Thursday, February 12, 2009

follow NO one LEARN from EVERYONE

හම්මේ.. ලාවට නිදිත් මතයි.. කම්මැලිකමත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් තියනවා.. ලියන්නත් බෑ.. නොලියත් බෑ.. ඒත් පහුගිය සති අන්තේ දවස් තුනේ නිවාඩුවක් තිබිලත් බ්ලොග් එක ලිව්වේ නෑ කියලා එක අක්කෙකුට කේන්තිත් ගියානේ..:p මේ සතියම නොලියා හිටියොත් මැඩම් මට මොන බා‍සාවෙන් බනීද දන්නේ නෑ.. ඉතිං ඔන්න එයාව තරහා නොගස්සා මං වල්පල් ටිකක් ලියනවා.. බහුබූත තමා ඉතිං...

සති අන්තේ ගැන බ්ලොග් එකේ ලියන්න බෑ.. බ්ලොග් එක මගේ උනාට මේක එක එක අය කියවනවනේ. ඉතිං ඩස්ට් පෑන් වලට අතින් වැලි දාපු කථා... පරිගණකයක් අහලකවත් නැති ‍තැනකදි යාළුවන්ට ලොග් අවුට් වෙන්න කිව්ව කථා මේකේ ලියන එක සමහර අයගේ චරිතයට මඩ ගැහිලි ව‍ගේ උනොත් ඉතිං හරි නැහැ නේ.. ඒක නිසා ඔන්න සති අන්තේ මොකුත් උනේ නෑලු හොදේ....

ඇත්තම කියනවා නම් ‍බ්ලොග් ලියවෙන්නේ නැත්තේ වෙන මොකුත් හින්දා නෙවෙයි. මට බ්ලොග් ලියනවට අමතරව මේ දවස් වල වැඩ හෝ ගාලා තියනවා.. උපන් දිනේට තෑගි දුන්න.. බලන්න ‍එනකොට අරන් ආපු, කියවලා ආපහු දෙන්න දුන්නු, ඒ විදියට මේ විදියට ලැබුනු පොත් හත අටක්ම කියනවා කියවලා ඉවර කරන්න. තව ෆිල්ම් පහලොවක් විතර කම්පියුටරේ ඇතුලේ පිරිලා ඉන්නවා. ඒ ටික බලලා ඉවර කරන්නත් ඕනි. ඉතිං මේ දවස් වල මම ඒ වැඩ තමයි වැඩියෙන්‍ම කරන්නේ..‍

මේ දවස් වල කියෙව්ව පොත් වලින් මට ආසම හිතුනු පොත් දෙකක් තමයි සොෆී ‍ගේ ලෝකය හා සරුංගල් ලුහුබදින්නා.. යුස්ටයින් ගෝඩර් ගේ සොෆී ගේ ලෝකය පොත දර්ශණය පිළිබදව මම කියවපු අපූරුතම පොතක්.. සියවස් ගණනාවක් පුරා දිවෙන දර්ශණය ඉතිහාසය ඒ තරම් මනබදින ආකාරයට ඉදිරිපත් කරලා තිබීම නම් අපූරුයි.. පොත කියවද්දි මට හිතුන එකම දේ තමයි ඒලෙවල් කරන කාලේ මේ පොත ‍කියෙව්වා නම් කමණී ටීචර් ට ඇඩෙන්න උත්තර ටික ලියලා දෙන්න තිබ්බා නේද කියන එක.. කොහොම උනත් සො‍ෆී හා හිල්ඩා ‍පරිච්ඡේදෙන් ඡේදයට ජීවමාන වෙමින් හා පොතක එක් චරිතයක් බවට පත්වෙමින් නැවත අස්ථීර වෙමින් සමස්ථ කෘතියම අපූරූ රචනයක් බවට පත් කරලා තියනවා කියලා කියන්නම ඕනි..

