Monday, November 17, 2008

හිනා වෙන මුහුණු


මොහොතක අස්වැසිල්ලක් ලබන්නට
ගෙවන මේ විකාර රූපී දිවියෙන්
අදුරටම වැද
ගලවා විසි කලෙමි බොරු
වෙස් මුහුණු

අදුරුම ආගාධයේ
මුල්ලකට වී නුඹ
මවා හසරැලි
මා දෙස බලාන උන්නා
එක එල්ලේම

අමතකව
නුඹ අජීවී බව
මටම දුක හිතුනා
මං ගැනම
වෙස් මුහුණුත් මට
හිනාවෙන රග දැන

ආයෙමත් මොහොතකින්
යායුතු බැවින්
ආලෝකයේ
රාජ්‍යයට
පිසදමා කදුළු බිදු
පැළදා ගනිමි නුඹවම

මම සිනා සෙමි
මම සිනා සෙමි
මම සිනා සෙමි
‍ලෝකයට...

මලී 17.11.2008

12 comments:

  1. ඔව් අක්කේ , ඔයා කියන කතාවනම් ඈත්ත , අද අපිත් එක්ක ඉන්න හෑම දෙනාම ඔයවගේ , උඩින් යාලුකම්ට හිනාවෙලා හිටියට ඈතුලින් ඉන්නේ වෙනමම එකෙක්...ඈතුලතින් ඉන්න පුද්ගලයාව හදුනගන්න හරිම අමාරුයී , අදුන ගත්තත් එතකොට පරක්කු වෑඩියී...

    අපේ කස්ටිය කියන විදිහට අද ඉන්න ගොඩක් අය " සුදු හුනුගාපු මලමිනි වගේ " කියලා,එකත් ඈත්ත ගොඩක් දුරට...

    අනේ මන්දා....

    ReplyDelete
  2. ඇයි මෙහෙම වෙන්නෙ කියල හොයා ගෙන් ගියොත් සත්‍යය එලිවෙනවා... අපේම ආසාවල්...

    ReplyDelete
  3. යථාර්ථය එයයි. විශ්වයේ ඕනෑම දෙයක් වෙතින් කිසියම් ආශ්වාදයක් ලබයිද එය අනිත්‍යයි.ඒ අනිත්‍ය වූ දෙය නැත්තටම නැතිවී ශුන්‍ය වී යනවා.නැවත එය හට ගන්නේ නෑ. හට ගන්නවා නම් අලුත් එකක් තමා හට ගන්නේ. ඒත් අපගේ සංඥා මුලාව නිසා අප හිතන්නේ අර පරණ ආශ්වාදයම නැවත ලැබෙනවා කියල.මේ ඇතිවීම නැතිවීම දුකක්.
    කෙගෙස් ධර්ම විසින් මෙහෙයවන සිත මේ අදුරු අගාධය තුල නා නා ඉසව් වෙත අපව රැගෙනයනවා.මෙහි නතරවීමක් නැත.
    ඔබේ පරිකල්පනය පිළිබදව අපගේ ප්‍රසාදය

    ReplyDelete
  4. ඔයා ලිව්ව හොදම කවිය..මේ මගේ පලවෙනි comment එක ඔයාගේ blog එකට දමන

    ReplyDelete
  5. ඔතන මට එකගවෙන්න බැරි කරුණක් තියෙනවා... අපි සංසාරෙන් දුරස් වෙන්න ආසාවන් තුරන් කරන්න කතා කරනවා ඒත් ඒක අද කාලෙ හැටියට කොච්චර ප්‍රයෝගිකද කියන එක තමා වැදගත්.... ජීවිතෙ අරුමයි අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්නෙ... තියෙන අල්ප අත්දැකීම් සමුදායක් තමා තාම මම ලග තියෙන්නෙ ඒ නිසා වැරදි අදහස් ඇති... ඒත් මේ ජීවිතේ ගැන තාම ජීවිතේ පටන් ගත්ත එකෙක් දකින හැටි...

