Tuesday, May 19, 2009

මම සතුටු වෙමි නමුත් යුද්ධය අළුත් වී ඇත


මේ ගෙවෙන්නේ අපේ රටේ හැම අස්සකම මුල්ලකම සිටින ජනතාව ප්‍රීතියෙන් ප්‍රමුදිතව ගෙවන දින කිහිපයකි.. ඉතිං මාද සතුටු නොවී කෙසේද? ජනතාවගේ සතුට කෙතෙරම්ද කියනවා නම් දොරින් දොර මාවතින් මාවත ජාතික ‍ධජ ලෙලදෙන්නේය... පාපැදියෙන් පටන් ගන්ගෙන අන් සියළුම වාහන වර්ග වලද කොහේ හෝ ජාතික ධජයක් ලෙලදේ කොටින්ම ඒ පෙබරවාරි 4 වන දින සාමාන්‍යයෙන් සැමරෙන නිදහස් දිනයේදීවත් නොදකින්න ලැබෙන තරමේ ප්‍රමාණයකි‍.... හංදියෙන් හංදියේ කිරිබත් කැවුම් කෙසෙල් ගෙඩි කමින් ජනයා සතුටු වන්නේය....වාහන වල නැගි තරුණ පිරිස් ජයගොස නගිමින් මාවත් දිගේ යමින් සතුටු වන්නේය... සියල්ලෝ සමරන්නේ අභිමානවත් නිදහසකි... ඉතිං සියල්ලෝ සතුටු වෙති‍‍‍.... බුදුන්ගේ දහමින් ආශිර්වාද ලද්දාවූ අප දේශයේ අති මහත් බෞද්‍ධයෝ පවා කෙනෙකුගේ මරණයේදී ප්‍රීති වෙති‍... ඒ ආගමට පෙර රට නිසා විය යුතුය.... දේශප්‍රේමී..ජාතිඅනුරාගී ගීත සෑම ගුවන් විදුලි, රූපවාහිනී නාලිකාවකම ප්‍රචාරය වන්නේ තරගයට මෙනි.. ඒ අන් කිසිවක් නිසා නොව ජාතියේ ප්‍රධාන සතුරා මරාදැමූ සතුටයි...උදා වූ නව නිදහසේ ජයගොසයි...!

මම ද ශ්‍රී ලාංකිකයෙක්මි.. මටද සතුටුය... නමුත් ඒ වෙනස් විදියේ සතුටකි... අවංකවම කියන්නේ නම් මම කිසිදු ආකාරයේ මරණයකින් සතුටු විය හැකි මනසක් ඇති කෙනෙක් නොවෙමි.. ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන් ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...! එනිසා මම නිෂ්ශබ්ද වෙමි... නමුත් මම සතුටු වෙමි... ඒ වෙනත් කරුණක් නිසාය...! ඒ කවදා ‍හෝ නරඹන්නට යන්න මා සිතා සිටින සංචාරක ස්ථාන ලේඛනයට අළුත් ස්ථාන තොග පිටින් එක් වන නිසාය... යාපනයේ මිදි ලාබෙට කන්න ලැබෙන නිසාය... යාපනයේ තල් හකුරු සමග කොට්ටකිලංගු රස කර කර කන්නට ලැබෙන නිසාය... නිස්කලංකව නිලාවැලි වෙරලේ සති අන්තයක් ගත කරන්නට... ‍ආරුගම්බේ සිට උදා හිරි සේම බැස යන හිරු නරබන්නටද මින් පසු වීසා ගැනීමට අවශ්‍ය නොවන නිසාය...! තරුණ පුතුන්ගේ සීල් කල මිනී පෙට්ටි මින් පසු ගමේ ගෙවල් වලට නොපැමිණෙන නිසාය..! එනිසා දිණු නිදහස මම සතුටින් සමරමි.

ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූති කරන්නේ යුධ පෙරමුණේ සටන් වැදි පළමු ආරක්ෂක වළලු වල සටන් වැදි සාමාන්‍ය සෙබලන්ටයි... මක්නිසාද යත් සමන් කුමාරලා සුජිත් විදාණපතිරනලා ආලිංදියට ගොඩ වැදී අපට පෙන්වූ රූප ප‍ටිගත කරන්නට‍ පෙර එම භුමියේම සටන් වැද මිය ගිය මළ සිරුරු ඉවත් කර පිරිසුදු කර අපට නරඹා ප්‍රීති විය හැකි පරිසරයක් සැකසුවේ ඔවුන්ගේ දෑත් වලින් බැවිනි. ඉන් පසුව සියළුම ත්‍රිවිධ හමුදා සේනාංකාධිපති වරුන්ටත් සියළුම වර්ගයේ නායකයන්ටත් ආරකෂක ලේඛම් හා ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත වෙමි. එසේම බදු මුදල් ගෙවමින් කරක් උසට නැගි බඩු මිලෙන් හෙම්බත්ව සියල්ල දරා සිටි ජනතාවට ස්තූතිවන්ත වෙමි..!

සියල්ල අවසානයේ මට කීමට දෙයක් ඇත එනම් තවම යුද්ධය නිමා වී නැති බවයි..‍විදේශයන්ටවී සිටින කොටින්ගේ බළල් අත් තවම හරිවැටී ඇතුවා පමණි.. ඒවා යලි ප්‍රකෘති වීමට අප ඉඩ නොතැබිය යුතුය.. කෙළඹ හා අවට තවමත් මරාගෙන මැරෙන කොටියන් හා කොටි දෙනුන් සිටිය හැක.. ඒ සියළු බාධක වලින් රටක් ලෙස අප සටන් කර යුතුව ඇත...!

එසේම නිදහස් නිවහල් ජාතියක් ලෙස ‍නෑගී සිටිමට ‍අප අවසන් කල යුතු තවත් යුද්ධයක් ඇත. අවසානාවට එයට ඉලක්කයක් නැත. නමුත් බලකායක් ඇත. ඒ ආර්ථිකය වෙනුවෙන් ශ්‍රම බලකාය සටන් වැදිය යුතු යුද්ධයයි. පාසැල් ශිශ්‍යයාගේ පටන් සියළුම අංශ දක්වා අළුත් යුද්ධයට සුදානම් විය යුතුය.. අත ඇති කුමන හෝ ආයුධයක් ගෙන අප ඒ සටනට එක් සිත්ව සැරසිය යුතුය! බිලියන ගණනින් ගෙවා දැමිය යුතු ණය මුදල් මතින් අප රට හෙම්බත්වී සිටින්නෙමු... සංවර්ධණයේ පහළ මට්ටමේ සිටින අපි ඉහළට යායුතුය...! ඒ යුද්ධය නිමා වන දා අප සැබැ නිදහස් නිවහල් ජාතියක් වනු ඇත...! අද ජනපතිගේ ප්‍රකාශය ඇසීමට රටේ බොහෝ අංශ වල වැඩ කටයුතු නතර වී ඇත. ජනයා රූපවාහිනී ගුවන් විදුලි අභියස එය අසමින් සිටින මොහෙතේ ගෙවී යන්නේ පලදායී ලෙස යොදාගත හැකි මිනිස් ශ්‍රම පැයයි‍‍..! එම නිසා හදවතින් නොව බුද්ධියෙන් නිදහස භුක්ති විදීමට අප අදිටන් කරගත යුතුය...! අවසානයේ ‍කොටි ‍උණ්ඩයෙන්ම මිය ගිය කිදිර්ගාමර් මහතා අමාරුවෙන් සිංහල වචන ගැට හසමින් කල ප්‍රකාශයක් මම සටහන් කර තබමි " අපි වේගයෙන් වැඩ කරන්න ඕනි..."

මෙම ලිපිය ලිවිම පිනිස නිවා දැමු ගුවන් විදුලියේ ජනාධිපතිගේ ප්‍රකාශය නැවත ක්‍රියාත්මක කර මම වැඩ කරන්න යමි..යන්නට පෙර ලියමි..
"බැටන් එක යුද හමුදා බලකායෙන් ශ්‍රම හමුදා බලකායට මාරු වී ඇත... දැන් රේස් එක ඇත්තේ අපේ අතේය...."




මට කලින් ලිව්ව අයගේ ලිපි - සුදාරක
චමිල

41 comments:

  1. ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන් ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...!

