Monday, June 8, 2009

මගේ පෝය දවස.


අද බ්ලොග් එක ලියන්නේ එක්කෙනෙක් කිව්ව හැටියට ‍පිටුවක් පිරෙන්නම පිං රැස් කර ගත්තට පස්සේ හිකිස්..! මෙහෙමයි‍.. ඊයෙයි පෙරේදයි ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න උනා.. තාත්තගේ යාළුවෝ ටික එකතු වෙලා දෙන බත් දන්සැල නිසා.. පොසොන් පොහොය දවසේ දිවා රාත්‍රී දන්සැලක් විදියට තමයි දන්සැල ක්‍රියාත්මක උනේ.. මේ පාර තුන්වන වතාවට තමයි තිබ්බේ..
ඇත්තම කියනවා නම් දන්සැල දෙන්නේ ලොකූවට පිං බලාපොරොත්තුවෙන්මත් නෙවෙයි.. නිකං ජොලියට වගේ.. සේරම දහදෙනෙක් විතර තමයි මුළු වියදම දරන්නේ.. දෙන්නෙත් හාල් එක්කෙනෙක් පරිප්පු.. තව කෙනෙක් ළුණු බ්ලා බ්ලා බ්ලා... ඔය විදියට... කෑම උයන්නේ නම් හැමදාමත් වගේ අපේ ගමේ මගුල් ගෙවල් වලට කෑම උයන දයාවතී නැන්දයි එයාගේ පිරිවරයි.. ෂා.. එයාලා අත තිබ්බත් කෑම රසයි කියලා තමයි කථාවට කියන්නේ... ඉතිං පහුගිය වතාවන් දෙකේ වගේම මේ පාරත් එයාලම ඇවිත් උයලා දුන්නා...වෙන වතාවන් වල මාළුත් කෑම ලැයිස්තුවට ඇතුලත් උනාට මේ පාර මාළු වල මිල ගණන් වගේම කීය දීලා හරි ගන්න මාළු හිග වීම කියන කාරනා නිසා.. මාළු වෙනුවට කරවල තමා දෙන්න උනේ...
දවල් කෑමට දුන්නේ බත්, පරිප්පු,ළුණු හා කරවල බැදුම්,‍තැම්බූ දෙල් හා පපඩම්‍‍... රෑටත් ඉතිං එවාම තමයි හැබැයි දෙල් තම්බනවා වෙනුවට කරි එකක් වගේ හදලයි දුන්නේ..
උයන්න කට්ටිය ආවට ඉතිං උදව්වට ඉන්නේ අපිනේ.. ඉතිං අප්පේ අමාරුම වැඩේ උනේ දෙල් කපන එකයි..ළුණු පොතු ඇරලා කපලා දෙන එකයි... දෙල් කපන වැඩේ කට්ටිය කලේ බිම ඉදගෙන.. බොරු කියන්නේ මොකටද මට පොඩි බංකු වල වාඩි වෙලා වැඩ කරන්න බැහැ.. ඉතිං මං ළුණු සුද්ද කරන වැඩේ කරලා දුන්නා.. සෙනසුරාදා රෑයි.. ඊයේ දවලුයි‍‍.. ළුණු කිලෝ 30ක‍ට වැඩිය සුද්ද කරන්න උනා.. තනියම!!!! හපෝ ලේසි වැඩක් නෙවෙයි ඒක... එහෙං කදුළු ඇවිත් ඇස් පිරිසිදු කරනවා..ළුණු ගොඩක් එක පාර සුද්ද කරනකොට නියපොතු වල කහට බැදෙනවා.. මොනා කරන්නද ඉතිං ඒත්.. අපේ අම්මටත් පොඩ්ඩක් සනීප මදි හින්දා එයාගේ ශ්‍රමදායකත්වයත් මටම තමයි සපයන්න උනේ... ඉතිං ළුණු සුද්ද කරලා දෙහි ගෙඩියක්ම ගාලා අත් දෙක සෝද ගත්තා‍‍‍.. දෙයියන්ගේ පිහිටෙන් ඇගිලි 10 යෙම නියපොතු නොකපා බේරගන්න පුළුවන් උනා.. පිනේ බලේ තමා ඉතිං.... !දවල් ළුණු වැඩේ අහවර වෙලා ‍ගෙදර ගිහිං නාලා කරලා අළුත් ඇදුමක් ඇදලා ‍එනකොට දන්සැල පටන් ගන්න කිට්ටු වෙලා.. ගිය වතාවන් දෙකේම මම තමා පපඩම් බෙදුවේ.. මේ පාරත් එකටම සෙට් වෙන්න හිටියට ඒක වෙන නංගි කෙනෙක් බාර අරන්.. ඉතිං මට පරිප්පුව තමා බාර උනේ.. අප්පා.. තාම අත රිදෙනවා අප්පා... ආසන්න වශයෙන් 7000ක් වත් පිගන් වලට පරිප්පු බෙදන්න ඇති දවලුයි රෑයි දෙකේම.. ඒත් ඉතිං ඒ වෙලාවට වටේ ඉන්න අගේ වැඩ බල බල වැඩ කරන එක හරිම ‍‍ජොලි.. වැඩ කරන්න හිටි‍ය හැමෝම අපේ අපේම අය නිසයි සේරමලව හොදටම අදුරන නිසා කිසි අවුලක් නෑ..අම්මා කෝ අහන එකට උත්තර දීලම තමා එපා උනේ.. අද ඉතිං නිවාඩු දවසක් නෙවෙයි නිසා ඊයේ රෑ 10 වෙනකොට දන්සැලට පිටින් එන අයට කෑම දීම නතර කලා.. ඊ‍ට පස්සේ ඉතිං බීම දන්සැල පටාන් ගත්තා‍‍.. ඒක ඉතිං පිරිමි අයට පමණායිනේ... කොහොම හරි ඉතිං 10.30 වෙනකොට ‍‍තාත්තා එක්ක මං ගෙදර ආවා...ඔන්න ඔහොමයි මගේ පොසොන් දවස ගෙවුනේ...

