Thursday, September 4, 2008

මමයි මමයි

ස්ථානය - බස් රථයක් තුල
වේලාව - ප.ව 5- 6ත් අතර තප්පර කිහිපයක්
ආදාල පාර්ශව - මම හා මම(සිත)

අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ ඉහත සදහන් වේලාවේ බස් වල සෙනග පිළිබදව...මම හිටියේ බස් එකේ මැදක් හරියේ හිටගෙන..හොද කල්පනාවෙන් වටපිට ගැන....එතකෙට හිත කොහේ මොනා කර කර හිටියද කියන්න මම දන්නේ නෑ.... මේ අපි දෙන්න අතර හදිස්සියේම ඇති උනු දෙබසක් මම රතු හිත නිල් හොදේ

මේ මොන මල වදයක්ද අප්පා අම්මපා.... එහෙන් සෙනග .... රස්නෙයි මේ මගුල් බස් එක යන්නෙත් නෑ... මොන විකාරයක්ද මන්දා

කෑවා කෑවා කවියක් ලියන්න පොඩි අයිඩියා එකක් හිත හිත හිටියේ මගේ මනෝ කන්ද කෑවා..මොකද අනේ මේ බෙරිහන් දෙන්නේ?

ඇයි අනේ කොයි ලොකේද ගිහින් හිටියේ පොඩ්ඩක් බස් එක ඇතුලට එන්නකෝ ඔයාටම තේරෙයි..... මගේ නම් දැන් ඉවසීමේ සිමාව පනින්යි යන්නේ....

හප්පාපාපාපා.......මට දැනුයි මීටර් උනේ... බස් ‍එකේ සෙනගත් වැඩී නේ....දැන් මොකෝ කරන්නේ

අනේ මේ ඔයාගේ මීටරේ.... අම්මපා ගහනවා කම්මුල හරහා පාරක් දත් ටික බඩට යන්න..!

ඉවසන්න දරුවෝ ඉවසන්න...

ඉවසන්න මොනාද ඉවසන්න කියන්නේ? ඇයි දෙයියනේ බස් එකට නැග්ගේ නිදහසේ ගෙදර යන්න මිසක් වෙන එවට නෙවෙයි....

හරි හරි ඔයාගේ වැරැද්දනේ....තව ටිකක් වෙලා ඉවසලා ඉදලා ඒසී එකක නැග්ගනම් මේ කරදර නැතුව කූල් එකේ ඉක්මනට ගෙදර යනවානේ.....

අනේ මේ දැන් ඔවා කථා කරන වෙලාව නෙවෙයි අප්පා... මොනා හරි කරමු මේකා වදයක් වෙන්න කලින්..! මම දෙන්නද හොද ෂොට් එකක්

අපෝ මේ බක පණ්ඩිතයා වෙන්න යන්න‍ එපා මොකෝ ශොට් දීලා වන් ශොට් වෙන්නද? මම කියන විදියට කරන්න....මම ඔයාව කර‍ද‍රෙන් බේරලා දෙන්නම්....පොඩ්ඩක් අහිංසක ගෑණු ළමයෙක් විදියට හිතලා වැඩ කරමු.....

හරි ඕයි කියන කරන මගුලක් ඉක්මනට කරමු

හරි බලන්න දෙපැත්තේ කවුද ඉන්නේ කියලා.. එහාට මෙහාට ඉඩ තියෙනවා නම් පොඩ්ඩක් පැත්තකට වෙන්න...ආ දකුණු පැත්තේ ඉන්නේ ආන්ටි කෙනෙක් නේ එයාගේ පැත්තට වෙන්න පුළුවන්ද බලන්න....අනිත් පැත්තෙත් අන්කල් කෙනෙක් නේ ඒ පැත්තට යන්න එපා....

අනේ මේ පව් අප්පා ආන්ටි ඉන්නෙත් අමාරුවෙන් පේනවනේ එයාගේ බෑග් එකේ ලොකු.... අනික එහෙට මෙහෙට දගලන්න බස් ‍එකේ ඉඩ තියනවා නම් මම වෙන තැනකට යනවනේ....!

හ්ම් හ්ම් ..... මං කියන්නම් ... මුලින්ම බලන්න ඔය සතා මොකාද කියලා.....

මිනිහෙක් බං පිරිමියෙක් මානසික ලෙඩෙක්

චිකේ මටත් එක්ක ලැඡ්ඡයි...! සත්තුවත්තේ ඉන්න ඡරා සතෙක් දිහා බලනවා වගේ නෙවෙයි....ලොකේ ලොකුම හතුරා දිහා බලනවා වගේ බලනවා.....ආයේ ඇගට ආවොත් තෝව මරණවා ‍වගේ මුණකින්.....

හා හරි හරි

අම්මෝ ඒ බැල්මේ රස්නෙනම් මටත් දැනුනා.....හැබැයි වැ‍‍‍ඩේ සාර්ථකයි වගේ මිනිහා පැත්තක‍ට උනා...,!