    "මම ගිහින් එන්නම් දුවේ" කියල ඔයාගෙ ඔළුව අත ගාල රැකියාවට ගිය ඔයාගෙ තාත්තත් කොටි බෝම්බයකට අහුවෙලා කෑලි කෑලි විදියට පෙට්ටියෙන් ගෙදර ආව දාට ඔයාට තේරෙවි ඇයි මිනිස්සු සතුටු වෙන්නෙ කියල. ප්‍රියන්කා ගාන්ධි මෙන්න මෙහෙම කිව්ව:

    "I think... speaking for all my family.., politics is quite separate for us from personal grief. None of us have personal hatred towards those who killed my father," she said.

    Referring to Nalini, who is serving life term in Vellore prison for involvement in the assassination of Rajiv Gandhi, Priyanka Gandhi said "Nalini is also a human like us and personally I do not hate her for what she had done".

    Asked if she had forgiven Nalini, she said: "I am like Nalini, a human being, and humans cannot forgive each other."

    ReplyDelete
  2. "I am like Nalini, a human being, and humans cannot forgive each other."
    නලිනි කෙසේ වෙතත් ලංකාවේ සිංහලයින‍්ගෙන් සිදුවුන හිංසාවන් කොපමනකට දෙමළුවන් සමාව දී ඇති බව දකුනේ මිනිසුන් දන්නවා නම්........

    ReplyDelete
  3. "නලිනි කෙසේ වෙතත් ලංකාවේ සිංහලයින‍්ගෙන් සිදුවුන හිංසාවන් කොපමනකට දෙමළුවන් සමාව දී ඇති බව දකුනේ මිනිසුන් දන්නවා නම්........"

    වහන්නෙ නැතුව කියමුකො බලන්න මොනවද සමාව දෙන්න තරම් වුන දේවල් කියල ඇත්තටම දකුනෙ අපි දන්නෙ නැහැ අනේ ලිපියක් පල කරන්නකො හැමෝටම දැන ගන්න.

    ReplyDelete
  4. @Anonymous
    ලිපියකට ප්‍රතිචාර එවීමට පෙර සම්පූර්ණ ලිපියම කිව්වානම් වඩා හොඳයි.

    ReplyDelete
  5. නගා, උඹ පටලවන්... මේ සාමාන්‍ය තාත්තා කෙනෙක් නෙමෙයි... abnormal තාත්තා කෙනෙක්.. ත්‍රස්තවාදියෙක්...

    මිනිස්සු සතුටු වෙන්නේ හදවතින්මයි... මිනිස්සු ලග සල්ලිත් නැතුව ඇති..(මාස 2කම පඩිය ගිය මාසේ ගත්ත නිසා...)

    මිනිස්සු කොහොම හරි තමුන්ගේ හිතේ සතුට පිටකරන්න ඕනේ.. ත්‍රිවිධ හමුදාවල වැඩ කරන අයගේ ගෙවල් වල උන්ට අවුරුදු ගානකින් නිදා ගන්න ලැබෙයි.. කට්ටියට බය නැතුව බස් වල යන්න ලැබෙයි.. තව ගොඩාක් කාරණා තියෙනවා ලියන්න..

    ඕකා මරපු එකමයි හොද....

    ReplyDelete
  6. ප්‍රභාකරන්ගේ මරණයෙන් මම දෙවරක් නොසිතාම සතුටුවෙමි.
    ඒ අන් කවර හේතුවක්වත් නිසා නොව උදේ වැඩට යන තාත්තා, පාසලට යන නංගි, පොලට යන අම්මා ආපහු ගෙදර එයිද කියල තිබ්බ සැකය නැති වෙච්ච හින්ද.
    හැබැයි මට රතිඥ්ඤ පත්තු කරල, හූ කියල, විසිල් ගහල සතුටු වෙන්ඩ බෑ.
    මොකද....
    මේ මිනීමරුවව මරන්ඩ අපේ කොල්ලො සිය දහස් ගානක් දිවිපිදුව කියල දන්න හින්ද..
    අනෙක් ප්‍රධාන කාරනේ නං.. මේක ඉවර උනාට අකමැති උන් ඕනතරං ඉන්න හින්ද..

    උදාහරණයක් මේ comment වලම ඉන්නවා.
    උන්ට ඕනෙ ලේ.. කදුලු..
    උන් ජීවත් වෙන්නේ ඒවයින්.
    උන් කන්නෙ බොන්නෙ ඒවයින්..

