Monday, September 1, 2008

අම්මා

මීට අවුරුදු විසි එකයි මාස ගණනකට කලින් දවසක එක්තරා ගැහැණියක් තම ප්‍රථම දරු ප්‍රසූතියෙන් පසුව "අම්මා" කියන නමින් දෙවන වරටත් ඉපදුනා...මම අද කියන්න යන්නේ අන්න ඒ අම්මා ගැන එහෙමත් නැත්නම් මගේ අම්මා ගැන. අවුරුදු ගාණක‍ට පස්සේ මම අද මගේ අම්මා ගැන ලියන්න යනවා...!

මගේ අම්මා
මගේ අම්මා මට අම්මා‍‍....මගේ තාත්තාගේ සුදු නෝනා එහෙමත් නැත්නම් සුනී....ඇත්තටම එයා කවුද? තාත්තාගෙයි මගෙයි ඡිවිත වල පාදම එහෙමත් නැත්නම් කැණිමඩල...එහෙමත් නැත්නම් අපේ හැමදේම....ඇදුම් සෝදලා වේලලා වැඩට ඇදගෙන යන්න අයන් කරලා දෙන එකේ ඉදන්...යන යන තැන පස්සෙන් එල්ලිලා යන හෙවනැල්ල වගේ ඉන්න කෙනා වෙනකම්මත් පරණ ගෙදර වෙනුවට අළුත් ‍ගෙයක් හදන තැනට වෙනකම්මත් එතනින් එහාටත් මගේ තාත්තගේ හයිය...මගේ අම්මා....! මම හොදටම දන්නවා මගේ අම්මා නැතුව වෙන ගැණියක්ව තාත්තා බැන්දා නම් අද ඉන්න තත්වෙට තාත්තා කවදාවත් එන්නේ නැහැ....රුපියල් 13ක් විතරක් සාක්කුවේ තියාගෙන කසාද බැදපු අපේ තාත්තගෙන් අම්මා කවදාවත් රඡ සැප ඉල්ලුවේ නැතුව ඇති....ඒත් පියවරක් හැම තිස්සෙම ඉස්සරහට තියමු කියලා නම් අම්මා කියන්න ඇති....ඒකයි එයාලා අද මට පේන තත්වෙන් ඉන්නේ....අද වෙනකම් හැමෝම අපේ තාත්තට අම්මා ගැන හොද විතරක් කියන්නේ එයා ‍හරිම හොද නිසා වෙන්න ඇති‍.....තාත්තගේ යාළුවෝ එදා වගේම අදත් ඉස්සර වගේම තාමත් ඕනිම දුකක් සැපක් බෙදා ගන්න අපේ ගෙදරට එන්නේ තාත්තට වඩා අම්මා හොද හින්දා කියන්න මම දන්න නිසා...තාත්තාගේ හැම යාළුවෙකුටම එයා ‍හරිම හොද අක්කා කෙනෙක් වෙන නිසා....!
ඒ තමයි තාත්තාගේ ඡිවිතේ අම්මා....එතකොට මගේ ඡිවි‍තේ? සරළවම කියනවා නම් මම අද මෙහෙම ඉන්නේ අම්මා නිසා....එයා මාව බලන්නේ නැතිව මං ගැන හොයන්නේ නැතුව රස්සාවකට එහෙම ගියා‍ නම් මට හොදටම ෂුවර් මම මහා නස්කූනි කෙල්ලක් වෙනවා...,! මගේ අම්මා මගේ හෙවනැල්ල වෙලා මගේ ආත්මය වෙලා මං ලග හිටියා....හැම වෙලාවකම...!එයා මං ඉපදුනු දවසේ ඉදන් අවුරුදු 5ක් යනකම් බැ නොකියා එයාගේ ලේ කිරි කරලා මට බොන්න දුන්නා...එයා දන්න හොදම ස්කෝලෙට දාලා මට ඉගැන්නුවා....11වසරට එනකම්ම මම පන්තියකට ගියත් මං පස්සෙන් ආවා...! මාව මලකට ව‍ඩා හොදට පරිස්සම් කලා....එහෙමයි කියලා අම්මා මා‍ව හිර කලේ නෑ‍....මට වදයක් උනෙත් නෑ‍‍‍....මගේ ඡිවිතේ මට ඕනි විදියට තීරණ ගන්න ඉඩ දුන්නා...ඒත් ඒ තීරණ එයාලා සතුටු වෙන තීරණ බවට පත් කරන්න එයා මට නොතේරෙන විදියට කටයුතු කලා...ඒක මම 100%ක් මගේ තීරණයක් කියලා හිතුවත් පස්සෙයි මට තේරෙන්නේ අම්මා මට මේක මෙහෙම කිව්වේ මේ වගේ හේතුවක් හින්දානේ කියලා‍....තේරෙන බාසාවෙන් කියනවා නම් මම රූකඩයක් මට ඕන විදියට නටන‍...එත් ම‍ට නොපෙනෙන නොදැනෙන විදියට නූල් ටික අම්ම ලග තියෙන්නේ...ඒත් එකෙන් මට දැනෙන බලපැමක් නෑ...ඒකයි මගේ අම්මා හරිම හොද අම්මා කෙනෙක් වෙන්නෙ...!
