Wednesday, November 4, 2009

මෝඩ පෙට්ටයට අං හා තව අනං මනං


:) ඉතිං කොහොමද? හැම දෙනාම සුවෙන් සතුටෙන් ඇතැයි සිතමි. හික් හික්.. ඉස්සර මාසෙකට 10+ වැඩිය ලියවුනු ‍බ්ලොග් සටහන් මාසෙකට 1- 2ක් දක්වා අඩුවෙලා තියන එක ගැන ඇත්තටම හිතට මාරම දුකයි.. ඒත් කරන්න දෙයක් නෑ ඉතිං.. හැමදේම ඇති කියලා හිතෙන කාල ‍එනවානේ.. නෑ ඉතිං තාම නම් බ්ලොග් ලිව්වා ඇති කියලා හිතිලා නෑ තමයි.. ඒත් ඉතිං ලියන්න හිතෙන වෙලාවට ඒ කියන්නේ ලියන්න අදහස් එන වෙලාවට බ්ලොග් එකට දාගන්න බැරි අවුල තමා දැන් තියෙන්නේ... කෙටියෙන් කථාව මෙහෙයි.

අ‍ර හෑම ගෙදරකම සිටින මෝඩ කොටුවා.. ඒ කියන්නේ මේ අර ටීවී එක. ආන් එයින් එකක් අපේ ගෙදරත් තියනවානේ.. ඉතිං දශකයකට වැඩි කාලයක් ඕක බැලුවේ අඩි 15 ක් විතර උස ඇන්ටනාවගේ උදව්වෙන්. සාමාන්‍යයෙන් ගත්තම අපේ ගෙදර වැඩි හරියක් ටීවී එක රාජකාරි කරනවා. ඒ කියන්නේ පත්තර පිටුවේ ඉදන් බැලුවත් නොබැලුවත් පාළුවට හරි ඕක දාලා තියන එක අපේ අම්මගේ පුරුද්ද.. මේ තාක් නිතර ‍ටීවි බලන අම්මටත්.. කිසිසේත් නොබලන මටත් ඇන්ටනා හොදටම ප්‍රමාණවත් උනාට මොකද අපේ තාත්තා බලන්නේ ක්‍රිකට් මැච් විතරක් නිසාත් ඒවා පෙන්නන්නේ චැනල් අයි එකේ නිසාත් චැනල් අයි මොන දේ කලත් ‍අපේ පැත්තෙන් අපේ ගෙදරට විතරක් පැහැදිලිව නොපෙනෙන නිසාත් ටෙලිකොම් ලා මේ දවස් වල පියෝ ව නිකං දෙන නිසාත් වහාම ක්‍රියාත්මක වන පරිදි පියෝට එන්න කියන්න කියලා ඉහළින් ‍නියෝග ආවා. අනේ ඉතිං මාත් ටෙලිකොම් එකට ගාටලා දැන් සති දෙකහාමාරකට විතර කලින් පියෝ ව ඉල්ලලා ආවා. එයින් හරියටම සතියක් ඇතුලත අයියලා 2 දෙනෙක් ඇවිත් පියෝ භාර දීලත් ගියා. ඉතිං ප්‍රශ්ණයක් නැහැ නේ කියලා හිතනවද? මොකෝ නැත්තේ! ඒකෙත් මළවදේ මට!!!!! පහුගිය ටිකේ ‍මගේ කොම් පීටර් අසනීප උනුවෙලේ අරන් ගිය ඉස්පිරිතාලෙන් පීටර් ගේ නෙට්වර්ක් කාඩ් එක ගලවලා !! :(( හත් දෙයියනේ මම දන්නෙත් පීයෝ ආව දවසේ !! ඒක නිකං හරියට හොර ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට හොරෙන් ‍ලෙඩ්ඩුන්ගේ ඇගේ කොටස් ගලවනවා වගේ තමා !! මීට කලින් පීටර් ට නෙට්වර්ක් කාඩ් එකක් තිබ්බා කියලා මට හොදටම ෂූවර්..!! ඉතිං දැන් අවුල මේකයි මම නෙට් ආවේ මොඩම් එ‍කෙන්නේ පීයෝ දෑවැද්දට රවුටරයක් අරන් ආවා. රවුටර් එක පීටර් ට පාහන්න බෑ. පෝට් එකක් නෑ. :( ඉතිං ගෙදර අය ටීවී බලන වෙලාවට මට නෙට් එන්න බෑ.. දැන් ගනිල්ලකො නෙට්වර්ක් කාඩ්.. ඒවා ගන්නේ කොහෙද මං දවස් ගානකින් ගෙදර ගේට්ටුවෙන් එළියට වත් ගියේ නෑ.. ඒකට හරියන්න මේ දවස් වල නොබලා හිටිය දවස් වලටත් එක්ක ටීවී බලනවා ඇති කියලද හිතන්නේ? ඔව් 50%ක් එහෙම තමා. චැනැල් 48 ක් තියනවා උනාට කියන්න දුකයි මම බලන්නේ චැනල් 7 යි HBO(4) Discovery(2) WineTv ඒකත් ඉතිං හිත යන මොනා හරි තිබ්බොත් විතරයි. ඩිස්කවරි චැනල් දෙක නැත්තං පීයෝව උස්සලා පොලවේ ගහන්න උනත් මට පුළුවන්. ඒතරම් වැඩකට නෑ (මට නම්) අම්මට වැඩකුත් නෑ (ශක්ති ටීවී පේන්නේ නැහැ නේ හිකිස්! ) තාත්තට නේද? බුහාහාහා!! ඒක තමයි ජොලිම වැඩේ. පී‍යෝව ඉල්ලද්දිම තාත්තා කිව්වා සැ‍රින් සැරේ ගෙවන්න බෑ ‍ඕක්කොම චැනල් ටික පේන ඒක ඉල්ලන්න කියලා. ‍පීයෝ ගෙනාවට පස්සේ මෙන්න තව 4 කට වෙනම ඕඩර් කරලා ගන්න ඕනිලු.. මං ඉතිං මැට්ටා සේ ඇහුවා ඇයි ඉතිං සේරම ඉල්ලුවම 4කට වෙනම ගෙවන්න කියන්න කියලා.. එයාලා කියනවා ඒක එහෙම තමයි ලු.. මාත් ඉතිං හා කිව්වා. වෙන මොනා කියන්නද නේද?