    "ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන්ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...!"

    මේ පාහරයට ඒක වැරදිද නැද්ද කියන්ඩ බැරිලු.
    මුන් වගේ උන්ඩ මරන්ඩ ඕනෙ වෙඩිතියල නෙමේ. පාරදිගේ කීතුකීතු ඉරල දාල. උඹේ ළමය ඉස්කෝලෙ ගිහ්න් එද්දි කෑලි හතරකට පහකට ආවනං උඹට තේරෙයි ඒක හරිද වැරදිද කියල.

    අමතක කරන්ඩ එපා... ත්‍රස්තවාදයේ මූලය විනාශඋනාට මේවගේ උන් ඕනතරන් අපි අතර ඉන්න බව. මුන්ගෙන් බේරිලා රට දියුණු කරන එකයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ..

    ජයශ්‍රී, ශ්‍රීලංකා.....

    ReplyDelete
  7. ප්‍රභාකරන්ගේ මරණයෙන් මම දෙවරක් නොසිතාම සතුටුවෙමි.
    ඒ අන් කවර හේතුවක්වත් නිසා නොව උදේ වැඩට යන තාත්තා, පාසලට යන නංගි, පොලට යන අම්මා ආපහු ගෙදර එයිද කියල තිබ්බ සැකය නැති වෙච්ච හින්ද.
    හැබැයි මට රතිඥ්ඤ පත්තු කරල, හූ කියල, විසිල් ගහල සතුටු වෙන්ඩ බෑ.
    මොකද....
    මේ මිනීමරුවව මරන්ඩ අපේ කොල්ලො සිය දහස් ගානක් දිවිපිදුව කියල දන්න හින්ද..
    අනෙක් ප්‍රධාන කාරනේ නං.. මේක ඉවර උනාට අකමැති උන් ඕනතරං ඉන්න හින්ද..

    උදාහරණයක් මේ comment වලම ඉන්නවා.
    උන්ට ඕනෙ ලේ.. කදුලු..
    උන් ජීවත් වෙන්නේ ඒවයින්.
    උන් කන්නෙ බොන්නෙ ඒවයින්..

    "ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන්ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...!"

    මේ පාහරයට ඒක වැරදිද නැද්ද කියන්ඩ බැරිලු.
    මුන් වගේ උන්ඩ මරන්ඩ ඕනෙ වෙඩිතියල නෙමේ. පාරදිගේ කීතුකීතු ඉරල දාල. උඹේ ළමය ඉස්කෝලෙ ගිහ්න් එද්දි කෑලි හතරකට පහකට ආවනං උඹට තේරෙයි ඒක හරිද වැරදිද කියල.

    අමතක කරන්ඩ එපා... ත්‍රස්තවාදයේ මූලය විනාශඋනාට මේවගේ උන් ඕනතරන් අපි අතර ඉන්න බව. මුන්ගෙන් බේරිලා රට දියුණු කරන එකයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ..

    ජයශ්‍රී, ශ්‍රීලංකා.....

    ReplyDelete
  8. Mama ohu marunata Sathutu wemi..

    Ayemath Birindawarunge Samiyan, Samiyange Birindawarun, Du- Puthunge warunge Thatha Ho Amma wagema Ammageyi Thathageyi Daruwo.., Ahimi we yayi yana baya Adu wu handa..

    Mama ohu marunata Sathutu wemi.. Prabakaran Mage Thatha men Anek Daruwan gana kadulakwath seneh nopa handa...

    Mam ohu marunata Sathutu Wemi.. Ohu Thamange Puthugen Jeewithaye Aythiya Uduragath handa..

    Mama Sathutu wemi.. Ohu Siyak Birida waru, Samiyan Soyuran, Soyuriyan, Du - Daruwan.. Bili Gath Handa..

    Mama ohu marunata Sathutu Wemi.. Ape Loku Akka gedara enathura.. kadulak netha nathiwa maga balannata haki handa..

    Prabakaran Thawath Unnanum.. ??