මට‍ ඡිවිතේ කියා දුන්නේ මගේ අම්මා....තනි දරුවෙක් විදියට තනියම ඡිවිතේට මූණ දෙන්න මාව අර්ධ පිරිමියෙක් කලේ මගේ අම්මා....!පොඩි කලේ මම හැම පුංචි හිත රිදිමකටම අඩද්දි අම්මා තමයි මට කිව්වේ හැම දේටම අඩන්න එපා අපි නැති දවසට ඔයාව නලවන්න කවුරුවත් නෑ ඒක නිසා හිත හයිය කරගන්න කියලා...ඒත් එහෙම කිව්ව අම්මාම අපේ ගෙදර මාළු ටැංකියේ මාළුවෙක් මැරුණත් අඩනවා....තාත්තා පොඩ්ඩක් සැරෙන් කථා කරත් අඩනවා...පොඩි අසනීපෙටත් අඩනවා...! එයා අඩනවා දැක්කම මට ඇඩෙනවා එතකොට එයා අඩන එක නතර කරලා‍ මට අඩන්න එපා කියනවා..!
දරුවෙක්ව පොඩි කාලේ ඉදන් හදන්න ඕනි විදිය මගේ අම්මා හොදට දැනගෙන හිටියා...පොඩි කාලේ වරදක් දැක්කම ඔළුව අතගැවේ නෑ.... හොදට කෝටු පාර දුන්නා මම ගුටි කාපු තරම් දන්නේ අපේ ගෙදර තිබ්බ ‍කෝපි ගහයි බෝතල් මල් පදුරයි....! ඒක කියන්න මම ලැඡ්ඡ නෑ...ගැහුවේ මගේ අම්මානේ...අනික තරහට නෙවෙයි ගැහුවේ කියන්නත් මම දන්නවා...! ගුටි කාලා පැත්තකට වෙලා අඩද්දි ලගට ඇවිල්ලා ඔළුව අතගැවෙත් එයාමනේ....! ඒ දවස් වල එහෙම මාව හදපු නිසයි අද මම මෙතන ඉන්නේ..!
ඉස්සර අපේ අම්මා හැම උපන් දිනේකටම තාත්තාගෙන් ඉල්ලන්නේ සාරි එකක්...කවුරු හරි රට ගියත් කියන්නේ සාරි එකක් ගෙන්න කියලා‍‍‍....ඒ ගෙනාවට අදින්නේ විශේෂ ම වෙලාවක විතරයි ඉතිං තාත්තයි මමයි ඕනි තරම් ඔකට හිනා වෙලා ඇති...අම්මට සාරි උණ කියලා...ඒත් ඒ වෙලාවට එයා කියන්නේ කවදා හරි ඕනි වෙයි බලන්නකෝ කියලා...! දැන් මම එයාගේ සාරි වැඩට ඇදගෙන එනකොට තමයි එයා අපිට උත්තර දෙන්නේ....එක එක එවා ඇදන් යන්න මම ඔවා එකතු කරලා තිබ්බ හින්දා හොදයි කියලා ....ඒ කියන්නේ අම්මා මගේ ඡිවිතේ ගැන හීන බැළුවේ මම ඡිවිතේ ගැන හිතන්න සැහෙන කාලෙකට කලින් ඉදලා නේද?
දෙයියනේ කියලා මට රසට උයන්න පුළුවන්...සමහර යාළුවෝ කැම හදන්න අහන්නේ මගෙන්. අවුරුදු 15 ක් විතර උයලා හොද පලපුරුද්දක් මට තියනවා....ඒ අම්මට පිං සිද්ධ වෙන්න මට මතකයි මම පුංචි කාලේ අම්මා ගෙදරට එන අයට තේ හදන්න මට කථා කරනවා....මම හදලා දුන්නම එයා රස බලල කියනවා දැන් ගිහිං දෙන්න කියලා....කට්ටිය තේ බොද්දි ඇවිත් කියනවා අද තේ හැදුවේ අපේ බබා කියලා ඉතිං කට්ටිය අම්මා හදන තේ එකට ව‍ඩා රසයි කියලා....මම පරිප්පු හොදක් හැදුවත් අම්මා ඒක කන්නේ ‍ඔයා හදන කෑම රසයි කියලා ...ඇත්තටම රස කෙසේ වෙතත් එකෙන් ආ‍යේ පාරක් කෑම හදන්න මට ආස කරවන්නයි එහෙම කලේ... මට ඒවා උගන්නපු අම්මට හාල් ගරලා උයන හැටි කියලා දුන්නේ අපේ තාත්තා ලු...ඒ කියන්නේ බැන්ද අළුත අම්මා උයන්න දන්නේ නැහැලු.....හැබැයි දැන්නම් 20-30 කට‍ උනත් එයා රසටම කැම හදනවා...!