තව ජොලිම වැඩක් තියනවා.. දැන් අපේ රටේ දේශීය නාලිකා හැම එකකම ඇල්කොහොල්ලා තියා ෆ්රුට් ඡුස් වීදුරවක් තිබ්බත් කොටු දානවනේ.. එතකොට තව ‍ඇහැට රොඩ්ඩක් ගිහිල්ලා පිඹින දර්ශණයක් තිබ්බොත් ඒකටත් කොටු කොටු නේ.. හැබැයි ඉතිං පීයෝට ඒ වද නෑ. වයින් ටීවී එකක් වෙනම තියනවා.. මිදි වත්තේ ඉදං අනිත් හැම දෙයක් ගැනම එකී මෙකී විස්තර එකේ තියනවා.. මං මේ ළගදි බලන් හිටියා හොදට ෂැන්පේන් රස බලන්නේ කොහොමද කියලත් කියා දුන්නා.. එයින් මම තේරුම් ගත්තේ ....1 සල්ලි දීලා ටීවී බලනවා නම් අරක්කු බිව්වට කමක් නෑ..2 වයින් ෂැම්පේන් විස්කි වගේ රට බීම ටීවී එකේ පෙන්නුවට ආණ්ඩුවට බය නෑ (ඒවා රට නේ ) කොයි තරම් හොදයි ද නේද? දැන් පීයෝ ගේ කතා ඇති.!

-----

හරිද වැරදිද කියන්න දන්නේ නැති උනත් අනාදිමත් කාලයක් ඉදන් හා තාමත් මගේ හිතේ තියන එක අදහසක් තමයි අපේ රටේ හැකි සියළුම ආයතන අඩුම තරමේ අර්ධ පෞද්ගලික කරණය කල යුතුයි කියන දේ! මේක ඇත්තටම වැ‍රදි අදහසක් වෙන්න පුළුවන්! ඒත් මම කැමතියි. මොකද දැනට මම රාජ්‍ය ආයතන වලින් ‍කිසිම සේවාවක් නොමිලේ ලබාගන්න කෙනෙකු නොවීම ඒ වගේම නොමිලේ හෝ මුදල් ලබාගෙන සේවා ලබා දෙන රාජ්‍ය ආයතන වල සේවා ගැන මගේ තිසිම පැහැදීමක් නැති වීම! පහුගිය සති දෙක ඇතුලත මට මුහුණ දෙන්න වෙච්ච පුංචි ‍කාරණා දෙකක් ගැනයි මේ කියන්නේ.!

