
මා වටා ඇති හැම දේම
කැරකෙද්දි වේගයෙන්
භ්‍රමනය වෙන පෘථිවිය
එක්ක හැල්මේ දුවයි
කට්ටියම..
හිස මත ඇති වැඩ කන්ද
පැත්තක තියා මොහොතකට
නිදහසේ පාවෙන්න
නිම්නයක් හෙව්වාම
විශ්වයම කර මත
පැටවෙන එක හරිද..
මොහොතින් මොහොත
වෙනස් වෙන දේ එක්ක
තොන්තුවාවෙන් ඉන්න
මිනිස් රූ දුටුවාම
සෙවනැල්ලට මුවා වී
හොරෙන් විත් කොනිත්තා
රිදවා යන්නට පව් නැද්ද..
කඩතුරාවෙන් වැසුනු
ස්ත්‍රියක් දුටුවාම
විසකුරු නිය වලින්
සැත් පිහි වලින් දැලි පිහිතුඩු වලින්
දමාගසා කීතූකර
සොයන්නේ මොනවාද
ලබ් ඩබ් ලයද මාංශල ලැම ද..?
අදුරේ සැගවෙන්න
අර අදින ආත්මයෝ
ගිණි තියන්නට එපා
දැල්වෙන ගිණි රස්නෙට වඩා
අමාරුයි දකින්නට
ගිණි දළු වල එළිය..
මලී
02/02/2009
සමහර වෙලාවට වර්ථමානයට වඩා අතීතය රිදෙනවා.. හේතුව වරින් වර ඇවිත් අතීතය හොල්මන් කරන එක නවත්තන්න අපි කාටවත් බැරි හින්දා..
http://sirasablog.blogspot.com/
ReplyDeleteකව්ද මේ මෝඩ වෑඩ කරන්නේ …
ReplyDeleteමෙච්චර කාලේකට spam නොකරපු සිංහල බ්ලොග් spam අඩවිත් කරන්න පටන් අරන්...
අතිතය අමිහිරි නම් තමයි ඒ අතිතය අපිට රිදවන්නේ.සමහරක් අමිහිරි දේවල් සිද්දවෙන්නේ අපේ පාලනයකින් තොරවයි. එවා නවත්වන්න අපිට බැ.ඒත් වර්තමානයේ සිදුවිය හැකි අම්හිරි දේවල් අපිට පාලනය කරගන්න පුලුවන්නම්, එක අපි පාලනය කරගත්තොත් අනාගතයේදි උදාවන අතිතය අපිට සතුටක් ගෙනදේවි.
ReplyDeleteඅපි අතීතයට දියවෙනව...
ReplyDeleteනිසදැසට සම්බන්ධයක් නැති උනත් මේක කියවද්දි එකපාරටම මතක් උන සින්දුවක් මෙතන දානවා. අහල බලන්න.
http://www.youtube.com/watch?v=DR91Rj1ZN1M
ඕකට කරන්න තියෙන්නේ වර්තතමානය තුල ජීවත් වීම. අතීතයේ සෙවනැලි අනාගතයට හා වර්තමානයට වැටෙත්දෙන් අතීතය නැවත නේන බව විතරක් හිතේ තියා ගන්.
ReplyDeleteටිකක් බර වැඩිද මන්දා.
එහෙම වෙන්නත් පුළුවන්. අද ගෙදර ආපු යාළුවෙක් එයාගෙ facebook එකේ සැරිසරද්දි ඒකෙ හිටපු සමකාලීන මිතුරන් මට අතීතය අරන් ආවා. සමහර මතක හෙනම අවුල්. නමුත් මගේ ක්රමය අතීතයෙන් ගන්න පුළුවන් දේ අරන් අතීතය අමතක කරන එක හින්දා අතීතය මට නම් ප්රශ්ණයක් නෙවෙයි.
ReplyDeleteඅතීතය මතක් වෙන වෙලාවට මම නම් කරන්නෙ හොද වර්තමානයක් තියෙනවා කියන සිතුවිල්ල ඔලුවට ගන්න එක තමා. අතීතය නිසා අපේ වර්තමානය පරාජිත හැගීම වලින් පිරවෙන්න ඉඩ දෙන්න හොද නැ කවදාවත්.. :)
ReplyDeleteඅතීතයේ වේදනාව විතරක් මෙනෙහි කරන්නේ මන්ද?