මගේ අම්මා හොද බෞද්ධයෙක්...හැම මාසෙම අපේ ගෙදරින් පන්සලට ගෙනියන දවල් දානේ ඇරුනහම අපේ අම්මා සද්ධ නැතුව කරන පිං ගැන මෙතන මම කියන්නේ නෑ.....එයා බුදු පාණ පත්තු කරනවා හැමදාම හවසට....නමස්කාරය...තුන් සුත්‍ර..විවිධ ගාථා වලට පස්සේ එයා මොනවාදෝ ‍මුමුණනවා....මගේ ඇස් දෙක වගේ ඉන්න මගේ දරුවවයි මගේ ලකී අයියවයි ආරකෂා කරලා දෙන්න...එයා එච්චරයි හැම දාම ඉල්ලන්නේ...!මගේ අම්මා මැරෙන්න බය නැහැලු ඒත්...." මට මැරෙන්න බයක් දුකක් නෑ පුතේ...ඒත් ඔයාව දාලා යන්න බෑ ලෝබයි...මගේ පණත් හරි ඔයත් හරි" ආදරේ උතුරලා යන වෙලාවට අම්මා කියන්නේ ඔය ටික...!
අද මේ මොහොත වෙනකොට මගේ අම්මාගේ හීන වලින් 90%ක් ඉටු වෙලා ඉවරයි...තව එක හීනයයි තියෙන්නේ ඒ එයාට පුතෙක් නෑ...මම එයාට හොද පුතෙක් හොයලා දෙනකම් එයා බලන් ඉන්නේ...ඒ හීනේ මම ඉටු කලේ නැත්නම් එයා බලෙන් හරි ඒක කරවගනී....ඒත් කොයි විදියට කොහොම මොනවා වෙයිද කියන්න කවුරුවත් දන්නේ නෑ...සමහර විට ඉටු උනු දහසක් ප්‍රර්ථනා අතර ඒක හීනයක් විදියටම තියේවී....අනේ මන්දා
ඇයි මම හදිස්සියේම මේ දේවල් කියන්න ගත්තේ‍....අද සැප්තැම්බර් 1 වෙනිදා...මගේ අම්මා කියන ගැහැණිය ඉපදුනේ අද වගේ දවසක....ලියන්න ගත්ත හැමදාකම අම්මා ගැන කවියක් ලියන්න හැදුවත් කවදාවත් එක ඉටු උනේ නෑ... ලියවෙන්නේ නෑ...ඒකයි අද මගේ බ්ලොග් සටහනවත් එයා වෙනුවෙන් වෙන් කලේ...! මගේ රත්තරං අම්මේ ඔයාට සුභම සුභ උපන්දිනයක් ! මම දන්නවා කවදා හරි මට ඔයාව නැති වෙනවා ඒත් එදාට හුළං පොදක් වෙලා හරි ඔයා මං ළග ඉන්න බව මම දන්නවා අම්මේ...! අයේ ආත්මයක් තියෙනවා නම් එදාට ඔයා මගේම අම්මා වේවා‍ කියලා මම පතන්නේ නෑ අම්මේ....ඔයාට පුංචි වේදනාවක්වත් දරන්න බෑ කියන්න මම දන්නවා...ඒ නිසා ඔයාමේ ආත්මෙම නිවන් දකින්න එහෙම නොවුනොත් අනේ මගේ ළගින්ම ඉන්න....ඔයා දන්නවනේ ඔයා ළග නැතුව මට අදින්න ඇදුමක් වත් පිළිවලට අයන් කරගන්න මට බෑ කියලා...!!! බුදු සරණයි මගේ අම්මේ...! පරිස්සමෙන් ඉන්න...! හික් හික් මේක ඔයා දැ‍ක්කොත් මගේ ඔළුව අතගාලා කියන දේ මම දන්නවා...!"මම ගෙදර ඉන්න එක‍්කෙනා..ඔයයි එළියේ ඉන්නේ ඹයා පරිස්සමින් ඉන්න..."
අම්මේ අන්තිමටම මම මෙහෙම කියන්නම් තාත්තටයි මටයි විතරක් නෙවෙයි අපේ ගෙදර බල්ලටත් ඔයාව ඕනි...! දැන් තේරෙනවද ඔයා කොයි තරම් අපිට වටිනවද කියලා ....නපුරි...සැර අම්මි...! ඔයාගෙන් බැනුමක් අහන්නේ නැතුව අපිට නින්ද යන්නෙත් නැති වෙයි කවද හරි ...!
මම නවතින්නම් මම ඔයාගේ
චුටී බබා/පුතා/රන් මැණික


