Tuesday, November 17, 2009

මගේ ආදර සුරේ....<3

මම බැන්දා... මට බැන්දුවා.. දැන් මම බැදලා.. :(

ඇත්තමයි.. සත්තයි තිත්තයි දුකයි කරදරයි බ්ලා බ්ලා බ්ලා....

ඔයාලට හඳහනක් තියනවාද? ඒක බලවනවද? නැද්ද? නැත්තං ඇත්තමයි ඔයලා පුදුම වාසනාවන්තයි. ඇයි මං එහෙම කියන්නේ කියලා දැනගන්න ඕනි නම් කියවන්න මගේ කඳුළු කතන්දරේ...

මට තියනවා කේන්දරයක්! අර තියෙන්නේ සිංහ ලක්නය කටක නවාංශක බ්ලා බ්ලා කියලා කොටු 12 ක් ගානේ දෙකක් ඇදුපු පත්‍රිකාවක්.. අන්න ඒකට තමයි හඳහන කියන්නේ. ඕක බලලා මහා ජොතිශ්‍යවේදියෝ අපිට ‍වුනු දේවල්, වෙන්න තියන දේවල් අනං මනං කියනවානේ.. දැන් මටත් හෙනේට ඉදලා තියෙන්නේ ඕකම තමා..

හරි පැටලිලියි නේද?

මෙහෙමයි. අපේ අම්මා සාමාන්‍යයෙන් අවුරුද්දකට විතර සැරයක් අපේ හැමෝගෙම හඳහන් ටික කා‍ටදෝ කියලා බලවගන්නවා. ඉතිං හැබැයි බලනවා විතරයි.. ඊට පස්සේ ඒවා මතක නෑ.. අපරාදේ කියන්න බෑ මෙච්චර කල් බැළුව මනුස්සයත් එහෙමට දොසක් කියලා නෑ මයේ හිතේ... දැන් කොහොම හරි අපි හොඳටම දන්න කෙනෙක් ගේ නෑයෙක් හඳහන් බලනවලු.. මේ මනුස්සයා බව කේන්දරද මොනාද මන්දා ජාතියකුත් බලනවාලු..ඉතිං දැන් එයා අපේ හඳහන් බලලා.. අම්මටයි තාත්තා ටයි පරමායුෂ තියනවලු... ඒත් ඉතිං දෝණියැන්දැට අවු.50දි ද කොහෙද මාරක අපලයක් තියනවලු:D (මට නම් ඒත් වැඩියි) ඔයිට අමතරව මේ කාලේ අම්බානෙකට අපලයි ලු.. ඇස්වහ දෝශ,හදිසි අනතුරු, අරං මනං කතන්දර ලෝකයයි.. ඉතිං ඔය හින්දා ආරකෂාවට බොඩිගාර්ඩ් කෙනෙක් ව සෙට් කරන්න කියලා. ඔය විදියට තමා මගේ ආදර සුරේ මං ගාවට ආවේ..

දැන් මගේ ආදර සුරේ ඉන්නේ මගේ කරේ.. ගිය සෙනසුරාදා පැය 18 ක විතර උත්සවයකට පස්සේ සුරේ හා මං එක්ව වසන්න ගිවිස ගත්තා. හනේ දෙයියනේ පව් අහිංසක මං.. දැන් ඉතිං ඉන්නවට අමතරව සු‍රයකුත් එල්ලං හිටහල්ලකෝ...! ඒකත් මුළු ජිවිත කාලෙටම !!!!!!!

ඔයාලට නම් මොකෝ සුරයක් එල්ලං ඉන්න එක ඔය තරම් අමාරුද කියයි!! ඔව් අමාරුයි තමා. මලී කියන්නේ කරාබු දෙකක් වත් නොදාන දරුවෙක් .එහෙම ළමයෙක්ට බෙල්ලට මාල දාන් ඉන්න කියන එක සාධාරනද? මමත් මේ පරිසං වෙලා ජිවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.. දැන් සුරේකුත් බලා ගනිල්ලකෝ!

ප්‍රතිපත්තියක් විදියට මං හරක් මස් කවදාවත් නොකෑවට ඌරු මස් නොකා ඉදලා නෑ. දැන් ඒකත් කාලා හමාරයි..රෙදි වැලවල් යටින් යන්නත් බෑ.. පිරිත් වලින් ජීවන් කරලා තියන හිංදා අපිරිසිදු තැන් වල ඉන්නත් බෑ.( ඒ කියන්නේ මගේ කාමරේ හැමදාම අතුගාන්න වෙනවා).. හානේ යසට හිටිය මට වෙන දේවල්!!!

