Thursday, February 6, 2014

මතක පොත් ගිණි තැබීම...

මේ අවුරුද්දේ පළවෙනි දවසෙම පළවෙනි තෑග්ග විදියට ලැබුනේ මතක පොතක්... එහෙම නැත්තං ඩයරි එකක්.. ඩයරි එකට සිංහලෙන් කියන්නේ දිනපොත උනාට මම කැමතියි මතක පොත කියන්න.. ඉස්සර නම් දෙසැම්බර් මාසේ අඟ වෙනකොටම ඊළඟ අවුරුද්ද වෙනුවෙන් අළුත් ලස්සන මතක පොතක් ලැබෙන කම් ඉවසිල්ලක් නෑ.. ඒත් මේ අවුරුද්දේ ලැබුන එකත් අම්මට දුන්නා එයාගේ එදිනෙදා ගණන් හිලව් අනම් මනං කැමති නම් ලියාගන්න කියලා..
දැන් මින්ස්සු ඩයරි ලියනවද ඇත්තටම?
නෑ වෙන්න ඕනි..
එහෙමත් නෑ ඊයේ පෙරේදා එයාගෙම වැඩකට අපේ ලාවාගේ බෑග් එකෙන් ඩයරි එක ගත්තම එයා ඒක ලියලා තිබුනා.. ඒ එක්කම මට මතක් උනේ මගේ පරණ මතක පොත් ටික..
අදාලා අවුරුද්ද ඉවර උනාම මතක පොතත් කුණු මුල්ලට යන එකයි වෙන්නේ.. විසිකරන්නත් දුකයි.. තියා ගන්නත් බෑ.. ඔය විදියට එකතු උන මතක පොත් ගොඩකින් අද නිදහස් වෙන්න හිතුනා..
කාලෙකදි හරීම වැදගත් දේවල් තව කාලෙකදි වැඩකට නැති දේවල් වෙනවා කියලා දැන් තේරෙන්න පටන් අරගෙන.. ගේ අස්සසේ කුණු පුරවන් ඉන්න එකත් ඒ වගේ හිතිලා තියෙන්නේ.. ඒ නිසයි අද උදේම මතක පොත් වලින් නිදහස් වෙන්න කල්පනා කරේ..
අවුරුදු දහයක විතර මතක අළුත් කරමින් පිටු පෙරලන එක හරිම ශෝක් වැඩක්..
යාළුමිත්‍රකම්.. ඉස්කොලේ හොර වැඩ.. ජොලි වැඩ.. සිරා වැඩ.. එක්ක පොඩි පොඩි සීන්.. අනම් මනං එක්ක.. අපේ ආදර කතාවේ හුඟක් දවස් ගැන වචන දෙක තුනේ පොඩි පොඩි නෝට්ස්... කොටින්ම අපි මුලින්ම බලපු ෆිල්ම් එකේ ටිකට්ස් පවා.. මුළුන් ලැබුන චොකලට් එකේ කොලෙත්.. ලැබුනු තෑගි වල පුංචි නෝට්ස්.. හැම අවුරුද්දෙම බුක් ෆෙයාර් ගිය ටිකටස්.. විශ්වාස කරන්න බැරි විදියට අවුරුදු 9ක් තිස්සේ මම පාවිච්චි කරන ෆෝන් කනෙක්ෂන් එකට මුලින්ම දාපු කාර්ඩ් එක පවා.! බලාගෙන ගියාම මම පුදුම එකතු කිරීමේ පිස්සුවක් තියෙක හෙනම මානසික රෝගියෙක්නේ..!

කල් යන්න යන්න ජංජාලෙට ලං වෙන්න ලං වෙන්න මතක පොත් පාවිච්චියත් නැතිව ගිහින් ඒ පිස්සුත් හොඳ වෙලා ගිහිං.. ෆොටෝ කෑල්ලක් අරං කොහේට හරි අප්ලොර්ඩ් කරලා දාන්න තරම් දැන් සිස්ටම් එක වෙනස් වෙලා.. කමක් නෑ.. එහෙම තමයි ඉතිං..

