Tuesday, July 14, 2009

Outlook,නුවර, Marley - Malee & වෙරෝණිකා..

අනේ මන්දා කොතනින් කොහොම ලියන්න පටන් ගන්නද කියලා.. ඒ තරම් විකාර පිරිච්ච සති අන්තයක් තමා ගත කරන්න උනේ... ‍සති අන්තේ කිව්වට අන්තෙ මත් නෙවෙයි ගිය සතියේ මැද හරියේ ඉදං.. මට වෙන වැඩ සේරම නිකං අමුතුම වි‍දියේ ඒවා.. තාම එහෙම වෙලා ඉවර නැද්ද මංදා.. හපොයි දෙයියනේ තව මොන මොනවා වෙන්න තියනවාද දන්නේ නැහැ‍... මාර්ලි ව පැත්තකින් තියලා අවුට්ලුක් එකට එමුකෝ...

දැන් මෙහෙමයි.. මේ දවස් වල මට තියෙන්නේ කාර්යාල පරිගණකය විතරයි මොකද ගෙදර ‍කොම්පියුතරේ ට බඩුම තමා‍‍.. ඒකේ පිච්චෙන්න ඕන කරන සේරම පිච්චුනා... ඉතිං මේ දවස් වල ෆුල් සිම්පල් ප්ලෑන් එකකට ගිහින් එහෙම එකක් මට තියනවාද කියන එකත් අමතක කරලා ඉන්නේ.. ඉතිං දැන් ඔෆිස් කම්පියුටර් එක ෆුල්ටයිම් මගේ වැඩ වලට අරන් නිසා ඩවුන්ලෝඩ්‍‍ කරන සිංදු, සේව් කර ගන්න පිංතූර අරං මනං සේරම පිරිලා ඒක කොළඹ කුණු කන්ද වගේ වෙන්න පට‍න් අරන්.. එහෙම වෙන එක මටම හොඳ නැති නිසා ඉතිං ඔන්න ගිය සතියේ දවසට උදේ පාන්දරම හා හා පුරා කියලා ඒක සුද්ද කරන්න පටන් ගත්තා‍‍.. කවදත් ඉතිං මගේ IT දැණුම තියෙන්නේ බිම් මට්ටමින් සෙන්ටිමීටරයක් විතර උඩ මට්ටමේනේ.. ඉතිං ඒ ගැන දෙයියෝ සිහි වෙන්නේ ඔය වගේ වැඩක් කරන්න යන වෙලාවට තමයි.. දෙයියනේ මේ මැෂින් එකේ මැෂින් දෙකක හාඩ් ඩිස්ක් තියනවා‍.. තව ඔෆිස් එකේ තිබ්බ ලැප්ටොප් එකක සේරම ‍ඩේටා ටිකත් තියනවා.. ඕනා මොනාද එපා මොනාද කියලා අවුරුදු 3ක් තිස්සේ පාවිච්චි කරන මටම හිතාගන්න බෑ.. ඉතිං මොකෝ කලේ... දන්නේ නැති ෆොල්ඩර්ස් සේරම unknown කියලා එක ‍ෆෝල්ඩර් එකක් හලදා ඒකට මූව් කලා.. ඕනි නෑ වගේ කියලා මගේ ස්ත්‍රී මොලේට දැනෙන ඒවා සුරුස් ගාලා මකලා දැම්මා. දවල් 1 වෙනකොට‍ මැෂින් එක නිකං බබා ‍වගේ... හරී ලස්සනයි‍.. ඩෙස්ක්ටොප් එකත් නිකං බාගෙකින් විතර අඩුවෙලා.. ඉතිං‍ මට හරී සතුටුයි.. දවල්ට කාලා බීලා විඩා නිවලා සුපුරුදු විදියට වැඩ පටාන් ගන්න අවුට්ලුක් එක්ස්ප්‍රස් එක ඕපන් කලා. අනේ හරීශෝයී... ඒකේ තිබ්බ ඔක්කොම මේල්ස් ටික ගිහිං...!!! කොහේ ගිහිංද කියන්න මම වත් දන්නේ නැහැ..හොයනකොට දෙතුන් පොලක එකම නමින් තියනවා වගේ දැක්කා.. හොද වෙලාවට ප්‍රින්ට්අවුට්ස් අරන් තිබ්බ නිසා වැඩි කරදරයක් නෑ.. ඒක නිසා ගියා නම් හිටු කියලා ඒක අමතක කරලා දැම්මා.. මීට පස්සේ මගේ මට්ටමේ ඉන්න ඕනම කෙනෙක් පරිගණක සුද්ද පවිත්‍ර කරන්නේ පරිස්සමෙන් හොදේ....!!!