ඇත්තම කියනවා නම් මට හඳහන් සාස්තර ගැන කිසි විශ්වාසයක් නෑ.. ඔය දේවල් සම්බන්ධයෙන් මම කරන ලොකුම දේ තමා නරක දෙයක් කිව්වොත් උනා නොවුනා ඒ දේවල් ගැන ටිකක් පරිසමින් ඉන්න එක. ඒ කිව්වේ අනතුරු වෙයි කිව්වොත් ඒ ගැන වෙනදට වඩා ටිකක් පරිසම් වෙන්න ටික දවසක් මතක තියා ගන්න එක. හොදයි කිව්වොත් මගේ පාඩුවේ ඉන්න එක.. වෙන්න හොදක් තියනවා නම් ඒක වෙන්නේ නැතැ කියලා ඉතිරිවා අමතක කරන එක. එත් දැන් මේ සුරයක් හිංදා වෙන්නේ අමතක කරන දේවල් සැරින් සැරේ මතක් වෙන එක. ඒක මහ වදයක්.. මම කැමති බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න.. මම වටින කියන කිසි දෙයක් මගේ ලග තියා ගන්න කැමති නැහැ. මොකද එතකොට ඒවා පරිසම් කරන්න මට මහන්සි වෙන්න නොවෙන නිසා. එත් දැන් මං මාලයි සුරයි සේරම පරිස්සම් කරන්න ඕනි. වදයක්!!!

මේක දාන්න බෑ කියලා කියන්න බෑ.. මොකද මේක මගෙන් අහන්නේ වත් නැතුව අම්මයි තාත්තයි කරපු වැඩක්.. එයාලා හිතන විදියට මේක හරිම වැදගත් ඇති(සාධාරණයි. දෙමාපියෝ බලන්නේ දරුවන්ට කරදරයක් නොවී බලාගන්න නේ) ඒකනේ මෙතුවක් කල් නොකරපු වැඩ කරන්නේ.

මේ ලිපිය ලියන්න මට හිතුනේ සොඳුරු හිතේ අපල කාලෙයි හඳහනයි ගැන ‍ලිපිය දැකලා.. මොකෝ ඉතිං මගේ බ්ලොග් එක පටන් ගත්තත් හරි ‍මගේ ජිවිතේ වුනු හැම දෙයක්ම මේකේ ලියලා තියන හිංදා සුරේ ගැන නොලියන එක හරි නැහැනේ.
කොහොම උනත් දැන් මං හිත හදන් ඉන්නේ සුරේ එක්ක ජිවත් වෙන්න. ජිවිතේ කියන්නේ අපි කැමති දේවල් වගේම අකමැති දේවල් එක්කත් දවස ගෙවන එකලුනේ.. ඒකයි මම මේකේ ටොපික් එකට මගේ ආදර සුරේ කියලා නම දාන්න හිතා ගත්තේ.... :)

39 comments:

  1. හික් හික්.... අපේ මලියට උණු දේ...
    ඉතිං බං, බෙල්ලේ නැතුව ඉණේ ගැටගහන්න බැරිද?, මාල දාන්න අකමැති නම්...

    මගෙත් මෙහේ එන්න කලින් බැදපු නූලක් තියෙනවා: ආරක්ෂාවට... ඒත් හැම මසක්ම දෙසා බානවා...

    ReplyDelete
  2. සුර කියන ඒවා ඒ තරම් ‍ලොකුවට දාන්න ඕනත් නැහැ නේද ? අක්කාටයි මටයි අම්මා සුර දැම්මා ටික කාලෙකට එක වතාවක්. සෙන්ටි මී‍ටර් 2 ක විතර ලස්සන චූටි රත්තරන් එකක්. ඒක හෙන ලස්සන නිසා අපිට ගානක් වුණේ නැහැ. ටිකක් මොඩ් නේ සයිස් එකත් එක්ක බැලුවහම. පස්සේ නම් මකවලා වෙන මොනවද හැදුවා වගේ මතකයි.:D හැබැයි ඒක මම නිතරම කටින් හපන නිසා මගේ එකේ දෙපැත්ත පොට්ට වෙලා තිබුණා

    ReplyDelete
  3. යනෙන කළු ගඟ එතෙර වැඩ සිට,
    රුපුන් යන මං බලව බලවා,
    දිලෙන රන් කග අතට අරගෙන විදුලියක් මෙන් ළෙලව ළෙලවා,
    කෙළින කෙළියක් ලෙසට සතුරන් ඉරා දමමින් පලව පලවා,
    මලී කෙලිගේ මෙසුර දෝශය භංග කළ මැන සකුනි කෙළිනා.

    ආයුබෝ වේවා!!!

    ReplyDelete
  4. what the heck is that ? :O

    I mean really ! ..

    I am incredibly sorry, but I haven't got the faintest Idea of what the eck you are talking about :O :O :O

    Is this something to do with superstition, daemons, gods blah blah?

    ReplyDelete
  5. ඔයා කියන දේ හරි. අම්මලා ට ඕනෙ ඔයා සතුටින් ඉන්නවා දකින්නනේ. කවුද දන්නේ උඹ මෙහෙම හොඳ එකෙක් කියලා )
    මටත් කේන්දරයක් තිබුනා ඒත් එක අපේ අම්මා මියැදෙනකොට කේන්දර බලන කෙනාගෙ ගෙදර වෙන්න ඕනෙ තිබ්බේ. කවදාවත් මට ඒ ගැන උවමනාවක් ආවේ නෑ. ඒත් ළඟ කාලෙකදි මගේ යාලුවෙක් ගේ තාත්තා නම් මගේ කේන්දරේ බැලුවලු. ඒත් කවදාවත් ඒකෙ මොනවද කීවේ කියල මම දැනන් උන්නේ නෑ. දැන් ඒ යාළුවත් මා එක්ක නැති නිසා දැනගන්න එකකුත් නෑ.

