Wednesday, November 5, 2008

තෝසේ


පදමට පෙගුණු උදු ඇට
ඇඹරී පිටි ලෙස
ඇනී නිසි පදමකට
උණු තැටියේ හැදෙයි
රවුමකට...

වට්ටක්කා සමග
තවත් ගුණ එළවළු එකට
කැපී පොඩි වී පොල් කිරි
සමග
ඉදෙයි ‍සාම්බාරු හොද්දක්
රසට...

පොල් හා හාද වෙන
අමුමිරිස් කරල් ටික හොදට
ඇඹරිලා කරපිංචා සමග
සම්බෝලේ ලෑස්තියි
මේසයට...

හැමදාම යන ‍කඩේටම
ගොඩවුනා අදත් වෙහෙස වී
හොදටෝම
කොනේ පුරුදු මේසය
‍හිස්ව තිබුනා
පුරුවේ පිනට...

එවර්සිල්වර් පිගානට
සම්බාරු සම්බෝල
වැටුනයි හනි හනික
උණු උණුවේ තෝසේ
වැඩියයි මේසයට
එතකොට...

පිඩෙන් ‍පිඩ බිදෙන් බිද
අවසන් උනේ තෝසය
උළුදු වඩේකට තවත්
ඉඩ තිබු‍නේ
යාන්තමකට...

වර්ග වාද කොයි හැටි වෙතත්
කථා කරන බස කොයි එක වෙතත්
දනෝ යති සරස්වතියට තාමත්
ආදරෙයි අපි තොසේ රසට හැමදාමත්

‍සිංහල දෙමළ මුස්ලිම් කොයි එකා වුනත්
කුසගිනි වෙලාවට එක ලෙස වෙයි හාමත්
සිරුරේ උණු ලේ ගලති එක ලෙස හැමදාමත්
ඇයි මේ යුද්ධයක් හැම එක ලෙස සලකත්....


මම තොසේ කන්න ආසයි අප්පා.....!!!!!! ‍ඒකයි අදත් තෝසේ ගැනම ලියවුනේ....

කලින් ලිව්ව තොසේ කථාව.

14 comments:

  1. හික් හික්! මාත් ළඟදි දවසක පළමු වතාවට මසාල තෝසයක් කෑව අප්පා.. ඒක නිකං අඩි එකහමාරෙ මැද පිම්බිල නැති ආප්පයක් වගේ. වඩේ කෑවෙ නෑ හරියට කාලෙකින්.. සරස්වතී කිව්වෙ බම්බලපිටියෙද? යන්න ඕන අප්පා දවසක කාල බලන්න...

    ReplyDelete
  2. හහ්හා...මෙච්චරයි අඩු වෙලා තිබ්බේ..තෝසේ කවියක්..(මීට කලිනුත් හැබැයි එකක් ලියලා තිබ්බා නේද?ඒක හැබැයි මේ තරම්ම තෝසවාදී කවියක් නෙමෙයි)

    අර සිනමා නිළියකට පෙම්වතෙක් ඉන්නව කියුවම පත්තරවල අය අහන ප්‍රශ්නයක් තියනවනේ.."සැමියා කිවුවොත් රඟපෑම අත හරිනවද?" කියල. අන්න ඒ වගේ මලීගෙන් අහන්න තියෙන්නෙ. "කවදා හරි අරයා සහ තෝසේ වලින් දෙකෙන් එකක් තෝරගන්න උනොත් මො‍කෝ කරන්නෙ?" කියල. ඒ තරම්ම තෝස ලවර් කෙනෙක්නෙ. :P

    ReplyDelete
  3. හපොයි! ඇදුම්.. ලගට කෑම..
    නරකම නැ..

    මම නම් තව අවුරුද්දකටවත් මෙවා නම් කන්නේ නැ..
    හේතුව දන්නෝ දනිති :D

    ReplyDelete
  4. අර දීපාල් සිල්වත් කියන්නේ "ආනන්ද භවන් එකට ගිහින් තෝසෙ ගිලිනවා එලියට ඇවිදින් යාපනෙ දෙමළුන්ට බනිනවා" කියල. අපේ හැටියක්ද කොහෙද.
    මාත් තෝසෙ කනව හැබැයි වැඩිපුර කැමති ගෙදර හදන තෝසෙ වලට.