දැන් පරිගණක‍ය සුද්ද කරාට පස්සේ ඉඩ ගොඩක් ලැබුනා.. ඉතිං එහෙම තියන්න හොද නෑ කියලා මිස්ටර් සතුට බලහත්කාරයෙන් මට ටො‍රන්ට් ඩවුන්ලෝඩ් කරන හැටි තැපැල් මාර්ගිකව ඉගැන්නුවා..හැබැයි ටොරන්ට් සයිට් වලට යන්න බෑ.. ඕන ‍ෆිල්ම් එක එයාට කියලා හොයාගෙන එයා මේල් කරන ෆයිල් එක හරහා මම බාගත කරගන්න එක නුවණට හුරුයි කියලා නිර්දේශකලා.. නුවණක් ගියාම ඇතුන් ලවා වත් අද්දවන්න බැරි හිංදා මම ඒ විදියට කරන්න හිතා ගත්තා. ඉතිං ගිය බ්‍රහස්පතින්දම වැඩේ පටාන් ගත්තා‍‍. මුලින්ම බාගත කිරීම් පටාන් ගත්තේ පොතේගුරාගේ බ්ලොග් එකෙන් මම දැනගත්ත Marley and Me. බ්‍රහස්පතින්දා හවස ගෙදර යන්න වෙලාව ලං වෙනකොට 90% ඇවිත් තිබුනා‍. සිකුරාදා මම නිවාඩුවක් දැම්මා නිකං ආසාවට වගේ.. ඊයේ ඇවිත් ඉතිරි ටික අරගෙන සැරින් සැරේ බලලා.. දැන් ටිකකට කලින් තමා බලලා ඉවර උනේ.. ආයේ නම් මම ඒක බලන්නේ නෑ කිව්වොත් නෑ මයි... මුළු වෙලාවෙම මට මගේ පැටීවමයි මතක් උනේ.. ඉතිං කොයි තරම් අවසානේ දන්නවා උනත් අපි දැනගන්න අකමැති ඇත්තක් දිහා ආයේ ආයේ බලන්නේ මොකටද? අනික බැලුවම ඇ‍‍ඬෙනවා කියලා දැන දැන අඩන ඒවා බලන්නවත් ආයේ ආයේ බල බල අඩන්නවත් ඕනි නැහැනේ.. ඉතිං මං අඩන්නේ නැතුව ඉන්න ඒක ආයේ බලන්නේ නැහැ. අඩනවා නම් අපි හැමෝටම අපේ ජිවිත වලින්ම අඩන්න දේවල් මදිනොකියන්න හොයාගන්න පුළුවන්නේ???

සති අන්තයට පෙර හා පසු කිව්වට අන්තය ගැන කිව්වේ නැහැ නේ.. සති අන්තයේ ගියා නුවර... යා යා!!! ගියා...! එක ගලින් කුරුල්ලෝ දෙන්නයි ඒ ගමන්ම පින්නවලත් ගියා... ‍නියමයි කියන්නේ නියමෙටම නියමයි.. සේරම 6 1/2යි ‍ගියේ.. ඒ කියන්නේ 18‍ට වැඩි 6 යි අඩු එක්කෙනයි.. මම නම් කියන්නේ පොඩි අය එක්ක ට්‍රිප් ගිහිං හරියන්නේ නැහැ. අයියෝ තියන වදයක්!!! පොඩි අය ඉතිං එහෙමනේ... ඉන්න තැන ගැන නෙවෙයි හිතන්නේ යන්න තියන තැන ගැන‍‍‍.. ඉතිං තැනක‍ට ගියපු ගමන් ඊළග තැනට යං කියලා චුරු චුරු ගානවා.. දැන් හිතන්න පින්නවල ගියපු ගමන් නුවර යං කියලා අඩන්න ගත්තම කොහොමද? පේරාදෙණිය මල් වත්තට ගියපු ගමන් නතර වෙන තැනට යං කියලා අඩන්න ගත්තම???? අපොයි මම ගියේ එහෙම පොඩි එකෙක් එක්ක.. අනේ අම්මපා මගේ එකෙක් උනා නම් එහෙම....!!!!($&%*^$*(%^&@$^$

