පහුගිය ටිකේ ඒකාකාරී වෙලා කම්මැලි වෙලා එකතැනම පල් වෙන්න පටන් අරන් එපා වෙලා තිබුන ජිවිතේ දැන් මේ ටිකේ නම්... හම්මෝ හරියට නිදාගන්න බැරි තරමට බිසී වෙලා. බිසී කිව්වට ඉතිං වැඩ හින්දම බිසී නෙවෙයි. මේ නිවාඩුවකට මෙහේ ආව ගෙම්බෙක් හින්දා අහිංසක මං හෙන බිසී වෙලා.. ඇයි ඉතිං කට්ටිය වැකේෂන් ආවට අපේ රස්සාවල් වලදි වැකේෂන් තියා වීක් එන්ඩ් එකක් වත් අපිට නැහැනේ.. ඒ උනාට ඉතිං අපි නැති උනාට ඔෆිස් වහන්නේ නැති නිසා රාජකාරියයි දේවකාරියයි අනිත් කාරීයි සේරම පුළු පුළුවන් හැටියෙන් හැන්ඩල් කරගන්න තමයි ට්‍රයි කරන්නේ.
හි හී... බ්ලොග් වල බයිලා ගහනවා කියලා දැන් ඉතිං මට බැනුම් අහන්න වෙයි. ඒ නිසා වැල් බයිලා නතර කරලා ටොපික් එක බේස් කරගෙන ලියන්නයි දැන් මම හදන්නේ...! හොදට හුස්මක් උඩට පහළට ගත්තා.. එක.. දෙක තුන...
..........
....
මීට අවුරුදු දෙක තුනකට වගේ ඉස්සෙල්ලා අයි ෆෝන් මාර්කට් එකට ආව අළුතම වගේ අතේ සතේ නැති උනත් අයි ෆෝන් එකක් ගන්න මටත් පොඩි හීනයක් තිබුනා.. ඉතිං හැබැහින් බැරි නම් හීනෙන්වත් නොලැබුනත් කිසි කමක් නැති උනත් ආතල් එකට වගේ ස්ටේටස් මැසේජ් එකක "අනේ මටත් අයි ෆෝන් එකක්" කියලා මම දාලා තිබුන කාලෙක එක සැරේම කවුදෝ පොප් අප් වෙලා හේයි ඔයා අයි ෆෝන් එකකට කැමති ද කියලා කතාව පටන් ගත්තා.. අපරාදේ මගේ පුරුවේ (අ)කුසල කර්මයකට වගේ මාත් ඉතිං මොනාදෝ කිව්වා.. ඒයින් පස්සේ ටික ටික කතාව ඇදි ඇදී ගියා.. තාම ඇදෙනවා... කන් පිරෙනකම් අහලා අහලා ඇති වෙලා එපා වෙලා වමනෙත් ගිහින් එතනින් එහාටත් තව ටිකක් අපේ කතාව ඇදෙන.. ඒ කතාවේ කෙලවරේ හිටි ගෙම්බි මේ ටිකේ ලංකාවට ඇවිත් හින්දයි ආයෙමත් මේ හැටි බිසී වෙලා විකාර වෙලා ඉන්නේ. අපේ ගොඩක් යාළුවන්ට මේ වෙනකොට ගොඩක් කාර්ය බහුල හින්දා මං වගේ ඉබ්බෙක් තමයි ඒ ගෙම්බිට තනියට නොතනියට ඉන්නේ. ඉතිං අපි අඹ කවි විචාර දේශණ නාට්‍ය ප්‍රසංග අරවා මේවා අස්සේ එහේ මෙහේ පොඩි පොඩි සංචාර ටිකකුත් කරගෙන දෙයියනේ කියලා ඉන්නවා ඉතිං......
.......