1 මට යන්න උනා අපේ ගෙදර තියන 3වීල් පැංචාට ආදායම් බලපත්‍රයක් ලබාගන්න. තේරෙන භාෂාවෙන් කියනවා නම් ලයිසන් කරන්න. ඕකට ඉතිං කොහෙවත් වෙන තැන් වල බැහැ නේ. යන්න ඕන කරන්නේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට. අම්මා එක්ක මාත් ගියා. ගියා කියන්නේ නොයා බැරි කමට ගියා. ඒ ආයතනය 5S සංකල්පය යටතේ පවතින ආයතනයක් කියලා ඇතුලුවෙන ගේට්ටුව ගාවම ගහලා තිබ්බා. මාත් ඉතිං උඩ පැන පැන ගියා. ඒකියන්නේ අවුල් නැතිව වැඩේ කරගන්න පුළුවන්නේ කියලා. බිම් මහළ බලන්න ලස්සනයි. ඇත්තටම !! එතන රිසෙප්ෂන් එකේ අක්කාගෙන් ඇහුවම එයා කිව්වා 3 වෙනි තට්ටුවට යන්න කියලා. පඩිපෙළ නැගගෙන අම්මයි මායි ගියා. අම්මා කලින් ඔය වැඩේට එතනට ගිහින් තියනවා. ඉතිං එයා ගිය ගමන් කිව්වා ආ.. දැන් මට මතකයි එන්න මෙතන තියෙන්නේ කියලා. එතනම තිබ්බ කාමරයකට මාවත් ඇදන් ගියා. මාත් යැවුනා. බිම් මහලේ තිබ්බ ලසන්න හැබැයි කාමර ඇතුලේ නෑ.. එතන වැඩකරන මහත්මයෙක් කාත් එක්කද ලොකු කථාවක්. අම්මා ඉතිං පොඩ්ඩක් බලන් ඉදලා කාරනේ කියන්න කට ගන්නකොටම එයා කියපි විමසී‍ම් කවුන්ටරෙන් අහන්න කොරිඩෝව කෙලවරේ තියෙන්නේ කියලා. කොරිඩෝව කෙලවරින් තියෙන්නේ බිත්තියක්!! කොරි‍ඩෝව අදුරු හින්දා නෙපෙනුනාට එතන එහෙම ගහපු බෝඩ් එකක් තියනවා කියලා දැක්කේ ලගට ගියාම. එතන අක්කා ගෙන් ඇහුවම එයා කියපි අර අපි කලින් ගියපු කාමරේට යන්න කියලා. $@$*($ ඉතිං ගියා. එතන තව වයසක සීයා කෙනෙක් හිටගෙන හිටියා අපි ලග තිබ්බ ලියකියවිලි ටික තියාගෙන. අනේ එයාගෙන් ඇහුවම ඔන්න එයා කිව්වා. මෙතන ඉන්න පුතේ මාත් ඉන්නේ ඒකට තමා. මිස් තේ බොන්න ගියා කියලා.. ඔන්න විනාඩි 5කින් විතර මිස් බිස්කට් එකක් කකා කේක් කෑල්ලක් අතේ තියාගෙන ආවා.. එයා කියපි ඉන්න සල්ලි ගන්න මහත්තයා එනකම් කියලා එයා ආවා තව විනාඩි 5 කින්. එයා ආවම වැඩ පටන් ගත්තා. අපේ වාරේ ආවම එයා කියපි මාරු නෑ පහළ බැංකුවෙන් මාරු කරන් එන්න කියලා.. ඉතිං ගියා බැංකුවට ගියා බැංකුවේ ඉන්නේ මේස පුටු විතරයි.. මේස පුටු වලට සල්ලි මාරු කරන්නේ නැහැ නේ. යන්තං කැන්ටින් එකෙ‍න් මාරු කර ගත්තා. විශ්වාස කරනවාද අගල් 10 - 10 විතර කොළයක් ගන්න අපිට විනාඩි 50ක් ගත උනා කියලා..! එහෙම වෙනවා තමන්ගේ සේවය ගන්න ආව අයට කලින් ඕප දූප අංක 1ට ආවම! හැබැයි 5S ලෝකෙට හදුන්වලා දුන්නු ජපන්නු දන්නවා නම් ලේබල් විතරක් අල‍වගෙන ලංකාවේ උන් කරන වැඩ අම්මපා බෙල්ලේ වැලදාගන්නවා!!!!