කොහොම උනත් පළවෙනි දවසේ ගියේ පින්නවලයි පේරාදෙණිය උද්‍යානෙටයි විතරයි.. නතර උනේ හන්තානසිසිලේ‍.. ඒක ශ්‍රී ලංකා පොලීසියේ කනිෂ්ඨ නිළධාරීන්ටයි වෙන් වෙලා තියෙන්නේ. ඒ උනත් ඉහල පහසුකම් හා හොදම තත්වයෙන් පවත්වාගෙන යනවා‍.. ඒ ගැන අදාල අංශ වලට ස්තූති කරන්නම ඕනි. සුදූ ගේ තාත්තා කිව්ව විදියට නම් එතන මිල ගණන් උනත් ඉතාමත් අඩුයි.. පහුවෙනිදා උදේ පාන්දර 6 ට දළදා මාළිගාවට ගියා.. කරඩුව තැන්පත් කරලා තියන ඇතුලේ පුංචිම කා‍මරේටම ගිහිං එන්න පුළුවන් උනා.. ඒක ඇතුලේ අපූරු චිත්‍ර තියනවා‍‍.. ධාතූන්වහන්සේට පූජා කරන්නේ සමන් පිච්ච මල් විතරයි.. ඒකත් එතන ඉන්න හාමුදුරු කෙනෙක් දෙනවා.. කණගාටුවට කරුණ තමයි එතනට දුරකථන ඇතුළු කිසිම දෙයක් ගෙනියන්න අවසර ලැබුනේ නැහැ.. නොවැලැක්විය හැකි හේතුවක් ‍මත ට්‍රිප් එකේ සේරම ෆොටෝ ගන්න උනේ ජංගම දුරකථනයෙන්.. :( ඒනිසා කොලිටි එක නම් මදි.