හුරේ ඡය වේවා...!මේ හිත මං හිතන්නේ ආන්ටිටත් වැ‍ඩේ තේරුණා එකනේ එයත් අර මිනිහව කන්න වගේ බැළුවේ. හොද ආන්ටි කෙනෙක්

හ්ම් හ්ම්...දැන් දැක්කා නේද මං කියන විදියට වැඩ කලාම ලේසියෙන් ප්‍රශ්ණ වලින් ගැලවෙන්න පුළුවන් බව... මම කියන දේ අහන්න හැම වෙලේම...ඔයාගේ තනි කැමැත්තට වැඩ කරන්න යන්නේ නැතුව තේරුණාද?

අනේ මේ යනවා යන්න...මට දෙයියන්ගෙම පිහිටයි ඔයා කියන දේම ඇහුවොත් එක පාරක් ඔයා කියන පදේට නටලා උනු දේ මතකයිනේ....මේ හිත ඔයා මතක තියාගන්න මට ඔයා වගේම තව කෙනෙක් ඉන්නවා මොලේ කියලා....එයාව අඩුවෙන් පාවිච්චි කරාට සම්පුර්ණයෙන්ම අතහැරලා ඔයාට ‍ඕනි විදියට නටන්න මම ලැස්ති නෑ‍‍...ඔයා මේ වෙලාවේ මට ගැල වෙන්න උදව් කලා තමයි ....ඒත් ඡිවිතේ හැම ප්‍රශ්නෙකදිම ඔයාගේ තියරි ඇප්ලයි කරන්න බෑ....

චික් ඇයි මම ඔයාගේ හිත උනේ...ඔයා මහා ඡාරා කෙල්ලෙක් කෙලෙහි ගුණයක් දන්නේ නැති.....ඔයාට ඔනි වෙලාවට විතරයි ඔයා මං ගැන හොයන්නේ....මුළු ලෝකෙම ඉන්න උන්ගේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න ඔයාට වෙලාව තියෙනවා...ඒවට උත්තර හොයන්න මට නිදාගන්න දෙන්නෙත් නැතුව කල්පනා කරනවා.....ඒත් ඔයා අවංකවම ඔයාගේ හිත වන මාත් එක්ක කථා කරලා තියෙනවද?

ඇයි නැත්තේ? මම කථා කරන තරමක් කථා කරන්නේ ඔයා එක්ක නෙවෙයිද? ඔයා එක්ක කථා කරන දේවලින් දාහෙන් පංගුවක් වත් මම මුළු ලෝකෙම අය එක්ක වත් කථා කරලා නැතුව ඇති....

ඔව් මම නෑ කියන්නේ නෑ......ඔයා කථා කරනවා හැම වෙලේම.....නාන්න ගියත් කන්න බොන්න ගියත් කොටින්ම ටොයිලට් එකට ගියත්....ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ගොඩක් වෙලාවට මාත් එක්ක කථා කරන්නේ අනිත් අය ගැන නෙවෙයිද කියලා....අම්මා තාත්තා බල්ලා කොල්ලා කෙල්ල අංඡූ අරයා මෙයා ඌ මූ අර අක්කා මේ අයියා ඒවා නෙවෙයිද? වෙන කෙනෙක් ඔළුවේ කැක්කුමයි කිව්වත් ඔයා ඒක ගැන හිතනවා....කවුරු හරි කථා කරන්න ඔනි කිව්වොත් වැඩ සේරම පැත්තක දාලා ඒවා අහන් ඉන්නවා...එහෙම කරන ඔයා ඔයා ගැන කල්පනා කලාද ? ඔයාට ඕනි මොනාද නැත්තේ මොනාද? ඔයාගේ ඉලක්ක...ඔයාගේ බලාපොරොත්තු....මං දන්නවා ඔයාට එහෙම ඒවා නෑ....ඔයා ඉර පායනවට නැගිටින හුස්ම වැටෙන හින්දා,අම්මලා වෙනුවෙන් ඡිවත් වෙන කෙල්ලෙක්....ඔයාගේ සිස්ටම් හරි අමුතුයි අප්පා....ඔයාගේම හිත වෙලත් වෙලාවකටම මටම ඔයාව තේරුම් ගන්න බෑ...ඔයා හරි සරලයි...ඒ තරමටම සංකීර්ණයි....මටම ඔයා‍ව තේරුම් ගන්න බැරි වෙච්චි එකේ අනිත් අය කොහොමද ඔයාව තේරුම් ගන්නෙ

අනේ ප්ලීස් නවත්ත ගන්න...මට දැන් ඔවා හිතන්න බෑ....මහන්සී......

