ ඒ මොහොතේ ගැලපෙන හොදම උත්ත‍රේ හොයපු කෙනෙක්. ඒක සාර්ථකද නැද්ද කියන එක වෙනම දෙයක් හැබැයි මගේ රැකියා අතීතේ ගැන කල්පනා කරද්දි ඒක එහෙමයි කියලා හොදටම පැහැදිලියි.
ඇත්තටම මට මතක නැති උනත් අපේ අම්මලා එහෙම කියන විදියට තමයි මගේ මුල්ම රැකියා ගැන කියන්න වෙන්නේ.

ඉස්සරම මධුට ඕනි උනේ දොස්තර කෙනෙක් වෙන්න.. ඉතිං ඒක නිසා මම කියන්නේ මම එයාගේ නර්ස් වෙනවා කියලා.. ඕක අහන් ඉන්න අයියා කියනවලු මම ඉස්පිරිතාලේ ඉස්සරහා මිනීපෙට්ටි කඩයක් දානවා කියලා.

එකාලෙන් පස්සේ පොඩි කාලේ මට ඕනි උනා ටිචර් කෙනෙක් වෙන්න. උදේට මොන්ටිසෝරි/ඉස්කොලේ ගිහින් ඇවිත් හවසට පුටු වලටයි මේස වලටයි ළමයි කියලා හිතාගෙන උගන්නනවා. පස්සේ කාලේක ඒක මගේ පාඩම් කරන විදියකුත් උනා.

4 වසරෙදි මට ඕනි උනේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ ‍ප්ලෙන් එකේ යන්න ඕනි නිසා..

5-6දී ආමි එකට යන්නයි.. සී අයි ඩී එකට යන්නයි ඕනි උනා..

ඊට පස්සෙදි මට ලොයර් උණක් ගැහුවා. ඒ මට සැර කටක් තියන නිසා. ඒ කාලේ මට තරමක් දැනුම් තේරුම් තියන වයසක්. ඉතිං ඒ ගැන හීන බලන කොට තේරුණා ඒක වැරදි කාරයන්ව නිදහස් කරන්න වෙන වැඩක් කියලා. අනික ලෝයර් කෙනෙක් වෙන්න කට විතරක් තිබිලා මදිනේ. ඒක හරි ගියේ නෑ. ඉතිං අතඇරලා දැම්මා.

ඉස්කොලේ 9-10-11 හැම පංතියකදිම මට ඕනි උනේ නිවුස් රිපෝටර් කෙනෙක් වෙන්න. ඕක කොහොම හරි අපේ පංසලේ හාමුදුරුවෝ දැනගෙන. දවසක් පංසලට ගියාම කියපි "අනේ අපිටත් ඉස්පිරිතාලේට එන්න වෙයි නේද ගුටිකාලා ඉස්පිරිතාලේ ඉන්නකොට බණ කියන්න." එදා එදාමයි මට ඒ රස්සාවත් එපා උනා.. ඒ උනාට තාමත් ටිකක් ආසයි. හැබැයි ඒ වෙනුවෙන් මොකුත් කරන්නේ නැහැ. හරියටම කාලේ මතක නැතත් මට කාලයක් නිවුස් රීඩර් කෙනෙක් වෙන්න ආසාවකුත් තිබ්බා. කාලයක් ගෙදර අල්මාරියේ කණ්නාඩිය ඉස්සරහා පුටුවක් තියාගෙන පත්තර කියෙව්වා ටී‍වී එකේ නිවුස් කියනවා කියලා හිතාගෙන.

