Thursday, November 6, 2008

කතරක සිහින








කටුමැටි ගෙදර ගඩොලින් නිම වෙන්නයි
වහලේ පිදුරු රටඋළු සෙවනට යන්නයි
තෙල් නැති ලාම්පුවෙ දැල්ලට විදුලිය දෙන්නයි
රට රැකියාවකට මම මේ කතරට ආවයි...

කුඹුරේ නිල් ගොයම සහරා වැලි කදුමත දකින්නයි
වැව් දිය පිස එන පවනේ සුව දූවිලි සුළගින් ලබන්නයි
විහගුන් ගැයූ කිචි බිචි ගී නොමැකී යන්නයි
දිවියේ මේ දුක් හෙට ‍‍පුතු ලොව සරි කරන්නයි...

කළු රත්තරං ළිං තව පිරෙන්නයි
ඒවා මතින් රියාල් කොල මැවෙන්නයි
මාසේ අන්තිමට පඩි පත ලැබෙන්නයි
පුංචි පැළට හෙට පුර හද පායන්නයි...

දිවියේ විඩා මට ‍බෝ කල් නොදැනෙන්නයි
කූඩුව තනා යළි මව් රට යන්නයි
මං එන තුරා පැටවුන් එහි සතුටින් රැකෙන්නයි
උන්ගේ අම්මා දෙවියන් රක්සා කරන්නයි...

පුතුනේ ගියත් තව ගැඹුරට නිරුදක කතරේ
ගතින් නැතත් සිතින් මම නුඹලා ඇසුරේ
පියඹා එමිය නැවතත් ලත් ඇසිල්ලේ
පිය සටහන් තඹා යමි මාවත‍ යළි පෙනෙනා හැටියේ....

මලී
06.11.2008

7 comments:

  1. දහසක් බලාපොරොත්තු ඈතිව , නොදන්නා රටකට යන ගමන සුබදායක මෙන්ම අසුභදායක් වේන්නත් පුලුවන් නේද ? , ම්ම්...මම එහේම කිවේ පත්තර වල මේ මාතෘකාව සම්භන්දයෙන් පලවන ලිපි බොහොමයක්ම අසුභදායක තත්වයක තියන නිසා......
    කොහොම උනත් අරමුණ අවoක නම් ගමනත් සාර්ථක වේවි නේද ?

    ReplyDelete
  2. very nice one ..pretty straight forward but it conveys what needs to be said from somebody who works away from home for home..i like it how he sees things he miss back in sri lanka from his current sights..

    ReplyDelete
  3. ප්‍රියංකර - ඔව් මල්ලි ඒවා නම් ‍එහෙම තමයි නේද? මම වැඩිය දුර හිතන්න ගියේ නෑ..අද දවසේ පිංතූරය වෙනුවෙන් කවිය ලිව්වා විතරයි.

    Twisted - thank you for the comment bro and I'm glad that u like it

    Haresh - අනේ නෑ මම මේක ලියන වෙලේ තමයි බෝ ඒක දාලා තිබ්බේ

    ReplyDelete
  4. ඔබගේ පද බැඳුම් හරිම ලස්සනයි. ඒ අතින් බැලුවම ඉතාම හොඳයි. පුවත් පත්වල දකින්න ලැබෙන, කියවන්න ලැබෙන ආරංචි දැක්කම දුප්පත් මිනිස්සු ගැන උනු වෙනව. පත්තරවල තියෙන්නෙ නරක ආරංචි පමණයි කියල හිත හදා ගන්නව.

    තව තවත් ලියන්න. කියවන්න හරි ආසයි. ඔබට බුදුසරණයි

    ReplyDelete
  5. මැද පෙරදිග රැකියාවලට යන හැමෝගෙම සිහිනය තමයි කවියෙන් කියවෙන්නේ.එත් ඒ සිහිනය සැබැනොවන අයත් ඉන්නවා.සිහිනෙන්වත් නොසිතපු ලෙස විවිද කරදරවලට ලක්ව ආණ්ඩුවේ සල්ලි වලින්ම ලංකාවට එන්නෙ වෙච්ච අය කොච්චර ඉන්නවද?

    ඒ වගේම සිහින සැබැකරගන්න සල්ලි හොයන්න නිති විරෝදි, සදාචාර විරෝදි දේවල් කරන අයත් ඉන්නවා.මේ ලගදි සෞදි අරාබියේදි ලාංකිකයන් තිදෙනෙකුට මරණ දඩුවම හිමි වුනෙත් නිති විරෝදිව සල්ලි හොයන්න ගිහින්. සමහර අය තමන්ගේ ස්වාමි දුවගේ බලපැම මත ආගම මාරු කරන්නේ සල්ලි වලටයි.වැඩ කරන ගෙදර ප්‍රශ්න නිසා ඒ ගෙදරින් පැනලා ගිහින් කවුරු හරි එක්ක එකට ජිවත්වෙන(Living together) අයත් ඔය අතර ඉන්නවා.

    අපි කාගෙත් අපේක්ශාවන් තියෙනවා, හැබැයි ඒවා මුදුන්පත් කරගන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා.රට ජාතිය පාවලාදෙන්න එපා.

    ReplyDelete
  6. සරත් - ස්තූතියි සුභ පැතුමට හා අදහස් දැක්වීමට බුදු සරණයි ඔබටත්

    කැඩපත් - ස්තූතියි අදහස් දැක්වීමට

    ReplyDelete
  7. Hmmmmmm.... me wage duk vidina aya mamath dakka bahrain wala... e aya dakinakota harima duka hithenawa..
    :(
    samahara aya harima asarana vidiyata balala yanthamata hina wenakota e minissu hitha athulen mona tharam dukak vidinawa adda kiyala mata hithuna...
    lassana nirmanayak malee...

    ReplyDelete