33 comments:

  1. Let me be the first to wish your mother a hapyy supa dupa B'day !

    And tell her that "putha" is already there...

    Lolzzzzzz ... he's just YET to come home.

    Lolzzzz

    ReplyDelete
  2. Chag.......mu (Nash_Node) ethanadith mata issara welane........

    Happy B'day Maleege amma (Magey Nangi Wenna ethi), so now we know, how this girl get spoiled,

    Many happy returns........

    ReplyDelete
  3. @ Jay

    Irisiyaawa.... Irisiyaawa.

    Pahidili Irisiyaawa

    Lol

    ReplyDelete
  4. @ Nash -Thankyou my bro...!
    Lolzzzz Putha... haffooo! be ... echchara watin gift ekak denna amma thaama young wedii! Lolzzz

    @ Jay - thanx jay Bro...
    yep its her 46th Bday

    BTW way that who Nash is.. mona kalannada? hehehe

    ReplyDelete
  5. HOLY JESUS MOTHER FRIKING CHRIST !!!!

    Jay is older than 46...

    DAMN man...what are you? 70 year old limp Di_k or something.

    So you can call me PUTHA as well eh? :-)

    ReplyDelete
  6. yep jay must have call us as putha n duwa... naki pappek oka....:P

    hari nam mama bro newei grand pa kiyanna oni

    ReplyDelete
  7. Quote"grand pa kiyanna oni"

    Yako 68 kiyanne Granpalage wayasakda????

    N_N, dont worry about Limp D_k, it's taken care of by Pfizer.....

    Mehema giyoth meka EK wagey wenawa!!!

    ReplyDelete
  8. Happy B'day maleege amma..May the triple gem bless you..
    Hmm.. aththatama AMMA kiyanne hari puduma vishmayak.. matah amma gana kavi liyanna ona eth kohoma patan gannada kiyala hitha ganna ba..man hithanne amma gana mata nam kaviyak liya ganna bari wei...eth..
    kavikam Nodath mata...
    Wadan dunne mage kaviyata...
    Nubai Amme..

    mata oya anthimata liyala thiyena dewal kiyawaddi as dekata kadulu awa...hithata godak danuna..ithin man tak gala mage ammata katha kara :)
    Ammawa aaaadaaaaren mathak kara kiyanna maleeyo...:)

    ReplyDelete
  9. @ jay oyage wayasa dawasin dawasa wenas wenawada appa? 58 , 68 70 80 kiiyada hari waysa eththatama? 45 da?:S

    ReplyDelete
  10. @ kanch.

    thankyou kanchiye...! oyath amma kenek ne... man wagema duwek ge... ithin mata wada hodata amma kenek gei duwek gei sithuwili oyata denenawa ethi...thanx !

