Monday, November 16, 2009

ඇත්තටමද නැත්තං පිස්සුවටද?


මේ තියෙන්නේ ‍දැන් දවස් දෙකකට විතර කලින් ම‍ගේ ෆෝන් එකට ආව මැසේජ් එකක්..පොඩ්ඩක් ඒක බලලම ඉනනකො..
A 9 yr old girl Dakshini is in a critical stage,suffering frm blood cancer. Her father needs 20lks for operation.All networks agreed to give 10 cents for each msg. Pls frwd this sms now to at least 10 ppl. SMS now. with your kind heart, many good things will come back to your life in return.
මෙච්චර කල් මං හිතන් හිටියේ මේ වගේ වැඩ කථා සිද්ධ වෙන්නේ මේල් වලින් විතරයි කියලා. ඒ වුනාට දැන් බලාගෙන ගියාම ඒක එහෙම නෑ වගේ නේද? ඇත්තටම මේවා ඇත්තම ඇත්ත නම් ගැටළුවක් නෑ.. කැමති කෙනෙකුට පුළුවන්නේ දායක වෙන්න. ඒත් මම දන්න තරමින් මේවා ඇත්ත නෙවෙයි. ඇත්තම නම් අදාල නෙට්වර්ක් වලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න එපැයි. අනික මේවා ෆෝවර්ඩ් කරන අය? මට මේක ලැබුනේ ටිකක් වයසක කෙනෙක් ගෙන්. එයා මේ වගේ මැසේජ් හදන කෙනෙක් නෙවෙයි. ටිකක් ආගම දහමට ලැදි හැමදාම පල්ලි යන කෙනෙක්. ඉතිං මේක එයාගේ ෆෝන් එකට ආව ගමන් එයා එයාගේ ‍කන්ටැක්ට් ලිස්ට් එකේ හිටිය හැමෝටම යවන්න ඇති කියලා මට ෂුවර්. ඒ විදියට තමයි මට ආවේ. මේවගේ දේවල් ඇත්ත නැත්ත කොහොම උනත් ඊමේල් වලින් එහෙට මෙහෙට යන එක අවුලක් නෑ කියමු. මොකද අතින් අමතර වියදමක් යන්නේ නැහැ නේ. ඒත් අපි මොබයිල් එකකින් එහෙම නැහැ නේ. හැමෝගෙම අතින් වියදම් වෙනවා. වියදම් උනත් ප්‍රශ්ණයක් නෑ ප්‍රයෝජනයක් තියනවා නම්. මේවා නිකං ‍කොහෙවත් ඉන්න මිනිස්සු පෝසත් කරන්න හදන වැඩ නෙවෙයිද?
සාමාන්‍යයෙන් යාළුවන්ට ‍නැත්නම් ආදරේ කරන අයට යවන ක්‍රියේටිව් මැසේජ් නම් හුවමාරු උනත් කමක් නෑ කියමු. ඒවායේ අඩුම ගානේ ලාමක ආතල් එකක් වත් ගන්න පුළුවන්නේ. ඒත් මේ ලෙඩ දුක්ගැන කියලා මෙහෙම විකාර කරන එක හරිද ? මේක ඇත්තක්ද කියලා මං දන්නේ නැහැ. එහෙම නම් මම මේ ලියන එක හරි පව්. ඒත් මේක බොරුවක් කියලා 99.99% ක් මට ෂුවර්. ඒක නිසා මං හිතන්නේ ඔය වගේ මැසේජ් හදන්නේ මොලේ අමාරුකාරයෝ.නැද්ද?

-------

තව දෙයක්.. කාට හරි කියන්න පුළුවන්ද මොනිටර් එකේ රතුපාට නැතුව වීව් වෙන්නේ මොකද කියලා.. මේ පහත තියන පිංතූරේ වගේ


නෙට් ‍එකේ හෙව්වම නම් කියන්නේ පින්ස් වල අවුලක් නිසා කියලයි. ඒත් එහෙම අවුලක් නෑ. :(( අනේ දන්න දොස්තර කෙනෙක් බෙහෙතක් කියන්නකො... පිං සිද්ධ වෙනවා. නැත්තං මගේ මොනිටා යි ඇස් දෙකයි දෙකම පව්. :((

10 comments:

  1. ඔයා දාල තියෙන පිංතූරෙ පේන්න වරදක් නෑ. ප්‍රින්ට් ස්ක්‍රීන් ගහල ගත්තට ඔයාට ඕන දේ පෙන්නගන්න බෑ. මේකෙන් පේන්නෙ අවුල තියෙන්නේ වීජීඒ කාඩ් එකේ නොවෙන බවයි. මොනිටරේ අවුලක් වෙන්න ඕන. දන්න කෙනෙක් හරියටම කියයි :D

    හරියටම ඔයාට පේන දේ පෙන්නන්න ඕන නම් මොන්ටරේ ‍ෆොටෝ එකක් අරන් දාන්න.