    ReplyDelete
  6. @ ආගන්තුකයා... පුතේ ඒක නිදහසට කරුණක් නෙවෙයි. ඒක යථාර්තයද නොවෙයි. පුතාගෙ පුද්ගලික විද්‍යුත් ලිපිනයට අපවත් වී වදාල, ලෝකයා අර්හත් ඵලයට පැමිනුනු ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටිය පිලිගත් අජාන් චා හිමිගේ "විමුක්ති රසය" පොත එව්වොත් ඒක කියවනවාද? ඒ5 සයිස් පිටු 118 පොතක්. ඒක කියෙව්වොත් පුතාට පෙනෙයි "යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති". මට පුතාට කරන්න පුලුවන් ලොකුම උදව්වත් ඒක. හොඳට කල්පනා කරල, මගේ පුද්ගලික ලිපිනයට ඊමේල් එකක් දාන්න.

    ReplyDelete
  7. Nash- So painful isnt it?

    Priya - අන්තිමටම කියන්න වෙන්නේ ඒක තමයි මල්ලි. මම මං ඇතුලටම එබිලා බැළුවමත් මගේ ළගත් හිනාවෙන වෙස් මුහුණක් තියනවා. අපි ‍හැමෝලගම තියනවා. අපි අසරණයි....

    Mr.Sarath - ආසාවල් ද මවාපැම් ද?

    Mr.Hemajayantha - අදහස පිළිබදව බොහෝම ස්තූතියි. මම මේක ආගමික පදනමකින් හිතලා නෙවෙයි ලිව්වේ නමුත් දැන් එහෙම හිතුවමත් මේකේ අර්ථයක් තියනවා වගේ ස්තූතියි.

    Anony-ස්තූතියි බොහොමත්ම

    Visitor -ඔයා හරි. මෙතනට ආගම ඇදලා ගත්තට..මම මේක හිතුවේ මගේම ඇතුලට ගිහින් එතනදි මට ආගමක් බලපෑවේ නෑ..මගේ හිත මනස හා මම විතරයි හිටියේ....

    MrSarath- මේකයි සරත් මහත්මයා ගැටළුව ඔබතුමා ජි‍විතේ බොහෝ කල් ජිවත් වෙලා ඇසුපිරූ තැන් ඇති කෙනෙක් නමුත් අපි ඒ සියල්ලටම තවම අළුත්. ඒ නිසා‍ ඔබ තුමා දකින මානය හා අපි හිතන විදියේ පොඩි පොඩි වෙනස් කම් තියෙන්න පුළුවන්. ඒ කෙහොම උනත් ඔබ වගේ අයගේ මග පෙන්වීම අපිට වැදගත් නැවත වතාවක් ස්තූතියි.

    ReplyDelete
  8. kill malee.ඔයාවම වෙන්න බලන්න this is my 2nd comment.

    ReplyDelete
  9. Anony - අනේ මට ඔයා කිව්ව දේ තේරුනේ නැහැ

    ReplyDelete
  10. නොලියාම බැරි නිසා ලියන්නෙ. අනිත්‍ය ලක්ෂණය යනු ආගමික මතිමතාන්තරයක් නොව විශ්ව ක්‍රියාවලියකි. හේතුඵල යනු ආගමික මතිමතාන්තරයක් නොව විශ්ව සත්‍යයකි. ඇතිවන හැම දේම නැතිවෙනවා කියන එක ආගමක් නොව යථාර්ථයක්. ඇතිවෙනවා. ඇතිවෙන දේ වෙනස්වෙනවා.වෙනස් වන දේ අභාවයට යනවා. මේ විශ්ව සත්‍යය අපි තරුණද බාලද මහලුද ස්ත්‍රීද පුරුෂද යන්න නොසලකයි. ඉතින් ඇතිවූ යමක් මගේය මමය කියා සතුටින් සිතින් අල්ලාගත්තත් එය ස්වභාවික සිද්ධාන්තය මත අභාවයට යන විට මට ගන්නේ දුකමයි.

    ReplyDelete
  11. හේමජයන්ත - සත්‍ය ලෙස පිළිගනිමි

    ReplyDelete