Sunday, November 23, 2008

මම මැහුම් පංති ‍ගියෙමි !


මේ සටහන ලියන්නේ මගේ සුන්දර සෙනසුරාදාව අහිමි වීමේ ලිපියට ප්‍රතිචාර දක්වපු අය වෙනුවෙන්. මම මේ ඉරිදා (22) ඉදන් පංතියට යන්න පටන් ගත්තා. බලාගෙන යනකොට මම වෙනස් වෙලා නෑ. ඉස්කොලේ යනකාලේ අමතර පංති වලට යනකොට තිබ්බ පුරුද්ද තාම තියනවා කියලා තේරුනේ පංතියට යද්දි විනාඩි 50 ක් ම අඩු නැතුව පරක්කු වෙලා තිබ්බ හින්දයි..සෙනසුරාදා හින්දා ටිකක් වැඩියෙන් නින්ද ගියා...ඉතිං 1 වෙනකම් ඉන්න ඕනි හින්දා කාලා බීලා බැංකුවට ගිහින් පංතියට සල්ලිත් අරන් යනකොට මට නොදැනීම වෙලාව ගිහිල්ලා. මුල් දවස හින්දා ගියේ අම්මත් එක්ක. ඒක හින්දද කොහෙද උගන්නන මිස් වැඩිය මොකුත් කිව්වේ නෑ. නම් ගම් ලියාපදිංචි කරලා ඉවර වෙලා ම‍ගේ මැහුම් පංතිය පටන් ගත්තා. :D

මම ඉතිං මහන මැෂින් එකක් පාගලාවත් නැති හින්දා මුලින්ම සිද්ධ වුනේ. ඒක නිවැරදිව පාගන හැටි ඉගන ගන්න. අර අතිං කරකවන්න තියන රෝදය තමන්ගේ පැත්තට කරකවලා පස්සේ නිවැරදිව පෙඩලය පාගන්න ඉගන ගන්න තමයි තිබ්බේ. අතින් කරකවන්න තියන රෝදය අනිත් පැත්තට කරකවන්න බෑ. ඒක වැරදීයිලු. කොහොම හරි විනාඩි 10 විතර ඒක පුරුදු උනාම මිස්ම ඇවිල්ලා මැෂින් එකට නූල් දාලා මහන හැටි කියලා දීලා මට ටිකක් මහන්න පුරුදු වෙන්න කියලා ගියා.. හික් හික් වැඩේ නරකම නෑ.. කරගන්න පුළුවන් වගේ...ඊට පස්සේ එයා කිව්වා මට මල් පෙති ඇදලා ඒක පුරවන්න පුරුදු වෙන්න කියලා... ‍ඉතිං ‍ඔන්න මම කලා... මුල්ම දවසේ මම කරපු වැඩ ප්‍රමාණය ගැන එයා සතුටු උනා කියලා මට එයාගේ මුනෙන් පෙනුනා... මටත් කියන්න තියෙන්නේ මං හිතපු තරම් වැඩේ අමාරුම නෑ කියලයි. මට එම්බ්‍රොයිඩර් වැඩේ නම් කරගන්න පුළුවන් වෙයි. (ඇදුම් මහන වැඩේ ගැන නම් තාම කිසිම අදහසක් නෑ )

හැබැයි ඉතිං පො‍ඩි කරදරයක් උනා... මැෂින් එකේ නූල කොයි වෙලෙත් කැඩෙන්න ගත්තනේ :( මිස් නම් කිව්වේ මැෂින් එකේ ඇතුලේ දුවිලි ඇති එකට ලබන සතියේ තෙල් දාලා හදන්න කියලා දෙන්නම් කියලයි.
මට නම් හිතෙන්නේ එක්කෝ මගේ මහන්න තියන නොදැනුවත් කම නැත්නම් ඒ නුල් වර්ගයේ සිහින් කම.. මොකක් උනත් ඉතිං 2 වෙනකම් එක දිගට මහලා. මම සතුටින් ගෙදර ආවා. ලබන සතිය කොයි වගේ වෙයිද දන්නේ නෑ... දැනට බලන්නකෝ මම මුල් සතියේ මහපු එක. :)