    අර මැසේජ් වල ඇත්තක් තියෙන්න පුළුවන්. ඒත් ඉතිං ෆෝන් කොම්පැණිකාරයන්න ඔය තරම් රුදාව නම් දැනට යැවෙන මැසේජ් වලින් ශත 10ක් දෙන්න පුළුවන්නේ.

    මේක මේ මිනිස්සුන්ගෙ හිත හොඳකමින් සල්ලි ගරන තවත් ජාවාරමක් විතරයි.

    ReplyDelete
  2. ඔයා මොනිටරේ නිතරම ඒ පැත්තට මේ පැත්තට හරවනවා නම් මොනිටරේට එන ඩේටා කේබල් එකේ රතු පාට එන වයර් එක කැඩිලා වෙන්න පුලුවන්. වයර් එක ටිකක් හොලවන කොට පාට හරියනවද බලන්න. එහෙමනම් මම කියපු එක තමයි ප්‍රශ්නෙ. එහෙම නැත්නම් මොනිටරේ පරිපථ වල ප්‍රශ්නයක්.

    ReplyDelete
  3. ඔය මැසේජ් තනිකර බොරු. ඕක තේරුංගන්න අයින්ස්ටයින්ට වගේ මොළේ තියෙන්න ඕන නෑ! ඕකෙං පොහොසත් වන එකම අය තමයි අදාළ පණිවුඩය යවන දුරකතන සමාගම.

    දුරකතන සමාගමකට කාටහරි උදව් කරන්න ඕන නං ඒක කරන්නේ ෆොටෝ ගහලා, වීඩියෝ කරලා, පත්තරේ - TV වල දාලා මහා දානයක් දෙනව වගේ ප්‍රසිද්ධ කරලා, එහෙම නැතිව ඔය වගේ හිඟන ක්‍රමේකට නෙවෙයි.

    අලේ තියෙන්නෙ මොනිටරේ!

    ReplyDelete
  4. සල්ලි සල්ලී කියලා බලන්නේ නැතුව ගනිං අළුත් කම්පියුටරයක්...
    සල්ලී නැති කෙනෙක් නම් කමක් නෑ,....

    ReplyDelete
  5. මේ පිස්සෝ, සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව එයාට මොනිටර් එකක් අරන් දෙන්නකෝ.
    එයාව සතුටු කරන්න නම් කරන්න ඕනෙ ඒක නේද?

    (p.s.මම නම් මට සල්ලි නැති නිසා ඔයාට අළුතින් ගන්න කියන්නේ නෑ ඕන්න මලියෝ.)

    ReplyDelete
  6. h - හයියෝ...!! මටමමයි වෙන්නේ...!!! අනිවා නැත්තං ඉතිං අමුතුවෙන් මෙහෙම මැසේජ් යවන්න ඕනි නැහැ නේ.!

    තාරක - අනේ අයියේ මං එහාට මෙහාට ඇඹරුනත් මොනිටර් එක නම් හරවන්නේ නැහැ මං. සොරි ඩොට් කොම් ඔන් එකේ තියෙද්දි කොහොමද වයර් හොල්ලන්නේ කරන්ට් වැදුනොත් බුදු අම්බෝ මං බයයි!!

    සුපුන් - සහතික ඇත්ත මල්ලි.. මොකෝ මෙච්චර අපේ සල්ලි කඩන් ඇඩ්වර්ටයිසිං කරන උන් ඔය වගේ වැඩක් සද්ද නැතුව කරන්න? හීනෙන් තමා

    හ‍ලේ කථා කරලා වැඩක් නෑ මේක අල පාත්තියක්!

    පිස්සා - අන්න ඒකම තමයි ප්‍රශ්නේ. සල්ලි නෑ බොල..! හැම දේටම අප්පගේ සල්ලි ගන්න බෑ නොවැ..

    බුරු අක්කා - මෙන්න මං ගානේ ඔයාට ලොකූ උම්මා එකක්.. ඔයා විතරයි මොලේ ඇති කථාවක් කිව්වේ. පිස්සා ට නම් කොහොමත් පිස්සුනේ..ඒක තමා මං මේ තියන එකම පාවිච්චි කරනවා.
    මට ජය වේවා!!!

    ReplyDelete
  7. ane paw ape malee nagaa . . . . atin viyadam karagena SMSth yawala ea madiwata monitoreth awulak welaa . . . issellama minitare handahaa balawanna . . .apala naha kiwwoth oyage handahanath koi ekatath kiyala balawa ganna . . hik hik

    ReplyDelete
  8. දුකා - සිරාවටම මට නම් අපලයි ලු මේ ටිකේ.

    ReplyDelete
  9. ane mama vihiluwata hadahan katawa kiwwe . . me visi ekweni siyawase owwa viswasa karanna epa nage . . .
    me siraawatama owa viswaasa kam "minis site haaskam" poth tikak balannakooo

    ReplyDelete
  10. දුකා - අනේ මට ඇත්තටම මහ ලොකු විස්වාසයක් නෑ.. ඒත් මම ඉන්නේ මගේ අම්මලා එක්කනේ.. එයාලාව සතුටින් තියන්නයි මට ඕනා.

    ReplyDelete