විදේශගත වී තම ආර්ථික ගැටළුවලට පිළිතුරු හොයන්න බලාපොරොත්තු වෙන විවිධ චරිත ලක්ෂණ සහිත තරුණයෝ පිරිසක් ගැනයි මේ කථාව කියන්නේ. නීතියානුකූලව කිහිප වරක්ම වීසා ගැනීමට උත්සහ කරත් නොලැබෙන විට අයථා මාර්ගයකින් හෝ ඒ අරමුණ ඉටු කරගන්නයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. ඇත්තටම බොහෝ අවස්ථා වල චිත්‍රපටයේ හාස්‍යය මතු කරනවා. නමුත් පුද්ගලිකව හිනාවෙන හැම වෙලාවකම මගේ හිත ඇතුලේ කෙනෙක් කෑ ගහලා කිව්වා උඹලා හිනා උනාට ඔය තත්වෙට පත් වුණ අසරණ මිනිස්සු ඕනි තරම් ඉන්නවා කියලා.
හිතන්න මේ ලියන මමවත් කියවන ඔබවත් ගෙදර ගියහම ගෙදර වහල අතුරුදහන් වෙලා තියෙයිද? නැහැ නේද? අපිට මුදල් ඕනි උනාම අපි පේමන්ට් එකේ දොඩම් විකුණන්න යනවාද? නැත්නම් මුදල් අවශ්‍යතාවයකට අපේ වකුගඩු විකුණන්න අපි ලෑස්තිද? එහෙමත් නැත්නම් විදේශ රටකට යන්න වීසා ලබා ගන්න දසසිල් වෙන්න උත්සහ කරනවාද අපි? එහෙමත් නැත්නම් විදේශගත වෙන්න අයථා ක්‍රම හොයනවාද අපි? නැහැ නේද ? මම දන්නවා මේ බ්ලොග් කියවන බොහෝ දෙනෙකු විදේශ ගත වෙනවා නම් යන්නේ ඉගෙන ගන්න උපාධි ගන්න නැත්නම් පශ්චාත් උපාධි එහෙමත් නැත්නම් ලංකාවෙදි ගත්ත උපාධියට ගැලපෙන ඉහළ වැටුපක් සහිත රැකියාවක් හොයන්න. එහෙම අයට විසාගන්න එක මහා අමාරු වැඩක් වෙන්නේ නෑ. ඒත් අවශ්‍යතා සහිත යන්න කැමති බොහෝ දෙනෙකුට යන්න අවසර නෑ. ඉතිං මේ රටේ ඉදලා ඒ ගැටළු විසදෙන්නේ නැත්නම් හොරෙන් හරි වෙන රටකට බැරිනම් අපායට හරි ගිහිං තමන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන එක වැරදී කියන්න අපිට බෑ...
ඒ විදියේ අනේක විධ ගැටළු නිසා විදේශගත වුනු පිරිසකගේ සූකෂම ක්‍රියාවලියක් තමයි මේ චිත්‍රපටය පුරහම මම දැක්කේ. මන්දා මට නම් එහි මා දුටු සියළු චරිත වටා තවත් අතුරු කථා බොහොමයක් මැවුනා. ඒ සියල්ල අනුවේදනීයයි...දොඩම් විකුණන ස්ටැන්ලි.. හොටලේ වැඩ කරන තරුණයා.. වමේ දේශපාලකයාගේ පුතා.. සොහොනේ මීනී වලවල් කපන මනුස්සයා.. ජස්මින් හා ඇගේ සැමියා.. තම බිරිදගේ අසනීපය වෙනුවෙන් විදේශගත වෙන්න උත්සහ කරන පියා හා පුතා.. පොලිස් නිලධාරීන්... හෝටලේ පවිත්‍රතා නිළධාරී සුරේශ්... එතකොට සිංදු කියන කොල්ලෝ... මිනිස්සු පිට රට යවන්න සල්ලි එකතු කරන්නා... කොටින්ම අර රට හරක් ටික පවා... ඔය සියල්ලන්ගේම ජීවිත හරිම ශෝචනීයයි. මුඩුක්කුවකට ගොඩවෙලාවත් නැති අපි සෙලෝලයිට් පට වලින් බලනවටත් වඩා සමහර විට ඒ ජිවිත අසරණ ඇති...