පසු සටහන - මේ ඉතිං මම හා හා පුරා කියලා මහපු එකනේ.. මේ තියන සේරම මම තනියම මැහුවේ ලස්සන නම් නෑ.ඉතිං ‍ඔයාලත් ලස්සනයි නොකිව්ට කමක් නෑ හැබැයි කැතයි නම් කියන්න එපා ඔන්න :P

22 comments:

  1. සුභ පැතුම්!
    ෂෝක් මළ! ;)

    ReplyDelete
  2. ඔය තියෙන්නෙ
    මල් 7යි

    ඔහොම යං ඔහොම යං

    මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  3. ඔය හොඳයි. එක දවසට.

    මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  4. මල් 7යි අක්කි....මගෙනුත් සුභ පැතුම්!!!!!!!!!

    ReplyDelete
  5. @සුදාරක මලයා, ඕක මළක් නෙවෙයි අල පාත්තියක්. :D

    එළ එළ මලී නංගෝ ඔහොම යං...

    ReplyDelete
  6. ලස්සනයි. තවතවත් හොඳට මහන්න පුලුවන් වේවා කියල මම ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  7. Onna ban matath mara wadak unane maliyo...onna mama iye troucer ekak gaththa...ammata siri gedara awama ne dakke watiya api maha ganna one ekak kiyala...mama hadissiyata gaththe...dan heta adinnath oney..ada irida nisa altanation karana thanuth wahala...hik hik ara schooley podi panthiwala wati masma mata mathakai tika tika..ammata call ekak deela thawa tikak a gana danuma polish karagena ha ha pura kiyala mahanna patan gaththa..paya 2k giya maliyo wati deka mahanna...shikey ubala wath hitiyanam sutus gala enawa ....hik hik...mata dan mahanna puluwan oooi...hik hik

    ReplyDelete
  8. ශා හරි ලස්සනයිනේ.එහෙනම් හොඳට ඉගෙනගන්න. ඔයා මැහුම් පංතියක් දැම්මොත් නියමයි. නඟෝ විවේකය ලැබුන දවසක එන්නම්කෝ ඔයාගෙන් මහන්න ඉගෙන ගන්න.

    ReplyDelete
  9. ආ... මෙන්න මලී (අක්කා/නංගි)මල් මහලා... මරු නේ...
    ලස්සනයි... ඔන්න මගෙනුත් සුභ පැතුම්!!
    හොදට මහන්න ඉගෙන ගන්න. :)

    ReplyDelete
  10. හැබෑටම මේ මොකද්ද මහලා තියෙන්නේ? මලක් මද? ;-) මන් මේච්චර කල් හිතාගෙන හිටියේ මේ වගේ එවා මහන්නේ අතින් කියලා බැලුවම ඒකත් මැෂිමෙන්නේ මහන්නේ.

    නූල කැඩෙනවනම් අර අපි සරුංගල් අරින්න ගත්ත නයිලොන් පන්දුවක් තියෙන්වා සයිස් 18 විතර ඒක ගේන්ත් දෙන්නම් ෂුවර් එකටම කැඩෙන්නේ නැතුව මහන්න පුළුවන්.

    ReplyDelete
  11. Apooo chater...patta kethai........ hehehhehee

    ayi ban ara gedara mahala thiyenne monawada..??

    ReplyDelete
  12. congrats... that sure looks like an "angawikala" flower .. lolz

    ReplyDelete
  13. හැමෝටම ස්තූතියි හොදේ...
    හොද පුතා ඔහොම මල් ලියන්න ‍ගියොත් නම් සිංහල උඩින්ම පාස් වෙයි

    අනේ සම්පත් අයියේ..මක්කොරන්නද දැන් ඉතිං තනියෙන් වැඩ කරගන්න පුරුදු වෙන එකයි ඇත්තේ...අනික බං ඉතිං ඔය වාටිය මහ ගන්න වා‍ටි මැස්සමම ඕනයෑ..වෙන ක්‍රමේකින් විනාඩි 10න් මහගන්න තිබ්බා. කොහෙද ඉතිං පොතේ හැටියට වැඩ කරන්න ගියහම ඔහොම තමයි!