ෂික් පෝය දවසත් ඉරිදා උනානේ.. මේ මාසෙම එක නිවාඩුවක් වත් නෑ... හයියෝ...!

20 comments:

  1. මලීගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.පරිප්පු බෙදන්න ගිහින් හරි පරිප්පුවක් කාලාවගේ.

    ReplyDelete
  2. අපිටත් කිව්වනම් එනවනෙ.බත් දන්සැලයි, බීම දන්සැලයි දෙකටම ඉන්න තිබ්බ.

    ReplyDelete
  3. හැබෑට ඔයාගේ දන්සැල් ගැන කලින් කිව්වට අපිට ඒක අමතක උනානේ කෑමට නැතත් බීමට සහබාගී වෙන්න තිබ්බා.

    බ්ලොග් ලියන කවුරුත් ආවේ නැද්ද?

    ReplyDelete
  4. ඔය බීම දන්සලට 'ම' ටයි..මටයි ආරාධනා නොකළ එක නම් හ‍රිම අප‍රාධයක්!

    ReplyDelete
  5. මම නම් ඊයේ දන්සැල් තොගයක් වැදපුදා ගත්තා. කිව්වනම් එනවනේ...

    ReplyDelete
  6. උන්මත්තක - ස්තූතියි අම්මා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාවට. අනේ මංදා මේ අවුරුද්දම පරිප්පු වර්ෂයක් වෙයි වගේ..

    චරිත් - අනේ ඒකනේ මට කියන්න අමතක උ‍නානේ.. ඊළග පොසොන් එකට මතක ඇතිව රිමයින්ඩර් එකක් දෙන්නම්කො..!

    ම- ඒක තමා.. මට අමතක උනානෙ.. නැහැ.. බ්ලොග් ලියන කාටවත්ම කියන්න බැරි උනානේ.. මම නොදන්න අය ආවද දන්නේ නැහැ.. ඒත් දන්න තරමින් අපේ පැත්තේ සිංහල බ්ලොග්කාරයෝ නෑ..! පලාතටම මං තමා..!

