අද වර්ශ 2008 සැප්තැම්බර් 8 වන සදුදා....මීට පෙර අවසාන සටහන ලිය වුනේ මීට දවස් 4 කට කලින් පටන් ගත්ත මුල දවසට දෙපාර ගානේ ලිව්ව බ්ලොග් සටහන් කිරිම ආයේ ඉබි ගමනට වැටිලද මන්දා...ඒත් පහුගිය දින කිහිපිය පුරහම ගෙදර පරිගනකය පුරවගෙන හිටිය වයිරස් රංචුව අයින් කලාට පස්සේ දැන් පරිගනකය බදාගන්න හිතෙන තරම් නියෙමට වැඩ හික් හික්...ඉතිං බ්ලොග් පිටුවත් ලිව්වා නම් හොදයි කියලා හිතුනා........කියවන්න මගේ අද දවස....:D (ඔන්න දැන්ම කිව්වා ඉතිං මෙලෝ වැඩකට නෑ..)හික් හික්
අද උදේ නැගිටිද්දිම ඇහුනේ වහලට වැහි බිංදු වැවෙන සද්දේ..අමුතුම ලතාවකට....සීතලත් ගාණට අනේ අදත් නිවාඩු උනා නම් කොයි තරම් ශෝයිද....හොදට පෙරවගෙන දෙයියනේ කියලා නිදාගන්න තිබ්බා..අනේ ඒත් ඉතිං රස්සාවල් කරන්නේ අපේ තැන් වල නෙවෙයිනෙ....ඔනි ඕනි හැටියට නිවාඩු ගන්න.....කම්මැලි කම ඇද රෙද්දත් එක්කම තියලා නැගිටලා සීතල වතුරෙන් මුණ සෝදලා අද දවස පටන්ගත්තා.....විටෙන් විට හෙමින් හෙමින් හයියෙන් හයියෙන් වැටෙන වැස්සත් එක්ක හැංගිමුත්තු කර කර කාර්යාලයට ආවා කියමුකෝ....හයියෝ....කාර්යාල පරිගනකය වැඩ නෑ...ඒකට මොනාදෝ වෙලා මම කම්මැලිකම පැත්තකට දැම්මට එයාට අද වැඩ කරන්න කම්මැලි හිතිලද කොහෙද මොනා කරන්නද කියලා ඉතිං කරන්න තිබ්බ වැඩ ටික මම ම කරලා අහවර කරලා දැම්මා...වැහි මන්දාරම හින්දා ඒ වැඩ කෙරෙනුත් නිකම් කෙරෙන නොකෙරෙන ගාණට....අද දවසම හිත මොකක්දෝ මන්දා අර බෝංචි කියනවා වගේ වචන වලින් විස්තර කර ගන්න බැරි අමුතුම හැගීමකින් පිරිලා තිබ්බේ....හැබැයි දැන් මේ වෙනකොට ඒ කියන්නේ දවස අවසාන පැය කිහිපය වන විට ඒ හැගීම අහවරයි...මම හිතනවා අහවරයි කියලා...ඒ ඇරෙන්න වෙන දෙයක් අද සිද්ධ උනේම නෑ....පාඨලි ටයි හෙලා ටයි උපන්දින සුභ පැතුම් පත් අරගැනීම හැරෙන්න....
ආ තව දෙයක් තියෙනවා ලියන්න....මට අද මගේ පාසැල් මිතුරියක් වෙන සිසාරාව මොහොතකට මතක් කරවපු කෙනෙක් මුණ ගැහුනා....හැබැයි ඒ කෙනා නම් පිරිමියෙක්...ඒත් ජීවිත ගමනේ ජීවත් වෙද්දි මොහොතකට මුණ ගැසුන කෙනෙක් විදියට මේ සටහනත් හැමදාම හිදිවි.......ඡිවිතේ සමහර තත්පර කල්පයක් තරම් කල් මතක හිටිනවනේ නැද්ද මං අහන්නේ?
