Monday, January 26, 2009

2009-1987= 4





හරී... ඔන්න කොහොම කොහොම හරි 1987 අවුරුද්දේ ඉපදිලා හා හා පුරා කියලා මට අවුරුදු හතර ලැබුවා.. දැන් ඉතිං කෑ ගහන්න එපා 1987 ඉදන් 2009 වෙනකොට වෙනකනුත් අවුරුදු 4 ද පහුවුනේ කියලා.. මට කියන්න තියෙන්නේ ඔව් කියලා තමයි ඉතිං... ඒක වෙන්නේ මෙහෙමායි.... 2009- 1987 = (22) = 2+2 = 4 :D ගණිතක්‍රම යකාට ගියාදෙන් මට අවුරුදු හතරයි.. ඉහික්..!

දැන් ඉතිං හිත යටින් බනින්න එපා මේකිට මෝල් කියලා.. ඇත්තටම ටිකක් මොන්ගල් උනාට මට එහෙමට පිස්සුවක් නෑ වැඩිය... ඇත්තම කථාව මේකයි... මට කොච්චර වයසට ගියත් කමක් නෑ.. කොණ්ඩේ සුදු වෙලා හම රැලි වැටිලා දත් හැලිලා ගියත් කමක් නෑ
(එහෙම වෙනකං ජිවත් නොවෙන එක වෙනම කථාවක්) අහන අයට දැන් මට අවුරුදු 30,40,50 කියන එකත් ප්‍රශ්ණයක් නෑ.. ඒත් මම අකමැති එක දෙයක් තියනවා.. ඒ තමයි වැඩිහිටි ලෝකයේ ලොක්කෙක් වෙන එක.. එහෙමත් නැත්තම් මේ අපි ගැටෙන සමාජේ වැඩිහිටියෝ වෙන එක..

එහෙම අකමැති වෙන හේතු ගොඩක් තියනවා.. මුලිකම හේතුව තමයි මම මේ සමාජෙට කැමති නෑ.. මිනිස්සු ජිවත් වෙන විදියට කැමති නෑ... මිනිස්සු හිතන විදියට කැමති නෑ.. මම දන්න ළමා ලොකේ මේ ලොකු මිනිස්සුන්ගේ ලොකෙට වඩා නිදහස්, සරළයි,ලස්සනයි.. මම ‍ඒ ලොකෙට කැමතියි.. ‍මේ මැතක් වෙනකම්ම බොහෝ දේවල් වලදි මාව ගණන් ගැනුනේ ළ‍මයෙක් විදියට ඉතිං මට මුහුණ දෙන්න වුනු ප්‍රශ්ණ සීමිතයි.. නමුත් දැන් දැන් ඒ තත්වේ වෙනස් වෙනවා.. සමාජය මාව කොටුවකට හිර කරන්න හදනවා.. ඔයා දැන් පොඩි එකෙක් නෙවෙයි ඔය ව‍ගේ වැඩ කරන්න එපා.. ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න.. ඔයා ඔවට පුරුදු වෙන්න ඕනි.. ඔය වගේ බක පණ්ඩිත කථා වලට මම කැමති නෑ.. මම ආසයි ලොකු කෙනෙක් විදියට හිතලා පොඩි එකෙක් විදියට ජීවත් වෙන්න.. ඒත් මගේ හිත අනිත් අයට පෙන්නේ නැහැනේ.. ඉතිං කරන වැඩ වලින් මම අනිත් අයට වඩා වෙනස් වුනු ගමන් හිතන්නේ මට මොකුත් බෑ.. මේ සමාජේ මං පරාදයි කියලා.. මහ වදයක්!දැන් කාලේ හය හතර තේරෙන්න කලින් ඉදන්ම පොඩි එව්වෝ පවා හිතන්නේ ලොකු මිනිස්සු වගේ.. ඉතිං මහ එව්වෝ ගැන කවර කථාද...