හැන්ඩ්බෝල් සෙල්ලම් කරන්න තියා එහි නීතිවත් නොදැන ඔවුන් සිය ජිවිතය වෙනුවෙන් ගන්න තීරණ හරි කියන්න අපට බෑ... ඇත්ත ඔය වගේ වැඩ වලින් අපකීර්තියට පත්වෙන්නේ අපේ රට... නමුත් අපට හෝ රටට බැරි නම් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න.. ඔවුන් කරන දේවල් වැරදීයි කියන්නත් අපිට අයිතියක් නෑ... සමහර විට ඒ ප්‍රශ්ණ තවත් නරක අතට හැරෙනවා වෙන්න පුලූවන් ඒත් ඔවුන් කරන්නේ ඔවුන්ට කලහැකි හොදම දේ නෙවෙයිද? චිත්‍රපටය බලා අපට පුළුවනි බනින්න අපේ රටේ වැරදි පෙන්නවා කියලා නමුත් ඒ ඇත්ත නම් ඇත්ත තිත්ත නම්??
සමාවෙන්න මේ සටහන පැටලිලි සහිත ඇති...චිත්‍රපටය ඇත්තෙන්ම මාව ඕනාවටත් වඩා සංවේදී සිතුවිලි අතර පැටලෙව්වා.. සමහර අය කියයි අපෝ ඕක මොකක්ද හිනා වෙන්න හොද කොමඩි එකක්... බලලා අමතක කරන්න විතරනේ තියෙන්නේ කියලා...ඒත් අනේ මන්දා තාමත් ඒ චරිත මගේ හිතේ ලැගුම් අරන් හරිම අසරණ විදියට මගේ හිත ඇතුලේ එකපැත්තක හොල්මන් කරනවා...චරිත වලට පණ පෙවු නළු නිළි කැලගේ හා අධ්‍යකෂකගේ දකෂතාවය නිසා වෙන්න ඕනි. කොහොම උනත් "මචං" නිර්මාණය කල සැමට මම ස්තූති වෙනවා. මම රසවිදි තවත් චිත්‍රපටයක් බවට "මචං" පත් කලාට.
පසු සටහන
*ඇත්ත ලංකාවේ සිනමාව තුල බොහෝ විට කථා වෙන්නේ අපේ බැරි කම හෝ වැරදි තමයි. ඇයි ද දන්නේ නෑ.. 1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගත් හැටි... සුසන්තිකාලා.. ශෙහාන් අබේපිටියලා ගැන අපේ සිනමාවේ ඉඩක් තවමත් වෙන් වෙලා නැත්තේ....
************
හිතවත් මගේ මරණය, ඇපල් අච්චාරු පිළිබදව දුන් ඔත්තුවට බොහෝම ස්තූතියි. කියලා ගොඩක් කල් උනාට අද තමයි රස බලන්න අවස්ථාවක් ලැබුනේ...ඇත්ත හරිම රසයි. අනිත් අයත් කාලා බලලා කියයි.
අමතක කරන්න එපා අක්කේ , මචO ෆිල්ම් එක සත්ය කතාවක් ඈසුරින් නිර්මානය කරන්න ලද්දක් කියලා....අදටත් එ මිනිස්සු ජර්මනියේ කොහේහරි ඈති...
ReplyDeleteමමත් කලින් ඕක ගෑන කිවනේ...
http://wsvperera.blogspot.com/2008/10/o.html
ඔච්චර දේවලුත් කරගන , බලදාරින්ගේ කනින් රින්ගලා යන්ඩ තරම් කොච්ච්ට දක්ශකමක්ද එ පිරිසට තිබ්බේ...
ඔයත් අක්කෙ එ තත්වේ හිටියනම් ඔයාටත් තේරයී එ වෑඩේ හරි කියලා...,එදා වේල හොයාගන්න බෑරිව ඉන්න අය , පිටරටට ගිහින් අඩුම තරමේ ලoකාවේ ඉන්න තමන්ගේ දරුපව්ලවත් පොශනය කරනවා...එක කොච්චර හොදද ? ,
මේකනේ , එ ගොල්ලෝ මුලින්ම නිතියානුකලව යන්නත් හෑදුවනේ . එක ඉඩදුන්නේ නෑති හේතුවත් හරිම අසාදාරන නේ ? , ඉතින් භාදා වලින් නොසෑලි තම අරමුන කරා යන සාර්තක ගමනක්.... එහෙම නේද ?