    ReplyDelete
  5. Hare -අයියෝ තාම ගියේ නැද්ද චිකේ වැඩක් නෑ..අර ‍‍සෙ‍ට් උනා කිව්ව එකිත් එක්ක යනවකෝ හලෝ දවසක

    Boma- හික් හික් ඔව් ඔව් මේ තෝසේ සම්බන්ධ තුන්වෙනි ලියමන...හෙහෙහේ...ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.මුලින්ම කලේ එයාට සරස්වතී යන එක පුරුදු කරපු එක. දැන් මම නැවැත්තුවත් එයා තවත්තන්නේ නෑ... හෙහෙහෙ

    Dani-ඒ දෙක තමයි වැඩියෙන්ම මට ගැලපෙන මාතෘකා දෙක...කන්නේ නෑ? අපෝ මහ මැට්ටෙක්!

    Ma- අනේ ‍ගෙදර හැදුවම කඩේ තොසේ වල රස එන්නේ නැහැ නේ

    ReplyDelete
  6. අනේ අම්මෝ තෝස ගෑනනම් මතක් කරන්න එපා......!!!
    පේරේදා පන්ති ඉවරවෙලා එනගමන් තෝස පාරක් දාලා දෑනුත් මගේ බඩ පිනුම් ගහනවා....!
    අදත් මට පන්තියන්න නෑහෑ....මේ කෙහේල්මල් බඩේ අමාරුව නිසා.....!

    මොනවා කරන්නද...පේරේදා පන්තිය ඉවර වෙන්න ටිකක් වෙලා ගියා...ඉතින් පන්තියෙන් එලියට එද්දි හොදටම බඩගිනි...ඉතින් අපේ කස්ටිය එක්ක රින්ගුවා සයීවර් කඩේකට...අඩු මිලට වෑඩි පෝශනය කියලා කෑවේ තෝසයී උලුදු වඩේයී...මට එවේලාවෙම දෑනුනා
    සාම්බාරු හොදි පිලිනුවේලා කියලා ( උදේ හදපුවද කොහේද එතකොට වෙලාව 1.30 විතර ඈති ) මොනවා කරන්නද , අපේ කස්ටිය කිව්වා විකාර නොකර ඕක කාලාදාපන් අපිට මොන අජිරනද කියලා....ගෙදර ආපුවම තමයී තේරුනේ අමාරුව ( හොදවේලාවට ගේදර ) මුලින්ම කෝපි බිවා...ඉලගට gripe water ඉටත් පස්සේ දෙහි අන්තිමට සුදුරු කොත්තමල්ලි....එත් අප්සට්...ගියා බේහේත් ගන්න...ගිය ගමන් දොස්තර ඈහෑව්වේ " කඩේකින් එහෙම කෑවද ? " කියලා......ඉතින් මොනවා කරන්නද මේක ලියන්න්නේත් බේහත් බිපුගමන්......

    ReplyDelete
  7. Vani Vila's .. :-)

    A shop that has many of my childhood memories attached to තෝසෙ හා අල බොන්ඩා

    Been gulping down these damn things from the day's that I can ever remember. I am not IN LOVE with it.. but surely a preferred food anytime of the day :-)

    Btw. has anyone of you tried චීස් කොත්තු @ Pillaows ? :-)

    ReplyDelete
  8. චීස්‌ කොත්තු රොක්‌ස්‌ !!

    ReplyDelete
  9. anee matath thosayak kanna onaaa....... ihi ihi ihi...

    ReplyDelete
  10. ගමේ කඩේක හදන තෝසෙ නම් හොඳයි. බම්බලපිටියෙ තොසෙ නම් මතක් කරන්න එපා. ඔක්කාරෙටත් එනවා.