    මම හිතන විදියට මේක කරදරයක්ම නෙමෙයි. ඌරෝ මස් කන්න එපා කියන්නේ ඒකෙ තෙල් වැඩි නිසා වෙන්න ඇති. හරක් මස් උනත් නොකන එක හොඳයි කොහොමත්. මස් නොකා ඉන්න තරමට ඇඟට හොඳයි. ඒත් ඇඳුම් වනන ඒවා යටින් යන්න එපා කියන එක නම් දන්නේ නෑ. ඒක ගෙන හිත ගන්නත් බෑ. අර කිළිටි දේවල් කතාවත් සාධාරණයි නේද විෂබීජ හින්දා වෙන්නැති ඔය.
    මොනවා උනත් උඹට සුරයක් හරි බඳින්න පුළුවන් උන එක ගැන සතුටුයි. හැබෑ ලෝකෙ උඹව බඳින්නේ කවුද මලියො?

    BTW all the best with ur health n rest nango

    ReplyDelete
  6. රතු තරුවNovember 18, 2009 at 3:54 PM

    පෝස්ට් එකේ මුල හරියෙදි මම හිතුවෙ මලී පෙලවහක් කරගෙන කියල.. හික්ස්..ඕක මැරෙනකං දාගෙන ඉන්ඩ ඕන එකක්ද? මටත් සුරයක් දාලා තිබුනා මීට කාලයකට ඉස්සර..

    ReplyDelete
  7. මම හිතන්නෙ ඔය දංවැලක් දාන්න බැරි කමට කළ වැඩක් :D JK

    ReplyDelete
  8. මගේ කරෙත් අම්ම එකක් එල්ලුවා මලගෙවල් වල චා වෙලා ඌරුමස් කාලා එහෙම ඒකෙ බල බිඳිලා වෙන්න ඇති හැබැයි මට නම් ඒ හැටි වෙනසකුත් නෑ

    ReplyDelete
  9. මලියා හැරමිට්ටෙන් යනකොටත් සුරේ එල්ලං යයිද. පිස්සු..... බොට තියෙන කඩිකුලප්පුවට මම නං හිතන්නෙ උපරිම මාස 4-5ක් සුරේ එක්ක දීගෙ ගෙනියයි. අපරාදෙ අම්මගෙයි තාත්තගෙයි සල්ලි. හැබැයි ඔය සුරෙන් මලීට කෙසේ වෙතත් සෙතක් වෙන පිරිසක් ඉන්නව.ඒ තමයි ඌරු ප්‍රජාව. ඔය පැත්තෙ ඌරො පාටි දානවලු ටික දවසකටවත් මලියගෙන් ගැලවීමේ ප්‍රීතියට.

    ReplyDelete
  10. මටත් හෙන ඉස්සර අවුරුදු 10-11 වගෙ කාලෙදි සුරයක් දැම්මා. ඒක නම් හරස් අතට තිබුණ එකක්. මමත් ඕක හපනවා කටේ දාගෙන ඉන්නවා... ඕකෙ අස්සෙ තියෙන එක ගැන මම මාර කුතුහලෙන් හිටියෙ. ඉතිං දවසක් ගලවල බැලුවා. තිබුණ තඹ කොලේ හැමෝටම පෙන්න පෙන්න හිටියා. පස්සෙ ඒකට මොනව වුණාද මන්දා.

    ඔයා ඔයාගෙ ජීවිතේ ගැන නිවැරදි තීරණ ගන්න තාක් ඔයාට වරදින එකක් නෑ. ඔයාව නිවැරදි කරන්න සුර ඕනත් නෑ. ඒත් පවුනෙ අර අම්මයි තාත්තයි.

    ReplyDelete
  11. මටත් බලෙන් සුරයක් දම්මලා තියෙන්නේ..මම ඒක. . .
    *නිදාගන්නකොට ගලවනවා.
    *නානකොට ගලවනවා.
    *මස් කනකොට ගලවනවා.
    *බොනකොට ගලවනවා.
    *ගෙදර නිකන් ඉන්නකොටත් ගලවනවා.
    *කොහේහරි යනකොට විතරයි දාගෙන යන්නේ.

    ReplyDelete
  12. අක්කා දැන් ඕක කරේ දාගෙන "මේක කරේ දැම්මෙ මම 50දි මැරෙන නිසා, අයියෝ මම අනිවා 50දි මැරෙනවා" කියල හිත හිතා හිටියොත්, ඕන ඔට්ටුවක්, 50දි මැරෙනවා. විකාර නැතුව ඔන්න ඕක ගලවල දාන්න!

    මට මතකයි මම පොඩි කාලෙ - දැනුත් පොඩි එක වෙනම කතාවක්! :P - දාල තිබ්බ පංචායුධයක් කියල එකක්. පස්සෙ කාලෙක මගෙං හෙනහුරාට 2011 වෙනකං ලොකු අපලයක් කියනව කියල ඒකට ප්‍රතිකාර වශයෙන් පාට පාට ගල් හතරකුත් ඕකට ඇටෑච් කළා. මම 5 වසරෙ විතර ඉන්න කාලෙ! මම ඕක ගැන කෑගහල කෑගහල අන්තිමට ගලවලා විසි කළා! අම්මයි තාත්තය් ඒක ගලවන්න එපා කියල කිවුවට ආපහු දාන්න නං ට්‍රයි කලේ නෑ!