ඔයත් මම වගේ පන්තියක් කට් කරලද , එයත් එක්ක ෆිල්ම් එක බෑලුවේ... ?
අනේ ඔක්කොම එක මුට්ටියකට දාන්න එපා. ලංකාවෙන් පිට වුනු අය අතරෙ තවත් කොටස් ඉන්නවා. සමහර අය ලංකාවට ආදරෙයි. නමුත් දේශපාලන ආදී නොයෙකුත් හේතූන් නිසා පිටවෙන්න සිදු වුන අයත් ඉන්නවා..
ReplyDeleteමම සීමාවාසික වෛද්‍ය නිලධාරියෙක් හැටියට නුවර ඉස්පිරිතාලෙ 12 වාට්ටුවෙ වැඩ කරා. මගේ බොස් බී ඩී ධර්මසේන මහත්මයා. මම බොහොම ආසාවෙන් වැඩ කලේ. අහිංසක ගැමියන්ට මම හරි ආසවකින් සැලකුවෙ. දවසක් මගේ බොස් වෝඩ් රවුන්ඩ්ස් කරල ගියාට පස්සෙ, ආවා මංත්‍රී තුමෙක්. මේ 1971 අවුරුද්ද. මංත්‍රී තුමාගෙන් ගජයෙක් වාට්ටුවෙ ඉඳල - මට නම් ඔක්කොම එකයි. බොස් ගියාට පස්සෙ හෝ ගාල වැඩ. සීමාවාසික කියන්නෙ පන යන්න වැඩ නේ. මම දාඩිය දාගෙන වැඩ. මංත්‍රී තුමාගෙ හෙංචයියෙක් ඇවිත් මට කිව්ව අන්න .... ඒ මහත්තයගෙ ආසනයෙ නම කියල " ............. ,අන්න මන්ත්‍රී තුමා ඇවිත් ඉන්නව කියල. මමත් කිව්ව හා හොඳයි කියල ලෙඩාගෙ තොරතුරු කිව්ව. බැලින්නම් මංත්‍රී තුමාට ඕන වෙලා තියෙන්නෙ මාවත් මංත්‍රී තුමාගෙ පිටිපස්සෙන් එන්න. මට යකා නැග්ග.. මගේ බොස් නෙවෙයි, මට හෝ ගාල වැඩ, මේ මිනිහට පිරිවරක් ඕනලු ලෙඩා බලන්න. මමත් බැන්න. මගේ ඇටකටු පොඩිකරනව කියපි මංත්‍රී තුමාගෙ ගජයො ටික. කිව්ව වගේම මේ නරි රැල එක එක තැන්වලදි මාව කොටු කරන්න බැලුව. එනපොට හරි යන්නෙ නැහැ, දවස් තුනකින් නවසීලන්තයෙ ඉස්පිරිතාලෙක ජොබ් එකෙක් හොයාගත්ත. පැදුරටත් නොකියා ආව. මම මෙහාට පාත් වුනේ එහෙමයි. ඒ වුනාට මම රටට ආදරෙයි. ඔය ඇපල් අච්චාරුවට වැඩිය රහයි ඇඹරැල්ල අච්චාරුව.
මච්ං මාත් බැලුවා. හොඳ Film එකක් තමා. අපේ රටෙන් පිටරට යන්න හදන මිනිස්සු එහෙම යන්න හදන්න කරන තරම් කැපවීමක් මේ රටේ ජීවත් වෙන්න කරන්නේ නැහැ. එහෙ ගිහින් ජොබ් දෙක තුන කරන අය මෙහෙ ඉන්නේ නිකන්.
ReplyDeleteනරක ගැන Film හදලා පෙන්නන්න කාගෙන්වත අවසර ඕනෙ නැහැ ඒත් හොඳ ගැන පෙන්නන ගියාම නීතිමය ගැටළු ඇතිවෙනවද කොහෙද. සුසන්තිකා ගැන හදපු Film එක පෙන්නනේ නැත්තේ මොකද්ද නඩුවක් නිසා මන් හිතන්නේ. අනික ඉතින් අපේ රටෙ වැඩිපුර වෙන්නේ නරක දේවල්නේ කලාතුරකින් තම ඉතින් හොඳ දෙයක් වෙන්නේ
ස්තූතියි ස්තූතියි ඇපල් අච්චරු ප්‍රතිචාරයට.