වැහි බීරමත් එක්ක ටික දවසකට පස්සේ පොඩි කවි පදයක් ඔළුවට ආවා ඒකත් ලියලම මේ සටහන නිමා කරනවා....මේක ලියලා ඇති වැඩක් නෑ....ඕපදුප ගොඩක් විතරයි ලියවෙන්නේ....
ජීවිතය ගලා යයි හෙමි හෙමින්
අරුණාලෝක
සඳ කිරණ.. තාරුකා කිණිති සමගින්
විටින් විට
පායන දේදුණු සත් වර්ණ
කියා දෙයි
ජීවිතය ලස්සන බව
මේ දැනෙන
පෙනෙන මොහොතට වඩා
එහෙත් නිමේෂයකින්
දෙනෙත තෙත් වෙයි
ඒ වර්ණ නොව
දිය බිදු පමණක්ම බැව්
දැනෙන විට
මායවකි දේදුන්න
මිරිගුවක් සේම
එහෙත් මොහොතකට
අමතක කර දමා
බහුශ්‍රැත විමර්ශණ
රස විඳිමි ජීවිතය
හෙට මියදුනත් කම් නැත කියා.....!
අද උදේ වැහි පොද මැදින් යන්න සිදු වුනේ, ඇත්තටම තව නිදියන්න තිබබනම් හොඳයි කියලා මටත් හිතුනා. ඇත්තටම අපිට රැකියා, ඉගෙනීම් තිබ්බෙ නැත්නම් ජීවිතේ හරිම boring වෙයි නේද නංගෝ.ඒකනිසා වෙන්න ඇති ඉඳහිට ලැබෙන නිවාඩුවත් මහා.... අස්වැසිල්ලක් වෙන්නේ. දිගටම ලියන්න.
ReplyDeleteදවස් ගැන කතා කරද්දි සමහර දවස් තියනව ජීවිත කාලයක් පුරා අපිට කතා කරන්න තරම් දේවල් ඉතිරි කරන..ඒ දවස් ඉස්සරහට එන හුඟක් දවස් වෙනස් කරනව ලස්සන කරනව..
ReplyDeleteහමුවීමුත් එහෙමයි..
නිසදැස් සංකල්පනාවත් හරි ලස්සනයි..
Kaviya nam Elakiri, kalekin oyage kaviyak dakke,
ReplyDelete"Vahi Bindu valata vatena handa" mawa poddak athithayata aran giya, hari wehi podak wahalaka getana sadde ahapu kalayak mathaka ne, Thnakyou, e nidibara, seethala hengima mathak karala dunnata!!!
@Miss.Bo - ඒක ඇත්ත අක්කේ...අපි නිවාඩු වලට ආස අපිට ඒවා අඩු හින්දයි..ගෙවල් වල ඉන්න අපේ සමහර යාළුවෝ රස්සාවලට කැමති එයාලට ඒවා නැති හින්දයි..ඒ දෙකම තියෙන තැනයි සමබර...ස්තුතියි අක්කේ
ReplyDelete@ BO Bro - ඒක ඇත්ත...හමුවීම් හා වෙන්විම් වලට තමයි නේද ඡිවිතය කියන්නෙත්
ස්තූතියි අයියා
@ Hare - ඔව් අප්පා..මේ බසාව නම් මහ වදයක්...!ඕනි දේ නෙවෙයි කියවෙන්නේ..
ස්තුතියි බෝංචියෝ...බලමු නේද මතවාද ගැන කියන්න තියෙන්නෙත් ඉතිං බාසාව ගැන කිව්ව වගේම දෙයක් තමයි ඇතුවත් බෑ නැතුවත් බෑ හලේ වන්දා
@ Jay - thanks a lot bro..!
oka thamai hemadaama kiyanne oya deepankareta wela inne nethuwa poddak upan ratata paya thiyala yanna kiyala... koheeda pina nehe!
අක්කගෙ සටහනත් නිකන් කවියක් වගෙ තමයි
ReplyDelete@ Asi - hik hik ස්තුතියි අසිත මල්ලි...
ReplyDeletenidaaganna thiyanawanam aye wena monada? :P
ReplyDeleteko mey N_N?? :S
ur supposed to reply to my pm Mr.N_N :P
this is so true btw!!
ReplyDelete