Friday, January 16, 2009

සුභ ගමන්..!


ගෙන්දගම් සැර නග‍රයේ
මා දමා මොහොතකට
යන්න ඉතිං නුඹ
අවසරයි දැන් සමුගන්න

යළි නොහැරීම නුඹ යන්න
පොපියන කදුළු නොපෙනෙන්න
‍අපි ගියපු මාවතේ තනිකර දමා
දැන් ඉතිං නුඹ යන්න ඈතටම

සීතල පිරුණු නග‍රයේ
මීදුම මැදින් පිනි බිංදු
වැටෙන විට මොහොතකට
අපි තෙමුණු වැහි කෝඩ
මතක් වේවිද නුඹට..

නවතින්න මොහොතකට
මේ සුභ පැතුම් අරගන්න
රැගෙන යන්නට යන්න
ආයෙමත් එන පොරොන්දුව
විතරක්ම මට දී යන්න...

හ්ම්ම් මොනවා කියන්නද ඉතිං... මේ ලියවෙන්නේ සියවෙනි බ්ලොග් සටහන..වෙන් කෙ‍රුනේ මගේම
සතුට වෙනුවෙන්.. එහෙමත් නැත්නම් මගේ සතුටේ පංගුකාරයෙක් වෙනුවෙන්.. එයා ‍ලබන සතියේ ඉදන් මේ නගරයෙන් වෙන් වෙලා යනවා වෘත්තීයමය අවශ්‍යතාවයක් වෙනුවෙන්.. සමහර විට හැමදාටම වෙන්නත් පුළුවන්... ලිව්වේ එයාව අධෛර්ය කරන්න නෙවෙයි... එයාට සුභ පතන්න.. ලබන සදුදා ඉදන් පටන් ගන්න එයාගේ අළුත් ජිවිතයට ‍මගේ සුභ පැතුම එකතු කරන්න...ලියපු නිර්මාණය නම් හරියට ලියවුනේ නෑ..ඒත් මේ වෙලාවේ ‍මීට වැඩි දෙයක් ඔළුවට එන්නෙත් නෑ... මොනවා කරන්නද..අපේ ජිවිත වෙනස් වෙනවා බොහෝම ඉක්මනට..අපි නොහිතන නොපතන විදියට.. සමහර විට ඒකටම වෙන්න ඇති ජිවිතය කියන්නෙත්............

16 comments:

  1. වෙනස්වෙන එක විතරමයි නොවෙනස්ව තිබෙන එකම දෙය. වෙන්වෙලා දුර ගියත් ඉතින් හිතින් නුඹ අසලම රැඳේවිනේ. කවිය දුක්බරයි.ගොඩ කලක් බ්ලොග් ලියමනෙන් , අන්තර්ජාලයෙන් ඉවත් වී සිටියා එනිසයි මේ දෙසට එන්න බැරි උනේ. ඔහුට සුභ ගමන් !

    ReplyDelete
  2. ප්‍රියයන්ගෙන් වෙන්විම දුකක් බව දන්නවානේ.එය සදාතනික ධර්මයක්.ඔබේ ඒ වෙන්විම සදාකාලික වෙන්විමක් නොවන නිසා දුක්වෙන්න එපා.ආයිමත් එන පොරොන්දුව දුන්නා යැයි සිතමි.එම නිසා එනතුරු සතුටින් සිටින්න.එනතුරු තෙලබනුව ඔබ ඔහු යාකරනු ඇතැයි සිතමි.

    ReplyDelete
  3. අක්කාගේ හැඟිම ඔහුගේ හැඟිම මට එක අතකින් තේරෙනවා අක්කේ. කොමාවක් විතරයිනේ අක්කේ ඉන් පසු එකම කතාවේ එකම පේලියේ අලුත් බවක් එවි අක්කේ. මගේ උණුසුම් සුභ පැතුම් ඔහුට දෙන්න අක්කේ. ඔය දෙන්නටත් මගේ සුබ පැතුම්!

    ReplyDelete
  4. කියන්න අපිත් සුභ පැතුවා කියල.