    ReplyDelete
  13. Mata nam mekata Bada palenna hina.... thawa Polowa badagena hina....:D :D ;D :D

    ReplyDelete
  14. malee keliye . . ube post ekai . . .eka ekaage commnetui balala mage boda kora welaaa hinaa welama . .

    karumeta gedara kompoootaren sinhala hariyata kotanna ba . . mama heta ofice giya gaman comment ekak dannam . . .

    kalin post ekata mama vihiluwata wage "hadahana balo ganin" kiwwa wade attatama una neda kelle . .

    hafoi . . wechcha naspattiyak . . . !!!

    ReplyDelete
  15. පිස්සා -අපෝ බෑ.. ඒක බෙල්ලේ එල්ලං ඉන්නවට වඩා වදයක් වෙයි. සුරයක් කියන්නේ නූලක් වගේ හීනී දෙයක් නෙවෙයි නේ නෙවෙයිනේ..
    අනේ හොදයි නූල එහෙනම් හොදට ජීවම් වෙනවා ඇති.

    ස෴ - එහෙනම් එකේ තෙල් වෙන්න ඇති තියෙන්න ඇත්තේ නේද? මේක ඇතුලේ තියෙන්නේ සෙන්ටිමීටර් 6x10 විතර ලොකු ‍රන් ආලේපිත පත්‍රිකාවක්. මං ඒක දැක්කා. පොඩි එකක දාන්න බැහැ.මමත් මුලින් හිතන් හිටියේ ජොලියටත් එක්ක කළු නූලක දාලා එල්ල ගන්න බෙල්ලේ ගානට හිටින්න. එවා කොහෙද මේක සෙ.මී.7ක් දිගයි.. ඇත්තම කියනවා නම් සුරේ හදනවා කිව්ව ගමන් මං හිතා ගත්තේ ටිකක් දාලා වෙන මොකක් හරි හදාගන්නවා කියලා. කොහෙද මේක ජිවිතේ පුරහම තියාගන්න ඕනලුනේ.

    නොදරුවා- හනේ නොදරුවා උනත් කිව්ව දේට නම් හරිම පිං..සුරේ එක්ක මගේ දීගේ කඩන්න නේද ඔය හදන්නේ ආ....!!!

    නැෂ් - Well as I think this is some sort of superstition thing.

    U want to know about Sura? Ok here we go. I hope u know what kendara is. Most of the Sinhalese people (specially Buddhists) have horoscopes and they consider about its predictions. They think that during some periods some ග්‍රහයෝ (which are in kendara) like senasuru , rahu ect. brings bad luck, disadvantages and troublesome periods to life. When the astrologer checks our kendara they can say about those things by using their knowledge in astrology. When someone comes to a bad period they suggest doing bodhipuja and other religious works to obtain blessings to life. They say by those blessings one can get rid from bad effects of “grahayo”. If the case is critical they suggest to ware a Yanthra.- yanthra means a gold or copper plated metal with Buddhist suththra crafted on it. And also people ware Sura or so called yanthra for their protection.. As far as I know there is no scientific background on this but only the believing of the people. Its is totally depends on the a mental beliefs.
    In my case that astrologer has told that I am passing a very bad time. And according to my horoscope + bawa Kendra( sorry dude I don’t have any idea about it) I might met with and accidents and bla bla …

    so after all these fucking things.. Here I am with a big sure around my neck!

    Ps. Well I really don’t know much about these things so I may be wrong. But still if u have any doubts.. U may ask… :p

    ReplyDelete
  16. බුරු - ඒකනේ මේක මං සම්පූර්ණයෙන්ම මගේ අම්මාගේ හිත සුව පිනිස කර ගත්ත වැඩක්.‍ඕක නොදා ඉදලා හීරුනත් කියයි පණ්ඩිත කමට අපි කියන දෙයක් අහන්න බැහැ නේ කියලා. ඒ නිසා නොදා ඉන්නවට වඩා දාන එක සැපයි.
    නොකා ඉන්න එක නම් කිසි අවුලක් නෑ.. ඒවුනාට හැමදාම මගේ කාමරේ අස්කරන එක? :(
    අනේ ඇත්ත අක්කේ මෙහෙම හරි බැද ගත්ත ‍එක ලොකු දෙයක් නැතුව ඉතිං මං මොකෙක් කියලා බදින්නද? ;)

    ක.ක - පව් නේන්නම්!

    රතු තරුව - මේක පෙලවහක් නේනනං.. මුළු ජිවිත කාලෙම එකට ඉන්නවා කියන්නේ ඉතිං සෙල්ලං ද? ඉතිං දැන් කෝ ඔයාගේ සුරේ?

    දර්ශන - අපෝ කට කට.. ඕවා ප්‍රසිද්ධියේ කියන දේවල් ද මං අහන්නේ..

    ආගන්තුකයා - අනේ මටත් ඉතිං කියලා වෙනසක් නෑ.. දාන්න කලින් හිටිය මංම තමා දැම්මට පස්සෙත් ඉන්නේ.මට නම් මල ගෙවල් අවුලක් නෑ කිව්වා. මේක තනිකර බෞද්ධ සුරයක්. පිරිත් පිරිත්..

