කොහොම හරි ඉතිං මේ මාසේ මුල නම් හිතා ගත්තා මේ සැරේ වැඩිය පොත් ගන්නේ නැහැ කියලා. මොකද ප්‍රදර්ශනෙන් අරන ගන්න ටික ඇරුනම අවුරුද්දේ ඉතිරි මාස වල පොත් නොගෙන ඉන්න එකක්යෑ! ඉස්සර නම් අවුරුද්ද පුරාම ලැයිස්තුවක් හදාගෙන ඉන්නවා උනාට මේ සැරේ නම් පොත් 8ක් 9ක් විතර තමයි මාසේ මුලදි ගන්න හිතාගෙන හිටියේ.
ඉතිං ඔය විදියට හදපු පොත් ලැයිස්තුව යන්න කිට්ටු වෙද්දි දන්නෙම නැතුව 14-15 උනා. කොහොමත් මම ප්‍රදර්ශණේට ගිහිල්ලා නම් පොත් තෝරන එක ගැන හිතන්නේ නෑ. මොකද සෙනඟ අස්සේ පොඩ් ස්ටෝල් අස්සේ හිටගෙන පොත් තෝරන්න ගියාම වෙන්නේ මටයි අනිත් මින්ස්සුන්ටයි සේරටම කරදර වෙන එක. ඒ නිසා කලින්ම හොඳයි කියන පොත් ගැන හොයලා ලිස්ට් එකක් හදා ගන්නවා. ඊට අමතරව ගන්නේ දැක්ක ගමන් ගන්න හිතෙන (ලේඛකයා හෝ පොත ගැන කලින් අහලා තියෙන නිසා) පොත් විතරයි.
ගිය අවුරුද්දෙම හිතාගෙන හිටියේ මේ අවුරුද්දේ නම් ටිකක් නිදහසේ ඇවිදින්න සතියේ මැද දවසක ප්‍රදර්ශනේට යනවා කියලයි. ඒ වගේම වැඩිය නැතුව පුළුවන් තරම් අඩු පිරිවරක් එක්ක යන්නයි හිතුවේ. මොකද නැත්තං කට්ටිය හොයන්නයි ගියාමත් මාත් එක්ක යන අයටයි මටයි දෙගොල්ලටම කරදරයි. ඒ උනාට ඉතිං අපිට තනියම යෑමක් ගැන හිතන්න පුරුදු නැහැනේ. ඒ නිසා කලින්ම යන දිනේ එහෙම කියලා යන අය සෙට් කරගත්තා.
ඉතිං.. ඔය විදියට පෙරුම් පුරලා ප්ලෑන් කරලා පහුගිය 23 එහෙම නැත්තං සිකුරාදා අම්මයි මායි ගෙදරින් පිට උනා. අපි දොර වහද්දිත් රචියා මල්ලියි එයාගේ නෝනයි එතනට ගිහිල්ලත් ඉවරයි. කොහොමින් හරි 10 වෙනකොට අපිත් ටිකට් එහෙම අරගෙන ඇතුළු වෙච්ච ගමන් දකුණට හැරුනම තියන ලොකු ටෙන්ට් එකේ ඉන්න අපේ පොඩි අය හොයාගෙන ගියා. ගියාම හයියෝ තාමත් රචියා හා උගේ ගෑණි විතරයි. ඔන්න ඊට පස්සේ ආවා අපේ බොස්.ඊටත් පස්සේ මැගී කන්න දත කට මැදගෙන එහෙම ආවේ අපේ ධථ්පුතා. දැන් කට්ටිය හරි.
අපි ගමන ආරම්භ කරන්න කලින්ම උදේ ආහාරය එහෙම සප්පයාම් වෙලා ඇඟට පතට හයි හත්තිය අරගෙන සෙනඟ පීරීමේ මහා මෙහෙයුමට එන්ටර් උනා. කිව්වට මොකද සතියේ දවසක් උනාට එදත් සැලකිය යුතු සෑහෙන්න තරම් සෙනඟක් හිටියා. වැඩියෙන්ම අවුරුදු 18-22ත් අතර වගේ තරුණ අය. බොහොම හොඳයි ඒක. මිනිස්සු පොත් ගැන උනන්දු වෙන එක කොහොමත් හොඳයිනේ.! ඉතිං කොහොම හරි දවල් තුන විතර වෙනකම් ඇවිදලා කරලා සෑහෙන්න තරමේ පොත් ටිකකුත් එකතු කරගත්තා. පොත් දැක්කම ඉතිං අර කොකා සිල් ගත්තා වගේ තමයිනේ. බජට් කැලේත් නෑ.. කැලේ ගසුත් නෑ කිව්වලු!