පුංචි ලමයිට ආගමක් ගැන හැගීමක් නෑ.. ජාතියක් ගැන හැගීමක් නෑ..සංස්කෘති.. සදාචාර..හරි වැරදි.. අපරාධකාරයෝ.. වංචනිකයෝ.. ස්ත්‍රී දුෂකයෝ...ගණිකාවෝ.. අරුන් ‍මුන් මොකුත් නෑ.. තමන් එක්ක සෙල්ලම් කරනවා නම් යාළුවා.. නැත්තං ගානක් නෑ අනිත් අය සේරම අනේ මන්දා කට්ටිය.. ඒ අය හිටියත් එකයි නැතත් එකයි.. හරි සරළයි..දැන් ඉතිං මොනවා ලිව්වත්..මොනවා කිව්වත් ලේන්සු පෙගෙනකම් ඇඩුවත් තේරුමක් නෑ... හෙට ඉදං අවුරුද්දක් ගෙවෙනකම් අවුරුදු 22 කෙල්ලක් විදියට හිතන්නවා වැඩ කරනවා කියලා අඩුම තරමේ අනිත් අයට පේන්නවත් ඉන්න වෙනවා.. අලේ ඉතිං මොලා කලල්ලද? ඕම තමා ජීවිතේ... හික් හික් තමා අන්තිමට....

අහ් ඉවර කරන්න කලින්.. එළකිරි එකේ.. අවකාශේ.. ෆේස් බුක්.. යාහූ.. ජීටෝක් ඒවා මේවා සේරම හරහා මට ‍සුභ පතපු හැම දෙනාටම තැන්ක්යූ වෙරි මච්.....!


55 comments:

  1. හප්පේ.... මරු ගණිත ක්‍රමය.... යුක්ලිඩ් ගෙද මන්දා....:P:P ඇත්ත තමයි.... වයසට යන්න යන්න, අමුතු අමුතු සීමා මායිම් දානවට මාත් කැමති නෑ...හැබැයි ඉතිං හැමදේටම පොඩි එකෙක් වගේ හිතන්න යන්නත් බෑ නේද?

    "දැන් කාලේ හය හතර තේරෙන්න කලින් ඉදන්ම පොඩි එව්වෝ පවා හිතන්නේ ලොකු මිනිස්සු වගේ.."

    තොප්පියක්ද මන්දා විසික් කොළේ.... ( රෝල් අයිස්..)

    මොක හරි, මමනම් මේ වෙනකන් දැනන් හිටියේ නෑනේ මලී කියන්නේ අවුරුදු 22ක පොඩි කෙල්ලෙක් කියල...( ආව්...තෑගි ඕනේ මෙව්ව කියනවට )
    හලි හලි...තූති කෙල්ල සුබම සුබ උපන්දිනයක් වේවා!!
    හැමදාම 2+2= 4 කියන්න පුළුවන් වේවා...හී හී...

    ReplyDelete
  2. "මට කොච්චර වයසට ගියත් කමක් නෑ.. කොණ්ඩේ සුදු වෙලා හම රැලි වැටිලා දත් හැලිලා ගියත් කමක් නෑ"

    mama nam kamathi mage konde kawadawath sudu wenne nathuwa, hama rali watenne nathuwa thiyanawa nam!

    anyway, Happy B'day akki!!!
    akki kiyanne kohomada mage wayasa 17 ne. ethakota 1+7=8.
    8>4 ne.

    ReplyDelete
  3. සුබම සුබ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  4. ආදරණීය නංගො, හිතේ පැතුම් ඉටුවන, වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒත් ඉතින් ජීවිතේ හැම මොහොතකම සතුට රැඳෙන්නෙත් නැති නිසා, පැමිණෙන කරදර දුක් බාධක කුමක් හෝ වේවා ඒවාට ධෛර්‍යයෙන් වීර්‍යයෙන් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. සුභ උපන්දිනයක්!
    (*මෝල් අයත් දැකලා තියෙනවා ඒත් මේ තරම් පිස්සු කෝච්චියක්නම් දැක්කේ නෑ. |විහිළු හොඳේ| ඔයාගෙ පෝස්ට් වලට හයියෙන් හිනා ගියේ එකපාරක් දෙපාරක් නෙමෙයි බොහොම සැරට සමහර විට හිනා මට. ලංකා පොළව උඩ හමුවෙමු දවසක.)