එයින් පස්සේ උසස් පෙළ පටන් ගත්තේ අවංකවම කියනවා නම් කිසිම උවමනාවකින් නෙවෙයි. ඇත්තටම සම්පූර්ණ මගේ වැරැද්ද. මොකද මට කවදාවත් පරමාදර්ශී චරිත තිබ්බේ නෑ.. මගේ යාළුවෝ එයාලගේ අක්කලා අයියලා අනුකරනය කරද්දි මට සිද්ද උනේ මට හිතෙන විදයකට කරන්න. මොකද මගේ ජිවිතේ කවදාවත් උපදෙස් ගන්න අම්මා තාත්තා හැර වෙන කවුරුවත් මට හිටියේ නෑ. ඒ දෙන්නාට උදව් කරන්න පුළුවන් මානයෙන් එහාට මම හොදටම තනි වෙලා හිටියේ. ඉතිං ඒ නිසා මම ගත්ත තීරණ ප්‍රයෝගිකව හරිද වැරදිද කියන්න උනේ ඒ තීරණ අරන් බොහෝ කාලෙකට පස්සේ.

කළා පංති වල හිටිය මට ඒ කාලෙදි එක පාරටම බැංකු උණක් හැදුනා. හැබැයි පුද්ගලික බැංකු. විශේෂයෙන් ‍කමර්ෂල් බැංකු උණ. ඒකට හේතුවක් තිබ්බා.. ඒක වෙනම කථාවක්..ඉහික්!
එයින් පස්සේ උසස්පෙළ කරලා ගෙදර ඉන්නකොට මට ඇදුම් නිර්මාණ ශිල්පිණියක් වෙන්න ඕනි උනා... හැබැයි ඒ වෙනුවෙන් මම මොනා හරි කරන්න පුළුවන් කම තිබෙද්දිත් මොකුත්ම කලේ නෑ...

අන්තිමේ දැන් මේ වෙනකොට මෙතන ඉන්නවා. මේ මාසේ අන්තිම වෙනකොට හරියටම අවු. 3 ක පලපුරුද්දක් මට තියනවා. හැබැයි බොහෝ දුරට ඒක අවු3න් නතර වෙයි. මෙතන තව මොහොතක් වත් ඉන්න දැන් මට කිසි කැමැත්තක් නෑ.. හරි නම් මේ වෙනකොටත් මම මෙතනින් ඉවත් වෙලා තියෙන්න ඕනි උනත් තාම මං මෙතන. හේතුව මගේ අලුත් වෙන්න තියන ඔතෑනි ගතිය වෙන්න ඇති. අනික දැනට බූවල්ලෙක් වගේ මාව වෙලාගෙන ඉන්න ආයතනයත් හේතුවක්. මොකද මං ගියොත් මෙතන වැඩ කරන්න කවුරුවත් නෑ. හරිම අලකලංචියක්!!

හරි බැක් ටු ටොපික්!

ඔය අතර මම සර්වකාලීන ආසා කරපු රස්සාවක් තියනවා. ඒත් දවසක් ඒ ගැන අම්මට කිව්වම අම්මා බැන්නා. මෙච්චර මහන්සි වෙන්නේ එහෙම රස්සාවක් කරන්නද? ඒ තමයි පොතේ කඩේට වැඩ කරන එක! හේතුව වෙන මොකුත් නෙවෙයි පොත් එක්ක ඉන්න ලැබෙන එක. අළුත් පොත් සේරම මුලින්ම කියවන්න පුළුවන් ‍වෙන හින්දා.

ඔය ටිකෙන් මගේ රැකියා ඉතිහාසය අහවර වෙනවා. රැකියා අනාගතය ගැන මේ වෙනකොට කිසිම හැගීමක් නෑ. අනිත් අයට ප්‍රශ්ණයක් උනාට මට රැකියාව කියන්නේ තත්වයක් නෙවෙයි. ඒක ජිවත් වෙන්න කරන අරගලයේ එක් අංගයක් පමණයි. ඒ නිසා පාර අතුගාන රස්සාවෙන් පටන් අරන් කරනවා නම් කරන්න ‍බොහෝ රස්සා තියනවා ගෑණූ කෙනෙකුට (ලොකේ පරණම රස්සාව හැර) ඒත් අපේ සමාජය ඒකට ඉඩ දෙන්නේ නෑ. ලස්සනට ඇදගෙන හොද බෑග් එකක් අරන් මේක් අප් කරලා හියි හීල්ස් දාලා වැඩට යන ගෑණූ කෙනෙක් ගේ ෆැන්ටසියක් ඇතුලේ මිනිස්සුන්ගේ හිත් හිර කරලා. ඒ අතරට රස්සාව ලොකු කරගෙන අපි හෙන ලොක්කෝ.. අනේ අපි දුප්පත්තු කියලා අති මානෙකුයි හීන මානෙකුයිත් හදාගෙන. ඒ අස්සේ හිර වෙලා දුක් විදිනවා. ඒත් ඒ බිත්තර කට්ට ‍කුඩු කරලා බැලුවොත් අපේ පුංචි රටේ උනත් හැමෝටම කරන්න රස්සා හොයා ගන්න පුළුවන්. ඒත් තාමත් අපි හොද රස්සා හොයනවා.. මොනා කරන්නද ලෝකය ගොලා කාරයි මිනිසුන් විෂමාකාරයි කියලා කවුරු හරි ‍‍මගේ සමරු පොතේ ලියලා තිබ්බා.