    නිලන්ත - යා.. මං මගේ සුරේව ගන්නවා මගේ හැරමිට්ටට.. කාටද ආඩම්බර රත්තරං හැරමිට්ටෙන් යද්දි..:පී
    ඌරෝ පාටි දාන්න ඇත්තේ මීට මාසෙකට කලින් ඇයි කියලා පස්සේ කියන්නං.. :ඩී

    හ - මං ගැන දන්න හින්දමද දන්නේ නෑ දාන්න කලින් ඇතුලේ දාන එක මට පෙන්නුවා. මොනාදෝ කොටු වගයක් ඇදලා තව ගොඩක් ලියලා තිබ්බා. මගෙන් ඇහුවා ‍මෙතන නම තියනවා පේනවද කියලා මං හොදටම නිදි මතේ හිටියේ මං කිව්වා ඕ.. කියලා. මගේ නම නෙවෙයි ද දන්නෙත් නෑ තියෙන්නේ.

    ඔයා කියන එක හරි..එහෙම බලනවා නම් සුරේ ට වඩා ගොඩක් බලවත් 3 දෙනෙක් මගේ ළග ඉන්නවා. යු නෝ හූ..!

    මුචලින්ද - යා මං දැක්කා ඔයාගේ පෝස්ට් එකේ. ඔයාගේ උපදෙස නම් මටත් ගොඩක් වටී වගේ...! තැන්ක්යූ කිව්වට. :ඩී

    සුපුන් - අනේ මලේ ඇත්තටම මම හරිම ආසයි 50ට කලින් හරි මං මැරෙනවා නම්. ගලවලා කොහොම මම කනක් ඇහිලා ගෙදර ඉන්නද?
    පංචායුධ නම් ඉතිං අපි හැමෝම දාලා ඇතිනේ.. ඒක නම් තව ලස්සනයි කියතැහැකි.. ‍ඒත් සුර?

    කාන්චි - බුදු අම්මේ..ඔයාව දැක්ක කල්..!!
    අනේ අක්කේ අර පොඩි එකයි අයියයි බය වෙයි මොකෝ මේ එකපාරට ‍ඔයාට උනේ කියලා.. කෝ නැගිටින්න නැගිටින්න...

    දුකා - පෙනේද කොලුවෝ තගේ කට!හික් හික්.. හිනා වෙන එක නම් අනේ හරි හොදයි. මම හරිම කැමතියි හිනා වෙලා ඉන්න අයට...

    ReplyDelete
  17. අපෝයි මටනම් පෙන්නන්න බැරි දේයක් තමා ඕක පොඩි කාලෙනම් දැම්ම දැන්නම් ඉතින් මගේ කරට සුරයක් දාන්න ......

    ReplyDelete
  18. මලී...මමත් කරාබු දෙකක් වත් දාන්නේ නැති කෙනෙක් නිසා මට හොඳටම තේරෙනවා ඔයාගේ කරදරය...! ඔයා කියවලා තියෙනවද 'පස් වෙනියත් පුතෙක්' පොත? ඒකෙ ඔය වගේ සුර කතන්දරයක් තියෙනවා.....කොලුවා මුලදි හිතනවා 'සුරේ මාරයි' කියලා...උගෙ දේවල් ඔක්කොම හරි යනවා....පස්සෙදි නාන්න ගිය වෙලාවක සුරේ නැති වෙනවා....මූ ගෙදර අයට ඒක අඟවන්නෙ නෑ....ඒත් ප්‍රතිපල වල වෙනසක් නෑ....!!! ඒ නිසා මලී බය වෙන්න එපා.....සුරේ දාගෙන ඉන්න එක වදයක් වගේ නම් කොට්ටෙ යට තියාගෙන නිදාගන්න...ප්‍රතිපලේ එකමයි.

    ReplyDelete
  19. ම - දැන් ඔයාගේ කරට නෙවෙයි බ්ලොග් එකටයි සුරයක් දාන්න වෙන්නේ අප්ඩේට් නොවෙනවට..!! අනික ඉතිං මරණෙට කවුද සුර බදින්නේ.. සුර නෙවෙයි සුරා වගේ මොනා හරි නම් හරියයි..නැද්ද?

    සචී - අනේ නැහැ නේ මං ඒ පොත නම් කියවලා නැහැ. හොයාගෙන කියවනවන්න ඕනි.. ඔයාගේ ඔප්ශන් එකත් නරකම නෑ.. කොලර් තියන ඇදුම් ඇදලා සුරේ දික්කසාද කරා නම් හරි වගේ නේ?

    ReplyDelete
  20. අනේ මලී .... මගේ කේන්දරේ හිටිය ග්‍රහයෝ ටික පැනල ඇවිත් නතර වෙලා තියෙන්නේ ඔයාලගෙ ගෙදර වගේ.... මමත් එක්ක වසන්න බෑ කිය කිය තමයි එයාල හිටියේ.... පස්සෙ ඉතින් මම කොටු 12 ට මට ඕන අය දෙම්මා. දැන් ඉතින් එයාල මම කියන විදිහට

    ReplyDelete
  21. @malee,

    Bloody hell.

    Well, for a start I do have one my self (what do you think I am?? ) and I do know about horoscopes and the only thing i know about mine is my Astro sign and that I was suppose to drown and die when I was 23.

    But, damn.. this Sura thing is nuts ! and i don't really appreciate the fact of people dragging Buddhism into all this.