    ReplyDelete
  5. අහ්....
    එක වයසෙ කසිටියනෙ :D

    හුටපටේ කියන්නේ මේක මහ කරුම වයසක් වගේ.. මටත් ටික ටික සද්ද දානවා... මමනං සැලෙයි ඕවයෙන්.. පිස්සු හින්ද කවුරුත් වැඩිය කියන්නෙත් නෑ.. කියන එව්ව ගනංගන්නෙ නැති හින්ද ගානකුත් නෑ :P

    ඒ කොහොම උනත් සුභ උපන්දිනයක්...
    අපිට කේක් ලැබෙන්ඩ සලස්වන්ඩ හරිද අක්කේ...
    :D

    ReplyDelete
  6. Just a small question..
    do you know the meaning of "6-4 notherena wayasa" kiyanne mokadda kiyala ??

    If not, would like to explain it :)

    ReplyDelete
  7. මටත් වයසනම් කොච්හර ගියත් කමක් නැහැ. වැඩිහිටියෙක්ගේ වගකීම් ගොඩ එන්නෙ නැතුව. මොනා කරන්නද දැන් එව ටික ටික බාර ගන්න වෙලා.

    ReplyDelete
  8. සුබම සුබ උපන්දිනයක් වේවා !

    අර ChuttaFX කීවා වගේ, ඔයාගෙ ගණිත කොරමේට අනුව මමත් ඔයාට වඩා වයසයි !

    අපරාදෙ, ඔයාට ඔය ගණිත කොරමේ ගැන කියන්න තිබ්බේ අපේ ගණං පේපර් එකට කළිං !

    2008 - 1992 = 17 = 1+7 = 8
    8 > 4

    ආපහු සැරයක් සුබම උපන්දිනයක් වේවා "නංගී" ! :-D

    ReplyDelete
  9. ආ සුදාරක,..

    බලාගෙන ආච්චිගෙන් ගුටිකන්න වෙයි..

    ඔයාට ආච්චි බනිනවා නේද අන්තර්ජාලයේ නොදන්න අය එක්ක ආශ්‍රයට යන්න එපා කියලා.

    :D

    ReplyDelete
  10. ස‍හෝදරී,ඔය මෝල්/ මොංගල් කියන වචන දෙකේ තේරැම දෙකක්, ඒක දැනගෙන වචන භාවිතා කලොත් තමා හොද

    ReplyDelete
  11. අප්පේ මේ මගේ වයසෙම වගේ කෙල්ලෙක්නේ
    මම හිතන් හිටියේ OFFICE යන ඇන්ටි කෙනෙක් කියල. හික් හික්...
    ගනන් ගන්න එපා
    ඔබට සුබම සුබ උපන් දිනයක්

    ReplyDelete
  12. Mulinma, suba upan dinayak wewa kiyala pathanawa ape maleeta..L)

    hathara deken bedala dekai kiwwa nam hari..ethakota thawath wayasa aduwenawane..:P:P

    podi scene ekakuth mathak wuna..
    ranjan ramanayaka gen wayasa ahuwama kiyanne awurudu 30i kiyala LU. eya kiyanne calandare wayasa eyata balapanne na kiyala LU..(calandare anuwa nam eyage wayasa awrudu 40th pahuwela)
    apith ehema hithanna patan gamu ne..:P:P

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා! මලී නගෝ....

    කෝ අපිට කේක් ???????

    ReplyDelete
  14. ..පමා වුණාට සමාවෙන්න.
    ..සුභ උපන්දිනයකට අාසිරි..! ගණිත ක්‍රමය ගැන නම් ටිකක් හිතන්න වෙනවා.

    ReplyDelete
  15. @ eRanga .
    6 = divyaloka haya
    4 = sathara apaya.

    hoda naraka danne nathuwa karana wada walata thamai,, 6-4 nodana karana wada kiyala kiyanne. :D

    ReplyDelete
  16. සුභම සුභ උපන්දිනක් වේවා මලී මසාජ් නංගෝ!

    ---
    "එහෙම අකමැති වෙන හේතු ගොඩක් තියනවා.. මුලිකම හේතුව තමයි මම මේ සමාජෙට කැමති නෑ.. මිනිස්සු ජිවත් වෙන විදියට කැමති නෑ... මිනිස්සු හිතන විදියට කැමති නෑ.."

    එකඟයි. :) මමත් එසේමැයි.

    ReplyDelete
  17. Gaveshana,

    Yes U correct!!

    Matath oona une yamak kiyala denna..