එයින් පස්සේ අපි ගියේ අම්බුළුවාවට.. අම්මියෝ....!!!! ඒක තියෙන්නේ මුහුදු මට්ටමින් අඩි තුන්දාස්තුන්සිය ගාණක් උඩ කන්දක. කන්ද උඩටම වාහනේ යන්න පුළුවන්.. සමහරු වාහනේ පහළ තියලා පයින් යනවා.. පයින් කිලෝමීට‍ර 2 1/2ක් යන්න කියනවා.. හෆොයි..!!! අපි ගියේ වාහනේ මයි.. ඒත් වංගු දෙකක් මෙහායිදි වාහනෙන් බහින්න අපි තීරණය කලා.. අපිව දා‍ලා වෑන් එක උඩට ගියා.. හෆොයි!!! බැස්සට පස්සෙයි කරගත්ත මෝඩ කම තේරුණේ... පහළ ඉදන් කට්ටිය කොහොම පයින් එනවද මංදා....! හැබැයි උඩට ගියාට පස්සේ හරිම ‍ජොලි.. සීතල හුළං එනවා.. ගොවි චෛත්‍යය කියලා එකක් තියනවා ඒක නිකං හරියට අයිස්ක්‍රීම් කෝන් එකක් උඩ යට මාරු කරලා හිටවලා වගේ.. ඒකේ පඩිපෙළ දිගේ උඩටම යන්න පුළුවන්.. නගින කොට වටේම පෙන්නවා ලස්සනට.. අපේ අම්මා නම් පහළම නතර උ‍නා.. අන්තිමට උඩටම ගියේ තාත්තයි මායි විතරයි... බිම බලනකොට බයයි කියලා සූදුගේ අම්මයි එයාලා එක්ක ආවා නැන්දයි නතර උනා.. සූදු දගලන හිංදා එයාව අරන් යන්න බයයි කියලා එයාගේ තාත්තාත් නතර උනා.. අන්තිමේ අපි දෙන්නා ගියා.. වටේ කදුවළලු ලස්සනට පේනවා... එතනින් පහළට බැහැල ආවම ශ්‍රී පතුලේ ආකෘතියක් තියනවා.. තව මම දැකපු වැදගත්ම දේ තමයි මුස්ලිම් පල්ලියක්.. කෝවිලක් හා කතෝලික පල්ලියකුත් තියනවා.. ඒ වෙලේ මට හිතුනා ලංකාවේ හැම ආගමකටම අයිති හැම ආගමික ස්ථානයක්ම මෙහෙම වෙනවා නම් කොයි තරම් හොදයිද කියලා.. අම්බුළුවාවේ තියන වැදගත්ම දේ තමයි ඒක අයිති අපේ කාලේට වීම.. අපි හැමදාම ට්‍රිප් ගිහිං බලන්නේ ඉස්සර දේවල්.. රජකාලේ දේවල්.. අලුත් දේවල් කියලා අපිට බලන්න යන්න තියෙන්නේ මොනාද? අන්න ඒ දේට තමයි අම්බුළුවාව වැදගත් වෙන්නේ.. අනික දැනට එතන නීතී රීති නෑ.. හැමෝටම නිදහසේ විනෝද වෙන්න පුළුවන්.. අපේ කට්ටිය නම් කිව්වේ තාම ඒක හදන නිසා වෙන්න ඇති කියලා.. ඒ අතරේ තව කෙනෙක් කිව්වා මෙතන හාමුදුරු කෙනෙක් භාර නොගන්න කම් හොදට තියෙයි කියලා... කොහොම කොහොම හරි අම්බුලුවාවෙන් පස්සේ අපි ‍ගෙදර ආවා..! සමස්ථයක් වශයෙන් හොද ට්‍රිප් එකක්..



හම්මේ දැන් නම් අත රිදෙනවා... ඉවර කරන්න කලින් මේ අද ඉදං මං අහන සිංදුවේ වචන ටික.. අදමයි මම මේක ඇහුවේ... හරිම ‍ජොලි සහ මේ දක්වා මම අහලා තියන සිංහල සිංදු වලින් අසාමාන්‍ය හොදම ඒවායෙන් අංක එක! කියන්නේ නදීක ගුරුගේ... මම මේ සිංදුවට වැඩියෙන්ම කැමති හැමදාමත් වගේ නදීකගේ ගිටාර් මුසු සංගීතය හා විසිල් එකත් එක්ක එන හිනාවට..! ඊයේ උදේ එකෙනෙක් මට ගුඩ් මෝනින් වෙරෝනිකා කියලා කිව්වේ මොකෝ කියලා මට තේරුනේ අද.. අනේ මංදා වෙරෝණිකා සම්බන්ධ වෙන නිර්මාණ හැම එකක්ම මම ආසම දේවල් අප්පා...!!!

වෙරෝණිකා‍‍.. වෙරෝණිකා.. වෙරෝණිකා.. වෙරෝණිකා....
ඔබට මාව නැති..
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු.. මට පිස්සු.. මට පිස්සු..ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
(පිස්සු හිනාවක්)

සිංදු කිව්වා ඔබ ලස්සනට..ලස්සනට..
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ සිංදුව.. ඔබට මොකටද?
ඔබට නැති මගේ සිංදුව..මට මොකටද වෙරෝණිකා?
මට මොකටද?

වෙරෝණිකා...වෙරෝණිකා.. වෙරෝණිකා.. වෙරෝණිකා..
නැටුම් නැටුවා.. ඔබ ලස්සනට‍... ලස්සනට..
හරිම ලස්සනයි‍‍...ස්ස්ස්සු.....!
මට නැති ඔබේ නැටුම මට මොකටද වෙරෝණිකා..
ඔබට නැති මගේ නැටුම ඔබට මොකටද වෙරෝණිකා..