2 මට සිද්ධ වුනා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් යවන්න.. ඉතිං ඒකට මම ගියේ පාණදුර කළුතර අතර තියන නගරේ ප්‍රධාන තැපැල් කන්තෝරුවට.. මගේ ලග දිග ලියුම් කවර තිබුනේ නැහැ ඒත් ඒවා තැපැල්කන්තෝරු වල තියනවා කියලා ඉස්කෝලෙදි කියා දුන්නා වගේ මට මතකයි ඉතිං මං අර කංතෝරුවේ ලියාපදිංචි තැපැල් කියන අංශයට ගිහිං එතන හිටය නෝනා ට කිව්වා මට ලියුමක් රෙජිස්ටර් පෝස්ට් එකක් කරන්න ඕනි දිග ලියුම් කවරයක් දෙනවද කියලා. නෝනා නිකං නෝනට පොල්ල වගේ කියපි නෑ කියලා..!@$* මට තේරුනේ නෑ.. ඉතිං මං ආයේ මෝඩයා වගේ කිව්වා දිග ලියුම් කවරයක්..... එතකොටයි මට තේරුණේ.. නග‍රයේ ප්‍රධාන තැපැල් කන්තෝරුවේ ලියුම් කවර නෑ!!! (දිග කොට දෙකම නෑ ) ලියුම් දාන්න එන අය ඉස්සරහා කඩෙන් අරං එන්න ඕනි. අනේ ඉතිං ඒක ගේට්ටුවේ ගහලා තිබ්බා නම් අපි ‍රස්තියාදු නොවී එකපාර ලියුම් කවර අරං මුද්දරත් අරන් යනවනේ. :( ඉතිං කොහොම හරි මම කඩෙන් කවර අරන් අලවලා කරලා නෝනා ලගට ගියා ලියුම අරන්. නෝනා නෝනාගේ රාජකාරියක් නෙවෙයි වගේ මොනාදෝ කුරුටු ගාලා ගාලා විනාඩි10 කට විතර පස්සේ මගේ වැඩේ කරලා දුන්නා. මං ඉතිං ගෙදර ආවා.. හොද වෙලාවට නෝනාගේ ඉස්සරහින් වීදුරුවක් තිබ්බේ නැත්තං නෝනාගේ ඉස්සරහට ඇවිත් තිබ්බ දත් ටික මම පස්සට කරලා ගෙදර එන්නේ එදා.!


ඔන්න ඔය ව‍ගේ නොයෙක් හේතු හින්දා තමයි මම රාජ්‍ය අංශයට අකමැති. අඩුම තරමේ ‍‍එයාලා ලගට එන අයට පොඩි හිනාවකින් සලකන්නවත් මේ රාජ්ජ සේවකයන් ලෝභයි! තමන් පඩි ගන්නේ මේ මිනිස්සු ගේන සල්ලි නිසා කියලා එයාලට අමතක ඇති. අනික මිනිස්සු රස්තියාදු වෙන වෙලාව? අපේ රට හදන්න කොතනින්ද අපි පටන් ගන්නේ? එක අතකින් මේවා කථා කරන්න.. ලියන්න ගත වුනු මගේ වෙලාවත් අපරාදේ මම යනවා යන්න.

27 comments:

.::පිස්සා::. said...

උඹ හරියටම හරි බං නංගි.. අපේ රටේ තියෙන්නේ තමුන්ගේ වැඩ කරලා තමයි අනුන්ගේ වැඩ කරන්න ඕනේ කියන ක්‍රමයනේ.. ඒකයි, ඒ තේ බොන්න පැයයි, කන්න පැය 2යි..කයිය ගහන්න තව පැයයි... උදේට කන්නෙත් ඔෆිස් ඇවිල්ලා නෙව... ඊට පස්සේ තමයි රාජකාරී වැඩ ගැන බලන්නේ.. තුක් නොදෝකින් මේවා !!!

h said...

අපේ කාර්යාලෙ කියල වෙනසක් නෑ. එයාල එස් පහ කියල කරන්නෙ බිත්ති වල තීන්ත ගාන ඒව, මේස වලට අළුත් මේස රෙදි දැමීම, අළුත් වෛවර්ණ කුණු කූඩ වගේ ආයිත්තම් වැඩ තමයි. තමන් කරන වැඩේ කාර්යක්ෂම කරගන්න වැඩ පිළිවෙලක් නෑ.

එක අතකට මේවට රාජ්‍ය සේවකයන්ට බැනලත් බෑ. කළමනාකාරීත්වය පිස්සු කෙලිනකොට පොඩි මිනිස්සු නිකං ඉන්නෙ නෑ. එයාලට පිස්සු ඩබල් වෙනව. මේව විසඳන්න ගියොත් ජනාධිපති දක්වා මේ දම්වැල තියෙනව.

රාජ්‍ය ආයතන වල වෙන වංචාවල බාහිරට පේන බොහොම ටිකයි මලී ලියල තියෙන්නේ. ඇත්තටම රාජ්‍ය අංශය කියන්නෙ හොර ගුහාවක් කිව්වොත් කිසිම අතිශයෝක්තියක් නෑ. මිනිස්සු හොර කරනවද කියල බලන්න ඉන්න මිනිස්සුත් හොරු වුණාම කවර කතාද?

ඒකෙන් කියන්නෙ නෑ රජයේ සේවකයො හැමෝම හොරු කියල. සමහර හොරකම් කරන්න වෙනවා. නැත්තං ආයතනයක රැ‍ඳෙන්න බෑ. උදාහරණෙකට ගත්තොත් සමහර වෙලාවට හවස 5 වෙනකොට අත්සන් කරන පොතේ තියෙන්නෙ 5.45. නියම වෙලාව දාන මනුස්සයෙක්ට එහෙම පරිසරයක පවතින්න අමාරුයි. ඒත් විහින් කරන ගසාකෑම් අවම කරගෙන ඉන්න අය නැත්තෙම නෑ.

