Sunday, September 28, 2008

ඉරිදා දවස හා තාරේ සමීන් පර්

අද දවස ආරම්භ උනේ වෙනදාට වඩා පරක්කු වෙලා ඒ කිව්වේ උදේ අටට විතර.. එහෙමයි කියලා කිසි හදිස්සියකුත් නෑ... අද ඉරිදා නිසා කරදර බාධක නැතිව හොද නින්දකට පසුව අවදි උනා.. තේක එහෙම බීලා මුණ හොදන්නෙත් නැතුවම එහෙමම ආපහු ඇඳට ඇවිල්ලා "ක‍ෆ්කා මුහුදු වෙරළේ" පොත කියවන්න ගත්තට ඒකත් බෑ වගේ හිතුනා.. එහෙම්ම ආයෙත් පොඩ්ඩක් නිදාගන්න හිතුවත් ආයේ බෑ කියලා හිතුනා. ඉතිං එළියට ඇවිල්ලා මුණ කට සෝදලා එහෙම අම්මට උදේ කෑම හදන්න ‍ලාවට විතර උදව් කලා...උණූවෙන්ම ඉදිආප්පයි පරිප්පු හොදියි පොල් සම්බෝලයි එක්ක උදේ ආහාරය සප්පායම් වෙලා, අන්තර්ජාලයට සම්බන්ධ උනා. අවකාශේ අපේ මිතුරෙක් විසින් පලකරලා තිබ්බ රූෆ් ටොප් පිංතූර වගේකට වචන ගලපමින් ඉන්න වෙලාවේ තමයි ‍තවත් අන්තර්ජාලයෙන් මට මුණ ගැහුනු අපූරු යෙහෙළියක් වෙන කාංචනා අක්කා කථා කලේ එයා කිව්වා ඒ වෙලාවේ හිංදි චිත්‍රපටයක් බලමින් ඉන්නේ කියලා...මමත් ඉතිං මහ ලොකුවට කිව්වා අපෝ මට ඔවා බලන්න වෙලාවක් නෑ කියලා.. කිව්වට‍ මොකෝ මමත් ගිහින් ටීවී එක දාලා ඉස්සරහින් වාඩි උනා...ලේන් දත් වගේ අලි දත් දෙකක් තියෙන පුංචි පිරිමි ළමයෙක් ගේ කථාවක් "තාරේ සමීන් පර්".

කථාව කෙටියෙන් කියනවා නම් (මම බලපු ටිකේ විදියට ) ඒ ළමයා ‍නේවාසිකාගාරයක නතර වෙලා තමයි ඉගෙන ගන්නේ... පාසලට හා ගුරුවරුන්‍ට අවශ්‍ය විෂය දැනුමෙන් සන්නද්ධ විනයානුකූල ළමයි පිරිසක් බිහි කරන්න. ඒත් මේ ළමයා තරමක් අසාමාන්‍යයි.. අකුරු ලියන්නේ අනිත් පැත්තට.. පාඩම් ගැන කිසිම උනන්දුවක් නෑ.. ඒ ‍වගේම කාත් එක්කවත් කිසිම සම්බන්ධයක් නෑ. හුදකලා ළමයෙක්... ඒත් එයා‍ගේ අයියා බොහොම බුද්ධිමත්, දක්ෂ දරුවෙක්. ඒ වගේම ටෙනිස් ක්‍රීඩකයෙක්. ඉතිං අම්මලත් මල්ලිට වඩා අයියා ගැන අවධානය යොමු කරනවා.... මේ අතර පාසලට අළුතින් එන චිත්‍ර ගුරුවරයා මේ ළමයා ගැන හොද අවධානයෙන් බලනවා... දරුවගේ ගැටළුව හඳුන ගන්නවා. එයාට තියෙන්නේ ‍‍‍රෝගයක් අකුරු ව‍චන ශබ්ධ ආදිය නිසි ලෙස හදුන ගන්න බැරි.. ඒත් මේ දරුවා දකෂ චිත්‍ර ශිල්පියෙක් හා ඒ වගේම හොද මොළයක් තියෙන දරුවෙක් හැටියටත් මේ අනියම් සේවයට පැමණි ගුරුවරයා තේරුම් ගන්නවා... පසුව ගුරුවරයාගේ හා ළමයා‍ගේ කැපවීම් මත දෙදෙනා ලබන ජයග්‍රහනයක් පිළිබදවයි මේ කථාව කියවෙන්නේ..

