Wednesday, February 5, 2014

නිර්වානයේ දොරකඩ හිඳිමි....


පුරහඳ අයිති රාත්‍රියටය...
තරු පිරි අහසක පුන්සඳක් යනු
නේක දැසිදස්සන් පිරිවරා
සිටිනා මහේශාක්‍ය වරයෙකු මෙනි..
අහසතලයත් පොලෝ මහී කතත්
සියල්ලන්ට හොරෙන්
සිය සදාතනක පෙම් මුණු මුණුවේ
වෙලෙමින් මුළු වටපිටාවම
එකම රසගුලාවක් කර ඇත..

දිවා දැඩි සූර්ය රැසින් පීඩිත
සිය පෙම්වතිය සනහන
අහස් ගැඹ
පිණිති විසුරුවා ඇය නළවති
සුවඳව පුෂ්පයෝ දක්වා
ඈ ඔහු පසසති...
කදෝපැණි එළිත්..
තාරුකා එළිත්..
අහසත් පොලෝ මහීත්
අතර රහස් මුකුළු පණිවිඩ
ඔබ මොබ ගෙන යති..

ඒ පුරහඳ පෑයු දිනය සුවිශේෂීය..

ඇමසන් වනයේ
හරි මධ්‍යයේ
මිනිස් ඇසකට නොදිටිය හැකි
මිනිස් පයකට ළං විය නොහැකි
ඒ ගිරිකුළ් නම් මුරකරුවන් විසින් රක්නා
අසම සම ඒ පෙදෙසේ
පුරහඳ පෑයු අහස යට..
ඔවුන් සියල්ලෝ
කලකට පසු එක්ව ඇත
සියල්ලන්ට එහි යා නොහැක
නමුත් ඔවුන් සැමට යා හැක..

මා එහි දොරකඩ සිටිමි..

ඔවුන් මහා කතාවකය..
අතරින් පතර සිනහවන්ය..
“මේ මිදි යුෂ ගන්න මත් වන තරමටම පැසී නෑ තවම“
...
“යහපත්ය.. එහෙනම් මදක් දෙන්න..“

දැක පුරුදු ඔවුන් දෙස
බලා සිටියෙමි දොරකඩ සිට
නෙත් කොණින් මා දෙස බලා
ඔවුන් ඔවුන්ගේ දෙඩුම් වල

යේසුස්..සිද්ධාර්ථ.. අල්ලාහ්
එක්ක සත්‍ය සායි.. වගේම
ක්‍රිෂ්ණාලා එක්ක තව ගොඩක් අය
එක මේසයක සුහද පිළිසඳරක

එන්න ඇතුළට..
ඇරයුමක් කලා මට අයෙක්

යන්න බෑ මට
බර වැඩීයි මගේ හිත
බැඳීමෙන් බැඳී ඇත
සිතිවිලි වලින් පිරී ඇත
නිර්වාණයේ දොරකඩින් මම
හැරී ආවෙමි එන්න
පුරහඳ මගේ පසුපසින්
මා එක්ක ආවේය..







පසුව ලියමි :- පුරහඳ පායන දවසට පිස්සන්ට පිස්සු වැඩිවේළු! 

4 comments:

  1. පුරහඳ පෑයු අහස යට..
    ඔවුන් සියල්ලෝ
    කලකට පසු එක්ව ඇත
    සියල්ලන්ට එහි යා නොහැක
    නමුත් ඔවුන් සැමට යා හැක..

    මා එහි දොරකඩ සිටිමි..

    ReplyDelete
  2. පසුව ලියමි කොටසට අනුව එදාට හැමෝම නිවන් යනවා තමයි..

    ReplyDelete
  3. අපරාදෙ ඕයි...
    උන් ගන්නව ඇත්තෙ
    හොඳම බඩු!

    ReplyDelete
  4. කියලා වැඩක් නෑ ඕයි.. ආවේ අපරාදේ කියලා දැන් තමා හිතෙන්නේ...

    ReplyDelete