අපි ගමන ආරම්භ කරන්න කලින්ම උදේ ආහාරය එහෙම සප්පයාම් වෙලා ඇඟට පතට හයි හත්තිය අරගෙන සෙනඟ පීරීමේ මහා මෙහෙයුමට එන්ටර් උනා. කිව්වට මොකද සතියේ දවසක් උනාට එදත් සැලකිය යුතු සෑහෙන්න තරම් සෙනඟක් හිටියා. වැඩියෙන්ම අවුරුදු 18-22ත් අතර වගේ තරුණ අය. බොහොම හොඳයි ඒක. මිනිස්සු පොත් ගැන උනන්දු වෙන එක කොහොමත් හොඳයිනේ.! ඉතිං කොහොම හරි දවල් තුන විතර වෙනකම් ඇවිදලා කරලා සෑහෙන්න තරමේ පොත් ටිකකුත් එකතු කරගත්තා. පොත් දැක්කම ඉතිං අර කොකා සිල් ගත්තා වගේ තමයිනේ. බජට් කැලේත් නෑ.. කැලේ ගසුත් නෑ කිව්වලු!
කොහොම හරි අන්තිමේ හුඟක් දවල් වෙලා අපි බයි කන්න හිතනකොට තව කෙනෙක්ට මැගී දොලඳුකක් හැඳුනනේ. ඔය තරම් දුර ඉඳන් ඇවිත් ඒ ඉල්ලීම ඉටු නොකර බැරි නිසා කොල්ලට නූඩ්ල්ස් කෝප්ප තුනකුත් කවාගෙන අපි බයිත් කාලා ගෙවල් බලා සතුටු සිතින් නැවත පැමිණියා.
ඔන්න ඔය විදියට තමයි මෙදාපාර පොත් සවාරිය ඉවර උනේ. පහළ තියෙන්නේ ගත්තු පොත් ටික. නම් ටික පේන නිසා අමුතුවෙන් ආයේ ලිස්ට් එක නම් දාන්නේ නෑ. ඕකටම අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පොතයි අනෝමා ජිනාදරිගේ පුනරුක්ති මගේ කතාව යි එකතු වෙන්න ඕනි. මොකද ඒ දෙක පහුවෙනිදා අපේ බෙනා මාමාගේන් තෑගි ලැබුන නිසා.
සැප්තැම්බර් කීවම මටත් දන්න කියන කාලේ ඉඳන් විශේශයි.
ReplyDeleteපොත් ගැන කතා කරනවා නම් ඉතින් මොන කතාද? කොටින්ම ඉස්සර වගේ නෙමෙයි මටත් දැන් අලුත් පොතක් දැක්ක ගමන් ඔයාලා මතක් වෙනවා. අනේ මේ මොහොත ඔයාලා එක්කත් ඒක කියවන්න තියෙනවා නම් කියලා. ( ඒත් ඉතින් උඹ වගෙ නරියෙක්ට නම් එහෙම නෑ කියලා මම දන්නවා.)
ඒත් ඉතින් මට නම් මේ දවස් වල දකින දකින කතා අස්සේ හිතුනේ මේ තරම් පොත් කියවන රටක මිනිස්සු ඇයි පොඩ්ඩක්වත් මෙයින් (සිස්ටම්) එහාට නොයන්නේ කියලා.
අර නූඩ්ලස් තුනක් කාපු එකා තවම යහතින් ජීවත් වෙනවද මොනව උනත්... යකෝ කනවා කියලා ඔහොම කන්න පුළුවන්ද?
adeeehh..! u hv bought hell a lot of books...! aneeeeeeeeeey මට කවදා..... පොත් ලොට් ඒකක් ගන්න හම්බෙයිද දන්නෙ නැහැ...අම්ම දුන්නෙ පොඩි ගානයි අප්පා...!
ReplyDeleteමාතලන් නං කියන්නේ වැඩි දෙනෙක් එන්නෙ පොත් ගන්න නෙමේ කියල.
ReplyDeleteපොත් ගන්න ගිය හැමෝම කෑමටත් තැනක් දීල වගේ....
ReplyDeleteමලියො... ඔය බ්ලොග් රෝලෙ තියෙන කූල් සී ගෙ බ්ලොග් එක අයින් කරල මේක දැම්මනම්...
ආව් ආව්. ඉහි ඉහි
ReplyDeleteආ..බලන් ගියාම පුක් ෆෙයාර් එක බලන්න හැමෝම ගිහින් වගේ :)
ReplyDeleteකවුද ඩෝ මාමා.. තුහ් විතරක්.. මේ පාරත් පොත් ගත්තා. ඒත් ගියපාර පොත් වගයක් තාම කියවන්න තියෙනවා..
ReplyDelete