    ReplyDelete
  18. මහේෂ් - නෑ නෑ...මේක මලී ගේ වයස නියමය ... මට තෑග්ගක් දීපීයෝ..!හික් හික් ස්තූතියි‍ හොදේ‍...

    චුට්ටා එෆ් එක්ස්- ඒ වුනාට එහෙම වෙන්නේ නැහැනේ.. ලෝක සොභාවය..අපේ සිරුර දවසින් දවස මහළු වෙනවා.. හරි හරි නංගි කියන්න කිසි අමනාපයක් නෑ.. බුහාහාහා..!

    ඩෙරික් -ස්තූතියි....!

    බෝ - ස්තූතියි බෝ අක්කේ...!(අයියෝ ඕන විහිළුවකට මම‍ රෙඩී..බය නැතුව ඕනි දෙයක් කියන්න මම තරහා නෑ..) අනිවා.. ලංකාවට ආවම මුණගැහෙමු.

    තරිදු- එක වයසේ අය කියලා ‍‍අක්කා කියන එක හරිද ආ...හික් හික් හරි මල්ලියේ අප්ලෝඩ් කරලා ‍එවන්නම් ඉන්න පොඩ්ඩක්..

    ඒරංගා- මගේ සතුට කියලා දුන්න විදියට දිව්‍යලෝක 6යි අපාය 4යි..දැන් බ්ලොග් එකට පිළිතුරු ලියන්න ආවම තව කෙනෙක් කියලත් තිබ්බනේ.. ඉතිං දැන් හරියටම හරි කියලා හිතනවා...

    ම-හ්ම්...මක් කරන්නද සහෝ.. දුකටත් එක්ක ගහමු තව බාගයක් චියස්ස්ස්..!

    සුපුන්- වෙලාවට උපන්දිනේට කලින් පේපර් එක ඉවර උනා.. ස්තූතියි අයියේ..!

    ඩනිෂ්ක- ඒවා අච්චිලා මුණුපුරෝලා බලාගත්තුදෙන් මට අදාල නැතෝ...!

    එදිරි-අනේ සහෝදරයා.. මට නම් වැඩි වෙනසක් නෑ..‍මම ඇතුලු මම දන්න බොහෝ දෙනා ඔය වචන දෙකම පාවිච්චි කරන්නේ පිස්සු වැඩ කරන වෙලාවට.. තොට මෝල්ද /මොංගල්ද/පිස්සුද කියන සම අදහස් වලින්..ඊට ව‍ඩා වෙනස් අදහසක් තියනවාද කියන්න මම දන්නේ නෑ.. තිබ්බත් මම අදහස් කලේ ම‍ම දැනගෙන හිටිය අර්ථය.. ඔයා‍ දන්න අර්ථය කියලා දෙන්න පුලුවනිද?

    සුසිත-ආහ් එහෙමද? වැරදි වැටහීම් කියන්නේ ඕවට තමා.. ස්තූතියි හොදේ..

    ගවේෂණ-ස්තූතියි.. රංජන් රාමනායකට අකමැති උනාට එයාගේ වයස ක්‍රමයට නම් මමත් කැමතියි වගේ... ලොල්ස්...!

    උඹ මචං-ස්තූතියි ම‍චෝ අයියේ.. මේ මේ අනිත් අය ගන්න කලින් ඔය බ්ලොග් ‍ප්සෝට් එකේ තියන කේක් කෑල්ල වත් අරන් කන්නෝ...!

    එච්.කේ.එස්-අනේ මොන පමාවක්ද.. කිසි ප්‍රශ්ණයක් නෑ.. අනේ වැඩිය හිතන්න එපා අනේ මගේ වයස නේ.. හිකිස්..

    ශකුන්තල-ස්තූතියි ශකු අයියේ.. මට තෑගී එවාපියෝ...!

    ReplyDelete
  19. "ඒ වුනාට එහෙම වෙන්නේ නැහැනේ.. ලෝක සොභාවය..අපේ සිරුර දවසින් දවස මහළු වෙනවා.. හරි හරි නංගි කියන්න කිසි අමනාපයක් නෑ.. බුහාහාහා..!"

    @malee-akki
    ehema wenne nathi eka thama awula. ehema wenne naththam elakiri. nangi kiyanna ba, oya dan wayasai ne akki!
    ;)

    ReplyDelete
  20. Wishing you a birthday......
    Blooming with happiness & wonderful moments!!!!!