එයින් පස්සේ කියෙව්වේ...කාලිඩ් හොසෙයිනි ගේ සරුංගල් ලුහුබදින්නා..මං දන්නේ නෑ මං හිතන්නේ මම ඒ ආකාරයේ පොතක් කියෙව්ව පළවෙනි අවස්ථාවද මන්දා.. ඇෆ්ගන් ජාතිකයෙකු - ඔහුගේ ළමා කාලය හා ඔහු‍ගේ ජිවිතය සමග සේවකයකුගේ චරිතය බැදී තිබෙන ආකාරය ඔස්සේ දිග ඇරෙන කථාවේ පිටුවෙන් පිටුව සිතට මහා අමුතු හැගීමක් ඇති කරනවා කියලා මට හිතුනා.. හේතුව පොත අවසන් වෙන තුරුම හිත පුරා මහා ශෝකී වැලපෙන සිතුවිල්ලක් නිර්මාණය කරන්න තරම් එහි කතුවරයා දක්ෂ වෙලා තිබුනා.. සමහර වෙලාවට නොසිතා නොදැනී අපි අතින් වුවත් කෙනෙකුගේ හිත ‍කොයි තරම් රිදෙන අවස්ථා තියෙන්න පුළුවනිද කියලා මට හිතුනා..කොහොම හරි පොත කියවලා ඉවර උනාමයි අපේ මිස්ටර් සතුට මට කිව්වේ මගේ ළග ඒකේ චිත්‍රපටය තියෙන්න ඕනි කියලා (The Kite Runner).. හොයලා බැළුවම ඇත්තටම තිබ්බා.. ඉතිං ඒක හුස්මටම වගේ ඒකත් බැලුවා.. හැබැයි ඉතිං පොත තරම් සංවේදී රූප රාමු මවන්න චිත්‍රපට අධ්‍යක්ෂක සමත් වෙලා නෑ කියලා මට හිතුනා..!

දැන් නම් ලිව්ව ඇති වගේ..දැන් මම කල්පනා කරමින් හිටියේ මේකට දාන මාතෘකාව මොකක්ද කියලයි..ලියලා තියන දේට අදාල දෙයක් නම් නෑ.. ඒත් මේ දවස් වල මගේ හිතේ නිතරම රැදිලා තියන පාඨයක් තියනවා.. කොහොමත් කාලෙන් කාලෙට මගේ හිතේ ඒ වගේ ‍පාඨ රැදිලා තියනවා.. ඉස්කෝල යන දවස් වල ඉදන් මේ මෑතක් වෙනකම්ම හා දැනුත් නිතරම මතක් වෙන දෙයක් තමයි "You can reach to the stars..Just believe in yourself" ඒ වගේම එකක් තමයි මගේ බ්ලොග් එකේ මුලින්ම තියන පාඨය.. දැන් අළුත්ම එක තමයි "Follow no one.. Learn from everyone" අහම්බෙන් කියවපු මේල් එකක අග හරියේ තිබිලා තමයි ‍ඒ වචන ටික හොයා ගත්තේ ඒත් මම ඒකට හරිම කැමතියි..කොයි තරම් නිවැරදිද ඒක..අපි හැමෝම විශ්වාස කරන පිළිපදින ආගමික නායකයන් ගෙන් පටන් ගත්තම.. මේ ලොකේ බොහෝ දීප්තිමත් චරිත ඒ තැනට ඇවිත් තියෙන්නේ තමන්ගේ සිත තුලින් ස්වාධීනව සොයාගත් දේවල් නිසයි..එහෙම නැතුව අනිත් අයගේ දේවල් කොපි කරන කොපි කැට්ලට වැඩි ආයුෂ නෑ...දැන් කාලේ කොයි අත බැලූවත් එහෙම අය තමයිනේ වැඩි.. කරන්න දෙයක් නෑ.. වෙන්නේ එහෙමයි කියලා හිත හදාගන්නවා ඇරෙන්න..ඒත් එක දෙයක් මතක තියාගන්න ඕනි..කොපි කරන කෙනෙක්ගෙන් උනත් අපිට ඉගන ගන්න දෙයක් තියේවී..පුද්ගලිකව මම මට මුණගැහෙන බොහෝ දෙනාගෙන් බොහෝ දේවල් ඉගන ගන්නවා.. ඒවා මට ගැල‍පෙන විදියට හදාගෙන මගේ ජිවිතයට එකතු කරගන්න මම බොහෝ විට උත්සහ කරනවා.. ඒකයි මම වෙනස් වෙන්නේ මොහොතින් මොහොත.. මොකද මම හැමවිටම මට ගැලපෙන හොදම විදිය තෝරගන්න වෙනස් වෙනවා..සමහර විට අනිත් අය බලන කෝ‍ණෙන් මම වැරදි වෙන්න පුළුවන්..නමුත් මාතුල මා නිවැරදි නම් අනිත් අය කුමන ආකාරයේ සරණ මංගල්‍යක් කරගත්තද මට කමක් නැත...!
දැනට කීමට ඇත්තේ