සරදියල් said...

අර සූර පප්පා 838 පොර්ම් 1 ගන්න ගියා වගේනේ හික්
Peo Tv ගැන් කිව්වොත් ඔයා entree pak නම් use ක‍රන්නේ පොඩි අවාසියකුත් නැත්තෙම නෑ. මොකද ඒ controling වලට use ක‍රන්නේ ADSL port 1. ;)

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

S5 ගැන උදාහරණයක් ගන්න ඕන නම් අපේ බෝඩිම බලන්න. 10 දෙනෙක් ඉන්නවා. බලන්න ලස්සනයි. හික්ස් හරීරීරීම පිළිවෙලයි. බෝඩිමේ අයිතිකාර අයියා හදිසියේ එනව කියල කිව්වහම කට්ටිය හදිසි තත්වයික් ප්‍රකාශ කරලා විනාඩි 10කින් බෝඩිම අස්කරනවා. :D

ආගන්තුකයා said...

අප්පා රජයේ ආයතනවල කුණුගොඩවල් ගැන නම් කියලා වැඩක් නෑ.. කොටින්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ IT ඩිරෙක්ටර් IT අකුරක්වත් දන්නෙ නෑ... ඔන්න ලංකාව තව එකක් තමා අර ෆෙන්ෂුයි කෝලම.. ඔක්කම බදාගන්න නම් දන්නවා ඒත් වෙන දෙයක් නම් නෑ..

ෆා ද බ්ලොගී said...

මමත් සම්පූර්ණෙයන් එකඟයි නගා.මටත් ඔය වෙගේ සිදුවීම් කීපයක්ම වෙලා තියෙනවා. අලුත් රස්සාවට යන්න පොලිස් රිපෝට් එක ගන්න ගිහින් සති කීයක් නම් චාටර් උනාද? රාළහාමිලා ටික නම් හරිම හොඳයි. ළඟට ඇවිත් විරිත්තලා මොකටද ආවේ, කොහෙද ඉන්නේ අම්මා තාත්ත කවුද ඔක්කොම අහගෙන කියනවා අහවලාව ගිහින් හම්බෙන්න කියලා. එතනට ගියාම එයා කොරන්නත් ඒ ටිකමයි. ඊට හපන් එතන හිටපු පොළිස් අක්කලා. යුනිෆෝම් එක දා ගත්තම තමන් ගෑණු කියන එකත් අමතක වෙලා. මම මිනියක් මරලා අහුවෙච්ච එකෙක් ගානටයි මට සැර දැම්මේ. එතන හිටපු එකම එක හොද පොලිස් අක්කෙක් නොවෙන්න මම තාම පොලිස් රිපෝට් එක ගන්නවා.

~බිன்ku~ said...

ලංකාවේ රාජ්‍ය ආයතනයන් ගැන නම් කතා කරලා මගේත් වේලාව නාස්ති කරලා වැඩක් නෑ අක්කේ. කොහොමත් මම කිව්වත් ඒක ගහ දන්න අයට කොළ කඩාපෑමක් නෙව.

*****

සිරාවටම කිව්වා නම් වයින් ජාති දෙකක්ට මම කැමති. එකක් බොන වයින් අනික ලිනක්ස්වල වයින් ;) ඔය චැනලය ඇත්තටම මොන රටේ මොකක් ගැන තියෙන එකක්ද? මෙහේ මම එහෙව් එකක් දැක්කේ නැද්ද කොහේදෝ

malee_msg said...

පිස්සා- මොනා කරන්නද බං ඉතිං.. ඕවා ඔහොම තමයි කියලා හිත හදා ගන්න තමා වෙන්නේ.

හ- පේන විදියට නම් ඔයා ‍සෑහෙන්න රාජ්‍ය ආයතන ගැන දන්නවා.. ඇත්ත මට ‍වැඩිය ලියන්න බැහැ. මොකද මම ඒවා ගැන දන්නේ මට එදිනෙදා මුහුණ දෙන්න වෙන සිද්ධි එක්ක නිසා හරිම පොඩ්ඩයි මම දන්නේ.

සරදියෙල්- කියලා වැඩක් නෑ ඒ ගැන නම්!
:(ඒ කියන්නේ දැන් පීයෝ මට තව ලෙඩක් දාන්නද යන්නේ.. හයියෝ!!!