වෙරෝණිකා‍‍.. වෙරෝණිකා.. වෙරෝණිකා.. වෙරෝණිකා....
ඔබට මාව නැති..
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු.. මට පිස්සු.. මට පිස්සු..ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
(පිස්සු හිනාවක්)
................................................................

24 comments:

  1. :) උපරිමයි!

    ReplyDelete
  2. හොද සටහනක්. ඒත් පොඩි අවුලක් නම් තියෙනවා? ,

    ඒ වෙලේ මට හිතුනා ලංකාවේ හැම ආගමකටම අයිති හැම ආගමික ස්ථානයක්ම මෙහෙම වෙනවා නම් කොයි තරම් හොදයිද කියලා..

    මේ ගැන නම් ටිකක් හිතන්න ඕන. මොකද රුවන්මැලි සැය ලග මුස්ලිම් පල්ලියක් හදන්න බැ‍නේ.

    ReplyDelete
  3. Anonymousට

    ඔව් ඉතිං ඔහොම හිතන බහුතරයක් එක්ක ඒක කරන්න බෑ තමයි.

    ReplyDelete
  4. ලස්සනට ලියලා තියෙනවා . . . . ට්‍රිප් එක නොගිය අපිට නිකම් ගියා වගේ හැගීමක් ටිකක් දැනෙන්න ලියලා තියෙනවා . . . අනේ මේ තව එකක් . . . මේ වෙරෝනිකා ගීතය මම තාම ඇහුවේ නෑ . . . ඒක බා ගන්න තැනක් තියෙනවාද?

    ReplyDelete
  5. @ Anonymous
    @ සිරි

    බලාගෙන යනකොට දෙන්නම හරි වගේ.
    ඉතින් අපිට බැරිවෙයිද මරදානෙ මුස්ලිම් පල්ලිය ඉස්සරහ ක්‍රිස්තියානි පල්ලියකුයි, රාගම තේවත්තෙ පල්ලිය අයිනෙ මුස්ලිම් පල්ලියකුයි හදන්න. ආරම්භයක් විදියට එහෙම කරලා, පස්සෙ දවටගහ පල්ලිය, කොච්චිකඩේ, මඩු පල්ලිය, මුන්නේශ්වරම, කෝනේශ්වරම, බම්බලපිය පල්ලිය...වගෙ තැන් වලත් හදමු. එහෙම උනොත් පන්සල් වලත් පොර කකා හදයි.

    ReplyDelete
  6. එකම ස්ථානයක පිහිටල තියෙන සියළු ආගමික ස්ථානවලින් එන ආදායම පූජක පක්ෂයට බෙදල දෙනව කිව්ව නම් කට්ටිය පොරකකා පන්සල් ඇතුලෙ පල්ලි සහ පල්ලි ඇතුලෙ බුදු මැදුරු හදයි. ඔය කිව්ව අම්බුළුවාව එහෙම හැදෙන නවීන සිද්ධස්ථාන වලින් ආරම්භක එකක් මම හිතන්නෙ... :D

    ReplyDelete
  7. දුකෝ, බුන්දියේ මියැසියෙන් ගන්න වෙරෝණිකා...

    මලීයෝ, අනිත් අය අනිකාට අනේ අපි එක්ක චුටි පැටියෙක් උන්නා නම් කියද්දී උඹ කියන එව්වා දැක්කාම බ පැ සි! ( බඩ පැලෙන සිනා!)

    ට්‍රිප් ඒක මැක්සානේ! එළ ජය වේවා!

    ReplyDelete
  8. outlook නැතිව Thunderbird ගන්නකෝ!

    පරණ මැෂිමට නිවන් සුව මම පතනවා ඔන්න! ඔයාට ඔෆිස් එකේ ඉතිං සුරයක් එලන්න වෙයි ඔය අපල හින්දා!