මතක පොත් අවශ්‍යමයි කියලා හිතුන පිටු ටිකාක් විතරක් ඉතිරි කරගෙන අනිත්වා හවස පුච්චලා දැම්මා..තව කාලයක් ගිහිං ඒ පිටු ටිකත් වැඩක් නෑ කියලා හිතුන දවසක ඒ ටිකත් පිච්චෙයි..

මතක හිත් වල විතරක් ඉතිරි වෙලා මතක පොත් අළු වෙයි....


14 comments:

  1. මගේ පරණ වල තියෙන්නේ මට එදිනෙදාට කරන්න තියෙන වැඩ ටික විතරයි. ඒත් මුල්ම මාස වල විතරයි ඒකත් අප්ඩේට් වෙන්නේ. අන්තිමට ෆෝන් එකේ විතරයි ඔක්කොම. පරණ දිනපොත් වල telephone numbers හෙම කොල ටික ගලෝලා තියන් ඉන්නවා. අනිත්වා නම් අවුරුද්ද ඉවර වෙලා පහුවදාට විසි කලා. දැන් ඉතින්google+ , face book, foursquare ,twitter කී තරම් දෙනෙක් අපි එක්ක ඉන්නවද මතක බෙදාගන්න ඉස්සර වගේ යැ.

    ReplyDelete
  2. Later in your liife you are going to regret this.

    ReplyDelete
  3. //දැන් මින්ස්සු ඩයරි ලියනවද ඇත්තටම?//

    දැන් අපි ලියන්නේ බ්ලොග්!

    මොකද හලෝ පොත් පිච්චුවේ? :(

    ReplyDelete
  4. මම නං කවදාවත්ම දිනපොතක් පාවිච්චි කරලා නැහැ.. ලියන්නයි කියලා කීපසැරයක්ම අරගෙන තියෙනවා. අන්තිමට ඒවා ඇතුලේ එක එක බිල්, කොල, බෑග් තමා දාන්නේ.. පස්සේ අරගෙන බලද්දී මෙලෝ දෙයක් ලියලා නෑ.. :D

    ReplyDelete
  5. මමත් දිනපොත් ලියන්නැහැ. ඉස්සර අවුරුදු දෙකක් විතර ලිව්වා. ඒත් හැම මාසෙකම ලිව්වෙ නෑ :-D
    මට දිනපොත් ලියන්න ආසා කාලෙ දිනපොත් තිබ්බෙ නෑ. තාත්තට ඔෆිස් එකෙන් ලැබුණෙ එක දිනපොතයි. ඒත් ඒ අවුරුද්ද ඉවර වුණාට පස්සෙනම් තාත්තට ඒ ඉවරවෙච්ච අවුරුද්දෙ දිනපොත් 5ක් විතර ගේන්න දෙනවලු :-D
    එතකොට ඉතින් වැඩක් තියෙනවය. මට දුක ඇයි ඒවා ඒ අවුරුද්දෙම ගේන්න බැරිවුණේ කියල හිතෙනකොටයි.

    මං ඒවයෙ ඊළඟ අවුරුද්දෙ දින දර්ශනය ඉරාගන්නවා. ඒකනම් මසුරමක් වගේ. හැම අවුරුද්දකම මුල් මාසෙ ඉවරවෙනකම්ම වගේ අලුත් දිනදර්ශනයක් මට හොයාගන්න බැරි වෙන නිසා :-D

    ReplyDelete
  6. මමත් ඉස්සර අවුරුද්ද මුලදී ඩයරි ලියන්න ගන්නවා .ටිකක් දවස් යද්දී මතක නැහැ,. හැබැයි හොද ලොකු දයරියක් නම් නෝට්ස් ලියන්න ගත්ත ඒ කාලේ. ඉඳහිට කවි ලිව්වා චිත්‍ර ඇන්ද . හොඳම දෙක තුනයි දෑවැද්දට ගෙනාවේ. තාත්ත නැති වුනහම අම්ම ඔය පරණ පොත් පත්තර සහ අපි එක්කහු කල ලට්ට ලොට්ට හුඟක් පුච්චලා දැම්ම . ගේ විකුනද්දී ඉතුරු ටිකත් විසි කරන්න ඇති. පරණ චිත්‍ර හෙම තියා ගත්තේ නැති එක ගැන අපරාදේ කියල හිතෙනවා තමයි. හැබැයි කොයි දේත් අනිත්‍යයයි නේ. අපේ ළමයින්ටත් තියෙනව ඔය කොළ කෑලි ලට්ට ලොට්ට එක්කහු කරන පුරුද්ද . ළමයි ඉන්න කොට ගෙවල් කැලේ වෙන්නේ එහෙමයි. හැබැයි අපි වගේම ඒගොල්ලත් ඒ ලට්ට ලොට්ට විතරක් අපට ඉතුරු කරලා පියාඹල යන දවසක් එනවා. අපි කළා වගේම .