    ReplyDelete
  21. අනේ චූටි නංගියෙක්නෙ
    ඇයි ඔච්චර දඟ

    ReplyDelete
  22. පහු වෙලා දැක්කට සොරි වෙන්න ඕනා. මම නම් ඔන්න සුභ උපන් දිනයක් ‍වේවා කියන් නෑ. එතකොට එක දවසයිනේ. මේ අවුරුද්දම සුභ‍ වෙන්න ඕනා කියලා ප්‍රාර්තනා කරනවා. ඔහොම තමා අවුරුදු ගාන ගණන් කරාම තමා කොච්චචර වයසද කියලා හිතෙන් නේ. :( මොනා කරන්නද?

    ReplyDelete
  23. Blogger ශාකුන්තල said...

    සුභම සුභ උපන්දිනක් වේවා මලී මසාජ් නංගෝ!

    ReplyDelete
  24. සුභ උපන්දිනයක් වේවා!

    ඔබට මුහුණදෙන්න වුන ප්‍රශ්න සිමිත වුනේ ඔබ ඉන්නේ දෙමවුපියන්ගේ රැකවරනයේ නිසා.ඔබේ ප්‍රශ්නත් දෙමවුපියන් විසදන්න ඇති.ඒත් කාලයකදි ඔබටත්, ඔබේ අනාගත දරුවන්ට ඔබටවගේම ප්‍රශ්න නැති ජිවිතයක් ලබා දිය යුතු වෙනවා.ඔවුන්ගේ ප්‍රශ්නත් ඔබටම විසදන්න වෙනවා.
    ඒ සදහා සමාජෙට කැමති නැති වුනත් එය සමග ගැටෙන්න වෙනවා. එයින් මිදෙන්න ඔබට බැ.

    ReplyDelete
  25. ඔබේ උපන්දිනයට අ‍පෙනුත් සුභපැතුම්.

    ReplyDelete
  26. "මම පොටිනේ අක්කා කිව්ව විදිහට, ක ක ක ක ක අපේ සුදු අට්ටා නෑ අක්කා!ට සුබ උපැන් දිනයක් වුනැ නේද? කො මට කේක් නෑ...... අම්මේ අක්කා මට කේක් දුන්නේ නෑ....ඈ....ඈ......!"

    හික් හික්, සුත්‍රයේ හැටියට මම පොඩි කිරි සප්පයා නේවැ? 2009-1989 වුනාම 2යිනේ? කොහොම වුනත් සුදු අක්කට සතුටින් බරක් දුකක් නැති 22වෙනි අවුරුද්දක් වේවා කියලා පතනවා අක්කේ! උම්ම්මා!

    ReplyDelete
  27. නංගියෝ කෝ අපිට කේක්.photo එකක් පෙන්නල ෂේප් වෙන්නද හදන්නේ එවා හරියන්නෑ අපිට කේක් ඕනේ. කේක් නැත්තම් තෑගිත් නෑ.

    ReplyDelete
  28. සුබම සුබ උපන්දිනයක් වේවා !
    සියලු පෑතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයකට සුබ පෑතුම් අක්කේ ! , ජයවේවා !

    හ්ම්ම් ගණිතයට A සාමාර්ථයක් එහෙම ඈති නේද ? ඔය විදිහට බෑලුවොත් කෙල්ලේ මට තාම අවුරුද්දයී නේ ! ( 19 = 1+9 =10 = 1+0 = 1 ).

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. අම්මට සිරි! දැන්නෙ දැක්කේ. අපේ මලියාගේ හැපී බර්ත් ඩේ එක නේද බොලේ? මම කලින්ම සුභ පැතුවා ඔන්න.මේ කේක් කෑල්ල කී දෙනෙක් කන්නද? මරා ගන්න තමා වෙන්නේ.ඒත් එක්කම මෙන්න ‍මගෙන් තෑග්ගක්.ගිහින් බලන්න.
    http://www.shutterstock.com/pic-21425890-gift.html

    ReplyDelete
  31. @ eRanga
    happachchiye, sorry wenna one kollo,
    mama hithuwe oya eka danne nathuwa eke theruma ahawwa kiyala..hehe
    mistake ekata sorry hode..:D

    ReplyDelete
  32. චුට්ටා එෆ් එක්ස් =මගේ යකා අවුස්ස ගන්න හදන්නේ..කවුද බොල වයස?