මලී අක්කේ ( අක්කා කිව්වට තරහා නෑනෙ ) මම හිතන්නෙ අපේ රට චාටර් උනත් නරක ගැන චිත්‍රපට සෑදීමේ වැදගත් කමක් තියෙනවා... එතකොට හැමෝටම හිතන්න යමක් ඉතුරුකරනවා.. මට නම් තාම වැඩ අස්සේ බලන්න වුනේ නෑ.... අනිවා බලන්න නම් යනවා....
ReplyDeletePriyankara - ජර්මනියේ නෙවෙයි යුරෝපයේ වෙන වෙන රටවල ඇත්තේ..ඇත්ත ඇත්ත..මගේ සටහනේ කොතනකවත් මම කියලා නැහැ එයාලා කරපු වැඩේ වැරදියි කියලා..මොනවා උනත් ඇත්තයටම මට සතුටුයි එයාලා ගැන.
ReplyDeleteMr.Sarath - අනේ නැහැ. වරදවා වටහා ගන්න එපා. මම කථා කලේ මේ චිත්‍රපටයට අදාල පිරිස ගැන විතරයි. අනික මම කෙනෙක් ලංකාවෙන් යන එක වැරදියි කියලා කියන්නේත් නෑ. ලොකේ කොයි රටට ගියත් මව් රටක් කියලා එකයි කෙනෙකුට තියෙන්නේ.. ඒක නිසා කොයි දීපංකරේ ගියත් මුල් ටික ලංකාවේ කියන්න මම දන්නවා. හරිම කණගාටුයි ඔබතුමාගේ කථාව ගැන නම්...ඔන්න ඉතිං කබාසීනියා ඔලමොට්ටල මානසිකරෝගී දේශපාලුතුමෙක් අපේ රටට කල සේවය දකෂ වෛද්‍ය වරයෙකුට රට අත ඇරලා යන තැනට වැඩ සිද්ධ කලා. ඇත්තෙන්ම ඔබතුමා ගැන දුකයි.
හික් හික් අච්චාරු ගැන මං තරම් හොදට ඔබ දන්නවාද?
http://abnormalminds.blogspot.com/2008/09/blog-post_21.html
Ma - ඒක ඇත්ත හැබැයි. පිටරට ගිහිං පාර අතුගාන මනුස්සයත් ලංකාවට ඇවිත් ජීවත් වෙන්නේ එහේ තානාපති වෙලා ඉදලා ආවා වගේ නේ. වරදක් කියන්නත් බෑ..මිනිස්සුන්ගේ මානසිකත්වය හා ජීවන රටාව...පව් ඉතිං....
හික් හික් ආයේ අළුත් අච්චාරුවක් හොයා ගත්තොත් කියන්න හොදේ..
ආගන්තුකයා - අයියෝ මම දැනටම නැන්දා කෙනෙක් ඉතිං අක්කා කියන එක මොකක්ද?සුළු දෙයක්! ඒත් මම ඔබතුමාගේ profile එක බැලුවා. ඒකට අනුව නම් මම නංගි හිකිස් මට 21යි ... ඔව් ඔව්..ඒ වගේ වැරදි පෙන්වන නමුත් හිතන්න/සංවාදයට යමක් ඉතිරි කරන හොද චිත්‍රපට අපේ රටේ බිහිවෙනවා.. අනේ පැය 1 1/2ක් වගේ කාලයක් තමයි ෆිල්ම් එක තියෙන්නේ ඉතිං වෙලාවක් හොයන් ගිහින් බලන්න.
ReplyDeleteඇත්තටම නිත්‍යානුකූලව රට යන්න හදන අයට එම අවස්තාව සමහර වෙලාවට ලැබෙන්නේ නැ.
ReplyDeleteජුලී මාසයේ කැනේඩියානු මහකොමසාරිස් කාර්‍යයාලයට පැමිණි තරුණයෙකුට විසා ලැබුනේ නැ.