    ReplyDelete
  11. @ malee
    Ane ammoooo ow ow dan nam e sithuwili pirila ithirila yanna danenawa...:D

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. many happy returns of the day maleege amme:)

    malee hitana tharam naraka na balan yanakota :P

    ReplyDelete
  15. malee nangige ammata siyalu pathum ituwana suba upandinayak wewa!!

    @malee- sam ekka seta wela danui awe. verith hinduna ban meka kiyawala. thawa bothalayak aran diya apita. :P

    ReplyDelete
  16. @ kanch - moko akke baba den e tharamatama dagaida? hikzz

    @@@@@ kauda me comments delete kale????

    @parker - ade me mama kohomath hoda ahinsaka guna yahapath derawi thamai harida?
    thanx malli machoo!

    @ Bo thanx bo aiye
    weekend ekaka warenko thaththta kiyala aran denna ubata ekata dekak ma!:P

    ReplyDelete
  17. බොහොම ස්තූතියි හරේ..
    මේක තව සෑහෙන්න ලියන්න තිබ්බා ඒත් ලිව්වේ නෑ ලියාගෙන යද්දි ඇස් තෙත් වෙනවා මට දැනුනා තව ලිව්වනම් ලියන එක පැත්තක තියලා අඩන්න වෙනවා !

    අම්මා ගලක් වෙන එක අහන්න දෙයක් යෑ පුතා ගල් පර්වතයක් නේ..!

    ඇත්තම කියනව නම් මමත් අම්මායි තාත්තයි ගැන හිතලා ඕනි තරම් අඩලා ඇති..වැඩියෙන්ම එයාලා මගේ ලග නැති වෙන දවස් ගැන හිතලා දවසක් මම ඒක මධුට කිව්වම එයා කිව්වේ මම ඒ ගැන හිතන එක නතරකලා නංගි නැත්නම් මට අඩන්න වෙනවා කියලා (එයත් මං වගේ තනි එකා)

    බලාගෙන යද්ද අපි ඔක්කොම හොදට කාලා හැදිච්ච උන්නේ...අද දවල් එකෙක් කිව්වා අම්මා කොස්ස කැ‍‍‍‍ඩෙන කම් ගහනවා කියලා...එහෙම ගුටි කාපු හින්දද මන්දා කට්ටියම එක විදියට හිතන්නේ

    දෙමාපියෝ ගැන කථා කරද්දි මොන ස්පෑම්ද හලෝ...!ඔයාගේ අම්මත් අම්මා මගේ අම්මත් අම්මා...!මතකද ඔයාගේ අම්මාගේ උපන්දිනේට ලිව්ව කවිය...? ඒකට කලින් අපි කතා උනු ‍ඒවා අම්මලා ගැන? එතනට ගියාම තේරෙයි...අපි හැමෝම හරි වාසනා වන්තයි අපි හැමෝටම හොදම හොද අම්මලා ලැබුනා ඒකයි අපි මෙතන ඉදන් ‍මෙහෙම කතා කරන්නේ


    අනේ මන්දා මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මම උපරිම ප්‍රයෝඡන ගත්තේ නෑ එහෙම ගත්තානම් අද මම මෙතන නෑ මීට වඩා ගොඩක් වෙනස් තැනක සමහර විට ....


    දුවගේ අම්මා නෙවෙයි අම්මාගේ දුව හින්දයි මලී මෙහෙමවත් හොදයි කියලා අහගන්නේ...!