    ReplyDelete
  9. mata me ballawa penna be... mama sathutui u witharak nemei uge mulu sanuharema marila handigawila yanawnam...

    trip yana witharada nangi rata thiyenna one..?? trip eka yanan thibanam ae patthe koti hitiyath kamak ne neda...
    oyage thaththat me koti bombekata ahuwunanam oyata theri meke thiyena sathuta...
    anduwata wirudda wunata kamak ne. thamnana wela nethi nisa lokuwata kiyawanna puluwan... thamnta wuna dawasta therei.. ethakota oya abnormal kiyana kawuruth nikanma normal wenawa...

    ReplyDelete
  10. ප්‍රභා සහ අනිත් මිනීමරු කල්ලිය මැරිල ගිය එකගැන නගාට සතුටු වෙන්න බැරි අහවල් එකකටද කියල මටනං තේරෙන්නෙ නෑ. ඌ තාත්ත කෙනෙක් උනේ අනික් සහචරයන්ට කෙල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්ධයකටවත් අවසර නොදී බව, උගේ ලමයි ඉහලට ඉගෙන ගනිද්දි පාසැල්වල ඉගෙනගනිමින් සිටි ලමයි පැහැරගෙන ගොස් බලෙන් යුද්ධයට යැවූ බව ඔබට අමතකද?
    නෑ නංගි ඔය අමතකවීමක් නෙමෙයි. ඔයා බයයි. ජාතිවාදියා කියල හංවඩුවක් ගහයි කියල, මරණයකදි සතුටු වෙන අශීෂ්ඨයා කියයි කියල, බෞධයාගේ "බවුද්ද" කම ඕකද කියල අහයි කියල ඔයා බයයි. ඔය අපේ පිට බලෙන් පටවපු දීනකම නිසා තමයි මේ යුද්දෙ මේ තරම් දුර ඇදුනෙ.
    මෙච්චර දවස් යුද්දෙට විරුද්ධව ජනාධිපතිතුමාගේ කකුලෙන් ඇදපු එක්සත් ජනපදය ලංකාවට ඕනිම සහයෝගයක් දෙන්නං කියල මේ හදිස්සියේ ප්‍රකාශ නිකුත්කරන්නෙ ඇයි. අපේ රටේ නායකයා ඉස්සර හිටපු අය වගේ කාගෙවත් තර්ජන වලට නොනැමෙන බටහිර ශිෂ්ඨත්වයට බය පිංගුත්තරයෙක් නොවන නිසා. එහෙවු නායකයෙක් ඉන්න රටේ ඔයා මොකටද මේ බටහිර ගැති දීන ශිෂ්ඨත්වයක් කරපින්නගෙන රැඩිකල් යැයි තමාව හඳුන්වාගන්නා බ්ලොග් ලියන සෝබන චරිත වලට බයවෙන්නෙ.

    මේ ජනඝාතකයා ලක්පොලවෙන් අතුගෑවිලා ගියාට අවංකව සතුටුවෙයං නංගියේ. ලංකාවම ඔහොම හිතුවනං තමංගෙ ජීවිතේ නැතිඋනත් කමක්නෑ කියල ඔය සටන්කරපු කොල්ලන්ගෙ හිතට ධෛර්‍යයක් එයිද? එහෙමනං මනීමරුව තාමත් යහතිං. අර තිබුනු ආයුධ කන්දරාව තව අවුරුදු දෙකක් ඌ ලඟ තිබුනනං ඔයාට බ්ලොග් ලියන්න වෙන්නෙ නෑ.
    අද හංදියක් හංදියක් ගානෙ කිරිබත් උයල හඳුනන-නොහඳුනන හැමෝම එක්ව අවංකව සතුටුවනඑක හරිද වැරදිද. එතන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, ශ්‍රීලංකා, යුඇන්පී,ජේවීපී භේදයක් නෑ. ඒ ශ්‍රී ලාංකිකයෝ.
    මගේ ගේ තියන්නෙ කන්දක් උඩ රබර් වත්තක් මැද. පාරට පේන්නෙ නෑ. ලඟ පාත පොදු පාරවල් නෑ. ඒත් මමත් සිංහකොඩියක් දාල තියෙනව. ඒක අපේ ගෙදරටම එන කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත් පේන්නෙ නෑ. ඒ මගේ හිතට ආපු හැඟීමට. අපේ රට නිදහස් කියල දැනිච්ච සතුටට. ඒවගේ අවංකව සතුටු නොහිතෙන ලංකාවට ආදරය කරන කෙනෙක් ඉන්නවයැයි මටනං හිතාගන්නවත් බෑ නැගෝ.