මම අළුත් හිංදි චිත්‍රපට බලන එක බොහෝ දුරට නතර කරලා තිබ්බේ. කාල වේලාව නැතිකම හා ඒවා බලනවට වඩා ‍ඒ විදියෙම ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන එක හොදයි කියලා දැනුන නිසා...
එත් "තාරේ සමීන් පර්" මගේ ආසම චිත්‍රපට ගොන්නට මම දෙපාරක් හිතන්නේ නැතිව එකතු කර ගන්නවා.. ඒ කථාව ඒ තරමටම මගේ හිතට දැනුන නිසා... අවුරුදු ගනනාවකට පස්සේ චිත්‍රපටයක් බලලා මගේ ඇස් දෙක තෙත් උනේ අද...

ඒ වගේම පසුව අපේ අම්මා කිව්වා මෙවර ඔස්කාර් සිනමා උළෙල‍ට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබෙන්නේ මේ චිත්‍රපටය බව..ඒ ගැන සතුටුයි...‍කලකට පෙර බිහිවුනු "බ්ලැක්"චිත්‍රපටයත් මට මතක් උනා.. චිත්‍රපටය ගැන මට ඔත්තුව ‍දුන්නු කාංචනා අක්කට බොහොම ස්තූතියි...මම කිව්වට වඩා ඔයාලාත් අද බැලුවේ නැත්නම්‍ හොයාගෙන හරි බලන්න.. සොදුරු චිත්‍රපටයක් එය... චිත්‍රපටය අවසා‍නයේ පසුබිමින් වාදනය වුනු ගීතයේ අවසන් පේලියෙන්ම මමත් ම‍ගේ සටහන අවසන් කරනවා
"ඔබ සතුටින් සිටින තැන ඔබේ අරමුණයි"

23 comments:

  1. ඕකෙ දැන්වීම දැක්කත් මට අද බලන්න බැරි උනා. ඇත්තටම කියනවනම් රූපවාහිනියෙ තිරගත උන චිත්‍රපටයක් බලපු කාලයක් මතක නැහැ මට. කෙසේ වෙතත් www.btjunkie.org අඩවිය ආශ්‍රයෙන් යන්තම් ඒක බාගත වෙන්න දැම්මා මේ දැන්.

    මටනම් චිත්‍රපටයක් බලල අන්තිම වතාවට ඇස් වලට කදුලු ආවෙ American beauty චිත්‍රපටය බලද්දි. ඒකත් හොයන් බලන්න හැකි උනොත්. සතුට සොයාගෙන යන පුද්ගලයන් කිහිප දෙනෙක් වටා ගෙතුනු කතාවක්.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හ්ම්ම් මමත් ඔය චිත්ර්පටයක් බෑලුවා . . .
    විභාගෙන් පස්සෙ බලපු පලමු හින්දි චිත්රාපටය
    කාලෙකට පස්සෙ බලපු හොද , අර්තාන්විත එකක් කියල කියන්ඩ පුලුවන්,
    හරියට ඉඩොරයකට පස්සෙ වෑහපු මහා වෑස්සක් වගෙ . . .

    ඈත්තටම ලස්සනයී , විවුර්ත හදවතකින් එක දිහා බලන ඕනෑම කෙනකුට ,
    ඈසට කදුලක් උන්න එක සදාරනයී , ඔයාට වගෙම මටත් . . .

    මටත් ඔයවගෙ කෑපවිමෙන් වෑඩකරන ගුරුවරු හම්බ වෙලා තියනවා, හෑබයී එ අතෙ අගිලිගනටත් අඩුවෙන්,
    තමන්ගෙ දෑනුම මුදලට ටිඋශන් කඩවල සමහර(ක්)ගුරුවරු විකුන්නද්දි ,
    තමන්ගෙ කාලය එ වගෙ අසරන ලමයී වෙනුවෙන් කෑපකරන ගුරුවරු එ සෙවය තුලින් ලබන සතුට කියලා නිමකරන්න බෑරි බව නම් නොරහසක් . . .

    අපෙ රටෙ සෑම ගුරුවරයෙක්ම එ වගෙ උනොත් කොච්චර හොදද ?