අපි පාර දිගේ ගිය ගමන් කතාවේ මුල්ම පිටුව වෙන් වෙන්නේ හිනිදුමට
මම මීට කලින් හිනිදුම ගැන අහලා තිබුනේ නෑ. අහලා තිබුනත් මතක තිබුනේ නෑ.. කොහොමත් ඉතිං වෙලාවකට මට මම ඉන්න තැනත් අමතක වෙන එකේ ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. අපේ ගමනට හිටියේ රථාචාර්ය වරයා සමඟම සියළු පිරිස හතර දෙනයි. ඉතිං මතක ඇති විදියට අපි ගමන පිටත් උනේ උදේ හතට පමණ. හිනිදුම කල්වාරි කඳු මුදුනත් පල්ලියත් වන්දනාව හා නැරඹීම තමයි අපේ අරමුණ උනේ. ගාළු පාර දිගේ අපේ ගමනේ මුල්ම නැවතුම උනේ බොහෝම කාලෙකට කලින් ඉදන් මාත් මගේ මිතුරියත් දැන හඳුනාගැනීමට පෙර සිට පොදුවේ කැමත්තෙන් සිටි සැෆ්රන් හට්! ගාළුපාරේ කොළඹ සිට ගමන් ගන්නා අයෙකුට පානදුර නගරය පසු කොට ගමන් ගන්නා විටයි තල්පිටිය ප්‍රදේශයේදියි දකුණු පසින් පිහිටි මෙම ආහාර අලෙවි සැල මුන ගැසෙන්නේ. බුෆේ ක්‍රමයට ආහාර ලබාගත හැකි මෙහි උදේ දිවා රාත්‍රී ඕනෑම අවස්ථාවක ආහාර ලබාගන්න පුළුවන්. එහිදි උදෑසන ආහාර ගත් අපි නැවත ගමන් ඇරඹුවේ හිනිදුම දක්වායි.. කළුතර බෝධියට පඬුරු පුදා අප ගාල්ල බලා පිටත් උනා..
අන්න එතනදි තමයි වැඩේ.!
හයියෝ ගාල්ල නගරයේ මෙරීන් වෝක් එක මුල සිට අග වෙන තුරු ප්ලේන් ටී සෙවූ අපට එම අදහස අතැර තැඹිලි ගෙඩියකින් තෘප්තිමත් වීමට සිදු උනා. හයියෝ ප්ලේන් ටී නැති ගාල්ල!!!
ගාල්ලේ ඉදන් අපි මඟ අසාගෙන දුර ගෙවාගෙන හති දමාගෙන හිනිඳුමට ලං උනා..
.........
ඒ යන මාර්ගයේ ඇති තේ රබර් පාම් වතු එහි ස්වභාවික සශ්‍රීකත්වය අපූරුවට නිහඬව පෙන්වා දුන්නා. අපි පල්ලියට යන දිනට පෙරදිනයි එහි මහා පුජා සතිය අවසන්ව තිබුනේ. ඉතිං තැන තැන ඉදිව තිබු කඩ ලෑලි ගැලවෙමින් පවතිද්දි අපි දිවා ආහාරයටත් ගමන් වෙහෙස නිවා ගැන්මටත් එහි තිබු එකම ස්ථානය වූ හිනිඳුම තානායමට ඇතුළු උනා. තානායමකටත් වඩා නිවසක සිරිගත් එහිදි අපි මොහොතක් ගමන් වෙහෙස නිවා ගත්තා. (සමහරු පලා පිඟන් දෙක දෙක කාපු එක වෙනම කතාවක් )
එයින් පසු අපේ ගමන් මගෙහි මුළික අරමුණ වු කල්වාරි පල්ලියට යෑමට අප පිටත් වූවා.. එහි කල්වාරි කඳුමුදුනටම ගමන් කල හැකිමුත් කාල වේලාව හා ගමන් වෙහෙස වැනි කාරණා සලකා බලා අප පල්ලියේ වටපිටාවේ ගතකිරීමෙන් සෑහීමකට පත් උනා. ඒ අසළින්ම ගලා ගිය දිය දහරත් දුෂණය අවම වූ ස්භාවිකත්වයත් නෙතු සීමාවේ පැවති කඳුමුඳුනුත් එක්ව සෑදූ චමත්කාරය හිත තුල දරාගෙන අපි නැවත කොළඹ බලා පැමිණියා..
එයින් අරැඹි අපේ සංචාරයේ තවත් දවසක් මට ෆ්‍රී උනු වෙලාවක!
අහ් හිටු දෙන්න...