    චරිත් =තැන්ක් යූයූයූයූ...!

    චානක=යා යා... දග? කවුද? මම ? වෙන්න බෑ...!

    දසුන්=අනේ තැන්ක් යූ..!හ්ම්ම් මොනා කලන්නද? ලෝක ස්භාවය කියලා හිතහදාගන්නවා මිසක්!

    චතුරංග=ගර්ර්ර්..මොකෝ මේ රිපීට් ආආආ????ප්‍රශ්ණයක්ද?

    කැඩපත=ස්තූතියි.. ඔවදන සිහි තබාගන්නම්..

    මනොජ්=ස්තූතියි...!

    බිංකු=අලේ අම්මේ මෙයා බොලු කියල්ලේ ම‍ගේ කේකි කෑල්ලත් මෙයා‍ හොලෙන් කෑවෝ...!හික් හික් තෑන්ක්යූ චූටී මල්ලියෝ..උම්ම්ම්මා...! >:D<

    පහන්=මේ විභාග අස්සේ මොන කේක් ද ආ..! යනවා යනවා පාඩම් කරනවා..!

    ප්‍රියංකර=තැන්ක් යූ මල්ලියේ... යා යා.. ඒ එකක් තියනවා ගණන් වලට...
    ඉතිං ෂෝක් නේ අවුරුද්ද නම්... හිකිස්!

    ෆා=ඔන්න බලන්න ෆා.. මෙච්චර කොල්ලෝ ‍විෂ් කලා මුන් එකෙකුට බැරි උනා තෑග්ගක් දෙන්න ඔයා විතර යි හොද.. තැන්ක් යූ.. කෙක් කෑල්ල ඔයා ගන්න එහෙනම්..!
    මේ පොඩ්ඩක් කියන්නකෝ අර තෑගි පෙට්ටිය අරිනේ කොහොමද කියලා.. පිට නම් දැක්කත් ආසයි.. හික් හික්

    ReplyDelete
  33. @ එදිරි
    [quote]

    ඔය මෝල්/ මොංගල් කියන වචන දෙකේ තේරැම දෙකක්, ඒක දැනගෙන වචන භාවිතා කලොත් තමා හොද
    [quote/]


    ඉතින් ඔය දෙකෙන් ඔයාට කොයිකද තියෙන්නෙ ?

    ReplyDelete
  34. parakku wela hari, happy b'day :)

    ReplyDelete
  35. "මගේ යකා අවුස්ස ගන්න හදන්නේ..කවුද බොල වයස?"

    @malee-akki
    ane mata samawenna. e unata akki wayasata gihilla nisa thama ochchara tharaya yanne. ;-D

    ReplyDelete
  36. කුසල් - බොහෝම තැන්ක්යු හොදේ..!

    චුට්ටා -හ්ම් හ්ම්...!

    ReplyDelete
  37. අයියෝ! දැනුයි දැක්කේ :'( සමාවෙන්න ඕනේ. :'( මේ විභාග බම්බුවක් නිසා වැඩිය හොට දාන්න ගියේ නෑ බ්ලොග් වලට. අයියෝ දැනුයි දැක්කේ...!

    සුබ උපන්දිනයක් වේවා අවුරුදු 4රේ නංගී... :)

    @ඩැනී
    ඔබතුමාට සුපුන් ලා දෙන්නා ටැපලිලා වගේ නේ :P

    ReplyDelete
  38. සුභ උපන්දිනයක් මාලියෝ...අද නම් 29 ...දැන්තමා දැක්කෙ...ලංකාවෙ හිටියනම් තෑග්ගක් වත් එවන්න තිබ්බ...(හික් හික් හොද වෙලාවට හිටියෙ නැත්තතෙ...) ආ අර තැටිය ඒකට කියල හිතාගන්නකො...cake නම් එපා බන් මට ඕනෙ නියම INDIAN ලඩ්ඩු....

    ReplyDelete
  39. මලී....
    “චරිත් =තැන්ක් යූයූයූයූ...! “
    ඔයාලා එක ගමේ ක්ට්ටියනේ ,තෑන්ක් යු කියල විතරක් මදි , පාටියක්වත් දෙන්නේ නෑද්ද චරිත්ට ආ ?