23 comments:

  1. හැමෝටම ඔහොම එක එක කාල වලදි එක එක රස්සා කරන්න හිතෙන්වා ඇති මං හිතන්නෙ. හික්ස්. ඔය ඔක්කොටොම වඩා හොදයි ජොබ් 1ක් නොකර පුලුවන් නම්. එතකොට නිදහසේ තමන්ට කැමති දෙයක් කරාගන ඉන්න පුලුවන්. ඒත් කන්න බොන්න සල්ලි නැතුව කොහොමද.

    ReplyDelete
  2. සීරාවටම පොඩීකාලේ මට ඔන කම තිබුනේ කෝච්චී ඩ්‍රයීවර් කෙනෙක් වෙන්න, එකත් ආතල් ජොබ් එකනේ. හෑම තෑනම යන්න පුලුවන් . මම හරී ආසයී ඈවීදින්න. එකතෑනකට වෙලා ඉදගන කරන රස්සාවක් කරන්න මම අකමෑතියී.

    කොහොම උනත් මම කවදාහරී කසාද බදීන්නේ නම් , මොන්ටිසෝරී ටීචර් කෙනෙක්වමයී. නීතිචවරීයක්වත් , බෑංකූ සේවික්කාවක් වත් , මොනම හේතුවක් නිසාවත් කසාද බදින්නේ නම් නෑහෑ... , හේතුව දන්නවා ඈතිනේ Hikz !!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හික් හික්.....
    ඔයා ෂෝක් නේ නංගි...
    ම්ම්ම්... පොත් කඩයක් තියෙන මනුස්සයෙක් බැන්දා නම් ඉවරනේ බං.......
    2 in 1....

    ReplyDelete
  5. රස්සාවක් හොයනව නම් හොද ඔත්තුවක් දෙන්නම් කාටවත් කියන්න බැහැ රජෝ

    ReplyDelete
  6. රස්සාවක් හොයනව නම් හොද ඔත්තුවක් දෙන්නම් කාටවත් කියන්න බැහැ රජෝ

    ReplyDelete
  7. රස්සා තියන සයිට් එකක් කියන්නද

    ReplyDelete
  8. මටනම් ෙපාඩිකාෙල් ඉදන් ෙම් දක්වා ඔන උෙන් මහ ඒපා කරපු ඒෙකක් ෙවන්න ෙමාකද. ප්‍රයිෙවට් බස් ෙකාන්දරෙග් ඉදන් ජනාධිපති වරයා දක්වා අහින්සක මිනිස්සුන්ට කරන හරියක් කරන්ෙන් කඩප්පුලි කම්. මට පුලුවන් උෙනාත් හිට්ලර් ෙකෙනක් ෙවන්න. ෙලා්ෙකම ඉන්න නරැමෙයා් අැෙහ ඉදන් පට්ටගහනවා

    ReplyDelete
  9. යන හැටියට අපිට ඕනි රස්සා නෙමෙයිනෙ කරන්න වෙලා තියෙන්නෙ.. අනික් අයට ඕනි රස්සානෙ..