ඔහු ආවේ කැනඩාවේදි මියගිය ඔහුගේ පියාගේ දේහය යළි මෙරටට රැගෙන ඒමටයි. කැනෙඩියානු පොලිසිය අදාල කටයුතු කර දේහය එවන්න ලක්‍ෂ 20ක් ඉල්ලන වාලු. ඔහුට එරටට යන්න යන්නේ ලක්‍ෂ 1.5 පමණ. [ඔහු පැවසු පරිදි]
පියාට PR තිබිලා. එදින සවස් යාමයේ මා දුටුවෙ ඔහුට විසා නොලැබි ඇති සෙයකි.
නමුත් එදින පැමිණ සිට අවුරුදු 60, 70 දෙමළ කාන්තාවක් ඉමහත් සතුටින් විසා ලබා පිටව ගිය අතර ඔවුන් විසා ලබා ගැනීම සඳහා අප තරම් සහතික ඉදිරිපත් නොකළ බව හොදාකාරව දුටුවෙමු.
එතනට සංචාරක විසා ගන්නා අයගෙන් 3% පමණයි සිංහල අය. මට නම් ඇත්තටම තරහක් ආවේ.
ඒක දෙමළ ගුහාවක්.
අනික මේ අය රට ගිහින් කරන්නෙත් අපේ රටට විරුද්දව පෙළපාලි යන එක පිකට් කරන එක. මතකනේ අපේ ක්‍රිකට් කණ්ඩායමට කැනඩා සංචාරයේදි වෙච්ච දේ.
මලී නගා,
ReplyDeleteඕකට කියන්නේ ඇපල් අච්චාරුද කියලා නම් දන්නේ නෑ..ඒත් අපිත් ඇපල් කන්නේ ඔහොම තමා..:p තව ඔය ඇපල් නිකං අඹ වගේ හොදි උයන්නත් පුළුවන්..
ග්‍රීන් ඇපල් විතරක් නෙවේ අපි පේර කන්නෙත් ඔහොමයි :D
මමත් මේක බැලුවා. ආයෙත් බලන්න හිතයි. කිසිම තර්කයකින් තොරවම මටත් මලීට ආපු පුරස්ණ ටික ආවා. හිනා වුණාට ඇත්තටම අඬන්න වෙන කතාවක් තමයි ඇතුලෙන් යන්නේ. ලංකාවෙම ඇතුලෙ අවම ආර්ථික මට්ටමක පිරිසක් ගෙවන ජීවිතය ගැන මේ චිත්‍රපටියෙදි හරිම යථාර්ථවාදීව කතා කරනවා. මේකෙ පෙන්වන අන්ත දුගී පරිසරය මම ඇත්තටමත් දැකල තියෙනවා. කොළඹ මොන ටවුමෙන් වුණත් ටිකක් ඇතුලට යද්දි මේ වගේ පිරිසක් ඉන්නවා. එයාල තමයි අර නාගරික පොහොසත් දෙවිවරුන්ගෙ කුණු සුද්ධ කරන, ජරාව අදින වැඩ කරන්නේ. යුද්ධෙ ඉවර වුණාම අපට තියෙන ඊලඟ ප්‍රශ්නෙ දුගී බව නම් මෙයාලට සුභ අනාගතයක් තියෙයි.
ReplyDeleteමම මේක ගුගල් කලාමයි දැක්කේ imdb එකෙත් මේ ගැන තියෙනවා. බලන්නකෝ.
මේකෙ රඟපෑම් ගැන කියන්න දෙයක් නෑ. සුළු චරිත වලට වුණත් පෙනී ඉන්නෙ දක්ෂ නළු නිලියන්. සමහරු විනාඩි කීපයක් විතරයි පෙනී ඉන්නෙ. ස්ටැන්ලි විධියට රඟපාන ධර්මප්‍රිය ඩයස් සහ ඔහුගේ මස්සිනා සුරේෂ් විධියට රඟපාන දර්ශන් ධර්මරාජ් (අර පුකේ ඇබයක් ගහගෙන ඉන්න කෙනා :D) විශිෂ්ඨ රංගනයක යෙදෙනවා කියල මට හිතෙනවා.