    බින්කු...
    “කොහොම වුනත් සුදු අක්කට “
    අන්න ඔයාට වෑරදුනු තෑන එ අක්කා කලුයී නේ.,

    ReplyDelete
  40. සුබ... ඇත්තටම ලොකුයි තමා.... වගකීම් කියලා දෙයක් තියෙනවා එවා තමන් තේරුම් ගන්න තත්වයට හැමෝම පත් වෙනවා බලෙන් පටවන එක නම් මෙලො තේරුමක් නෑ.... උදාහරනයක් දෙන්නම්... මම උසස් පෙල කාලේ වෙනකම් අම්මගෙ කටේ බලේට පාඩම් කලේ දැන් මට හිතලා පාඩම් කරන්න වෙලා මොකද ගෙතරින් කිව්වෙ නැත්ත මට දැන් පාඩම් කලේ නැතිවුනාම වෙන දේ තෙරෙනවනේ.... මලී දැන් ලොකු ලමයෙක්.... හික් හික්...

    ReplyDelete
  41. Hey!!, Happy Birth Day!!! :D
    Sry 4 late

    හයියෝ blog 1 ක් වත් බලන්න වෙලවක් තිබ්බෙ නෑ... ගණිත ක‍‍්‍රමයට අනුව මට තාම 3 යි. හිහ් හිහ්....
    මාත් තාම පොඩි එකා වගේ හිතන්නේ අප්පා.. :D

    තෑග්ගක් නේද..ම්ම්ම්... බලමු..

    ReplyDelete
  42. ආ... මේකත් කියන්න හිතුනා...
    පොඩි කාලේ පුල් ට්‍රයි එක දෙන්නේ ලොකු එකෙක් වෙන්න. කෑම කනකොට එහෙම කියන්නේ... ගොඩක් කන්න... එතකොට ඉක්මනට ලොකුවෙතෑකි කියලා නෙව... කොහොමහරි ලොකු වුනායි කියමුකෝ... එතකොට ඕන වෙන්නේ ආපහු බාල කාලෙට යන්නමයි... ඕක මනුෂ්‍ය ස්වභාවය ගනන් ගන්න එපා :)

    මතත් ඕනේ ආයි එක ව‍සලේ ඉදන් ඉස්කෝලේ යන්න.... :D

    ReplyDelete
  43. @සුදාරක,
    මට නං යන්න ඕන 1 වස‍රට නෙවෙයි 11 වසරට. O/L කාලේ තමයි පාසල් ජීවිතේ ස්වර්ණමය යුගය. පංතියෙ සමහරු ලොකු එවුන් එක්ක වලි දාගන්නවා. සමහරු පොඩි එවුන්ට පාට් දානවා. කපල් ‍වෙච්ච එවුන් පෙම්බස් දොඩනවා. අපි ඩෙස්ක් පැලෙනකම් ඒවට ගගහා සිංදු කියනවා. ඒ කාලේ තමයි අමතක නොවෙන හොඳම ආතල්.

    ReplyDelete
  44. සුපුන් -තැන්ක් යූ අයියේ....................

    හමා-තැන්ක්යූ අ‍යියේ.. හුහ්.. තෑගී නේද.. හොද වෙලාවට ලංකාවේ හිටියේ නැත්තේ නැත්තං බලෙන් ඇවිත් අරන් යන්නේ.. හනේ.. තැටිය හරේ අරන් ගියෝ...!ඉංදියන් ලඩ්ඩු මාත් කාපු කාලයක් මතක නෑ කොලුවෝ..

    ප්‍රියා-එයා කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නැහැනේ..
    ඊරිසියාව පැහැදිලි ඊ‍රිසියාව ම‍ගේ සුදුමැලි හමට තියන ඊරිසියාවට නේද ඔයා ඔහොම කියන්නේ...

    අ මුත්තා- ඔව් ඔව් ඒක තමා.. හයියෝ.. මහ වදයක්.. මම ලොකු නැහැ මලවදේ.. මං තාම තුතියි..!

    වතුර-අලෝ.. ගොඩ දවසකින් දැක්කේ.. තැන්ක් යූ තැන්ක් යූ.. මේ බල බල ඉන්න කාලයක් නෑ.. .තෑගි ඉක්මනට එවන්න..!