    වෙරෝණිකා...
    මම ආසම එකක්

    මට පිස්සු මට පිස්ෂු මට පිෂ්ෂු කියලා කියනවානේ අක්කේ!

    ReplyDelete
  9. හික් හික්..මාර රසවත් ලිපියක්..

    ReplyDelete
  10. අයියෝ හොරෙන්ම නුවර ඇවිත් නේද ?
    එනවා කියල කලින් කිවුවනම් , කවුද මේ Abnormal මලී නඟා කියල බලා ගන්න තිබ්බා

    ඔයත් මකරු දැකලා නැතුව ඇතිනෙ නේද ?

    ReplyDelete
  11. ara pinthoore inne ape sudu da? (onna ithin sudu man asa sindu valata kemathi hinda kiss ekak denava)
    kohoma unath oya neyo (relations) balanna giya eka gena sathutui...oyath pinnavala natara vennane thibbe.. hik hik...
    Harima dukak denuna es nopenena aliyava dekala...
    venada vagema blog ekata lunu miris ganata thiyena hinda harima rasawath

    ReplyDelete
  12. h-හරියට නෙස්ප්‍රේ වගේද? හික් හික් තෑන්ක්ස් හොදේ.

    AM-ඇයි බැරි? කතරගම කිරිවෙහෙර එහා පැත්තේ තියෙන්නේ හිංදු දේවාල නම්.. දේවඇදහිලි අනුමත නොකරන ‍‍බෞද්ධආගමේ පංසල් වල දේවාල තියනවා නම්..බෞද්ධයෝ පලතුරු වට්ටි අරන් ඒව‍ට යනවා නම්.. රුවන්මැලිසෑය ලග පල්ලියක් හැදුවම සෑයේ වටිනාකම අඩුවෙනවාද?

    Siri-හ්ම් හ්ම්..

    Duka-හරි නේද අයියේ.. බිංකු කියලා තියන තැනින් අහන්න පුළුවන්..භාගත කරගන්න එක නම් අවුලක්.

    AM2-පුළුවන් නම් හොදයි.. හැබැයි ටිකක් කල්යයි වගේ නේද?


    Vijitha-හ්ම් හ්ම්..

    Binku-ජයවේවා බිංකුවෝ...!මට ඕනි ඒවා කරන්න බැහැනේ බිංකුවෝ.. මෙහේ අය කියන විදියට එපැයි වැඩකොරන්න.. ඔයාට ඉතිං කොහොමත් ටිකක් පිස්සු තමා නැද්ද? ;-)


    PotheGura-ස්තූතියි.. එහෙනම් හොදට හපලා කන්න.. ‍

    C.A.M-අනේ ඔව්.. ආරකෂක හේතූන් මත ඉතිං කාටවත් කිව්වේ නම් නෑ.. මං හිතන්නේ අපි ඔයාලගේ ෆැකල්ටි එක ඉස්සරහින් ගියා.. ඉංජිනියරින් නේද?
    අපරාදේ හැබැයි මකරෙකුත් බලාකියා ගත්තා නම් විටිනා කම කියා නිම කරගන්න බැරි වෙනවා..

    Mondo-අපෝ ඔව් ඒ අණේ තමා.. අනේ ඔව් අනේ මම එනකොට කට්ටිය කදුළු පෙර පෙර ඇඩුවා හොඩවැලෙන් අත අල්ලගෙන අනේ යන්න එපෝ... කියලා අඩුවා.. මටත් දුකේ බෑ.. පස්සේ අර හෙණ්ඩුවෙන් දෙකක් ඇනලා පස්සේ එන්නම් එතකන් නාඩා ඉන්න කියලා බොහොම අමාරුවෙන් ලිස්සලා ආවා.