    බෝ අක්කේ ඔයා! ‍මගෙන් ඉගන ගන්න.. ඇයි හත් වලාවේ අවුරුදු 7ක් මැහුවා කිව්වා නේද?

    මරණය මට චිත්‍ර අදින්න බෑ හලෝ ඕක ඇවිල්ලා අති සුවිශේෂි මලක්! හැම තැනම පිපෙන්නේ නෑ..අතිනුත් මල් මහන්න පුළුවන් ඒත් එක වෙනම ක්‍රමයක්. සරුංගල් නුල්..මං කියන්නේ නෑ ඉතිං!ගර්ර්ර්ර්

    අනේ පලයන් මල්කවියෝ යන්න..නොදන්න මගුල් කියවන්න එපා බොල ඒ කතිර මැහුම් ඒවා මහන්නේ අතේ..ඒව්වා මැෂින් එකේ මහන්න බෑ...!ර්‍

    නැෂ් ඔව් ඔව් අංගවිකලයි තමයි.. මම මන්දබුද්ධිමත් නේ ඒක නිසා මගේ මල් අංගවිකලයි ගර්ර්ර්ර්ර්ර්ර්‍!

    ReplyDelete
  14. මම ඒ "ළ"යන්න හිතලාමයි ලිව්වේ. ;)

    ReplyDelete
  15. නිර්මානයේ කියන්න තරම් වරදක් නෑහෑ , තවම පලවෙනි වතාවනේ , අනික අපි හෑමොම එකපාර හිටගත්තු අය නෙමෙනේ , වෑටි වෑටි තමයී හිටගන්නත් පුරුදු උනේ , එහෙම නේද ?

    අපරාදේ ඔයා බෑන්කු ගානේ රස්තියාදු උනේ... , ඔයාලගේ මිස්ගේ Paypal account එකට සල්ලි දෑම්මනම් ඉවරයී නේ....

    පලවෙනි දවසෙම රෑග් එකක් කන්නත් ඈති මගේ හිතේ....කමක් නෑහෑ , එක නෙමේ මතක් කරලා Home work කරලා ලබනසතියේ පන්තියන්න , නෑතිනම් මිස් ඔයාගේ කන මිරිකයී...

    දිගටම මහගන යමු...ජයවේවා...හුරේ...

    ReplyDelete
  16. හරිම සන්තෝෂයි! පින්තූරෙනම් තියෙන්නෙ මලක් යැයි සැකකල හැකි යමක් වගේ!

    ReplyDelete
  17. මලක මූලික ලක්ෂණ නැති වුනාට මලක් කියලා කියන්න පුලුවන්... කාලයක් යනකොට මලක් වගේ මලක් මහගන්න පුලුවන් වෙයි....

    ReplyDelete
  18. rodey karakawanna igena gaththa nam dan three-wheeler ekak elawanna igenawanna :P hehe jk

    mekanam lassanai.........habai athin mahuwanam meeta wada kick ekak oyata ganna thibba :)

    ReplyDelete
  19. oya mala lassanata thiyenne. purudu wenakota thawa godata karanna puluwanwei. Akke mama oyalage blog 1ta Anonymously follow karanawa.

    ReplyDelete
  20. මෙන්න මලී මලක් මහලා.....එක දවසට නරකම නෑ....
    ඊළග දවසේ කොහු ලණුවක් අරන් යන්න...

    ReplyDelete
  21. බ්ලොග් ලියන මහන කෙනෙක් දැක්කමයි , ඒකත් ලියන එක නවත්තලා

    ReplyDelete