:) ඉතිං කොහොමද? හැම දෙනාම සුවෙන් සතුටෙන් ඇතැයි සිතමි. හික් හික්.. ඉස්සර මාසෙකට 10+ වැඩිය ලියවුනු බ්ලොග් සටහන් මාසෙකට 1- 2ක් දක්වා අඩුවෙලා තියන එක ගැන ඇත්තටම හිතට මාරම දුකයි.. ඒත් කරන්න දෙයක් නෑ ඉතිං.. හැමදේම ඇති කියලා හිතෙන කාල එනවානේ.. නෑ ඉතිං තාම නම් බ්ලොග් ලිව්වා ඇති කියලා හිතිලා නෑ තමයි.. ඒත් ඉතිං ලියන්න හිතෙන වෙලාවට ඒ කියන්නේ ලියන්න අදහස් එන වෙලාවට බ්ලොග් එකට දාගන්න බැරි අවුල තමා දැන් තියෙන්නේ... කෙටියෙන් කථාව මෙහෙයි.
අර හෑම ගෙදරකම සිටින මෝඩ කොටුවා.. ඒ කියන්නේ මේ අර ටීවී එක. ආන් එයින් එකක් අපේ ගෙදරත් තියනවානේ.. ඉතිං දශකයකට වැඩි කාලයක් ඕක බැලුවේ අඩි 15 ක් විතර උස ඇන්ටනාවගේ උදව්වෙන්. සාමාන්‍යයෙන් ගත්තම අපේ ගෙදර වැඩි හරියක් ටීවී එක රාජකාරි කරනවා. ඒ කියන්නේ පත්තර පිටුවේ ඉදන් බැලුවත් නොබැලුවත් පාළුවට හරි ඕක දාලා තියන එක අපේ අම්මගේ පුරුද්ද.. මේ තාක් නිතර ටීවි බලන අම්මටත්.. කිසිසේත් නොබලන මටත් ඇන්ටනා හොදටම ප්‍රමාණවත් උනාට මොකද අපේ තාත්තා බලන්නේ ක්‍රිකට් මැච් විතරක් නිසාත් ඒවා පෙන්නන්නේ චැනල් අයි එකේ නිසාත් චැනල් අයි මොන දේ කලත් අපේ පැත්තෙන් අපේ ගෙදරට විතරක් පැහැදිලිව නොපෙනෙන නිසාත් ටෙලිකොම් ලා මේ දවස් වල පියෝ ව නිකං දෙන නිසාත් වහාම ක්‍රියාත්මක වන පරිදි පියෝට එන්න කියන්න කියලා ඉහළින් නියෝග ආවා. අනේ ඉතිං මාත් ටෙලිකොම් එකට ගාටලා දැන් සති දෙකහාමාරකට විතර කලින් පියෝ ව ඉල්ලලා ආවා. එයින් හරියටම සතියක් ඇතුලත අයියලා 2 දෙනෙක් ඇවිත් පියෝ භාර දීලත් ගියා. ඉතිං ප්‍රශ්ණයක් නැහැ නේ කියලා හිතනවද? මොකෝ නැත්තේ! ඒකෙත් මළවදේ මට!!!!! පහුගිය ටිකේ මගේ කොම් පීටර් අසනීප උනුවෙලේ අරන් ගිය ඉස්පිරිතාලෙන් පීටර් ගේ නෙට්වර්ක් කාඩ් එක ගලවලා !! :(( හත් දෙයියනේ මම දන්නෙත් පීයෝ ආව දවසේ !! ඒක නිකං හරියට හොර ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට හොරෙන් ලෙඩ්ඩුන්ගේ ඇගේ කොටස් ගලවනවා වගේ තමා !! මීට කලින් පීටර් ට නෙට්වර්ක් කාඩ් එකක් තිබ්බා