    ReplyDelete
  10. ඇත්ත කතාව. රස්ස ගැන අපි අවුලෙන් ඉද්දි පරදේශවල ඇත්තෝ පොත් කඩේ නෙමේ පාරේ අතුගාන වැඩත් කරනවා, ඒවාට බැංකු නිරධාරියොත් එනවා අතීකාල රැකියාවක් විදිහට.

    අපේ ඔලුවල මානය හා සමාජයේ දැක්ම නිසා එහෙම තත්වයක් නැත්තේ.

    පොත් කඩයක ජොබ් එකක් නම් නියමයි නෙව. මේ ගැන අම්මා එක්ක කතා කරලා බලන්න, ඒත් ආර්ථික තත්වයට ඒක බලපාන නිසා ඇතැම්විට ඒක අමතක කරන්න වෙයි අක්කීයෝ. නරකද ඉතිං පුස්තකාලෙක වැඩ කොරා නම්?

    ReplyDelete
  11. මටත් පොත් කඩේක වැඩකරන රස්සාව ගැන නම් ආසාවක් තිබ්බ ඒත් ගොඩක් පොත් කඩ දවස් 7 ම ඇරලා අනික් ගෙවන්නේ බොහොම පොඩි ගානක් ඉතින් අදහස හිතින් අත් ඇර ගත්තා.

    මේ දවස් වල නම් මට එපාම කරපුදේ තමා මගේ වර්ථමාන රස්සාව. වෙන එකක් ඉක්මනට හොයා නොගත්තොත් නම් මගේ පිස්සු තව වැඩි වෙනව

    ReplyDelete
  12. මම මුලින්ම හිතුවෙ කෝච්චි ඩැයිවර් කෙනෙක් වෙන්න. පස්සෙ හිතුනෙ ඇම්බියූලන්ස් ඩැයිවර් (ඩෝසර් වලටත් ආසයි ) කෙනෙක් වෙන්න.

    (දානෙ දවසක මහණ වෙන්නත් හිතුන හික්ස්)

    ReplyDelete
  13. Lawyer kenek novunu eka loku deyak, penne nedda oyage Blog sagaya!!!
    Mama dekapu heena gena demma EK ekey dawasak, Nangita mathaka ethi, oyane type kaley!!!
    Mey, laukika, bhouthika samajaye, api apey novey, ithin kohomada apita oney rekiya karanne!!!

    ReplyDelete
  14. රස්සා!!! තූ නොදකින්... කතා කරන්න එපා රස්සා ගැන. උඹ දන්නවනේ න‍‍ගේ ඇයි කියලා... ඇතුවත් බෑ නැතුවත් බෑ...

    කොහොමද නිකං කැලයක් මැද්දේ, ඟගක් අයිනේ, ගහක් උඩ ගෙයක් හදා ගෙන, ලැප් ටොප් එකක් තියා ගෙන පි‍ටරටවල් වලින් අවුට්සෝස් කරලා ජොබ් එකක් කරන්න ඇත්තං. පට්ට නේ... ඩේ‍ටා එන්ට්‍රි හරි කමක් නැ. ඒත් කැලේ මැද්දට ඉන්ටර්නෙට් වැඩ කරයිද කියලා ෂුවර් නෑ. ආ...කරන්ට් එක ගන්නත් එපැයි... සතියකට සැරයක් බඩු ගේන්න ටවුමට එන එක තමයි එපා වෙන්නේ... (Hikz දැන්ටම ජොබ් පටන් අ‍රගෙන වගේ...)

    ReplyDelete
  15. Chutaa -එහෙම කරන්න නම් ඉතිං මහණ වෙන්න ඕනි...හික් හික්.. ඒකත් හරියන්නේ නෑ.. කොයි රස්සාව කරනවාටත් වඩා මොකුත් නොකර ඉන්න එක තමා හොදම.