follow no one Learn from everyone kiya pamanaya...!

11 comments:

  1. අනේ පොත් ගැන කියවද්දි නම් ඉන්න බෑ, ඒත් පොතක් කියවන්න ඉස්පාසුවකුත් නෑ. ඔයා කියන කතාවට සම්පූර්ණයෙන් එකඟයි නගෝ, අපි හැම තැනින්ම හැම දේකින්ම ඉගෙන ගන්න ඕනා, ඒත් කිසිම දෙයක් අන්ධ භක්තියකින් පිළිපදින්න නරකයි.ඒවගේම වෙන කෙනෙකුගේ අතේ නැටවෙන රූකඩ වෙන එකත් ඒවගේම හානි දායක දෙයක්. ඉතින් ඔයා ලියලා තිබ්බ follow no one learn from everyone,කියන එක මගේ හිතටත් හොඳට කාවැදුනා. "මා තුල මා නිවැරදි නම්..." 100% එකඟයි! නියමයි. හොඳ ලියවිල්ලක් !

    ReplyDelete
  2. kite runner kiyana potha mama bota kiyala ara oyala giya poth pradarshanen genna gannam kiyana kittuwema thama mama mehey awe...mama potha kiyawanne nathuwa film eken mara trill ekak labuwa..oyala kiyana widiyata potha kiyewwoth kohoma kick weida kiyala hitha ganna puluwan...mona karannada thawa kal yawi a kick ekata...kastiya set unalu ney...athal ekeata thiyenna athi...mata eth wali katha kiyaddi ape palamu seta weema mathak una...adey e set wela dan masa 6k 7k wennath enawane...kaley kochchara ikmanata yanwada maliyo...

    ReplyDelete
  3. "සමහර වෙලාවට නොසිතා නොදැනී අපි අතින් වුවත් කෙනෙකුගේ හිත ‍කොයි තරම් රිදෙන අවස්ථා තියෙන්න පුළුවනිද කියලා මට හිතුනා.."

    - ඔවු එක ඇත්ත.ඒක එක එක පුද්ගලයන්ගේ දරාගැනිමේ හැකියාව අනුව වෙනස් වෙනවා.සමහරුන්ට පොඩි දෙයක් කිවත් අප්සට් යනවා.සමහරුන්ට එහෙම නැ.අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ ඒ අයට ගැලපෙන විදියට හැසිරෙන්න ඔනේ.මම දන්න විදියට මම කිව පලවෙනි ගණයට අයිති අය සාමානයෙන් අනිත් අයගේ හිත රිදෙන විදියට කතා කරන්නේ නැ.

    "ඒවා මට ගැල‍පෙන විදියට හදාගෙන මගේ ජිවිතයට එකතු කරගන්න මම බොහෝ විට උත්සහ කරනවා.."
    - ඔබ හරි.ඔක තමයි අපි කරන්න ඔනි දේ.එක තවත් විදියකට කියනවානම් අනුකරණය නොකර, අවශේෂනය කරන්න ඔනේ.අනුකරනය කලොත් එයින් අපේ අනනයතාවය නිරුපණය වෙන්නේ නැ.හැබැයි යමක් අපිට ගැලපෙන ලෙස අවශේෂනය කලොත් එයින් අපේ අනනයතාවය නිරුපණය වෙනවා.