    With my limited knowledge of the Buddhist philosophy, I believe it out casts all believes of Devil, Gods, Evil spirits and of course there is no such thing called prevention of occurrences by help of any "sutra of dhamma" ..................and correct me if I am wrong.. there is something called the "mangala sutraya" right?

    The PIG thing ! .. well. shame ! those buggers are the most tastiest animal on earth :D


    @Boori !

    I like to eat cows ! .. specially when they are mad cows !

    ReplyDelete
  22. අයියෝ.. මට මේ blog post එක මීටර් උනේ පස්සෙ නොවැ.

    අයියෝ මලී ඔය "සුර" නම් ගණන් ගන්න එපා. මම කැම්පස් යන කාලෙ අපේ ගෙදරිනුත් මගෙ කරේ ඔහොම සුරයක් එල්ලුව. ඒත් මම නම් නෙමේ නැවැත්තුවෙ ඌර කන එක. සුරේ ගලවල දාල කනව! හික්ස්. අනෙක් අතට බැළුවහම කැම්පස් එකේ හොඳම results දැම්මෙත් සුරේ දාගන්නෙ නැතුව ලිව්ව exam වල තමයි.

    ReplyDelete
  23. මේකත් සුරයක් ගැන කතාවක්ම තමයි. මම අට හෝ නමය පන්තියෙ ඉගෙන ගන්න කාලේ අපේ අම්මත් ‍මගේ කේන්දරය බලලා. කේන්දර බලන මනුස්සයා කියල තියෙනවා දවස් හතක් ඇතුලත මට මාරක අපලයක් තියෙනවා කියල. අපලය දුරුවෙන්න නම් සුරයක් දාන්න ඕනය. ඒ වගේම ඒ කාලේ ඇතුලත ඇහැක් වගේ බලාගන්නත් ඕනය කියල. මේක අහල අපේ අම්ම කොච්චර බය උනාද කියනව නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි සුරයත් දාලා, මාව නිවාස අඩස්සියට දැම්මා. වැඩි ආරක්ෂාවට කියල සුරය බැන්දේ ඉනේ. දවස් හතත් ගියා, ඒත් අඩුගානේ මැරෙන්න තියා උණක් හෙම්බිරිස්සාවක් වත් හැඳුනේ නැහැ. කොහොමද සුරේ බලේ. ;)

    ලස්සනම වැඩේ කියන්නේ ඒක නෙවෙයි, මේ කෙන්දරකාරයා (කේන්දරකාරිය) ඔතනට යන අයගෙන් වැඩි හරියකට මේ දවස් හතෙන් මැරෙන කතාව කියනවලු.

    ReplyDelete
  24. Wath - තව ටික දවසක් බලලා මාත් එහෙම මොනා හරි කරන්න ඕනි අනේ..

    නෑෂ්- යු ආ ඇබ්සලූට්ලි කරෙට්..! "ධම්මෝ භවේ රක්ඛති ධම්ම‍චාරි" He who protect Dhamma will be protected by Dhamma. That's what Lord Buddha taught.. just read the comments and c how many pure Buddhists are there..


    There are so many Suthra dheshana in Buddhism.. Mangala suthraya is one of those deshana which teach us 18 good( mangala=good)things that person can practice to success household life.

    well really i like to name all these hadahan.. Sura things as "Agama wikunan kana sewa"
    Thats all..

    Madhuranga- කමක් නෑ ඉතිං පස්සේ හරි මීටර් උනානේ..
    මේ කමෙන්ට් කියෙව්වම මට ලොකු ප්‍රශ්ණයක් ආවා.. ඇයි මේ කැම්පස් යන හැමෝගෙම කරේ සුර එල්ලන්නේ.. :-/

    ක- අපොයි!! එහෙනම් එයා වැඩි කල් හදහන් බලන්න බැරි වෙන්න ඇති.. හික් හික් හික්

    ReplyDelete
  25. මටත් මතකයි මටත් සුරයක් දාලා තිබ්බාපොඩි කාලේ දැන්නම් ඒක කොහෙද දන්නේ නෑ..!
    මොනා උනත් අගේ ඇති ලිපිය..!
    [පොටෝ එකේ තියෙන හැටිය ට නම් මේක අලුත් සුරයක් වගේ.., පාවිච්චිය හොඳ ද ගත්තේ ඇලුතින් ද කියලා නම් හිතාගන්න බෑ..!]

    ReplyDelete
  26. මන් හිතුවෙ උබ බැදල කියල... බලින්නම් සුරයක් දාල... අය් අ රෙඩි වෙලවල් යටින් යන්න බෙරි ???

    මොන උනත් උබ පව් ඇය් දන්නවද.

    කාමරෙ අස් කරන්න එපය් හාහාහා

    ReplyDelete
  27. මං හිතුවෙත් ඔයා බෑන්දා කියලනේ....ලිව්ව විදියට මටත් ආස හිතුනා ඔය සුරේට..

    ReplyDelete
  28. Lishwish- ස්තූතියි
    අපෝ සුරේට තාම දවස් 7යි.. මාස 7 කින් මොවා වෙලා තියෙයිද කියලා දැම්ම කියන්න බෑ.