Danishka - ඒකනේ නීතියානූකුලව යන්න අවසර නැත්නම් හොරෙන් යන එක වලක්වන්න බෑ.. පව් අර කිව්ව තරුණයා. අපොයි මමත් අහලා තියනවා කැනඩාවෙ වැඩි වශයෙන් දෙමළ අය ඉන්නවා කියලා. අනේ ඇයි ඉතිං මේ අය අපේ රටේ ඉදන් ගිහින් අපිට විරුද්ධවම සටන් පාඨ කියන්නේ?අනේ මන්දා
ReplyDeleteSu - අනේ අක්කා මම ලංකාවේ හැදෙන පලතුරු වල අච්චාරු ඇරෙන්න වෙන එව්වා කාලා නෑ. ඇපල් නම් කෙලින්ම සේදුවා කැපුවා කෑවා විදියට තමයි කාලා තියෙන්නේ...ඒ නිසා මේ විදියට කාපු පලවෙනි වතාව. අඩේ අඹ වගේ ඇපල් උයලා කනවා? අනේ පොඩ්ඩක් විස්තර කරන්නකෝ....
හේහේ අපිත් කිලෝ පේර කනවා ඔය විදියට...
Ha - මටත් නම් ආයේ බලන්න හිතෙනවා ..වෙලාවක් තමා නැත්තේ.. :( දක්වපු අදහස් වලට බොහොම ස්තූතියි ඔබතුමාට.
අපි අර පේර වැඩේ ට්‍රයි කරල බලමු. කොහොමත් දැන් ඔය පේර විකුනනේ කෑලිකපල ලුණු කුඩු දාලනේ.
ReplyDeleteMa - ඒකට මිරිසුත් දාලානේ තියෙන්නේ.. අමුතුවෙන් ඉතිං ට්‍රයි කරන්න දෙයක් නෑ.. අරන් කාලා බලන්න. මම නම් කාලා තියනවා.. හැබැයි ඇපල් හීනියට කැපුවට පේර එහෙම කපන එක ලේසි වෙන එකක් නෑ...සෝ විකුණන අය කපලා දෙන විදියට කන එක තමා හොද
ReplyDeleteමම හිතන්නෙ නැහැ අච්චාරු ගැන ඔබ තරම් දන්නව ඇති කියල. මොනව වුනත් මෙහේ තියෙන්නෙ මිරිස් නැති අච්චාරු. ඒව කොහොමද රහ වෙන්නෙ? ඒකයි මම කිව්වෙ ඇඹරැල්ල අච්චාරුව රහයි කියල මිරිස් තියෙන නිසා,ලුනු ඇඹුල් හොඳට තියෙන නිසා.
ReplyDeleteදැන් බලද්දි සේරම ජාති අච්චාරු විධියට කන්න පුළුවන් වගේ. ඔය රාබු, නෝකෝල් වගේ ඒවත් ට්‍රයි කරල බැලුවනම් හරි ;)
ReplyDeleteඅනේ සරත් මහත්තයෝ - කටට රහට කෑමක් කන්න නැති ඔය රටට වෙලා උන්නා මදැයි දැන්වත් නරකද ගම රට බලා ආවොත්...ඔය සුද්දෝ පොරවල් වගේ හැදි ගැරුප්පු වලින් කඩුෆයිට් කරාට රසට කෑමක් කන එකක් යෑ...එන්නකෝ මෙහේ අච්චාරු බේසමක් හරි හදලා දෙන්නම්කො කන්න :P
ReplyDeleteහචිං - ඒ ඒ බැරිවෙන එකක් නෑ අප්පා..ඒවා නම් තම්බලා වගේ ගන්න වෙයි..ඔයා හැදුවොත් අපිටත් කියන්නකෝ! :)
හා... හා... හා... එහෙනම් වැඩේ හරි ගෑණු සාමාන්යයෙන් වයස කියන්නෙ නෑනේද...?
ReplyDelete"ම" ගේ අච්චාරුව නැගලා යනවා... සාමාන්යයෙන් එලවලු වලින් පිපිඤ්ඤා නම් අච්චාරු දානවා... අනික්වානම් තම්බලායි උයලයි විතරයි කාලා තියෙන්නේ...
ReplyDeleteමෙක කියෙව්වාම film ඒක බලන්න බය හිතෙනව නෙ!
ReplyDeleteසරත් ගුණත0ග අය්යා(හරි නම් අ0කල්) මාර ජීවිත කථාවක් නෙ ඉතිං ගෙදර අය මුකුත් කිව්වෙ නෑ ?
ReplyDelete