සුසිත- අපෝ!! ‍‍ඔයාලා නේ ඉතිං අනාගතේ ආණ්ඩුවේ රස්සා වලට යන්නේ! ඒ කියන්නේ අපේ රටේ අනාගතෙත් මෙහෙම්මම තමා නේ..! :P

ආගන්තුකයා- hik hik feng shui නේද? මේ ගැන නම් මං මොකුත් නොලියා ඉන්න එක හොදා.. හික් හික් හික්

ෆා- අපෝ..!! පොලෝසී ගැන ද ! ඒවා ගැන මට කියන්න එපා..!!! මම ජිවිතේටම පොලෝසියට ගිහිං තියෙන්නේ එක පාරයි! ඒකත් අනුන්ගේ වැඩකට. හැබැයි පොලෝසි වල ඉන්න උන් ගැන මං හොදට දන්නවා.. අරක්කු බෝතලයයි ‍රුපියල් 500 යටයි ‍ඕන රෙද්දක් කරයි!

බිංකු- අනේ මලයා මම වැඩි විස්තර දන්නේ නැහැ බං.. බැලෙන්නේ ඉදලා හිටලානේ..හොයලා කියන්නම්කෝ ඔයාට.

kasun said...

:) :D :(

said...

අනේ මන් මේ පියෝ ටීවී ගත්ත කෙනෙක් හොය හොයා හිටියේ
රූපවල තත්වේ කොහොමද?
එක දිගට පේනවද? නැත්නම් කැඩි කැඩි හිර වෙවීද පේන්නේ?
ටීවී එකේ බලනකොට තත්වය කොහොමද?
ට්‍රැවල් ඇන්ඩ් ලිවින්ග් චැනල් එක තියෙනවද?
සේරම ගාස්තු ආවම මාසෙකට කීයද? කනෙක්ෂන් එක ගන්න කීයක් ගියාද?
ගනන් හිලවු මේකෙ දාන බැරිනම් කමක් නැහැ

malee_msg said...

Kasun - :-|

Mare - මේ ඉන්නේ මං. මෙන්න උත්තර
රූපවල තත්වය හොදයි.
එක දිගට පේනවා.
කැඩි කැඩි හිර වෙවි පෙන්නේ නැහැ.
ටීවී එක බලනකොට ලොකු අවුල් ‍වුනේ නැහැ. ඒ කියන්නේ පිංතූර එහෙම අවුලක් නැතිව පේනවා.

ඒත් එකම එක දවසක් රෑ අර හීරුණු වීසීඩී දැම්ම නිකං අප්සට් එකට වගේ පේන්නේ ඒ වගේ උනා. ඒත් පහුවෙනිදා ඉදන් කිසි අප්සට් එකක් උනේ නැහැ.

ට්‍රැවල් ඇන්ඩ් ලිවින් චැනල් එක තියනවා උනාට ඒක නොමිලේ ලැබෙන්නේ ප්ලැටිනම් පැකේජ් එක පාවිච්චි කරන අයට විතරයි. අනිත් අය මාසෙකට රු75ක් ගෙවන්න ඕනි.

පැකේජ් තුනක් තියනවා.
PEO Silver - මාසෙකට රු 799 + වැට්( දන්න තරමින් මේක ‍දැන් දෙන්නේ නැහැ.)‍බලන්න පුළුවන් චැනල් ගණන 30

PEO Gold - මාසෙකට රු 1399+වැට් බලන්න පුළුවන් චැනල් ගණන 41

PEO Platinum- මාසෙකට රු 1799+වැට් බලන්න පුළුවන් චැනල් ගණන 48

ADSL තියන අයට පහුගිය ටිකේ ස්පෙෂල් ‍ප්‍රමෝෂන් එකක් නිසා සතයක් වත් අය කරන්නේ නැතුව නිකං දුන්නේ. කවදා වෙනකං ඒක තියනවාද කියන්න නම් මම දන්නේ නැහැ. media consoler එකයි රවුටර් එකයි එයාලා නොමිලෙම ලබා දුන්නා.

චැනල් 9ක් Time shift Tv ක්‍රමය යටතේ බලන්න පුළුවන්. ඔය ටික තමා ඉතිං මට කියන්න තියෙන්නේ
මීට අමතරව මොනා හරි දැන ගන්න ඕනි නම් www.peotv.com

said...

ගොඩක් ඉස්තූතියි

ඔය තියෙන ගානට ADSL ගානත් එකතු වෙනවද? 1600ක්?
නැත්නම් 1399 කියන්නේ ADSL + Peo TV දෙකටමද?

malee_msg said...

පිස්සුද? දෙක වෙන වෙනම! :(

said...

ආන්න ඒක තමා අනේ මට දැන ගන්න ඕන උනේ එතකොටනම් Dialog TV ටිකක් ලාබයි වගේ නේ
අනික මට සේරම ඕනේ නැහැ
Travel and living, discovery, animal planet තිබ්බම ඇති

malee_msg said...