    CoolC- ගහක තමයි බදින්න වෙන්නේ බං.. හික් හික්..
    රෙදි වැල් යටින් යන්න එපා කියන්නේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ මචො.
    පව් දත් අහනවා..

    Nuwan- දෙන්නද මගේ සුරේව?

    ReplyDelete
  29. මලී විහිළු නෙමේ . . .

    මේ ගුප්ත දේවල් වල බලයක් ඇති කියලත් හිතෙනවා වෙලාවකට . . (මම විශ්වාස නොකරන එක වෙනමම දෙයක් . . ) අපේ මාමා කෙනෙක් ඔය විනෝදාංශේට යන්ත්‍ර මන්ත්‍ර වැඩ ඉගෙන ගෙන දැන් බොහෝම කැපවීමෙන් ඒ වැඩ කරනවා . . එයා කියන්නේ ගොඩක් එආවයේ තියෙන්නේ රතන සූත්‍රය වගේ දේවල් කියලයි . . . සමහර විට ශබ්දයේ ශක්තියෙන් . . . සූත්‍රවල ඇති සත්‍යක්‍රියා වල බලයෙන් යම් කිසි ගුප්ත බලයකුත් ගොඩනැගෙනවා වෙන්න පුලුවන් . . .

    අනිත් එක සුපුන් බුදාජීව මල්ලි කිව්ව වගේ (මේක ඒ කිව්ව දේ අනිත් පැත්ත ) තමන්ගේ හිතේ ශක්තියෙන් . . . ඒ කිව්වේ මේ "මම මේක දාගෙන ඉන්න එකෙන් මට හොඳක් ම තමයි වෙන්නේ" කියන මානසිකත්වයෙන් හිටියොත් ඒ සිතුවිලි පරම්පරාවේ ශක්තියෙන් ගොඩනැගෙන යම්කිසි ශක්තියකින් අනිවාර්යෙන් සිදු වෙන්නේ හොඳක් . . .

    හිතලා බලන්න . .

    ReplyDelete
  30. දෙපාරක් හිතන්න ඕන නෑ දෙන්න

    ReplyDelete
  31. දුකා - ශබ්ධයේ ශක්තියෙන් ගොඩ නැගෙනවා නම් මුළු ජිවිත කාලයටම එක් වරක් හෝ දෙවරක් සුරයක් ජීවත් කිරිම ප්‍රමාණවත් නෑ නේද කියලා අහන්නකෝ ඔය මාමාගෙන්.
    අනික අයියේ, මම විශ්වාස කරනවා වෙන්න යමක් තියනවා නම් ඒ දේ නවත්වන්න මොන බලවේගකට වත් බෑ කියලා.. උදා. විදියට බුදුනුත් පිරිනිවන් පෑවා.. බුද්ධ සිරුරේ ලේ සෙලවුනා. එහෙව් එකේ මේ අපි වගේ පෘතග්ජනයාට මොනා වෙන්න බැරිද? අනික මං හිතන්නේ නැහැ බුද්ධ දර්ශණය + තමන්ට අවංකව ජිවිතේ හැඩගස්සවා ගන්නවා මිස වෙනත් දේවල් වලට මුවා වෙලා ජිවිතේ වෙනස් කරගන්න කාටවත් පුළුවන් වෙයි කියලා.
    ඕකම අනිත් පැත්ත වෙන්ත් පුළුවන් සුපුන් කිව්වා වගේ මම නෙගටිව් ම හිතුවොත් 45දීම මැරෙයි.. ලොල්ස්..,!!!

    නුවන් - එ‍තකොට හැබැයි ඔයාට කන්න බොන්න වෙන්නේ නෑ.. කමක් නැද්ද?

    ReplyDelete
  32. කමක් නෑ මුචලින්ද වගේ කරනවා.දෑන් නම් නිදි මතයි...

    ReplyDelete
  33. ow ban kelle . . . maam kiyanne . . . oka dagena . . mata hodak wenne mata hodak wenne kiyala hitaagena "positive thinkg" mind eke hitapan . . etakota auto hama dema hodata wei . . . hik hik

    ReplyDelete
  34. අපෝ මාත් ආසම නැති එකක් ඕක ... මටත් පොඩි කාලෙදි තිබුණා - ඒක දැම්මෙ මං නිතරම අසනීප උණ නිසාලු. ඉතින් හතිය හැදෙන එක හොඳ උණත් උපතින්ම තියෙන මොළේ අමාරුව නම් තාම එහෙම්මමයි!
    දැන් ආයිත් මාස 2-3 ක ඉඳන් මුද්දක් දම්මවල තියෙන්නෙ. නයෙක් ගෙ හැඩේට හදපු එකක් :)

    ReplyDelete
  35. man hithuwe aththatama badala kiyala mul tika kiyawaddi....lol

    fixxu wada thama ithin.

    ReplyDelete
  36. Nuwan -
    මං දන්නවා මොකෝ මගේ සුරේ ඉල්ලන්නේ කියලා.. බෑ.. දෙන්නෙම නෑ...