ReplyDelete"මලීලා හෙන ආඩම්බර කාරියෝය"
"අපි ඔටුවෝය"
"හම්බ උනත් කතා නොකරන්නේ ඒකය"
"ගෙම්බී එහෙම නැත"
"ගෙම්බී ඔටුවන් සමගද කතා කරයි"
"ඉබ්බන් ඔටුවන් සමග කතා නොකරයි"
"එහෙයින් මලීලා අප සමඟ කතා නැත"
"අවසානයේ අර ගියේ මලී යැයි අර වහන්සේ අපිට නොකිව්වා නං මීට වඩා හොඳය"
"හා හා හොඳාය"
ආ අමතක උනෝය...
"ගෙම්බීට තැන්කූය"
අඩෝ මම ගෙම්බා නෙමෙයි.. මම හොඳ එකෙක්. ඔහොම අපහාස කරනවද නරියෝ මට....
ReplyDeleteකොහොම උනත් අයිපෝන් එක පට්ට සාටර් උනත් එදා පටන් ගත්තු කියවිල්ල අස්සේ ඉන්න උඹ නම් සාටර් නෑ ....ඉඳලා හිටලා මම බැනුම් ටිකක් අහගත්තට ඕක මොකද්ද නේද මෙයා...
යාළුවෙක් විදියට මාව හරියටම තේරුම් ගත්ත කෙනෙක් විදියට මට ඔයා ගැන තියෙන්නෙත් ලොකු ගෞරවයක් මලී. ගොඩාක් විදියට මම හිතන විදිය පවා ඔයා තේරුම් ගන්නවා කොටින්ම අපේ මල්ලි මේ පාර මේ තරම් නිදහස් කරන්න මට පුළුවන් වෙන්නේ ඔයා නිසා. එකම ගෙදර හිටියත් ඔයා මගේ නිදහස විතරක් නෙමෙයි මම කැමති තනි වීමටත් ඒ අස්සේ බේබි සිටින් වලටත් තව තැනක මගේ හැමදේම මට කලින් හොයලා බලන කෙනෙක් වෙන එකටත් මට ලොකු සතුටක් තියෙනවා. ඒ දේවල් නම් ගිය අවුරුද්දේ බටර් වලින් මන් කිවුවනේ මෙන්න මෙතන....http://burubabe.blogspot.com/2010/06/blog-post_29.html
කොටින්ම යාළුවො කියලා හිතාගෙන හිටපු බොහෝ අයගෙන් මම අසරණ වෙලා ලෙඩ වෙලා හිටපු දවස් වල එකම කෝල් එකක්වත් නොලැබුනාට උඹ මාව තනි කලේ නෑ ඒක නම් මම අදහන දෙයක්....
ලිං වල උන්නු ඉබ්බන්ව වටේ එක්ක යන ගෙම්බියක්! ලියවිල්ල නම් කුජීතයි!
ReplyDelete@ ඉල් - ඔව් ඉතිං පොඩ්ඩක් බටර් ගාල පිට කැසුවට අවුලක් නෑ... :P
හිනිදුම සහ කල්වාරි කන්දත්, ඒ පළාතේ ස්වභාවික අලංකාරයත් ගැන මුලින්ම මට ආසාවක් ඇති වුනේ ළමා කතාවක් කියවලා. එතකොට මම 2 වසරේ මට මතක විදියට. පොතේ තියෙන්නේ ගිං ගඟ ආරම්භ වෙන උල්පත හිනිදුම කඳු මුදුනකින් හොයාගෙන ගිං ගඟ වෙන පැත්තකට හරවන පොඩි කොල්ලෝ තුන් දෙනෙක් ගැන.
ReplyDeleteකොහොම වුනත් මම කැමතියි, හිනිදුම, කල්වාරි කන්ද බලන්න ගිය ගමන ගැන පෝස්ට් එක තුල වැඩිපුර ලියවෙනවනම්. වෙනම පෝස්ට් එකක් වුනත් කමක් නෑ.
(තාමත් මට හිනිදුම බලන්න යන්න බැරි වුනා, ඒත් තාමත් හිනිදුම බලන්න යන හීනයත් තියෙනවා)
ගාල්ලේ තේ බොන්න තැනක් නෑ කියලා කියන්නෙ ඔහෙල ගාල්ල ගැන දන්න කියන සංචාරක උපදේසකයෙක්ගේ පිහිට පතන්න එපැයි :) හි හී
ReplyDeleteමැරයින් වෝක් එක පහුකරලා ක්ලෝසන් බර්ග් හෝටලයට හැරෙන පාර දිහාවට හියොත් සම්බෝධි ලමා නිවාසෙ තියෙනවා . එතනම ඉස්සරහ තියෙන 'සහන " අවන්හලේ රස තේ ,කිරිකහට උනු බනිස් ඇතුලු බේකරි කෑම ,ෆ්‍රෙශ් ෆෘට් ජූස් තියෙනවා .මුහුදු හුලං වැදි වැදි තේ බොන්න පුලුවන් නිවී හැනහිල්ලේ .