    ReplyDelete
  4. අපරාදෙ හොද සති අන්තයක් ගතකරල පාටයි. කොහෙද අපි එක්ක ඒ විස්තර බෙදාගත්තෙ නැහැනෙ :(

    සොෆීගේ ලෝකය ගැන නම් ඉතින් කියල වැඩක් නැහැ.විශ්ව විද්‍යාලයක් වගේ පොතක්. ආපහු සැරයක් ඒක කියවන්න හිතන් ඉන්නවා මම.

    සරුංගල් ලුහු බදින්නා පොත තරම් නම් චිත්‍රපටය දැනුනේ නැහැ මට. මොකද සමහර අත්‍යාවශ්‍යම කියලා හිතෙන සිදුවීම් ච්ත්‍රපටයේ ඇතුලත් වෙලා තිබුනෙ නැහැ(මට හිතුන විදිහට).

    මට නම් ඉතින් එදා ඉදන් තිබුණෙ කට් ඇන්ඩ් පේස්ට් තියරි එකක්. අදටත් එහෙමයි. සමහර කාලවලදී පිලි අරගෙන හිටපු සමහර මතවාද ගැන අද හිතද්දි සමහර වෙලාවට පොඩි ලැජ්ජාවක් වගේ එකක් ඇතිවෙනවා. ඒත් ඉතින් සතුටුයි වැරැද්දක් තේරුම් අරන් ඉදිරියට(?) යන්න ලැබීම ගැන.

    ReplyDelete
  5. සොෆී ‍ගේ ලෝකය අරගෙන නම් ගොඩක් කල් තාම කියෙවුවේ නැහැ. වහාම කියවලා බලන්න ඕනේ

    ReplyDelete
  6. අපෝ.. මට films 40කටත් වැඩිය තියෙනව බලන්න. කවද ඉව‍ර ක‍රන්නද මන්දා... :(

    ReplyDelete
  7. හරෙගේ කමෙන්ට් එක දැකල තව චුට්ටිත්තක් එකතු කරන්න හිතුනා. අපිට ඇත්ත කියන එක දැනගන්න ඇත්තටම උවමනාවක් තියනවද කියලත් සැකයි මටනම්. මොකද අපි අපිව අන් අයට හුවා දක්වන්නේ අපේ නොයෙකුත් ප්‍රකාශන මතවාද හැසිරීම් මගිනුයි. ඉතින් එතනදී අපේ පැවැත්ම උදෙසායි අපි සත්‍යයට නිර්වචන දෙන්නෙ.දැනුවත්ව හෝ නොදැනුවත්ව.
    එතනදී මම කියන පුද්ගලයාට යම් බලපෑමක් වන අවස්ථාවකදී සත්‍යය සමහර විට අපෙන් තරමක් ඈතට යන්න ඉඩ තියනව. හරියට අපි අපිවම රවට්ට ගැනීමක් බලන් ගියාම.

    අයියෝ අපි රැවටිලාද :'(

    ReplyDelete
  8. මම නම් “ Keep moving forward “

    හප්පා කතන්දර පොතක් කියවපු කාලයක් මතක නෑහෑ...
    අපිට හෑමොගෙම ජිවිත වලින් ලබාගන්න්ට පුලුවන් පාඩම් තියනවා, එ වලින් හොද දේ විතරක් අපේ ජිවිත වලට එකතු කරගත්තනම් හරි

    ReplyDelete
  9. හරි හරියට සෙට්වෙලා පොතක් කියවපු කාලයක්වත් මතක නෑ... ඔක්කොම එහෙන් මෙහෙන් තමයි... ඔයාලා පොත් ගැන කියද්දි ආපහු එක දිගට කියවිල්ල පටන් ගන්නයි හිතෙන්නේ... ඒත් කොහෙද මේ රාජකාරිය කරකාරේ බැඳගත්තම කිසිදෙයක් කරන්න නිදහසක් නෑනේ...