ReplyDeleteඔබටම නොදැනීම ඔබේ අතීතයේ සොඳුරු තැන් යටපත් වෙලා ඇති. ඒ දේවල් සොයා ගත් කල්හි ඔබ මේ ගත කරන වර්තමානයට වඩා අතීතය කොයි තරම් සුන්දර දැයි ඔබට සිතේවි.
හැබෑව... ඉහත කාරණාව අනුමත කරමි...
ReplyDeleteඅනිවා... අතීතය සුන්දර වුනත් අසුන්දර වුනත් ඒ මතකය අපි ලඟ හැමදාම තියෙනවනෙ... එ මතකය අසුන්දර වුනත් එක්තරා සුන්දරත්වයක් තියෙනවා... නැද්ද...?
ReplyDeleteදැන් කවුද ඔය අතීතේ ඉඳලා ඇවිත් හොල්මන් කරන්නේ????
ReplyDeleteඔයාට මොනවා හරි කිව්වොත් මට කියන්න නංගී දන්නවනේ මගේ හැටි බුහා හා හා!!! ඔයා බය වෙන්න එපා ..
සිරස - බ්ලොග් කියවනයේ තමන්ගේ බ්ලොග් එක නැති බ්ලොග් ලියන අය ඉන්නවා..ඒත් එයාලා මේ වැඩේ කරනවා මම කලින් දැකලා නෑ.
ReplyDeleteප්‍රියා - සිරසේ වැඩක්
කැඩපත- ඔව් ඔව් ඒක සැබැයි..ස්තූතියි
බෝ- හ්ම්ම්..සමහර වෙලාවට..ස්තූතියි සිංදුවට..
දසුන්- හ්ම් අතීතය එන්නේ නෑ.. එත් අතීතයේ මිනිස්සු එනවා.. වර්තමානයට..සමහර වෙලාවට ඒක දුකක්.
හ!- එහෙමද? හොදයි
ගවේෂණ - හ්ම් ඇත්ත තමයි
ෆා ද - මම අතීතයේ දුක සිහි නෙකරමි. නමුත් අතීතයේ අය මට අවැසි නැති වෙලාවට වර්තමාණයට පැමිණ මට කරදර කරයි.. අවුල එතනයි..
ප.ලී. සමහර විට සතුට ලිවීමට වඩා වේදනාව ලියන එක ලස්සනය..!
කුෂාන්-එහෙම නොකර බැහැ නේ.. හිකිස්
ආගන්තුකයා - නැතුව නැතුව
කාංචි - අනිවා..ඔයාට තමයි කියන්නේ.. ඔයානේ මාව බේරගන්න ඉන්නේ තව නැත්තන්..
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.
ReplyDeleteඅක්කගේ ප්‍රශ්නේත් මට තිත්තටම තියෙනවා. ඉතින් දිගු කාලය නිහැඬියාවකින් පස්සේ නේද? අතිතයත් වර්තමනයත් එකට මට වද දෙනකොට මගේ ශක්තිය එක තැනක යෙදෙව්වා, එක වැරදි දැන් මම තාම ජිවතුන් අතර, ඒත් පෙරට වඩා ශක්තියකින්, දැකිමෙන්. මට ඔනේ මේක දිගටම තියා ගන්න. ලඟදිම මම ආයිත් ලියන්න ගන්නවා අක්කේ, මේ දවස් වල මම ඉන්නේ ගෙදර නෙමේනේ, එ වගේම ලියන්න හම්බ වෙන්නෙත් නැත් තරම්. පුලුවන් නම් අක්කේ මෙ ලිපියට අවිත් අපි යාලුවො වෙමු, මාව එකතු කරලා මට ලිපියක් එවන්න හොඳේ?
http://tinylink.com/?DsSKF1UP5K
I was very like to play the Rohan online game, in my mind I can gave up all things but I can not gave up the rohan crone, it gave me the courage and the confidence, in the game I was very like to earn the rohan gold, but I also need to buy rohan crone, but the same time I know a website sell the cheap rohan crone, so if you want to buy, I suggest you come here.
ReplyDelete