    ReplyDelete
  4. හරිම සතුටුයි මේ බ්ලොග් පෝස්ට් එක දැකීමත්. මමත් දෙපාරක් බැලුවා. කඳුලු සලමින් බැලුවෙත්. එක පාරක් තනියම බැලුවා තව පාරක් කැම්පස් යාලුවන් එක්ක බැලුවා. බලලා ඒ ගැන මේ වගේම බ්ලොග් එකෙත් ලිව්වා මතකයි (මාස ගානකට කලින්) ඔයා කියනවා වගේම නංගෝ. හරිම සංවේදී කතා පුවතක්. මට මෙවැනි දරුවන් හමුවී තිබෙනවා.ගොඩාක් ඉවසීම සහ කරුණාව තුලින් මේ දරුවන් තේරුම් ගන්න ලෙහෙසියි. අපේ රටේ සෑම ගුරුවරයෙක්ටම ළමා මනෝ විද්‍යාව විෂයක් හැටියට ඉගැන්විය යුතුයි. ඇතැම් විට එහෙම ඉගැන්නුවත් දරුවන් හරියට තේරුම් අරගෙන ආදරෙන් සියලු දරුවන් වෙනුවෙන් කැප වෙන ගුරුවරුන් හිඟයි.

    ReplyDelete
  5. ලස්සන කතාවක්..
    මමත් අහම්බෙන් බැලුවා (දෙවෙනි පාරට) අද...

    මේක උණු උණුවේ හදපු රටෙන්ම බලන්නත් වාසනවා ලැබුනා..

    සාමාන්‍යන් හිංදි චිත්‍රපට නොබැලුවත් පසුගිය වසර පුරා පොඩි ඇබ්බැහි විමක් උනා වගේ..
    දේසෙ හැටියට වාසෙනේ.. හික්

    @ හරෙෂ් ඇත්තටම සංවේදි කතාවක්

    මට නම් අවසානයේ මතක් උනේ ගුණසිංහපුර හාවඩ් පාසැල ගැන ලියලා තිබ්බ බ්ලොග් සටහන...

    ReplyDelete
  6. shikey mama balala naha...mama habai black nam 3n wathawak withara baluwa...ekanam mal 7i,meheta awain passe aiya gawa thibila 'Chakde' baluwa...ekath naraka naha..mekath hambunoth balanna oney..eth mehe hoya ganna eka thama aula ..lankawe nam kohen hari hoyanna thibba..

    ReplyDelete
  7. මේක බලන්න හිතාගෙන හිටියට අමතක උනා රූපවාහිණියෙ චිත්රපටි බලන එක ටිකක් එපා වෙන වැඩක් මොකද ඒ තරමට වෙළඳ දැන්වීම් යන නිසා. අනික හොඳ චිත්රපටියක් උනාම ඒක වැඩි නේ. ලිබර්ටි එකට මේක එනව කියල කාලෙකට කලින් නම් දැන්වීම් දැම්ම ඒත එන එකක් නැහැ මගෙ හිතේ. අවද දන්නේත් නැහැ.

    ReplyDelete
  8. මමත් මේක බලන්නනම තමයි හිටියේ. එත් තාමත් බලන්න බැරි උනා. පත්තර වලින් හා බලපු අයගෙන් කතාව අහපු නිසා තාමත් ඒ ආසාව තියෙනවා. ලඟදි කොහොම හරි හොයන් බලන්න ඕන. මට මතකයි මේක ආපු දවස්වල බෝ අක්කත් මේ ගැන බ්ගොග් සටහනක් ලියා තිබුනා.

    ReplyDelete
  9. අඩේ බලා‍ගෙන ගියහම මම විතරද කෙහෙද මුල්ම පාරට ඊයේ බලලා තියෙන්නේ....

    @ ද මැල් -අම්බෝ බලන්න නම් හොයාගන්න ඕන ලිස්ට් එකක්ම තියෙනවා අයියේ..වෙලාව තමයි නැත්තේ..හරි මම බලන්නම් හොයාගන්න පුළුවන් උනොත්

    @ ඕකේ - මතක නෑ අනේ..ඔයා කීයක් නම් අහලා තියනවද?
    ඔව් අප්පා අන්තිම කිව්වට මං හිතන්නේ අර චිත්‍ර තරගයේ අන්තිම වෙන්න ඕනි.ඔව් ඔව් අමීර් අන්කලුත් හරිම අගේට හිටියා..ආදරය ගැන වැඩි සදහනක් නැති උනාට මට නම් මුළු දර්ශණයම ආදරණීයයි...ළමා නළුවා නම් සෑහෙන්න දක්ෂයෙක් වෙයි

    @ priya - ඔව් මල්ලි ඇත්තටම හැම ගුරුවරයෙක්ම මේ චිත්රපටය බලලා තමන් තුලත් මේ වෙනස ඇති කරගන්නවා නම් හොදයි කියලා මම හිතනවා..මට මතකයි අපේ ස්කෝල වලත් ඔය වගේ දුර්වල ළමයි හිටියා..ඒත් එයාලා අදකෂයෝ නෙවෙයි..ගුරුවරු එයාලව තේරුම් ගත්තේ නෑ..ඒකයී උනේ...

