Thursday, August 18, 2011

හයියෝ සෙරෙප්පු!


කාලයක් තිස්සේ ඇතිවුන ගැටළුවක් ගැනයි අද මම ලියන්න යන්නේ.. ලංකාවේ දැනට තියන හැම ප්‍රසිද්ධ පාවහන් නිශ්පාදන ආයතනයකම යාවජීව සාමාජිකාවක් හැටියට මේ ගැන ලියන්න මට සෑහෙන්න සුදුසුකමක් තියනවා කියලයි මම විශ්වාස කරන්නේ..!

හ්ම්ම්.. මොනවද ඉතිං ලංකාවේ අපිට නම් සෙරෙප්පු කිව්වම මුළින්ම ඔළුවට එන්නේ රෙදි හොඳන සබන් නම් සන්ලයිට් වගේ සෙරෙප්පු නම් ඉතිං බාටා නේ? ඒත් ඉතිං දැන් කොහොද ඔරිජිනල් බාටා ‍ගන්න තියෙන්නේ? (මම මේ ලියන්නේ බාටා ස්ලිපස් ගැන නෙවෙයි හොදේ!) මම කතා කරන්නේ කාන්තා පාවහන් ගැන.! බාටා වලට පස්සේ සැම්සන්ස් එහෙම නැත්තං ඩී.එස්.අයි.! ඒවා නම් ඉතිං හැමතැනම තියනවානේ..! ඒ උනාට ඉතිං හොඳ එව්වා කොහෙද තියෙන්නේ?????????????????? :(( :(( :((

මං වගේ අහිංසක ළමයෙක්ට සෙරෙප්පු වලට නාස්ති කරන්න තරම් සල්ලි නෑ අප්පා..! මාසෙකට සෙරෙප්පු ජෝඩුව ගානේ අරන් තියන්න ඉඩකුත් නෑ..! ඔන්න ලස්සන බලලා ගත්තොත් එක්කෝ හීල් එක අවුල් නැත්තං දවස් දෙකක් දාද්දි පටියක් ගැලවිලා.. හයිය බලලා ගත්තොත් තව මොකක් හරි අවුලක් මට නම් දැන් එපා......... වෙලා..!

කොහොමටත් මට ලාවට හරි මගේ කකුළට හිර වෙන සෙරෙප්පු හරියන්නේ නෑ..! ඒවා දාගෙන ඇවිදින එක තමයි මේ ලොකේ මට එපාම කරපු වැඩේ..! ඒ නිසා හැමදාම ගන්න සෙරෙප්පු වල මොනා හරි අවුලක් තියනවා..! අම්මා කියන හැටියට මට එක්කෝ සපත්තු හදන මිනිහෙක් බැඳගන්න වෙනවා.. නැත්තං සපත්තු හදන කම්පණි එකක් මටම පටන් ගන්න වෙනවා..!

රබර් ස්ලිපස් තරම් හොඳ කිසිම සෙරෙප්පුවක් නැති මේ රටේ මිනිස්සු වෙන සෙරෙප්පු ‍දාන්නේ මොන එහෙකටද මන්දා..! කවුරුවත් ඔෆිස් එකට රබර් සෙරෙප්පු දාන්නේ නැති නිසා මට දාන්න විදියකුත් නෑ..! අනේ ඒ නිසා මගේ අහිංසක කකුල් දෙක කොයි තරම් දුක් විඳිනවාද..! පව් අප්පා මං..!!!

අනේ මට සෙරෙප්පු දාන්න බැරියෝ...!!!



20 comments:

  1. ok..this is going to sound strange...but here.....girls/women wear two shoes. :)

    One..the first one is actually molded to their sole. Its pretty hard rubber like outside and inside is soft. So they slip into them.....and buy shoes that fits the leg cover...not their actual real legs.

    http://www.alwaysriding.co.uk/images/alwaysriding/saxoovershoe_small.jpg

    So no matter what OUTWARD shoe/heels they wear.,their sole and fingers are protected from any uncomfy toe jams or tightness.