    පොතේ ගුරා - මෙන්න භාජනේ.. සමාව ටිකක් දාලා දෙන්ට ප්ලීස්..!

    තිළිණ - පෙරේත කම බලන්ට ඉතිං මෙයාගේ...! ගොඩක් වැන්දා නම් ආයේ මොනාද.. හික් හික්.. ඊළග වතාවේ කියන්නම් හොදේ සහෝ..!

    ReplyDelete
  7. ඔව් මචෝ, බීම ගැන කිව්වනම් එනවනේ බාගෙකුත් අරගෙනම

    ReplyDelete
  8. appeee....me para dansala dunna neda..?? hehe mata mathaka wunane appa... ape ekkanth ekka enna thibuna nethanm... marenna haduwa dansalakin kanna one kiyala... shikkeee.. apradeee...

    ReplyDelete
  9. P.S.

    anna ape ekkena kiyanawa okita nikamatawath mata oka kiyana beri wuna kiyala... hehehehe

    ReplyDelete
  10. ම - වෙන දවසක බලමු මචෝ.. ලබන පොසොන් එකට කලින් මැරෙන්නේ නැහැනේ.. ඊට කලින් සෙට් වෙන වැඩක් උනොත් කියන්නම්.

    කවි - තනිකරම උඹලගේ වැරැද්ද!! මැසෙන්ජර් වල බිසී දාගෙන ඉන්න උන්ට කරදර කරන රටක් නැහැනේ බං..! ඇඩුවා නම් උඹට අඩුම ගානේ මට කෝල් කරලා ‍නලවන විදියක් අහන්න තිබ්බා.. බලපන් සිම්පල් ප්ලෑන් තියාගෙන දුක් විදිනවානේ තොපි! :P

    ReplyDelete
  11. Thanks for "not" inviting !

    IDIOT !!! DUMB !!! STUPID !!!! RETARD

    What a shame :-(

    ReplyDelete
  12. Nash- :o oh! were u free? sorry dude.. I was thinking to make a call to u.. but thought ur busy kiyala...! haiyooo soo sorry..! :(

    Next time ok ? :D

    WOw..! I'm so excited to c the next poson dansela with soo many blogers... :D

    ReplyDelete
  13. ඕන් මන් නම් එන්නේ රෑ 10ට පටන් ගන්න එකට.

    ReplyDelete
  14. නිකන් ජෝලියට වගේ දන්සැල් දෙන්න යන්න නම් එපා...

    ReplyDelete
  15. අයියෝ දෙලුත් තිබ්බද? චික්! මං ආසම කෑමක් :(

    ReplyDelete
  16. Ma- Okzzz
    Panhida-ඇයි ඒ?
    Niroshine- තිබුනා ‍අනේ තිබුනා...මගෙත් ආසම කෑමක්!

    ReplyDelete
  17. අනේ මටත් කිවිව නමි මාත් එනවනේ කොහොම හරි..... :( මෙි කැන්ගරු රටෙි දන්සල් නෑනේ අනේ...DUka thamai Ranjanee...:(

    ReplyDelete
  18. පන්හිඳ - අද කාලෙ දන්සල් දෙන්නෙ ජොලියට තමයි හලෝ.

    ReplyDelete
  19. දන්සෑලක් !!!

    හප්පා කලීන් කියන්න තිබුනනේ ! , කිව්වනම් අපේ කට්ටිය සෙරම එක්ක අපී ඔතන. කමක් නෑහෑ , ලබන සෑරේ බලමූ...

    ReplyDelete
  20. @ Priyankara - බත් දන්සැලයි, බීම දන්සැලයි දෙකම වැද ගෙන යන්න තිබ්බ කිව්ව නම්.කෝ ඉතින් පානදුරේ ඉදලත් අපිට කිව්වෙ නෑනෙ.

    ReplyDelete