    ටිකින් ටික කොළ වල ලිවිම අඩු වෙන නිසා එයාල ලියන දේවල් නම් ඩිජිටල් අකුරු ලෙස කොහේ හරි තියෙන්නත් ඉඩ තියෙනව.



    ReplyDelete
  7. බලාගෙන ගියාම කවුරුවත් හරියට ලියපු කෙනෙක් නැහැ වගේනේ..

    හ්ම් හ්ම්.. දැන් දිනපොත් අවශ්‍යය නැහැ.. ඒ අන්තර්අවකාශේ කොහේ හෝ තැනත අපේ මතක ගබඩා කරලා තියන්න ලේසි නිසා.. කඩදාසි නාස්ති නොකර ඒ වගේ දෙයක් කරන්න පුළුවන් එකත් කොයි තරම් හොදද එක අතකින්..!

    තමතමන්ගේ මතක පොත් ගැන කියලා ගිහින් මගේ බ්ලොග් එකට ඇවිත් මාව දිරිමත් කරපු අක්කිලා අයියලා හැමෝටම බොහෙම ස්තූතියි අක්කේ අයියේ...:P

    ReplyDelete
  8. මම ඕක ට්‍රයි කලා අවුරුදු තුනක්.. වැඩක් නෑ හැම දින පොතේම කොල 5ක් ලියලා ඇති. අපොයි ඔය පරණ කුණුනම් පුච්චන එකමයි හොඳ. හොඳ දේවල් සිරා ආතල් දේවල් ආතල්. චොර දේවල් පට්ට චොර.

    ReplyDelete
  9. මතක හිත් වල විතරක් ඉතිරි වෙලා මතක පොත් අළු වෙයි.
    ඕක තමා අන්තිමට වෙන්නේ..!

    ReplyDelete
  10. ai apita dewal diary wala liyanna awashya wenne.. life kiyana1 hedila thiyanne live...kiyana 1n.

    ReplyDelete
  11. මම මතක පොත් ලිව්වා ඉස්කෝලේ ඕලෙවල් කාලේ ඉඳන් ඒ ලෙවල් ඉවර වෙලා අවුරුදු 2ක් 3ක් යනකම්. පරන ඒවා අල්මාරිය කොනේ හංගගෙන හිටියා. දවසක් අහම්බෙන් පරනම එකක් හම්බ වෙලා මුල ඉඳන් කියෙව්වා . . අයියෝ මට මම ගැනම චී කියලා හිතුනා. ඔක්කෝම ටික ගිනි දෙයියන්ට පිදුවා එදාම. ඒත් ඊට අවුරුදු 10ක 15ට පස්සේ ඒ මතක පොත් ගැන මතක් වෙලා දුක හිතුනා ඇයි පිච්චුවේ තියා ගත්ත නම් කොයි තරම් දෙයක්ද කියලා . . එහෙම හිතුනට ආයෙමත් අලුතෙන් මතක පොත් ලියන්න නම් ආසාවක් ආවේ නෑ

    ReplyDelete
  12. මතක පොත්වල මතකයන් ආයේ එන්නේ නෑ :) ඕවා පොත්වල ගබඩා නොකර ඉන්න තරමට හිතට සැහැල්ලුයි

    ReplyDelete
  13. මතක හිත් වල විතරක් ඉතිරි වෙලා මතක පොත් අළු වෙයි....
    http://wehilihini.blogspot.com/

    ReplyDelete
  14. I like the valuable info you provide in your
    articles. I will bookmark your blog and check again here regularly.
    I'm quite sure I will learn a lot of new stuff right here!
    Good luck for the next!

    Here is my page ... gogo pillow review; ow.ly,

    ReplyDelete