    I might probably making no sense...i will snap a picture next time if I can and send it across for you to see :)

    But till then. it looks something like this... but NOT this tall and bulky....just for your to get an idea

    ReplyDelete
  2. http://www.alwaysriding.co.uk/images/alwaysriding/saxoovershoe_small.jpg

    ReplyDelete
  3. මට මේ තියන එකත් දාගන්න බෑ කියද්දි මේකා තව එකක් දාන්නලු..! බෑ......................!
    strange! i have never seen anything like these in SL shops!

    ReplyDelete
  4. මම තොගේ කන පලනවා. කී පාරක් කියලා තියෙනවදා අපි යූස් කරන සපත්තු අනුව වෙන දේවල්... තෝ නම් මහ නරියෙක්.
    තව අවුරුදු දහයක් පහලොවක් ඇවිදින්න අදහසක් තියෙනවා නම් දාපන් හොඳ සපත්තු. වටේ පිටේ ලස්සනට නෙමෙයි නරියෝ සපත්තු දාන්න ඕනේ.

    නැත්නම් ඔය සපත්තු නැතිවම ඇවිදපන්. කොහොමත් ඉතින් අනිත් එවුන් කරන දේ කරන්න උඹ බැඳිලා නෑ නේ.

    ReplyDelete
  5. රබර් සෙරෙප්පු 2ක තරම් සනීපෙට කකුලට දාන්න පුළුවන් දෙයක් තවත් මේ ලෝකේ ඇතුව ඇති...

    ReplyDelete
  6. අම්මා කියන හැටියට මට එක්කෝ සපත්තු හදන මිනිහෙක් බැඳගන්න වෙනවා.. නැත්තං සපත්තු හදන කම්පණි එකක් මටම පටන් ගන්න වෙනවා..!

    පළවෙනි එකට වඩා දෙවෙනි එක ලේසියි වගේ...

    ReplyDelete
  7. අපෝ මතක් කරන්න එපා! සපත්තු කැඩෙන්න එක හේතුවක් අපේ පාරවල් වල හොඳකම!
    මට එක පාරක් උදේ පාන්දර කොළඹදී සපත්තුව කැඩිලා කඩ අරිනකන් ඉන්න වෙලා හොඳ කට්ටක් කෑව. එදායින් පස්සේ මම කාලයක් යනකම්ම කැම්පස් ගියේ රබර් සෙරෙප්පු දෙකක් බෑග් එකේ දාගෙන.
    අර නෑෂ් කිව්වා විදිය සපත්තු තියේ නම් එල.

    මම මේ දවස් වල මෙහෙ සේල් එකකින් ලස්සන ලස්සන සපත්තු ගොඩාක් අරන් winter නිසා දාගන්න බැරුව summer එනකන් ඉන්නවා :( Hik ...හය්යෝ සල්ලි කිව්වලු!

    ReplyDelete
  8. buhahahaaaaaaa!!!! if u can't change shoes change ur job that fits into ''bata''.. :P

    ReplyDelete
  9. for the first time.. I think this Bingo girl has a very good point :)

    But then again in Sri Lanka where the job status is measured by the cloths you wear, the only job that allows rubber slippers would be Abans Janitor service :D :D

    BUT..of course, then again.. you could be like me...when it was not court days, I always used to wear some beat up denim, washed out Tshirt and rubber slippers to office :)

    ReplyDelete
  10. uyata tiyenne ladan kuttamk gaha ganda... aye jeewithetama sapattu oni wenne na... hena ganak ithurui... :P

    ReplyDelete
  11. බලන් ගියාම මට විතරක් නෙවේ නේ මේ ගැටලුව තියෙන්නේ...මම නම් දැන් කැම්පස් එකට දාන්නෙම රබර් සෙරෙප්පු

    ReplyDelete
  12. @බුරු - මගේ කණ පලන්න තී???!!! හිතුවා මදි.. හරියටම තව අවුරුදු 25යි මාස හතරයි ඇවිදින්න හිතාගෙන ඉන්නේ...! වටේ පිටේ ලස්සන නෙවෙයි ඕයි..! හිතනවා මං ඔෆිස් අඳින ඇඳුමට ඔහේ කියන සපත්තු ‍දැම්මොත් කොහොමට තියේද?
    :(

    පුසා - ඇත්ත පූස් ඇත්ත..