    ReplyDelete
  10. Ms.Bo - ඇත්තටම ඔව් අක්කේ අපේ ගුරුවරුන්ට මනෝ විද්‍යාව කෙසේ වෙතත් අඩුම ගානේ ළමයි ව පොඩ්ඩක් හරි තේරුම් ගන්න කියලාවත් කියන්න ඕනි...ළමයා කියන්නේ ළමයෙක් මිසක් මහා මිනිහෙක් නෙවෙයි කියන්න අද ඉන්න ගොඩක් ගුරුවරු කැමති නෑ..එයාලට වෙලාවක් නෑ ළමා මනසට එඹිලා බලන්න..ඒකයි කණගාටු...ඔව් මමත් හිතනවා ඒ විදියේ දරුවන්ට හොද ආදරයක් හා අවදානයක් දෙනවා නම් ගොඩක් අපහසුතා වලින් මුදව ගන්න පුළුවන් ඇති කියලා..

    @Mr.Dani- ආහා..එහෙනම් ඔයා සැබෑම වාසනා වන්තයෙක් ස්තූතියි අදහස් දැකීම ගැන

    @ hama - sha...chak de මම ආස තවත් චිත්‍රපටයක් කී පාරක් බැළුවද කියලා වත් මතක නෑ...හොයා ගන්න උත්සහ කරන්නකෝ බැරි උනොත් කියන්න අපි හොයලා දෙන්නම්...ඕක සුළු ප්‍රශ්නනේ...

    @ මාරයා - අපේ අප්පේ ඒ ගැන කවර කථාද ..මමත් මෛත්‍රී භාවනාව කරන ගමන් බැළුවේ..දැන් අළුත් සෙල්ලමක් පටන් අරගෙන සිංදු ගෙන එන්නත් අනුග්‍රහකයෝ ඉන්නවා...ඒ අස්සට නිවුස් ඇන්‍‍‍ඩ් නියුඩ් ‍ඩාන්ස් ආවම ෆිල්ම් එක තියෙන්නේ පැය භාගයයි පැයටම

    @ කසුන් - ඔව් බෝ අක්කත් ලියලා තියනවලු මම ඉතිං අළුත්නේ ඉතිං මම පරණ සටහන් කියවලා නෑ..කොහොම උනත් හොයා‍ගෙන බලන්න උත්සහ කරන්න...

    ReplyDelete
  11. "ඔබ සතුටින් සිටින තැන ඔබේ අරමුණයි"

    ම‍ට ඕක බලන්න බැරිවූණා. ඒත් මලි මේ වචන ටිත මා ව වෙනස් කරයි වගේ ඉස්සරහට....

    ReplyDelete
  12. මචං බ්ලැකී ඔය වචන ටික හරි සරළ උනාට මුළු ජිවිත කාලයකම අපේ අරමුණු ගැනයි කියන්නේ...අපි මේ හැම දේම කරන්නේ අපේ සතුට වෙනුවෙන් නැත්නම් අපිව අපේ හිත සතුටෙන් තියන්නනේ බං...ඒක වෙන්නේ නැත්නම් එතනින් එහාට කථා කරලා වැඩක් නෑ..

    ReplyDelete
  13. අහම්බෙන් වගේ මමත් දවල් 1.30 වගේ රෑපවාහිනිය බලනකොට ඔය ච්ත්‍රපටිය දැක්කා. ඇත්තම කියනවා කථාවේ තේමාව ගොඩක් හොදයි.

    මොකද මේ දවස්වල සමහර නාලිකා වල දරැවෝ ගැන යන වැඩසටහනක ළමයෙක් දගලනවා වැඩි නම් අධි ක්‍රියාකාරි (Autism) කියලා මානසික ‍‍‍‍‍රෝග පිළිබද විශේෂඥයකුට පෙන්නන කියලා කියනවා ඇහුනා. දගලන දරැවන්ව අක්‍රියකරන්න යන ලෝකයක අක්‍රිය දරැවෙක්ව දගලන්න පෙළඹවු කථාව ගොඩක් ලස්සනයි. බලන්න ආසයි.