    සුපුන්2-හ්ම් හ්ම් ඒක තමයි‍‍‍.. පොඩි කාලේ ඉතිං මේවා දැනන් හිටියේ නෑනේ.. දැනන් හිටියා නම් මළත් කන්නේ නෑ..

    ශකූ-මට නම් ඕනි 12 වසරට යන්න..

    ReplyDelete
  45. මම/අපි වැඩියෙන්ම පිස්සු නැටුවේ 12-13 පංති වලදි.. පෙර වැරදි නොකරන්නයි තව වැඩියෙන් පිස්සු නටන්නයි 12 වසරට යන්න තිබ්බා නම් එළ!

    ReplyDelete
  46. පරක්කු වුණේ මම ලොකු වැඩක හිටපු නිසා. ෂහ් මලියට අවුරුදු 4කුත් වෙලා. මේ අවුරුද්දෙ මොන්ටිසෝරි තමයි ඉතිං යන්න වෙන්නේ. කොහොම වුණත් අර කියල තියෙන දේවල් වලින් බාගයක්වත් මේ අවුරුද්ද ඇතුලෙ කරගන්න උත්සාහයක් ගන්න :)

    මමත් මේ පොඩි ළමයෙක් වගේ මුකුත් නොදන්න තොත්ත බබෙක් වගේ ඉන්න තමයි කැමති. එතකොට අපට විවෘත වෙන අවකාශය වැඩියි. ගොඩක් විට මට දැන් හමුවෙන පුංචි ළමයිනුත් මට වඩා ලොකු මිනිස්සු. මම දන්න මගුලක් නෑ එයාලත් එක්ක බලද්දි. මම පොජියි. ඒ වුණාට නිදහසේ මගේ පාඩුවේ ඉන්න තියෙන හැකියාවෙන් නම් මම ‍ලොකුයි.

    ReplyDelete
  47. ශකූ - හපෝ මම නම් 5 වසරෙදි ස්ටඩී ෆස්ට් වර්ගයේ එක්කෙනෙක්

    හ! - හනේ.. ඉතිං මොන්තසෝරී එක්ක පලෝ...මොන වැඩද?අනේ මට බෑ..:P මේ අපිට උපන්දිනේට තෑගී නැද්ද දන්නේ නෑ නේද?

    ReplyDelete
  48. වැජේමයි තෑගි දෙන්න. වෙන වැඩ නෑනෙ අපට.

    ReplyDelete
  49. හාහු! - නෑ නේනම්..

    ReplyDelete
  50. මමත් 11 වසරට වෙනකම්ම study first තමයි. හැබැයි ඇති වෙන්න ආතල් ගත්තා...

    ReplyDelete
  51. malee...
    "හපෝ මම නම් 5 වසරෙදි ස්ටඩී ෆස්ට් වර්ගයේ එක්කෙනෙක්"

    එහේනම් ශිෂත්වයට ලකුනු 190 වත් තියෙන්න ඈති...!

    ReplyDelete
  52. හත්වලාමෙ මොකද්ද ඒකෙ තේරුම :-o මට තාම කැරකිල්ල වගේ ඒ ගනිත සූත්තරේ කියවල :-D

    කෙසේ වෙතත් සුබ උපන්දිනයක් පතනව බොහොම ප්‍රමාද වෙලා වුනත් :-)

    මම බොහොම කාලෙකින් මේ පැත්තෙ ආවෙ මේ ඊයෙ පෙරෙදා තෝසෙ කද්දී අර තෝසෙ ලිපියයි කවියයි මතක් වෙලා.

    ReplyDelete
  53. නංගියාගේ මේ පොස්ට් එක මම කියෙව්වෙ අද (ලියල අවුරුද්දකට විතර පස්සෙ )..ඒකට හේතුව මම බ්ලොග් කියවන්න ගත්තෙ ගිය සතියෙ විතර ඉඳල නිසා..

    කොහොම උනත් ඔයගෙ කතාවට මම එකඟයි..ඔයාට අවුරුදු 100ක් වුනදාට ඔයාට පළවෙනි උපන්දින සාදය (1+0+0=1) පවත්වන්න හැකිවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..

    2010 සුභ නව වසරක් වේවා!

    ReplyDelete