    ඔයා ප්‍රභා මළාට සතුටුයි හැබැයි ඒක පිලිගන්න බයයි. ඒකනෙ සැර බාලකරල තියෙන්නෙ.

    "පන්ති අතර class එකේ" සර් ඔයවගේම හතරබීරි කතාවක් කිව්ව ටික කලකට කලින්. "මම යුඇන්පී එකේ මහඇමති අපේක්ෂකත්වය භාරගන්නෙ නෑ හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙ නෑ"

    ReplyDelete
  11. අදහස් දැක්වූ හැමදෙනාටම නැවත වරක් හිස නමා ආචාර කර ස්තූති කරමි...! වෙන් වෙන්ව පිළිතුරු සැපයීමට මේ මොහොතේ මට වෙලාවක් නොමැති බැවින් මම මේ ටික පමණක් කියමි.. මට දුකයි‍‍.. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි.. හැමදාමත් වගේ ඔබ බොහෝ දෙනා මාතෘකාවේ මැද නොව වලිගය අල්ලා ගත් බැවිනි..!ගැටළුවක් නැත‍‍.. ඔබ ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් මට කොටියා හෝ වෙන ඕනැම නමක් කියා ඇමතිය හැක. එසේ ඇමතුවා කියා ඒ කිසිවක් මට අදාල නොවන්නේ මම එසේ නොවන බැවිනි.. එසේම මේ මොහොතේ ඔ‍බ තුල ප්‍රභාකරන් ඇතුලු ඕනෑම අයෙකු කෙරෙහි පවතින ක්‍රෝධය ද්වේශය මේ ලිපියට ප්‍රතිචාර ලෙස පිට‍කරන්න.. ඒ ගැන කිසිම අමනාපයක් නැත...! :) එහෙම නම් මට දැන් යන්න අවසර..

    ReplyDelete
  12. මටනම් තියෙන්නේ ලොකු භයක් මොකද ඉල්ලඟට වෙන දේ හරිම අවිනිශ්චිත නිසා. බොහෝ දෙනෙක් දැන් ඉන්නේ මේකත් උදවු කරගෙන තමන්ට විරුද්ධ මත තියෙන හැමෝම නැතිකරන්න ඕනේ කියල හිතාගෙන

    ReplyDelete
  13. අල්ලාගැනීමට ඇති එකම දෙය මිස මිනිසුන් වෙන දෙයක් අල්ලා නොගනී. මේ අවස්ථාවේදී අතට හසුවූ දෙය මිනිසුන් අල්ලාගෙන ඇත. නොවිමසිලිමත් ඔවුන් ගැන දුක්වනු විනා කල හැක්කක් නොමැත. පන්සලේ හාමුදුරුවන්ද කී පරිදි සියළු සත්වයෝ නිදුක්, නිරෝගී හා සුවපත් වීමට සුදුසු වුවත් ප්‍රභාකරන් එසේ නැත. ඒ ලංකාවේ කයිවාරු බෞද්ධයාගේ සැබෑ තත්ත්වයයි. නොකීවාට බියපත්ව හිඳින වෙනත් කිසිම ආගමික නායකයෙක් දැන් ප්‍රශස්ති ගැයීමට හැර කට අරින්නේ නැත.

    ප්‍රීති වන්නේ ලැබූ විජයග්‍රහණයටයි. හිස මත වූ බරකින් නිදහස් වූ ප්‍රීතියටයි. එය ලබා දීමට දෙපසේම සෙබලුන් පාර්ශවික බේදයකින් තොරව දිවි පුදා ඇත. ඒ සියළු දෙනා දිවි පිදුවේ තමන්ගේ පාර්ශවය වෙනුවෙනි. ඔවුන් සියළු දෙනා තම විශ්වාසයන් වෙනුවෙන් දිවි පිදූ වීරයින් බව පිලිගත යුතුය.

    අර කීවාක් මෙන් ඒ මත දමා නැවත ඊනියා ජාති වාදය වැනි මතවාදයන් හිස එසවීමේ ප්‍රවණතාවයක් ඇත. එය අපට ආසන්නයේදීම මුහුණ දීමට වෙන මීළඟ යුද්ධය බවට පත් කර නොගැනීම අප සැමගේ වගකීමය.

