Monday, September 8, 2014

බස් එකේ ඉදන් ෆ්ලෝටින් මාර්කට් එක වෙනකල්

හෙනම ඉස්සර
අපේ බස් නැවැත්තුවේ
කොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේ
ඒ කාලේ
අපෝ වලවල් මඩ හෙනම චාටර්
පස්සේ
ස්ටෑන්ඩ් එක හැදුවා
හැබැයි අපේ බස් ටික
බැස්ටියන් පාරට වැටුනා

බැස්ටියන් පාරේ තිබුනේ
තොග කඩ පේළියක්
කරපිංචා.. පළතුරු..

එක පාරට දවසක්
ඒ කඩ කැඩිලා..

කඩ වලට පිටිපස්සේ
ජිවිතේට දැකලා නැති
පොඩි පොකුණක් තිබිලා?

හප්පා.. මාර ගති
රේල් පාර
වතුර පාර
බස් හෝල්ට් එක
බස් එකේ ඉඳන්ම කෝච්චි පොටෝ ගත්තැහැකි

පොකුණටත් එක සැරේ
ආස්චර්‍ය වඩින්න ගත්තා
අඩු ගානේ වැස්සට ඉන්නවත්
හෝල්ට් එකට වහලක් එයි
අපි හිතුවා

පොකුණෙන් එහා වීදුරු කඩ හැදුනා
පොකුණ මැද ලී කඩ හැදුනා
අයින් දිගේ මල් වැවුනා
අද වගේ නෙවෙයි හෙට
පොකුණ වටේ දියුණු උනා
බස් එකේ ඉදන් අපි
බලං හිටියා..

ෆ්ලෝටින් මාර්කට් එක
පොකුණ මැද හැදුනා
පොඩි කික් එකකින්
අපිත් බලන් උන්නා
බස් එක යනකල්
බස් එකේ ඉදං..

දැන්

රෑට රෑට ෆ්ලෝටින් මාර්කට් එකට හරි සෙනඟ
ටේක් අ‘වේ කප් වල ඩ්‍රින්ක්ස් බිබී
ස්ලිපස් දාපු - පෑන්ට්ස් ඇඳපු නෝනලා
නගර සිරි නරඹනවා
බැස්ටියන් පාරත් දැන් මොඩ් වෙලා
ටාටා ලේලන්ඩ් රෝසා බස් නැතුව
කාර්..ජීප් නැවතිලා
බැස්ටියන් දැන් පොශ් වෙලා

බස් එකේ ඉදං බලන් හිටි අපිට
උන් හිටි තැන් නැති වෙලා
පොශ් කොළඹ කොන් වෙච්චි අපි
හෝල්ට් හොය හොය තාම
මහ මඟ.....




8 comments:

  1. මරු.. ආස්චර්ය මැවු වෙනසක අරුමේ කියනන් තමයි තියෙන්නේ ඉතින්...

    ReplyDelete
  2. Replies
    1. පව් කිව්වේ.............????
      පොදු මගී ජනතාව ගැන දුකෙන් ද ?
      මේවටත් ඉරිසියා කරන හැත්ත.. මුං පව්... කියල කින්ඩියටද?

      Delete
  3. කමක් නෑ යුද්දේ දිනන්නේ.... :D

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ane mawath dahan maliye atampahure atama

      Delete
  5. වැක්කෙරෙන සංවර්ධනය..

    හනි හනිකට යන ගමනේ ..
    සංවර්ධනයට...
    මගියෝ ගැන හිතන්නට..
    වෙලාවක් කොහෙන්ද ..
    පාලක පන්තියට ..
    බස් හොල්ට්නම් ඉතින්
    කවද හදන්න බැරිද පුටේ ..
    ඒ වගේද රටවසියනි..
    ෆ්ලොටින් මාර්කට් එක..

    ReplyDelete