කියලා මට හොදටම ෂූවර්..!! ඉතිං දැන් අවුල මේකයි මම නෙට් ආවේ මොඩම් එකෙන්නේ පීයෝ දෑවැද්දට රවුටරයක් අරන් ආවා. රවුටර් එක පීටර් ට පාහන්න බෑ. පෝට් එකක් නෑ. :( ඉතිං ගෙදර අය ටීවී බලන වෙලාවට මට නෙට් එන්න බෑ.. දැන් ගනිල්ලකො නෙට්වර්ක් කාඩ්.. ඒවා ගන්නේ කොහෙද මං දවස් ගානකින් ගෙදර ගේට්ටුවෙන් එළියට වත් ගියේ නෑ.. ඒකට හරියන්න මේ දවස් වල නොබලා හිටිය දවස් වලටත් එක්ක ටීවී බලනවා ඇති කියලද හිතන්නේ? ඔව් 50%ක් එහෙම තමා. චැනැල් 48 ක් තියනවා උනාට කියන්න දුකයි මම බලන්නේ චැනල් 7 යි HBO(4) Discovery(2) WineTv ඒකත් ඉතිං හිත යන මොනා හරි තිබ්බොත් විතරයි. ඩිස්කවරි චැනල් දෙක නැත්තං පීයෝව උස්සලා පොලවේ ගහන්න උනත් මට පුළුවන්. ඒතරම් වැඩකට නෑ (මට නම්) අම්මට වැඩකුත් නෑ (ශක්ති ටීවී පේන්නේ නැහැ නේ හිකිස්! ) තාත්තට නේද? බුහාහාහා!! ඒක තමයි ජොලිම වැඩේ. පීයෝව ඉල්ලද්දිම තාත්තා කිව්වා සැරින් සැරේ ගෙවන්න බෑ ඕක්කොම චැනල් ටික පේන ඒක ඉල්ලන්න කියලා. පීයෝ ගෙනාවට පස්සේ මෙන්න තව 4 කට වෙනම ඕඩර් කරලා ගන්න ඕනිලු.. මං ඉතිං මැට්ටා සේ ඇහුවා ඇයි ඉතිං සේරම ඉල්ලුවම 4කට වෙනම ගෙවන්න කියන්න කියලා.. එයාලා කියනවා ඒක එහෙම තමයි ලු.. මාත් ඉතිං හා කිව්වා. වෙන මොනා කියන්නද නේද?
තව ජොලිම වැඩක් තියනවා.. දැන් අපේ රටේ දේශීය නාලිකා හැම එකකම ඇල්කොහොල්ලා තියා ෆ්රුට් ඡුස් වීදුරවක් තිබ්බත් කොටු දානවනේ.. එතකොට තව ඇහැට රොඩ්ඩක් ගිහිල්ලා පිඹින දර්ශණයක් තිබ්බොත් ඒකටත් කොටු කොටු නේ.. හැබැයි ඉතිං පීයෝට ඒ වද නෑ. වයින් ටීවී එකක් වෙනම තියනවා.. මිදි වත්තේ ඉදං අනිත් හැම දෙයක් ගැනම එකී මෙකී විස්තර එකේ තියනවා.. මං මේ ළගදි බලන් හිටියා හොදට ෂැන්පේන් රස බලන්නේ කොහොමද කියලත් කියා දුන්නා.. එයින් මම තේරුම් ගත්තේ ....1 සල්ලි දීලා ටීවී බලනවා නම් අරක්කු බිව්වට කමක් නෑ..2 වයින් ෂැම්පේන් විස්කි වගේ රට බීම ටීවී එකේ පෙන්නුවට ආණ්ඩුවට බය නෑ (ඒවා රට නේ ) කොයි තරම් හොදයි ද නේද? දැන් පීයෝ ගේ කතා ඇති.!