මට නම් ඉතිං වෙනසක් නෑ.. ඔයාට නම් ඩයලොග් හොද වෙයි. මොකද මෙයාලා ඇනිමල් ප්ලැනට් දෙන්නේ නැහැ. ඒකියන්නේ එයාලාගේ ‍ලිස්ට් එකේ ඇත්තෙම නෑ.. හැබැයි වයින් ටීවී නම් ඔයාට හරි යයි. හිකිස්!

Nash_Node said...

TV - I don't watch !

So, not at all a problem to me :-)

Government service - Lot to be desired, but I have a certain "never fail" way to get things done.

If I ever want to get something done in an government office, I simply wear my black tie and go there ! ..

Il mondo di una povera pazza said...

හා හා මලියගේ අලුත් පිස්සුව මේකද?

ඔයා අර කියන වයින් චැනල් එක මටත් හරි යයි වගේ නේද?
කොහේද ඔයාගෙ ෆොන් එක තියෙන්නෙ කවදාවත් ඕක ඇහෙන්නෙ නැත්තෙ මොකෝ?

said...

වයි නැහැනේ Dialog Tv එකේ.
බැරිවෙයිද දන්නේ නැහැ අරක්කු කියලා චැනල් එකක් පටන් ගන්න

NUWAN"s lane said...

වයින් වලට වඩා සෑර චෑනල් එකක් නෑද්ද?

malee_msg said...

Nash - TV - me neither .. but my family does. So I get loads of problems!!

Thanks for the tip.. then next time I will wear a white sari for gov. offices lolzz


Mondo - අනේ ඒක පිස්සුවක් නෙවෙයි වදයක්!! හරියටම හරියනවා අනේ! දෙපාරක් කථා කලා නේ?? මං ඉතිං කාමරේ හිටියේ නැහැ නේ.. ‍සොරි ඩොට් කොම්!!!!

ම - නියමයි!! මම ප්‍රසන්ටර් වෙන්නම්! ඔයා ප්‍රඩියුසර් හරි ඩිරෙක්ටර් හරි වෙනවාද? ටීවී බැරි නම් ඔන්ලයින් හරි පෙන්නන්න බැරියෑ.. හික් හික්!

නුවන් - :( මගේ දර්ශණ පථයට නම් අහු උනේ නැහැ නේ. නැතුව ඇති මයේ හිතේ.

Charith Weerakkody said...

මම නම් tv බලන්නෙ රෑට බත් කන කොට විතරයි.ඒත් විනාඩි 10ක් විතර.ඒ ඇරෙන්නෙ tv බලන්න වෙලාවකුත් නැහැ.මේකට විසදුමක් විදිහට යන එන ගමන් tv බලන්න චීන phone 1ක් ගත්ත.ඒත් ඒකෙන් විනාඩි 10ක් විතර tv බලන කොට වතුර රත් කරන්න පුලුවන් ගානට රත් වෙනව...:)

"කැත කතුන්ගේ පතිවත පිළිබද අධීක්ෂණ වාර්තාව - ජගත් මාරසිංහ - සංහිද ප්‍රකාශණ" මේ පොත ගන්න පුලුවන් තැනක් කියන්නකො.(පුලුවන්නම් මට පානදුරේට ගෙනත් දුන්නත් කමක් නැහැ....:D)සංහිද අයිති උපුල් ශාන්ත සන්නස්ගලට නේද?සංහිද ගහන පොත් ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියන්නකො.

Priyankara Perera said...

ඈයී දෙයීයනේ Network Card එකක් රු. 100 විතර වෙයීනේ (පාවිච්චී කරපූ) . ඕන Computer කඩේක තියනවා. කම්මෑලී නෑතීව ගත්තනම් ඉවරයීනේ ! . අරගෙන DNS Server එකේ ලීපීනයට SLT නොවන වෙන ඔනෑම DNS Server එකක ලීපීනයක් දුන්නන්ම් , ඈහෑට රොඩ්ඩක් ගිහීල්ලා පීබීන එවා ඈතුලූව ගොඩක් දේවල් අමාරූවක් නෑතීවම බලන්න පුලුවන්.
හ්ම් තවත් දෙයක් , මටනම් රාජ්යම සේවයේ කාර්යක්ශමතාව ගෑන තේරූම් ගීහිල්ලානම් ගොඩක් කල් ! ඔයාට දෑන්ද එක තේරුනේ ?

Priyankara Perera said...

@ Charith
එක තමයී එදා මාලූ කටුවක් උගුරේ හිරකරගෙන තිබුනේ ! , මොනවා උනත් ඔය Phone එක ඔඩොක්කුවේ එහෙම තීයාගෙන බලනවා එහෙම නෙවේයී !. නරකද TIN TIN ගේ වීරක්‍රීයා වගේ පොතක් බෑලුවොතින් ?

malee_msg said...