    ReplyDelete
  5. ඈත්තටම හරිම සන්වේදි මොහොතක් .මට නුවර එලිය වගෙ නගරයක ඔය සිදුවිම මෑවිල පෙනෙනව.කොහොම උනත් එයා ඔයගෙම වෙන්න කියල මමත් ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  6. මලී -- ඔබ දන්නවාද?
    මම කියන්න යන්නේ පාරේ දුවන බස් රථයක් ගැන.
    අපේ සංසාරණ්‍යයේ පිලිවෙලක් නැති ගලා යාම හරියට බස් එකක් වගේ...
    ඔබත් මමත් අපි කවුරුත් එහි මගියෝ වෙමු...
    මතක් කරන්න.... හිතින් මවන්න...
    ඒක රතුම රතු පාට ආදරණීය පරණ ලංගම බස් එකක්...
    අපි කවුරුත් ඒකට ගමනාරම්භයේදීම නැගපු අය නෙමෙයි...
    අපි ඒ බස් එකට නගිනකොටත් ඒකේ තව අය හිටියා... ඔබට මතක ඇති...
    ඔබ එහි යන විටත් තවත් අය මගදි නැග්ගා ඔබට මතක ඇති...
    හැමෝම එකට ගමන පටන් ගන්නෙත් නෑ... පටන් ගත්තත් එකටම ගමන ඉවර කරන්නෙත් නෑ...
    සමහර අය අපිට කලින් බස් එකට නගිනවා...
    සමහර අය අපිත් එක්කම නගිනවා...
    සමහරු මගදි නැගලා අපිට ගොඩක් සමීප වෙනවා...
    එහෙම අය තමයි ගොඩක් ඉන්නේ...
    අමතක කරන්න එපා... සමහර විට ඒ අයට අපිව දාලා මගදී බැහැලා යන්න වෙනවා...
    සමහර අය කැමැත්තෙන් බැහැලා යනවා...
    ඒ අය ආයේ කවදාවත් එන්නේ නෑ...
    සමහර අය අකමැත්තෙන් බැහැලා යනවා...
    ඒ වෙන කරන්න දෙයක් නැති කමට...
    අමතක කරන්න එපා...
    ඒ අය අනිවාර්යයෙන්ම ආපහු එනවා...
    කවදා හරි ඉක්මනටම එනවා...
    හැමදාම එයාගේ හිතේ තියෙන්නේ ඉක්මනට ආපහු එන්න ඕන කියන එක විතරයි...
    එයා බලාපොරොත්තු වෙනවා එදාටත් අපි එයා එනකල් බස් එකේ ඩබල් සීට් එකේ පැත්තක බෑග් එකත් තියාගෙන බලා ඉඳියි කියලා...
    ඒත් අපේ සමහර අය එයා එනකොට එතැන වෙන කෙනෙක්ව වාඩි කරගෙන...
    එහෙම උනොත් ඒයාට ගොඩක් දුක හිතෙනවා...
    ආදරෙන් දෙන්නත් එක්ක බෙදාගෙන කන්න,
    උඩ සාක්කුවේ දාගෙන ආපු රිට්ස්බරි චොකලට් එක පාගලා දානව... දුක දරා ගන්න බැරි කමට...
    ඈතින් ඉඳන් උනත් තමන් මෙච්චරකල් හදපු හීන මාලිගා ඔක්කොම සැඩ සුලඟකට ගහගෙන ‍ගියා වගේ දැනෙනවා...
    ජීවිතේම එපා වගේ දැනෙනවා...
    කිසිම දෙයක් නොකර ඉන්නවා...
    ජීවිතේම කාලකණ්නි කරගන්නවා...

    දෙවියන්ගේ නාමෙන් එහෙම වෙන්න දෙන්න එපා...
    මම හිතනවා... ඔබ එච්චර ගල් හිතක් තියෙන කෙ‍නෙක් වෙන්න බෑ...‍
    බලාගෙන් ඉන්න...
    ඉක්මනටම ඔහු ඒවි...
    ඔහු හැමදාම හොයපු ඒ ආදරණීය සුවඳ ආපහු විඳින්න ඔහු ඉක්මනටම ඒවි...
    බලාපොරොත්තු පොදි බැඳගෙන ඒවී...
    එදාටත් ඔහුව අද වගේම ආදරෙන් පිලිගන්න,
    ඔහු එන මගට දුවගෙන ගිහිල්ල,
    ඔහුගේ සුළැඟිල්ලේ ආදරෙන් වෙලෙන්න,
    ඔබ බලන් ඉන්න...
    ඔහු ඉක්මනට ඒවි...
    ඇ‍ඟේ දුවන ලේ බිංදුවක් ගානේ ඔහු වෙනුනෙන් පෙරුම් පුරන්න...
    ඔහු ඉක්මනට ඒවි...
    ගන්න හැම හුස්මකමදිම ඔහු ගැන හිතන්න...
    ඔහු ඉක්මනට ඒවි...
    ඇ‍ඬෙන්න යන හැම විටම ඔහු වෙනුනේ නාඬා ඉන්න...
    ඔහු ඉක්මන‍ට ඒවි...
    යදින දෙවියන්ට කියන්න, වඳින බුදුන්ට කියන්න,
    ඔහු ඉක්මනට ඒවි...
    ඔබෙන් ගොඩාක් ඈත ඉඳන්,
    ගොඩාක් මහන්සි වෙලා,
    ඹබ දෙදෙනා වෙනුවෙන්ම හදපු,
    ආදරණීය ලොකයත් අරගෙන ඔහු ඒවී...
    ඉක්මනටම ඔහු ඒවි...

    ReplyDelete
  7. මමත් ඔයාගේ යාලුවට සුබ පතනවා....! , එයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා....

    මේ ඔයාගේ යාලුවා මාරු වෙලා යන්නේ උඩරට පලාතකට නේද ?