    ඒක හිතට දුකක් දැනෙන්නේ කවදද ලංකාවේ සිනමාකර්මාන්තයේ මේ වගේ ච්ත්‍රපටියක් නිපදවෙන්නේ කියන එකට.

    ReplyDelete
  14. කියලා වැඩක් නෑ අක්කේ! මේ චිත්‍රපටිය තමයි මම බලපු චිත්‍රපටි වලන් සංවේදීම චිත්‍රපටිය. පටන් ඇරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ අඬන්න පටන් ගත්තා විතරයි, අඬලා ඉවරවුනේ චිත්‍රපටිය ඉවරවෙලා පැයක් විතර ගියාට පස්සේ!

    ඒ විතරක් නෙවෙයි පෙන්නපු නාලිකාවටත් ස්තූති කරන්න ඕනේ! මොකෝ ඒක අපි (අ)කමැතිම නාලිකාව නොවැ! :D

    ReplyDelete
  15. ආ... සුදාරක මල්ලී, ඒ නාලිකාවෙන් නේද ඔයාට ගෙදරට කතා කළේ.. හික් :D

    ඔයා බය උනා කියලා ආරංචියි. ;-)

    ReplyDelete
  16. @ ඩනිෂ්ක අයියා - මලා! ඒක ඔයාටත් ආරන්චිද? හපොයි! කෝ මේ කාලිංගයි නිලක්ෂයි! අහුවෙද්දෙන්කෝ... :D

    ReplyDelete
  17. @ මව් බිමට ඡයම වේවා - ඇත්තටම ඔව් සහෝ..අවංකවම හරි දුකයි අපේ රටේ නිර්මාණකරුවෝ ඔය වගෙ සංවේදී සිදුවීම් පාදක කරගෙන හොද නිර්මාණ නොකරන එක ගැන...කාන්තා නිරුවත හා ප්‍රචණ්ඩ දර්ශණ නැති වුනාට ඉතාමත් ඉහල නිර්මාණ බිහි කරන්න පුළුවන් කියලා ‍පෙන්වන්න පුළුවන් හොද උදාහරණයක් මෙය.

    @ නරකපුතා - ඔව් මල්ලි ඒ අතින් මුළු චිත්‍රපටයම හරිම සංවේදී...හික් හික් ඔව් පුදුමයි ඒත් ඇත්තයි පෙන්‍වුවේ සිරස නාලිකාවේ..ගොඩක් අයට සිරස නම ඇහුනත් යකාතද වෙන හින්දයි නම නොකියම හිටියේ...

    @ ඩැනී - අපිටත් දැනගන්න කියන්නකෝ බලන්න මොකෝ අර හවස 6 වැඩසටහනට හුස්මගන්නේ නැතිව කියවන්න හොද පුතාට කථා කරලද? හිකිස්

    ReplyDelete
  18. @ හොද පුතා, ඔයාට කතා කළ කෙනා අපිට ෆයර්ෆොක්ස් පුවත්පත් සැසියේදි හමු උනා අවුලක් නම් කියන්න :D
    අර මූණ පුරා රැවුල වවපු මහත කෙනානේ :D

    @ මලී, හොඳ පුතාගෙන්ම අහගන්න එක වඩා හොඳයි. මොකද එයා තමා දන්නේ එයාට ඇති වෙච්ච ත්‍රාසය. :(

    ReplyDelete
  19. Irida keepa paraka apiwa adewwa oya Ishan - podi kolla
    Ow api sathutin sitina thana ape aramunai...
    Eth..aramunata yanna.. apita apiwa sathutin thiyayi kiyala hithana ayage adaraya, awadanaya, asura koi tharaum num watinawada...

    ReplyDelete
  20. චිත්‍රපටය නම් ලස්සනයි කියල බොහෝ දෙනා කිවුව. මටත් බලන්න බැරිවුනා. මොකද අපි ටීවි බලනව අඩුයිනෙ. නලින් කිවුව වගේ බාගෙන වත් බලන්න ඕනි.

    ReplyDelete
  21. mata balanna puluwan wuneth anthima 1 hr eka wage.....matath andenawa thawa podden :D

    ReplyDelete
  22. අදයි ආපහු මෙතන මොනවාද වෙලා තියෙන්නේ කියලා බලන්න ආවේ :)

    @ ඩනිෂ්ක අයියා (ඩැනී ;) ) - ෆොටෝ එක පුළුවන් නම් මේල් කරන්නකෝ

    ReplyDelete