    මගේ අම්මා නිවන් දැක්කේ නැත්නම් නිවන් දකින්න වෙන අය නෑ හරේෂ්

    ReplyDelete
  18. මේවා ගැන නම් මොන කථාද අප්පා...ඇඩෙනවා ඕයි ඕක නවත්තනව...hikz hikz...එදා රෑ ඉතින් මම ඔය ගැන හොදට ව‍මනෙ දැම්මනෙ ...ආයෙ මෙටද පරන තැටි නේද මලී...මම මේව කියවද්දි එක අඩුවක් මට තියෙනව කියල තේරුන ..මම ජීවිතේටම ගුටි කාල තියෙන්නෙ එක පාරයි මට මතක විදියට..ඒ මෙකටද කියල මට මතකයි...අපේ ගෙදර තීන්ත ගානව එදා...සුදුපාට ගාල තිබ්බ බිත්තියක මම කළු පාටින් අගල් 6කි විතර දිග අගල් 3නේ විතර පිනසලකිව ඉරි 14ක් ඇන්ද...බිත්තිය පුරාවට..එදා මට අප්පච්චි හරියටම 14ක් ගැහුව..මම කොහොමත් ගෙදර අහිංසකය ඒ නිසා වෙන්න ඇති මට ගැහුවෙ නැත්තෙ..නැත්තම් මොකක් හරි තෙරුම් ගන්න බැරි හේතුවක් වෙන්න ඇති..නමුත් මම තාමත් බිත්ති පුරා අදින්න ආසයි..දකින්න ඇතිනෙ ඔයා කාමරේ..එදා සමහර විට අප්පච්චි හිටපු mood එක හරි නැතුව ඇති...ඇති තරම් බැනල නම් තියෙනව..ඒත් ඉතින් මහ ලොකුවට නෙමේ...මෙනවද පුතා කරන්නෙ වගේ ළාමක කමළා විදියට තමා...ගුටි කාපු නැති එක මට හරි අඩුවක් උනා මෙතනදි...නමුත් ඉතින් අම්මලායෙ හිත්වල මෙනව තියෙනවද දන්නෙ නෑනෙ...කොහොම උනත් මලීගෙ අම්මට සුභ උපන්දිනයක්...අපේ අම්මගෙ ගිය උපන්‍දිනේට මම මෙහෙ තියෙන හොද restaurant එකකට අරන් ගිහින කන්න අරන් දුන්න..අයයත්වත් phone එක හරහ පුටුවක වඩිකරා...කොච්චර මතකයන් නම් තියේද බෙදා ගන්න නම් අපි බදාගෙන ඉන්න නේද???

    ReplyDelete
  19. @ sampath - දැන් ඉතිං බැදපු දවසක වයිෆ් අක්කා ගෙන්වත් ගුටියක් කන්න...එතකොට හරි...! අපි අයියගේ අම්මා ගැන ගොඩක් දන්නවා..!මල් වවන..දරුවෝ වෙනුවෙන් බෝධි පුඡා කරන හරිම හොද අම්මා...!

    මේක බොහෝ දුරට මේ සටහනේ අන්තිම කමෙන්ට් එක වෙයි ඒක නිසා මම අන්තිමටම කියන්නම් අපි හැමෝගේම අම්මලට දීර්ඝායුෂ හා සැනසීම !!!!!

    ReplyDelete
  20. @ Malee - මේක බොහෝ දුරට මේ සටහනේ අන්තිම කමෙන්ට් එක වෙයි !!!!!

    නෑ......එහෙම කරලා කෝමද?

    මනුස්සයෝ.....ඔය අම්මව මේ ජීවිතේදි නිවන් යවන්න එපා.......තමුසෙලා ඒ මනුස්ස දුවව මේ ආත්මෙදි හූරන් කෑව එකේ......එයාට එන ආත්මෙදිවත් සැපක් විදින්න දෙන්න..........

    ReplyDelete
  21. @ J - අනේ ඕයි දන්න තරම තමයි ඉතිං‍‍....දැන් අම්මා මේ ආ‍ත්මේ දුක් වින්දා කියලා ලබන ආත්මේ ඒවා අඩුවෙනවද? ආයේ ආත්මෙක ඉපදුනාම ආයේ මේ ටිකම තමයි හලෝ වෙනසක් නෑ....ඒත් කියන විදියට නිවනින් විතරයි සැනසීමක් තියෙන්නේ...ඒකයි එ‍හෙම කිව්වේ....නැතුව අම්මා එක්ක තරහකට නෙවෙයි...ඡිවත් වෙනකොට නේ දුක් විදින්නේ එහෙමත් නැත්නම් හුරන් කන්නේ..ඡිවත් නොවී ඉන්නකොට එහෙම ප්‍රශ්ණයක් නැහැනේ!