හ්ම් හැම දාම කියන කථාවනේ ඕක....! ඊළග හොල්ට් එක පානදුර එතනින් මිනිස්සු බහී.... සීට් එකක් හම්බ වෙයි..වාඩි වෙන්න.....ඔයා ඔයාට ඕනි ‍විදියට ඡිවත් වෙන්න මම ඔයා වෙනුවෙන් දරා ගන්නම්....හැමදේම after all I am just only a part of you who always stand beside you...when u need a support...!

thankyou

8 comments:

  1. මොනවා කරමු ද අපි..?
    හඬමු ද සිනාසෙමු ද?
    කා හට කියමු ද අපි..?
    ගැටෙමු ද පලා යමු ද?

    මේක එලකිරි එකේ සමනලී ගෙන් කපලා පේස්ට් කලා..............
    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ.......

    මං හිත එක්ක කථාකරන ඒවා ප්රසිද්ධියෙ කියක්ක බෑ............
    I'm good at fantasizing!!!!

    ReplyDelete
  2. මමත් ඉතින් වැඩ වර්ජකයෙක් එක්ක හැප්පි හැප්පි තමයි ඉන්නෙ.. මිනිහා කොච්චර බලවත්ද කියනවනම් මම විශ්වය,සිත වගේ දරුණු මාතෘකාවක් ගැන දිගන් දිගටම හිතන් යද්දි පොර මට නිදිමත එවනව..හි හි හි..

    ReplyDelete
  3. @ jaya - අඩලා හිනා වෙලා මොනා කලත් වැඩක් නෑ අප්පා...!මොනා කරත් වැඩක් නෑ...

    ඇත්තම කියනවා නම් මට ඕනි උනේ මුල් ටික ලියන්න විතරයි...බස් වල වෙන කරදර ගැන ඒත් ලියවුනේ වෙන එකක්...මොනා කරන්නද යන්නේ කොහෙද මල්ලේ පොල්

    @ Bo - දැන් මේ කථා කලේ බෝද එයාගේ හිතද? බෝ නම් කියන්න තියෙන්නේ...මගේ එකකෙනා නම් මට ෆුල් සපෝට් බට් මමයි කම්මැලි හිත නෙවෙයි

    ReplyDelete
  4. "Ma sithata ahammben..Oba ebikam kala aruma rahasin..." mata e sinduwath mathak una...he he...
    oya hithai mamai nam eka welawakata pissu natanawa thamai...
    matah oya wage hithila thiyenawa...

    ReplyDelete
  5. aththatama hitha kiyanne maara deyak neda?

    habai dan oya katha karanawa kiwwata oyath hithen ne katha karala thiyenne:P hikz!
    ane manda owa hitanna giyoth pissu hadenawa appa!

    ReplyDelete
  6. @ Kanch- aa ban akke.. e song eka mekata gelapenawei? hikzz

    ow ow api hemoma dena ho nodena hithath ekka ambaanekata pissu natanawa thamai

    @ Dhamaz - Yep... mama hithana widiyata ha mage yaluwk methakadi kiuwa widiyata HITHA thamai me loke thiyana lokuma dee.
    ow eka thamai hitha kiyanne amuthu deyak..oya thaniyama inna kenek nam wedi pura oyata eka hodatama denei... kauruwath nethi thenaka 100k wata karan innawa wage innath maha nagarayak meda kaath akuruwath nethi paalu kantharayak mawannath HITHA ta puluwan...
    kohomath man thula nam (mama - Hitha & Brain ) kiyala 3k innawa koi weleth

    @ Ha - oyage shabshakoshaya bohomma kudaai wahama nawa wachana nirmanaya karanna wei hikz

    ReplyDelete
  7. හප්පා..
    හිත ගැන කියනවා නම් මල පනිනවා වෙලාවකට..
    මේ දවස්වල නම් මූ ඉංගිරිසිගෙන්මයි මාත් එක්ක කතා කරන්නෙ..
    මාත් එක්ක After A/L English course එකකට එනවනෙ දැන්..ඇත්තටම මට එපා වෙලා තියෙන්නෙ..ඉංගිරිසියෙන් හිතලා සිංහලෙන් වැඩ කරන්න ගියාම ඉතින් හිතාගන්න පුලුවන්නෙ!!

    ReplyDelete
  8. හිත හිත පුදුමයි අප්පා මේ හිත වෙලාවකට මහාම මහා මලම මල ඉලව්වක් වේලාවකට ඉතින් එකේ අනිත් පැත්ත පුදුමයි.හිත ඉල්ලන හැම දෙයක්ම දෙන්නත් එපැයි එහෙම ගියාම අන්තිමට නවතින තැන හොයා ගන්නත් බෑ අපි වහල් වෙන්න හොඳ නෑ හිතට. හිත හිත අපේ වහලෙක් කරගන්න ඕන.ඒ කියන්නේ "වහල් මානසිකත්වයෙන් තොර සෑබෑ ජීවිතයක් කරා" අපි අපේ හිත මෙහෙයවන්න ඕන එතකොට නම් සැප කනේ :D

    ReplyDelete