-----
හරිද වැරදිද කියන්න දන්නේ නැති උනත් අනාදිමත් කාලයක් ඉදන් හා තාමත් මගේ හිතේ තියන එක අදහසක් තමයි අපේ රටේ හැකි සියළුම ආයතන අඩුම තරමේ අර්ධ පෞද්ගලික කරණය කල යුතුයි කියන දේ! මේක ඇත්තටම වැරදි අදහසක් වෙන්න පුළුවන්! ඒත් මම කැමතියි. මොකද දැනට මම රාජ්‍ය ආයතන වලින් කිසිම සේවාවක් නොමිලේ ලබාගන්න කෙනෙකු නොවීම ඒ වගේම නොමිලේ හෝ මුදල් ලබාගෙන සේවා ලබා දෙන රාජ්‍ය ආයතන වල සේවා ගැන මගේ තිසිම පැහැදීමක් නැති වීම! පහුගිය සති දෙක ඇතුලත මට මුහුණ දෙන්න වෙච්ච පුංචි කාරණා දෙකක් ගැනයි මේ කියන්නේ.!
1 මට යන්න උනා අපේ ගෙදර තියන 3වීල් පැංචාට ආදායම් බලපත්‍රයක් ලබාගන්න. තේරෙන භාෂාවෙන් කියනවා නම් ලයිසන් කරන්න. ඕකට ඉතිං කොහෙවත් වෙන තැන් වල බැහැ නේ. යන්න ඕන කරන්නේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට. අම්මා එක්ක මාත් ගියා. ගියා කියන්නේ නොයා බැරි කමට ගියා. ඒ ආයතනය 5S සංකල්පය යටතේ පවතින ආයතනයක් කියලා ඇතුලුවෙන ගේට්ටුව ගාවම ගහලා තිබ්බා. මාත් ඉතිං උඩ පැන පැන ගියා. ඒකියන්නේ අවුල් නැතිව වැඩේ කරගන්න පුළුවන්නේ කියලා. බිම් මහළ බලන්න ලස්සනයි. ඇත්තටම !! එතන රිසෙප්ෂන් එකේ අක්කාගෙන් ඇහුවම එයා කිව්වා 3 වෙනි තට්ටුවට යන්න කියලා. පඩිපෙළ නැගගෙන අම්මයි මායි ගියා. අම්මා කලින් ඔය වැඩේට එතනට ගිහින් තියනවා. ඉතිං එයා ගිය ගමන් කිව්වා ආ.. දැන් මට මතකයි එන්න මෙතන තියෙන්නේ කියලා. එතනම තිබ්බ කාමරයකට මාවත් ඇදන් ගියා. මාත් යැවුනා. බිම් මහලේ තිබ්බ ලසන්න හැබැයි කාමර ඇතුලේ නෑ.. එතන වැඩකරන මහත්මයෙක් කාත් එක්කද ලොකු කථාවක්. අම්මා ඉතිං පොඩ්ඩක් බලන් ඉදලා කාරනේ කියන්න කට ගන්නකොටම එයා කියපි විමසීම් කවුන්ටරෙන් අහන්න කොරිඩෝව කෙලවරේ තියෙන්නේ කියලා. කොරිඩෝව කෙලවරින් තියෙන්නේ බිත්තියක්!! කොරිඩෝව අදුරු හින්දා නෙපෙනුනාට එතන එහෙම ගහපු බෝඩ් එකක් තියනවා කියලා දැක්කේ ලගට ගියාම. එතන අක්කා ගෙන් ඇහුවම එයා කියපි අර අපි කලින් ගියපු කාමරේට යන්න කියලා. $@$*($ ඉතිං ගියා. එතන තව වයසක සීයා කෙනෙක් හිටගෙන හිටියා අපි ලග තිබ්බ ලියකියවිලි ටික තියාගෙන. අනේ එයාගෙන් ඇහුවම ඔන්න එයා කිව්වා. මෙතන ඉන්න පුතේ මාත් ඉන්නේ ඒකට තමා. මිස් තේ බොන්න ගියා කියලා.. ඔන්න විනාඩි 5කින් විතර මිස් බිස්කට් එකක් කකා කේක් කෑල්ලක් අතේ තියාගෙන ආවා.. එයා කියපි ඉන්න සල්ලි ගන්න මහත්තයා එනකම් කියලා එයා ආවා තව විනාඩි 5 කින්. එයා ආවම වැඩ පටන් ගත්තා. අපේ වාරේ ආවම එයා කියපි මාරු නෑ පහළ බැංකුවෙන් මාරු කරන් එන්න කියලා.. ඉතිං ගියා බැංකුවට ගියා බැංකුවේ ඉන්නේ මේස පුටු විතරයි.. මේස පුටු වලට සල්ලි මාරු කරන්නේ නැහැ නේ. යන්තං කැන්ටින් එකෙන් මාරු කර ගත්තා. විශ්වාස කරනවාද අගල් 10 - 10 විතර කොළයක් ගන්න අපිට විනාඩි 50ක් ගත උනා කියලා..! එහෙම වෙනවා තමන්ගේ සේවය ගන්න ආව අයට කලින් ඕප දූප අංක 1ට ආවම! හැබැයි 5S ලෝකෙට හදුන්වලා දුන්නු ජපන්නු දන්නවා නම් ලේබල් විතරක් අලවගෙන ලංකාවේ උන් කරන වැඩ අම්මපා බෙල්ලේ වැලදාගන්නවා!!!!