    ReplyDelete
  22. Nangi.....
    issellama ammata siba upandinayak kiyala prarthana karnawa........

    ( tho oka eye mata kiwwwnam mama ammata call karalama wish karnaawa....)

    amma gana me liyala thiyena tika nam harima sanwedi nangi.....habai kathawa aththa..hehehe..umbata weiya amma hondai ban.....hehehe

    ReplyDelete
  23. @ hare - nodaruwa wenna kohomad auu seeya!

    @ Kavi aiya - hari hari ithin ammatai matai dennatama hoda gift ekak aran waren sunday mage PC eka hadanna :P

    apoo mage blog eke ma uba kiuwane mata wada amma hodai kiyalaa thuu nodakin! hik hik hebei amma nam kiyanne eyata wada mama hodai kiyala :P

    ReplyDelete
  24. hehheee.............amma ithin ehema kiyane umbe hitha hadanna.....mama ithin paththa giyath aththa kiyanna epaya...mokada mama ithin mama dannwane dennawama.....hehehe.....
    adoo thoge pc eka hadannai thagi gennai dekak be.....harida...ammata nam onna mona hari gennam..umbata nam mokakwath denne ne....hehehe....

    ReplyDelete
  25. @ kavi aiya - ane budu aiye thegi epa thegi epa Pc eka hadala diyan.... mama iiye full scan ekak demma re eliwenakan karalath iwara neeh hebei eken passe nam blog eka ehema use karanna puluwan una
    hadanna deyak nedda manda ban

    ReplyDelete
  26. oka pc eke nemei ...umbe weredda nangi....umbawa thamai scan karala hadanna wenne........heheheheheheee........

    ReplyDelete
  27. Adoo gal ibba... kata piyagena hitu...mama kiuwane malli enawa kiyanne PC ekata badu kiyala mage newei mallige weredda :P

    ReplyDelete
  28. wastuweeee..........

    dan tamai meka kiyewweeeee...........

    attatama kandulu awa es 2ta......

    ehema unu dewani paara mee....

    1 sare koombiyage article eka....

    2 umbage blog eka.....

    සුභ උපන්දිනයක්

    ReplyDelete
  29. @ Kalu malli - Buru kiwwa pennuwa kiyala... mata mathakai koombiyage article eka... mathakada mamai ubai Bomanui Moon ui eka dige kochchara katha karada kiyala?
    ammala apiwa hema daama adawanawa ban..!
    ah e kiwamai mathak une .. ubalage amma apita kiribath kanna invitation ekak dunna godak dawasakata kalin eka thama valid da danne nehe neda? :D :D

    ReplyDelete
  30. ජාල ලිපියක් කියවලා ඇහැට කදුළු ආව මුල්ම දවස අද...
    පුදුම ලිවිල්ලක්

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. මාර ලස්සනයි. සමහර වෙලවට ඔයාල බලනව අති මේ මනුස්සයා මෙකට පෑන්නෙ කොහොමද කියල.

    මේ Post එක කියෙව්වම Comment එකක් නොදා ඉන්න බෑරි උනා. ඒකයි මේ Comment එකක් දම්මෙ.

    මර ලස්සනයි. එකට ලස්සන කියන්නද නෑත්නම් වෙන වචනයක් කියන්නද කියල මම දන්නෙ න.

    මම හිතන්නෙ මිනිහකුගෙ හිතට තදින්ම කාවදින සිතුවිල්ලක් තම අම්මගෙ ආදරය

    ReplyDelete
  33. මම පොඩි‍ කෙනෙකුට අම්මා ගැන කවියක් හොයන්න නෙට් ආවා. ඔයාගෙ සටහන හොයන ලැයිස්තුවට ආවාම ආයෙ කියෙව්වා. මගේ ඇස් දෙකෙන් කඳුලු ආවා.. ඔයා ලියලා තියෙන විදිහටද
    ? ඔයාගෙ අම්මාගෙ ආදරේ දැනිලාද කියලා හරියටම හිතාගන්න බැහැ..ඒත් දැන් මටදුකයි. ආයෙත් උත්තරයක් දමන්න හිතුණේ ඒකයි. ‍ඔයා ලියන්නම උපන් කෙනෙක් වගෙයි ‍හිතෙන්නේ මට

    ReplyDelete