    Priyankara-ඔයාට ඕනිම නම් මගේ වෙන්ඩ නෑනා එහෙම එක්කෙනෙක්. හරියන් නෑ හැබැයි. වයස ප්‍රශ්ණයක්! නැත්තං අපරාදේ මං ගානේ මල්ලිට කසාදෙකුත් කරලා දෙන්ට තිබ්බා :p

    Kathandarakaraya-දාන්න දාන්න.. මම ඉතිං හැමදාම ඒක බලනවා. අමුතුවෙන් ලින්ක් ඕනිත් නෑ.

    Pissa-හික් හික් තෑන්ක්ස්.. ඒ අදහසත් නරකම නෑ. අහලා බලන්න ඕනි බදින්න කලින් රස්සාවට අමතරව පොත් කඩයක් පටන් ගන්නවාද කියලා. එතකොට හරි.

    JANO- එපා බොහොම ස්තූතියි.

    Anny-එපා.

    Wayabawiththi-එපා මං දන්නවා.

    Saradiyel- මටත් හැබැයි ළගදි හිතුනා දේශපාලකයෙක් වෙන්න. අහල පහල ඉන්න උනුත් එක්ක පරම්පරා 7ක්ම ගොඩ යවා ගන්න පුළුවන් ලේසියෙන්ම.

    Aaganthukaya-අන්න ඒකනේ ප්‍රශ්ණේ. :(

    Binku-මට ඕනි ඕනි වෙලාවට රස්සාවට යන්න අපේ තාත්තාට ‍පුස්තකාලයක් තියා පෙට්ටි කඩයක් වත් නැහැ නේ බිංකුවෝ.

    M-රස්සාව නිසා මොලේ අමාරුව හැදෙන එක මැරෙනවටත් වඩා අමාරු දෙයක් නැද්ද.

    Gayan-අනේ සාධු!!!

    Jay-ඇයි මගේ බ්ලොග් සගයට මොකෝ වෙලා තියෙන්නේ????
    ඔව් මට මතයි ලංගමේ ස්කොලේ යන ගමන් බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්න හීන මැව්ව කවිය. ඒකම තමා අපිටත් වෙන්නේ.. කිසි වෙනසක් නැතුව

    Kushan-ඒ වුනාට ඉතිං ඔයා නම් ගොඩ ගියානේ.! නැද්ද?

    ReplyDelete
  16. අයියෝ, ‍මේකටත් ප්‍රතිචාර එකතු කරන්නේ පරක්කු වෙලා. සොරිවෙන්ඩෝනේ අප්පා. මටත් එක එක වැඩ. මෙතන ඉන්න ‍ඔක්කෝම වගේ දැන් රස්සා කරන අය නෙව. ඔන්න මම විතරයිද කොහෙද තවම රස්සාවක් ගැන හිත හිත ඉන්නේ. ඉතින් දැක්කා නෙව මට රස්සාවකට බලපාන දෙයක් විදිහට උසස් පෙළ විෂයක් තෝරගන්න ගිහිල්ලා වෙච්ච හදිය. කො‍හොමහරි පොඩිම කාලේ අපේ මාමා පොලෝසියේ නිසා මටත් හිතුනේ පොලීසියට යන්න. ඒ, පොඩිම බබා උක්කුං කාලේ. ඊට පස්සේ ඉංජිනේරුවෙක් වෙන්න. ඇත්තටම දැන් පේනවා. ඒක හිතට ආපු එකක් නෙවෙයි, කවුරුහරි බලෙන්ම උඩින් ඔළුව උඩට පෙරලපු එකක් වගේ. ඊට පස්සේ ටිකක් වයසින් වැඩිවෙනකොට ඇතිවුන කොම්පියුටර් උනත් එක්ක මම ඒකට පරිගණක කියලා විශේෂණ පදයක් දාගෙන පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ වුනා. ඒත්, මට තේරුනා ටිකක් 10-11-12 පන්ති වලට එද්දී ඒවායේ කිසි ආතල් එකක් මට දැනෙන එකක් නෑ කියලා. ඉතින් මං දැන් යන්න ඉන්නේ වෙනම පැත්තකට. වැඩේ හරිගියොත් නං ගො‍ඩේ ගොඩ. ඒ මොකක්ද කියලා හරිගියපු දවසටම මෙතනටම ඇවිල්ලා කියන්නංකෝ. ඔන්න අමතක වුනොත් මතක් කරන්න අමතක කරන්න එපා හරී! ;)

    ReplyDelete
  17. මලී . . කවුරු කොහොම කිව්වත් . . . අපි අපේ හදවතත් එක්ක එකඟ වෙලා ජීවත් වෙනවානම් තමයි සතුට කියන දේ අපි ලඟ රැඳෙන්නේ . . .