    ReplyDelete
  13. එළ සටහන... හැබැයි අයිස් ක්‍රීම් කෝන් එක අනික් පැත්ත ගැහුවා වගේ අයිස් ක්‍රීමුත් තියෙනවා අපේ පැත්තේ... සෝයා එකේ... ඉස්කුරුප්පු ඇණේ වගේ උඩට උඩට අයිස්ක්‍රීම්... පාරේ අයිනේ කඩේ... දවල්ට මොන්ටිසෝරියෙන් ලමයි ගන්න එන අම්මලා සෙට් එක පාර පැත්තට හැරිලා ‍අපූරුවට අයිස්ක්‍රීම ලෙවකනවා... අප්පාරියාවේ බෑ... :-) (ඔන්න ඔයා තමයි සීන් එක මතක් කරේ... :D)

    ReplyDelete
  14. ෂා ... ! නියමයී නේ ! , එල එල...

    පින්නවලදී නෑදෑයෝ එහෙමත් හම්බූනාලු නේද ?.

    SLIIT එකේ නම් එන අලුත් films හෑම එකක්ම වගේ තියනවා. ඔයාට ඔනී නම් ෆිල්ම්ස් හොයල දෙන්න පුලුවන්. දෙන්න වෙන්නේ චරීයගේ අතේ තමයී.

    ReplyDelete
  15. අපිට කියන්නේ නැතුව නුවර ආවා නේ?? හරිම නරකයි

    ReplyDelete
  16. හෆොයි! අවුට් ලුක්

    ප.ලි. - ඔය කියන වෙරෝණිකා නංගි ගැන කියන සින්දුව බාගන්න තැනක් කවුරු හරි දන්නවනම් කියනවද? බික්කු දීලා තියෙන්නෙ සියබස් එකට යන ලින්ක් එකක් නෙව. මිනිහගෙ හිතේ අපි රැවටෙයි කියලා.

    ReplyDelete
  17. http://www.boondi.lk/

    ඕකෙ වම් පැත්තෙ තියෙන හීනි කොලම් එක දිගේ පහලට එනකොට අදාල සින්දුවට ඇමිණුමක් තියෙනවා. ඔතන තියෙන අනිත් සින්දුත් බාගත්තට වරදක් නෑ. :)

    ReplyDelete
  18. දෑනුයි දෑක්කෙ... ලොකු දෙයක් නංගි යන්තම් ගියා නේද ඒ පාර නම්...

    {මම නම් කියන්නේ පොඩි අය එක්ක ට්‍රිප් ගිහිං හරියන්නේ නැහැ. අයියෝ තියන වදයක්!!! }

    බලමුකො අපි ඉස්සරහට...

    ReplyDelete
  19. http://www.youtube.com/watch?v=zrYI-BnZ3fA
    ඔබ බටයේ වෙරෝනිකා තියෙනවා.හැබයි වීඩියෝ එක නම් චොර.රෙකෝර්ඩ් පාරක් දාලා ගන්න.මලී ගතියට ලියලා තියෙනවා.පොඩි එකා ගැන හිතාගන්න පුළුවන්

    ReplyDelete
  20. උඹ දැන්ම 2ක් හදන්නනේ හිතන් ඉන්නේ... :P :P :P

    බලමුකෝ මලී බලමුකෝ....... :P :P :P

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ලිපිය, ලස්සනට. හිතට වදින්න ලියල තියෙනව.
    ෆොටෝස් ටිකත් ලස්සනයි. විඩියෝ එකත් ලස්සනට හදල තියෙනව. ඒකෙ තිබ්බ නේද "Kandian Dancer" මල් වල ෆොටෝ එකක්, ඒක මම ආසම මලක්, අපේ ගෙදර තියෙනව ඒ ඕකිඩ් එක, හරිම ලස්සනයි.
    මමත් අම්බුලුවාවෙ ගිහින් තියෙනව, අපි යනකොට ඒක හදල ඉවර නෑ. හැබයි අපි නම් ගියේ පහල ඉඳලම පයින්, ඒක හරිම ලස්සන අත්දැකීමක්. වටේ ලස්සන බල බලා, සීතල විඳිමින් යනකොට කොච්චර ගතිද? ඔයා ඔහොම හිතුවොත්, සිරීපාදෙ, සීගිරිය, මිහින්තලේටත් වාහනෙන්ම මුදුනට යන්න හිතයිනෙ.
    කොහොම හරි මේක හරිම ලස්සන, හිත වදින පෝස්ට් එකක්.

    ReplyDelete