    Duka-
    වෙයි වෙයි.. බලමුකෝ.. අනේ මන්දා තිබ්බ පොසිටිව් තිංකිං ටිකත් නැද්ද මන්දා දැන්.. හික් හික්

    Niro -
    හරි ශෝක් එහෙනම් දැන් ඔයා නාග කන්‍යාවියක් වගේ ඇති නේද?:පී මං හිතන්නේ ඔයාට සෙනසුරු අපල වෙන්න ඇති.. නයි පෙන මුදු දාන්නේ ඒකට නේ?
    මොලේ අමාරු ඔය හදහන් කාරයන්ට අල්ලන්න බැනේ අනේ.. ඒවා දන්නේ අපි විතරයි.. හික් හික්


    Chutta-
    බැන්දා කිව්වම හිනා නෙවෙයි දුක් වෙන්නයි ඕනා... පිස්සු නැතුවට ‍හොදයි ඉතිං මේවා..

    ReplyDelete
  37. ane manda... matath oya deema una, habai eka dammata passe mata godak honda jobak hamba una... ariyas tibichcha salli labuna... mata nam hitenne mokak hari attakuth tiyenawa owage....

    ReplyDelete
  38. මම ගිය සතියේ යන්තර දෙකක් හැදුවා. එකක් මගේ ආදරනීය Girl Friend ට අනික මට. මට ටික කාලෙක ඉඳලා තේරුනා අපි දෙන්නට විරුද්ධව කවුරු හරි නරක දෙයක් (ගුරුකමක් වගේ දෙයක්) කරල තියෙන බව. ඉතින් මම කිව්ව ඒ ගැන එයාට, අපි ආරක්ෂාවට මොනව හරි කරගන්න ඕනි කියල.

    මට මේ දේවල් ගැන දැනුමක් තියෙනව. මම කාටවත් මුදලට කරන්නෙ නැහැ, මට හොඳ ජොබ් එකක් තියෙන නිසා මේවගේ දේ වලින් මුදල් හම්බ කරන එක එච්චර හොඳ දෙයක් විදිහට නෙමෙයි මම හිතන්නෙ. හැබැයි මම නම් කේන්දරේ බලල නෙමෙයි අපල හොයන්නෙ, ටැරෝ කාඩ් බලල වගේ ක්‍රම වලින්.

    ඉතින් මම කියපු කතාව එයත් එච්චර විශ්වාස කලේ නැහැ, විශ්වාස කලත් එච්චර ගනන් ගත්ත බවක් පෙනුනෙ නැහැ. ඉතින් ඕක අමතක වෙලා ටික දවසකින් මෙයාට පාර පනිද්දි ත්‍රීවීල් එකක හැප්පිලා හරිම ඇබැද්දියක් වුනා. ඉතින් ආයිත් මම අර දේ මතක් කලා. ඉතින් මේ ගමන නම් යන්තරයක් බඳින්න එකඟ වුනා.

    මමත් ඉතින් යන්තර දෙකක් ම හැදුවා. ඒවා ඔය සම්මත යන්තර වගේ නෙමෙයි, අදාල සංකේත රූප ගලපලා එකිනෙකාට ගැලෙපෙන විදිහට (Custom Made) යන්තර. ඒවා ඩිසයින් කරන එකත් ලේසි නැහැ, ඒත් හරිම බලවත්. ඉතින් යන්තර දෙක හදලා ජීවම් කලා. මම යන්තර ජීවම් කරන්නේ මන්තර කියලා නෙමෙයි, නිශ්ශබ්දව, භාවනා කරලා, ශක්තිය එකතු කරලා යන්තර දකේ සංකේත වලට බලය දෙනවා.

    ඊට පස්සේ ඉතින් යන්තරේ බඳින්නත් ඕනනේ. මොනවා කලත් ඉතින් ආදරේට ආරක්ෂාවට තමයි මේවා කරන්නේ. එයත් ඉතින් එච්චර කැමැත්තක් නැහැ ඕක කරේ එල්ලන් ඉන්න. මීට කලින් නම් එයා මට කියලාම යන්තරයක් හදවාගෙන කරේ බැඳගෙන හිටියා. ඊට පස්සේ ජොබ් එක කරන්න පටන් ගත්තහම තමයි එයා ඕක සාක්කුවේ දාගෙන ඉන්න පුරුදු වුනේ :ඩ් . එහෙම කරලා ඒකේ බලේ නැති වුනා.

    කරේ බඳින්න ඕනෑ යන්තර ඉනේ බැඳලා හරියන්නේ නැහැ. ඉනේ බඳින්න ඕනෑ යන්තර කරේ බැඳලා වැඩක් නැහැ. ඉතින් මෙයත් ටිකක් දිග නූලකින් යන්තරෙ බඳින්න කිව්වේ ඔෆිස් එකේදී එලියට පනීද කියන බයට. ඕක නිතරම ගැලෙව්වොත් බලේ නැති වෙනවා. ඒක නිසා ගලවන්නම එපා කියලා තමයි මම කිව්වේ. දැන් ඉතින් ගෙදර ඉන්දැද්දී ඕක එලියට පේන විදිහට තමයි දාගෙන ඉන්නේ. දැන් එයා හිතන්නේ ඒක ලස්සනයි කියලා :ඩ් [ගුරුන්නාන්සේගේ ගෑණි LOLz]

    මමත් ඉතින් ත්ම හදපු යන්තරේ එයාට කියලා මගේ අතේ බැඳ ගත්තා. දැන් ඉතින් ප්‍රශ්න අඩුයි ආරක්ෂාවයි!

    ReplyDelete