    බුරු - පළවෙනි එකත් නරකම නෑහ් නේ? ‍ඩී එස් අයි එක අයිතිකාරයාගේ පුතාවවත් සෙට් උනොත්..! හූ...!!!

    නිරෝ - හික් හික්.. දුක් වෙන්න එපා අනේ.. සමර් ඉස් ඔන් ද වේනේ කියලා හිත හදාගන්න..!!
    මේ එක නෙවෙයි ඔහේ සෙරෙප්පු මෙහේ වගේ නිතර කැඩෙන්නේ නැතෙයි?

    බිං - ‍රස්සාව කරන වෙලාවට නම් ඇත්තටම හිතෙනවා මීට වඩා හොඳයි පාර අතුගැවා නම් කියලා හිතෙන දේ කරන්න පුළුවන් උනා නම් ඉතිං නේ...???

    අංකල් නැස් - යූ කුඩ් බී ලයික් මී වෙන්න මාත් ඉතිං ඔය වගේ කූජීත රස්සාවක් කරන්න එපැයි.. ඒ අතින් බලද්දි මගේ රස්සාව හොඳා..!
    අපි ඉතිං යුනිෆෝම් අඳින අයනේ බොස් සෝ ඔය කියන විඳියට බෑ. පුළුවන් උනා නම් නොකර ඉන්නෙත් නෑ තමා..!

    රසි- ඉඳලා ඉඳලා කඩාපාත් වෙලා ඔය කිව්වේ ඉතිං! ඕයි මං මොකෙක් කියලද හිතන් ඉන්නේ?

    ඩීප්- ඔයාටයි මටයි නිරෝෂණිටයි නෙවෙයි මේක ලංකාවේ කාන්තාවන් අතර දැවෙන ප්‍රශ්ණයක් මං සරළව කිව්වට! සිරාවටම !!!


    ෆෝහ්.. කාලෙකින් හැමෝටම රිප්ලයි කරා..! :D

    ReplyDelete
  13. @malee

    The way you address me...

    you gonna fucking get a good bollocking from me one of these days...

    I assure you !

    ReplyDelete
  14. තාම නම් කැඩිලා නෑ. මඩ වලවල් උඩින් පැන පැන ගල් බොරළු බේරලා යන්න ඕන නැති නිසාද මන්ද.
    හැබැයි මෙහෙ කැඩිලා නිකන් සපත්තු නැතුව ඇවිද ගෙන ගියත් ගානක් නෑ. කව්රුත් බලන්නේ නෑනේ මිනිහෙක් මැරිලා හිටියත්!
    මෙහෙ එහෙම කට්ට සීතලේත් සෙරෙප්පු වත් නැතුව ඇවිදින සුද්දෝ ඉන්නවා. එයාල කෙස් රවුල් බාන්නේ ත් නෑ. ස්වභාවිකත්වයට ලංවෙන්නලු එහෙම කරන්නේ?!!

    ReplyDelete
  15. @Niroshi

    So, do those people walk around butt naked and kill their own food to be more close to the nature?

    if not... they are just hypocrites !

    ReplyDelete
  16. @නිරෝ - ආ.. දැන් අපේ කොළඹත් මොඩ් වෙන නිසා ඔය අවුල් අපිටත් අඩුවෙලා යයි.. හැබැයි ඉතිං ගමේ පාරවල් නම් තාම එසේමයි නිසා හැමතිස්සෙම ස්භාවිකත්වයට ලං වෙවී තමා ඉන්න වෙන්නේ..

    @අංකල් නැස්- අනේ ෆල!

    ReplyDelete
  17. සපත්තු තමයි මං අඩුවෙන්ම අවධානය යොමු කරන දේ. කිව්වත් වගේ මාත් අලුත් සෙරප්පු දෙකක් ගන්න ඕනා :D

    ReplyDelete
  18. මලීට් ඔය කකුල් 2ක් හින්දා. හැකරැල්ලෝ කොච්චරනම් දුකක් විඳිනව ඇත්ද ?

    ReplyDelete
  19. බාටා සෙරෙප්පු වලින් මන් කරපු වෙනස්ම දෙයක්.. ගිහින්ම බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=648662
    http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=156
    http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=194

    ReplyDelete