    ReplyDelete
  11. මම නම් වැඩිය ශක්ති එකේ ක්ලාස් ගියෙ නෑ ඒක නිස සරස්වතී එකෙන් නම් වැඩිය කාල නැහැ... ඒත් මරදානෙ ආනන්ද භවන් එකෙන් හරි ධවලගිරි එකෙන් හරි අහල බැලුවොත් නම් මම ගැන ෆුල් රිපෝට් එකක් ගන්න පුලුවන්... හික් හික්...
    කොච්චර තෝසෙ කෑවත් මෙ වගෙ කවි නම් පහල වුනේ නැහැ....
    මම නම් අදත් උදේම හොද ගී තෝසෙ එකක් බස්සල ඉන්නෙ... හිකිස්
    දැන් ඉතිං රෑ වෙනකම් ෆිට් තමයි!

    ගඩොල්

    ReplyDelete
  12. ෙමෙහත් croydon කියල පැත්තක 'chennai dosa' කියල indian food කඩයක් තිෙයනව..ඒකට සති 3කට 4කට සැරයක් ගිෙයාත්නම් වරදින්ෙන නෑ ඉතින්..අයියටයි මටයි අෙප් නැන්දෙග පුතයි ගියාම පව්ම් 20කට විතර අට්ටි හැෙලන්න කාල ඒන්න පුළුවන්...අනික මාරම රසයි....තව ilford වල bellpoint කියල ලංකාෙව ෙකෙනක්ෙග restaurant ඒකක සිකුරාද ෙසනසුරාද ඉරිද කියන දවස් වල buffet ඒකක් තිෙයනව...ඒ්කට ගියත් ඒ් අානිසංසෙම තමා....ෙමකිට කන බ ෙන්මයි...hiks hiks

    ReplyDelete
  13. ප්‍රියා - ඔයත් එක්ක කාපු අනිත් අයට අවුලක් නෑ කියන්නේ වැරැද්ද ‍ඔයාගේ :P

    NN - I think I have been to that shop. is it close to harbour ?(VV)

    Nope I havent!

    Thilina -තොසේ Rox !

    Pooh - ane ithin ai ada ada inne kannako aneee

    Shakunthala - අනේ මේ නවත්තගන්නවද! සරස්වතී එකට මොකුත් කියන්න එපා!

    ගඩොලේ - මල්ලි ඉතිං තොසේ ‍ෆෑන් කෙනෙක්නේ නැද්ද

    හමා - බඩු හරි වගේ යකෝ මට කන බ‍ණේ කියන්නේ අනිත් එකා කන්නේ නෑ ‍වගේ නේ. මේ මේ ඉන්නකෝ වෙලාවක් මම අම්මාට කියන්නම් 2012 ‍වෙනකොට ගෙදර උළුහවු ‍ටික ලොකු කරලා තියන්න කියලා :P

    ReplyDelete
  14. එක දිගට බත් නොකා මසාලා තෝසේම කාලා බලන්න මොකද වෙන්නේ කියලා.
    මම නම් ඉංදියානු කෑම කඩ ලගින් වත් ගියේ නැ පහුගිය මාස 5 තුළ.

    ලංකාවේ තියෙන ගොඩක් ඉංදියානු කෑම කඩ දකුණු ඉංදියානු හුරුවට නේද හදන්නේ. කෑම සැරට තියෙනවා නේද?

    එත් අනික් පැතිවල සැරට කන්නේ නැ.
    දමිළ, මලයාලම්, කන්නඩ අය හැරෙන්න අනෙක් ප්‍රදේශවල අය නම් අපි වගේ සැරට කෑම ගන්නේ නැ.

    අනික ලොකුවට ලොකුවේ හම්බවෙන මසාලා තෝසේ එක කොයි වෙලාවේ ඉවර වෙයි කියලා තමයි මම කල්පනා කරන්නේ නිතරම.

    අවුරුද්දක් විතර කාලා බලන්න වෙන දේ.

    හැබැයි ඔය තෝසේ ට වඩා හොදයි "අලු පාරාතා සහ මුදවපු කිරි". හිංදියෙන් අලු කියන්නේ අල. (හික්! අපි නොදන්න හිංදි)

    කොහොමත උනත් මේක සාමාන්‍ය පරාටා රොටියට වඩා ලොකුයි, මැද්දේ අල. කන්නේ මුදවපු කිරි එක්ක. ඒක නම් මරු. ;-)

    ReplyDelete