Charith - හාපෝ..!! චයිනිස් ගැන මට කියන්න එපා! ගෙදර ටීවී එක නොබලන මට මොන මොබයිල් ටීවී ද?

ම්ම්.. සංහිද පොත් ගන්න පුළුවන් තැනක් නම් විශේෂයෙන් කියන්න මම දන්නේ නැහැ. මම ගත්තේ ප්‍රදර්ශනේ තිබ්බ සංහිද කුටියෙන්නේ. මේ පොතත් ගන්න පුළුවන් වෙන තැනක් නම් දැනට මම දන්නේ නැහැ. ‍කැමති නම් මගේ පොත දෙන්නම්. මම කියවලා ඉවර උනාට පස්සේ. හැබැයි තාමත් පොත මගේ ලග නැහැ. වෙන යාළුවෙක් ලග තියෙන්නේ. සංහිද අයිති කාටද කියලත් මම දන්නේ නැහැ. හැබැයි ඒකේ සන්නස්ගලගේ පොත් සේරම වගේ තිබ්බා.

ප්‍රියා - අනේ රුපියල් 100ක් ඇහැට දැක්ක කාලයක් මතක නෑ අනේ.. යා යා ගන්න ඕනි. කම්මැලී එළියට බහින්න මේ වැස්සේ.
කලින් තේරුණාට මේ ටිකේ තමා එපාම උනේ.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

ෂ ඔයානං මාර අක්කියෙක්..! චන්ඩි අක්කියෙක්! මට ඔයා වගේ අක්කියෙක් ඉන්නවනං කියල හිතෙනව...ඔයාගේ බ්ලොග් 1ක නියමයි අක්කේ දිගටම ලියං යන්න මගෙන් සුභ පැතුම්

ඩනිෂ්ක said...

රාජ්‍ය සේවයේ හැමෝමත් එහෙම නැ එත් 90% එහෙමයි.

මාස 2කට කලින් අපි අධ්‍යාපන කලාපය ළමයිට වැඩසටහනක් කළා කලාප අධ්‍යාපන කාර්යයාලය එක්ක. ඇත්තටම එයාලව ඔන උනේ සම්බන්දිකරනය කරන්න. ලිපි 2ක් යන්න තිබ්බා. එකක් වැඩසටහන කරන පාසැලට අවසර ගන්න. දෙවෙනි එක සියලුම පාසැල් වලට ආරාදනා කරන්න.

මුල් එක ගැහුවේ අපිමයි නමුත් ඒක ගහන්න ඔනා අදාල කලාපේ විෂය භාර සහකාර සධ්‍යක්ෂිකාව. දෙවෙනි ලියුම හදලා යවද්දි (ඊළග දිනකදි) එයාලා යවලා, නමුත් අවශ්‍ය තොරතුරු නැ.

එහෙම කරලත් එයාලා අවසානයේ සද්දේ දාන්න එන්නේ අපිට.

මෙවට තමා අතින් කාලා හරක් බලනවා කියන්නේ. :(

රාජ්‍ය අංශයේ අය හිතන්නේ කාමරවලට LCD monitors දාලා ලස්සන තිරරෙදි දැම්ම ස්වයංක්‍රීයව කාර්යක්‍ෂම වෙනවා කියලා. :D

දුකා said...

රජයේ කාර්‍‍යාල ගැන මතක් වෙද්දිත් මගේ ඇඟේ ලේ රත් වෙනවා . . . මගේ උප්පැන්න සහතිකේ වැඩක් කර ගන්න මම ප්‍රාදේශීය ලේකම් කාර්‍‍යාලයට ගිය තරමක් මතක් වෙද්දී එතන ඉන්න ඒ අදාල වැඩේ කරන ගෑනිගේ හොම්බට දෙකක් ඇනලා අවේ නැත්තේ ගෑනුන්ට ගහන එක නරක වැඩක් නිසා . . . අම්මපා . . .

එක දවසක් 11 ට විතර යද්දී ඒ හෝන්තුව කෑමට ගිහින් . . . ආවේ හවස 2ත් පහුවේලා . . . මම බැන බැන හිටියේ මේ ගෑනි අලියෙක්ව කනවද දන්නේ නෑ කියලා . . .

එතන සිදුවුනු දේ කොමෙන්ට් එකකින් ලියන්න තරම් දිග වැඩී . . . දවසක බ්ලොග් එකක්ම ලියන්නම් . . . මගේත් හැඟීම නම් 50% නෙමෙයි ඒ ආයතන 100% ම ප්‍රයිවටයිස් කරන්න ඔන කියන එකයි . . .