ඔහෙත් ඉතින් ගමන් ගිහිල්ල තියෙන්නෙ ලංකාව ගැන මල පොතේ අකුරක් නොදන්න යෝදියෙක් එක්කනේ . ඇති යාන්තන් තැම්ඹිලිගෙඩියක්වත් අරන් බිව්ව . හි හී
හිනිදුම ගැන මට මුලින්ම ආසාවක් ඇතිවුනේ 3 වසරේදී වගේ කියවපු පොතක් නිසා. ඒකේ තිබුනේ හිනිදුම කඳු මුදුනකින් ගිං ගඟ පටන්ගන්නා උල්පත හොයාගත්තු යාළුවෝ තුන්දෙනෙක් ගඟ හරවන දඟ වැඩක් ගැන. ආසාව තිබුනට තාමත් මම හිනිදුම ගිහින් නෑ. හිනිදුම ගැන තව ටිකක් පෝස්ට් එකේ ලියන්න පුළුවන් නම් වටිනවා. සමහර විට ඊලඟ පෝස්ට් එකේ.. ( මම හිතනවා පෙඔස්ට් එකේ නම 'පාර දිගේ 1' කියලා තියෙන්නේ නිකමට නෙවෙයි කියලා)
ReplyDeleteඅම්මේ පැතුම් මල්ලියේ..උඹ ඔය වගක් කිව්වාමයි මටත් මතක් උනේ..ඔහොම කතාවක් පොතක තිබ්බා නෙව...මාත් හෙන ආසාවෙන් කියෙව්ව කතාවක් ඒක..මට මතක විදියට කවරේ කළු රතු මිශ්‍ර අඳුරු පැහැයක් තිබ්බේ ඒකේ ළමයි තුන්දෙනාගේ මූහුණු ඇඳලා තිබ්බා වගේ මතකයි..ලස්සන තොප්පි එහෙමත් දාලා හිටි වගකුත් මතකේ තියේ..කතෘනං කවුද මංදා..ඒත් "මිණිවන් පී තිලකරත්න" කියන නමත් මතක් වෙනවා ඔය හිනිදුම කතාව එද්දී..බොහෝම ස්තූතියි ආයමත් මතක පොත පෙරළන්න දුන්න තල්ලුවට
ReplyDeleteආ තව එකක්ය..පළවෙනි කොමෙන්ටුව විහිළුවක්ය...
ReplyDeleteමලි තරහා වෙලාද මංදා..?
එහෙම නැහැ නේද..?
උඹත් මාර බුලට් එකක්නේ මාරයෝ.. උඹ බ්ලොග් එකේ බලෙන් කතා කර කර වද දෙන්න එපා කිය කිය ලියන ගමන් වෙන එවුන් කතා කලේ නෑ කියලා අඬනවානේ.. හික් හික්.. :P ඒ මලී කියලා කියපු වහන්සේ නම් පොල් බූරුවෙක් යැයි කියනු කැමැත්තෙමි.. :P
ReplyDeleteඅපොයි මට කෙලියට කමක් නැත වහන්සේට නොකෙලිය මැනවි.
ReplyDelete@ මාරයා
ReplyDeleteඔව් ඔව්. ඒ පොත මගේ ගාව තිබුනා පොත් රාක්කේ කොනක. නියම පොතක්. තාම ආසාවෙන් කියවතෑකි. :)
හෙහ්... මගෙ ගාවත් තියෙනව නෙව ඔය පොත. නම "අපූරු යාළුවෝ" ලියල තියෙන්නෙ ලාල් ප්‍රේමනාත් ද මැල්. ඒ දවස්වල නැවත නැවත කියවපු පොතක්. අදටත් හොඳට රස විඳින්න පුළුවන් එකක්.
ReplyDelete