2 මට සිද්ධ වුනා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් යවන්න.. ඉතිං ඒකට මම ගියේ පාණදුර කළුතර අතර තියන නගරේ ප්‍රධාන තැපැල් කන්තෝරුවට.. මගේ ලග දිග ලියුම් කවර තිබුනේ නැහැ ඒත් ඒවා තැපැල්කන්තෝරු වල තියනවා කියලා ඉස්කෝලෙදි කියා දුන්නා වගේ මට මතකයි ඉතිං මං අර කංතෝරුවේ ලියාපදිංචි තැපැල් කියන අංශයට ගිහිං එතන හිටය නෝනා ට කිව්වා මට ලියුමක් රෙජිස්ටර් පෝස්ට් එකක් කරන්න ඕනි දිග ලියුම් කවරයක් දෙනවද කියලා. නෝනා නිකං නෝනට පොල්ල වගේ කියපි නෑ කියලා..!@$* මට තේරුනේ නෑ.. ඉතිං මං ආයේ මෝඩයා වගේ කිව්වා දිග ලියුම් කවරයක්..... එතකොටයි මට තේරුණේ.. නගරයේ ප්‍රධාන තැපැල් කන්තෝරුවේ ලියුම් කවර නෑ!!! (දිග කොට දෙකම නෑ ) ලියුම් දාන්න එන අය ඉස්සරහා කඩෙන් අරං එන්න ඕනි. අනේ ඉතිං ඒක ගේට්ටුවේ ගහලා තිබ්බා නම් අපි රස්තියාදු නොවී එකපාර ලියුම් කවර අරං මුද්දරත් අරන් යනවනේ. :( ඉතිං කොහොම හරි මම කඩෙන් කවර අරන් අලවලා කරලා නෝනා ලගට ගියා ලියුම අරන්. නෝනා නෝනාගේ රාජකාරියක් නෙවෙයි වගේ මොනාදෝ කුරුටු ගාලා ගාලා විනාඩි10 කට විතර පස්සේ මගේ වැඩේ කරලා දුන්නා. මං ඉතිං ගෙදර ආවා.. හොද වෙලාවට නෝනාගේ ඉස්සරහින් වීදුරුවක් තිබ්බේ නැත්තං නෝනාගේ ඉස්සරහට ඇවිත් තිබ්බ දත් ටික මම පස්සට කරලා ගෙදර එන්නේ එදා.!
ඔන්න ඔය වගේ නොයෙක් හේතු හින්දා තමයි මම රාජ්‍ය අංශයට අකමැති. අඩුම තරමේ එයාලා ලගට එන අයට පොඩි හිනාවකින් සලකන්නවත් මේ රාජ්ජ සේවකයන් ලෝභයි! තමන් පඩි ගන්නේ මේ මිනිස්සු ගේන සල්ලි නිසා කියලා එයාලට අමතක ඇති. අනික මිනිස්සු රස්තියාදු වෙන වෙලාව? අපේ රට හදන්න කොතනින්ද අපි පටන් ගන්නේ? එක අතකින් මේවා කථා කරන්න.. ලියන්න ගත වුනු මගේ වෙලාවත් අපරාදේ මම යනවා යන්න.