    ඔයා . . . වීක් එන්ඩ් වල වගේ ජර්නලිසම් කෝස් එකක් කරන්න . . . . ඊට පස්සේ ජොබ් එක කරන අතරේ ඒකෙන් සතියකට දවස් දෙකක් හරි දවසක් හරි නිවාඩු ඉල්ලගෙන . . . රේඩියෝ චැනල් එකක හරි TV චැනල් එකක හරි Part time ජොබ් එකක් කරන්න . . .

    තව දවසක් නිවාඩු ඉල්ලගෙන හරි පැය දෙකක් කලින් අවිත් හරි බූක් ශොප් එකක part time ජොබ් එකක් කරන්න . . . .

    ඔයාගෙ ජීවිතේ ඔයාගේ . . .

    ReplyDelete
  18. If I remember correctly, when I was little, I wanted to be an excavator operator ! hauling and controlling heavy metallic stuff.

    Secondly.. I wanted to be an underwater marine biologist !... where the fascination came from a friend of my father who was of same.

    Thirdly - I wanted to be a game keeper with all lions and tigers and bears and etc etc... that came from my Grandfathers inheritance of his ZOO :-)

    Fourthly - I wanted to be a super sonic jet pilot and have the code name "ICE" ( TOP GUN ) bu ha ha ha
    ha !

    Then... hmmm.. I guess I wanted to be a Barge operator in the Niagara falls (maaan.. that was fucking awesome) and a Bungee jumping instructor (after effects of too much Amsterdam) lolz..

    Then one day.. my father said .. "you... I want atleast one son to follow me and be a lawyer"

    so... "yeah dad.. sure"

    and here I am :)

    ReplyDelete
  19. ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. මම නම් හිතන්නෙ ඔයාට සතුටු වෙන්න පුලුවන් රැකියා අතීතයක් තියනවා. දැන් ඉන්න හුගක් අය කරනව වගෙ ඔයා බොරුවට උසස් අධ්‍යාපනය කරන්න කියල තෙරුමක් නැතුව දෙමව්පියන්ගෙ සල්ලි නාස්ති කරල නැහැ. (මම මේ කියන්නෙ සල්ලි දුන්නහම උපාධි දෙන කඩ ගැන.) ඊටත් වැඩිය ගොඩක් කට්ටිය කරනව වගෙ ඔයා අම්මලගෙ දේපල උකස් තියල මෙල්බර්න් ගිහිල්ලත් නැහැ. ඔයා ගැහැනු ළමයෙක් විදිහට තමන්ගෙ දෙපයින් හිටගෙන රස්සාවක් කරල තියනව.. මම ඔයා ගැන අඩම්බර වෙන අතරෙම පිරිමි ළමයෙක් විදිහට තාම එහෙම වෙන්න බැරි උන එක ගැන ලජ්ජා වෙනව

    ReplyDelete
  20. ඈතුවත් බෑ.නෑතුවත් බෑ........

    ReplyDelete
  21. අදහස් දක්වපු හැමෝටම තෑන්ක්ස් හොදේ..!

    ReplyDelete
  22. ම‍ට මේ රස්සාව ඕනිමයි කියලා රස්සා හෙව්වොත් නම් අර ස්ටේෂන් එක ඉස්සරහ ඉන්න කට්ටිය වගේ තමයි ඉන්න වෙන්නේ... හිහ් හිහ්...

    තමුසේ ඔහොම ඉන්නවා ඕයි... ඊට වඩා හොඳයි...

    ReplyDelete