    ReplyDelete
  10. පමා වුනාට කමා වන්න...

    බෝ - අමුතුවෙන් එකතු කරන්න දෙයක් නෑ.. වචනයේ සම්පුර්ණ අර්ථයෙන්ම ස්තූතියි අක්කේ...

    හ‍මා - මොකද කියන්නේ පොත එවන්නද ඔහෙට? පොත මගේ නෙවෙයි.. බට් ඉතිං අපේ වගේ තමයි බෝ ගෙනේ... යා යා.. අයියේ සෙට් වුනා තමයි.. ඔයාලව නො‍සෑහෙන්න මතක් කලා/වුනා.. ඔයා මේ අවුරුද්දේ මව්බිම බලා එන බව සැලයි. එහෙම උනොත් චොකෝ ගන්න මම එන්නම්කෝ.. :p කාලය ගැන කථා එපෝ...


    කැඩපත - අදහස් වලට බොහෝම ස්තූතියි අයියේ...!

    බෝමයා - අපෝ.. එවා කියන්න බෑ.. දන්නෝ දනිති පමණයි..
    ඇත්ත ඇත්ත පොතේ හැම සංවේදී සිද්ධියකටම හොද අවධානයක් දීලා තිබුනට චිත්‍රපටයේ ඒ කිසිම දෙයක් ගැන පොඩි සදහනක් වත් නෑ.. ඒක ලොකු අඩුවක්
    හරි හරි ඉදිරියට යැවෙන්නේ නෑ වගේ නම් සතුටු වෙන්න අඩුම ගානේ ආ පස්සට නොයන එක ගැන..!

    ම - කියවන්න කියවන්න...!

    හ- මොනාද අප්පා මේ...???? ආ මෙන්න ‍විස්කෝතු...

    4ර - නාකි වුනාම බලන්න ....

    බෝමයා- යා යා..ඒක ඇත්ත... බොහෝ විට අපි අනිත් අය ඉදිරියට යන්නේ සන්නාහ සන්නද්ද වෙලා නේද? කිසිදු පිට ආවරණයක් නැති අපි?? ‍කොයි වගේද????

    ප්‍රියා - පොත් කියවන්න කලින් මතක් කරනවා බලන්න බ්ලොග් එකක් වත් ලිව්වද කියලා...!ග්ර්ර්ර්ර්ර්

    කුඇව - හයියෝ... දුක තමයි..රාජකාරි අතරතුර කියවන්න බැරිද?

    ReplyDelete
  11. අනේ යාළුවනේ කාට හරි පුළුවන්කමක් තියෙනවා නම්, සරුංගල් ලුහුබඳින්නා පොත (චූලානන්ද සමරනායකගෙ පරිවර්තනය) scan කරලා web එකට upload කරන්න. මම ඒ පොත හැම තැනම හෙව්වා, ඒත් ගන්න තැනක් නෑ.විදර්ශන එකෙත් නෑ. ගංගා නිරෝෂිණී පරිවර්තනය කරපු එක නම් ගන්න පුළුවන්...ඒත් මම කැමති චූලානන්ද සමරනායකගෙ පරිවර්තනයට. ඒක හුඟක් හිතට දැනෙන විදියට ලියවිලා තියෙනවා. අනේ පුළුවන් කෙනෙක් මට ඒ පොතේ copy එකක් මොන විදියට හරි දෙන්න කැමති නම් මට e mail එකක් එවන්න,මට පුළුවන් පොත scan කරගෙන හරි photocopy කරගෙන හරි ආපහු දෙන්න.Please, ඔයාලා කාට හරි පුළුවන් නම් මේ උදව්ව කරන්න.මේ මගෙ ඊ මේල් එක : amaanushka@gmail.com

    ReplyDelete