    ReplyDelete
  8. දුකම උරුම කරගත් කෙටිකාලීන ආශ්වාදය ජීවිතය
    කරගත් සත්ත්වයා දුක්ඛ ආර්යය සත්‍යය හමුවේ හඩා වැටීම ලෝක ස්වභාවයක්.එයින් ගැලවෙන්න පුලුවන් කෙනෙක් මිහිපිට නැහැ.එහෙත් හෘදයාංගම බැදීම සෙනෙහස ආදිය සංසාරයේ හුරුපුරුදු ලෙස සිදුවන දේවල්.හේතු සකස්වී ඇත්තේ (විපාක පිණිස) එක්වීමට හෝ වෙන් වීමට නම් එයද කිසිවකුට වැළකිය නොහැක.
    එහෙත් යමක් කෙරෙහි ඡන්දරාගයෙන්(කැමැත්තෙන් ඇලීම) බැදුනානම් ඒ සිතිවිල්ල අනිත්‍ය වන විට හටගන්නේ දුකමය.දුක මෙන්ම ඡන්දරාගයද ඇත්තේ බාහිර කෙනා තුල නොව තමා තුලය.එය නැති කරගත හැක්කේද අන් අයකුගෙන් නොව තමාතුලින්මය.
    ඔබේ අනාගත ප්‍රාර්ථනා තෙරුවන් සරණින් ඉටුවේවා.

    ReplyDelete
  9. හ්ම්ම්ම්..මම දන්නවා යාලුවව.... මාත් සුභ පතනවා කියන්න හොඳේ... හදිසියේ කෙරුවා උනත් නිර්මාණය නියමයි... මටත් කියන්න තියෙන්නෙ " ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් " කියල තියෙන බුදුන්ගේ දේශනාව මතක් කරගෙන උපේක්ශාවෙන් බලන්න කියල තමයි,, හෙහෙ බණද මන්දා...

    මඤ්ඤං දෙසිතක කොඤ්ඤං සිතුවිලි ( උපුටගැනීම- හරේ ගෙන් ) බ්ලොග් අඩවියේ සියවෙනි බ්ලොග් අඩවියත් ලිව්වා නේ... මගේ සුභ පැතුම්....
    ජය වේවා!!

    ReplyDelete
  10. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් මඟ බලං ඉන්නට සිදුවීමත් හරිම සුන්දරයි මලී. ඔහු ලඟ හිටපු දවස් වල තිබුනාටත් වඩා ආදරයක් අගයක් ඔහු වෙනුවෙන් ඔබේ හිතේ ඇතිවේවි.සත්තකයි.

    ReplyDelete
  11. මගෙත් සුභ පැතුම් ඔහුට. ඒවගේම ඔයාටත් ඔයාගෙ සියවෙනි බ්ලොග් සටහන වෙනුවෙන්.

    ReplyDelete
  12. මටත් කියන්න තියෙන්නෙ කුෂාන් සසංක කියපු දේමයි. ඒ සීට් එකේ අඩුව පුරවන්න වෙන කාටවත් දෙන්න එපා. මාත් ටික කාලක විරාමයක් ඉල්ලලා බස් එකෙන් බැස්සා දැනට අවුරුදු ගානකට කලින්. ඒත් ඉක්මනින්ම එතන වෙන කෙනෙක් වාඩි උනා. ඒ බව දැන දැනත් අදටත් මම ඒ බස් එක ආපහු එයි කියල බලන් ඉන්නවා. එයාටත් එහෙම බලන් ඉන්න දෙන්න එපා. ඔය දෙන්නගෙම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  13. හරි.හරි කෘශිකර්මෙ ලියන්න ගියාට ලියවෙන්නෙම වෙන දේවල්නෙ

    ReplyDelete
  14. මේකට‍ මේ තරම් කල් ප්‍රතිචාර නොදක්වා හිටියට සමාවෙන්න කමෙන් කරපු අය හැමෝම මට... ස්තූතියි ඔයාලා හැම දෙනාගෙම ඔවදන් වලට...!

    ReplyDelete
  15. මගෙනුත් සුභ පැතුම්...එයා ඔයාටම හිමි වෙන්න කියලා මම හදවතින්ම පතනවා.....!!!!!

    අදයි මට තේරැම් ගියේ..නොදැන කල දේවල් වලට සමාවෙන්න...!

    ReplyDelete
  16. සමාවෙන්න මම මෙහෙම ලියනවට,මේක මට හිතුනා නිසා ලිව්වේ...
    මේ සටහනේ ඉදන් http://abnormalminds.blogspot.com/2008/11/blog-post_17.html
    මේ ලියපු සටහන දක්වා තියන සටහන් වලින් මට හිතෙන හැටි වැඩි පුරක ප්‍රධාන චරිතය එකම කෙනෙක්...මම හිතන එක හරි නම් දැන දැන ඔයාල කරලා තියෙන්නෙ ලොකු වැරද්දක්.

    ReplyDelete