    ReplyDelete
  14. (හක් හක්.!! මලී නගා බ්ලොග් ලියන්න ගිහින් ඇනගෙන වගේ නේ..)

    මටද බොක්කෙන්ම සතුටුය..හැම දේම වෙනුවෙන්..තවත් යුද්ධය නිසා මිනිස්සු නොමැරේවි කියා,තුවාල නොවේවි කියා,දේපල විනාශ නොවේවි කියා,යාල් දේවි දුම්රියේ යාපනේ යන්න පුළුවන් වේවි කියා,හැම දේම වෙනුවෙන්...
    ඒත්,
    එකක් වෙනුවෙන් දුකය..
    උඩ පැන නටන සිංහල ජාතිවාදය හමුවේ යම්තමින් හෝ මානසික කොන්ද කෙලින් තියන් හිටිය දෙමළුන්ගේ මානසික කොන්ද බිදුනා කියා දුකය...
    සිංහල ජාතිවාදි පොරවල්ලගෙන් අතපල්ලෙන් වැටී අනුකම්පා ලබන්නට ‍සිද්ද වුනු දෙමළුන් ගැන දුකය..

    ආරි..

    ReplyDelete
  15. මට කිම ඇත්තේ මෙපමණකි, ඔය ගන්න ආතල් වෙනත් වැදගත් දේට ගැනිමෙත් තවත් විජයග්‍රහණ ජයක් කරන්න බැරි මන්ද? (මා අදහස් කලේ රතිඤඤා හා සැණකෙලි වලට වියදම් කරන මුදලෙන් කොටසක් ගැනයි)

    ReplyDelete
  16. බිංකු - රතිඤ්ඤා සහ සැණෙකෙලි වලට එතරම් මුදලක් වියදම් නොවේ. ඇරත් මේ ආතල් එකේදී පුංචි වෙලාවකට හෝ අත දිගහැර වියදම් කරන්නන් සිටින බව පෙනේ. අනික මේ විනාශ වී ඇත්තේ වසර 30කටත් එපිට සිට මවුබිබේ සතුරා ව සිටි ප්‍රභාකරන්ය. හෙට අනිද්දා මෙසේ ආතල් දෙමින් මිය යන්න‍ට තවත් කෙනෙක් නැත. එබැවින් හිටු කියා ආතල් ගැනීම යෙහෙකි. අනික ආතල් වලට නැති සල්ලි වලින් වැඩක් තියෙනවද? අර යුද්දෙට නැති කඩුව (සොරි තුවක්කුව) වගේනේ...

    ReplyDelete
  17. මමත් නිලන්ත එක්ක සම්පූර්ණයෙන් එකඟයි. අපට මුළුමනින්ම අවිහිංසාවාදීව හිතන්න බැරි අවස්ථාත් එළඹෙනව. ඒවයෙදි දරුණු තීරණත් ගන්න වෙනව. මෙන්න මේක දකිනකොට නම් මට ප්‍රභාකරන්ගෙ අවසානය ගැන බොහොම සතුටුයි. -- http://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE

    ReplyDelete
  18. We should not celebrate the death of another human being.
    But Prabhakaran forfeit the right to be called human long ago. The human being that was Prabhakaran did not die this week. He died a long time ago.
    So yes I can celebrate with all my heart today.

    ReplyDelete
  19. @Anony mouse
    එහෙනම් තැබෑරුමට ගිහිංම බොන්න මට කමක් නෑ. මම කිව්වේ මගේ අදහස.

    ReplyDelete
  20. දැනට ආතල් ගත්තට මොකෝ. ගන්න එකනේ තියෙන්නේ දුවන්න ආතල්.

    කොහොමත් හෙට අනිද්දාට කොටි කිව්වොත් ගුටි කන රටේ මලී නඟා දැන් කොටියට කඩේ යනවා නේද?

    "මුන් වගේ උන්ඩ මරන්ඩ ඕනෙ වෙඩිතියල නෙමේ. පාරදිගේ කීතුකීතු ඉරල දාල".. ඇඟත් වෙවුලලා යනවා මේවා දැක්කාම. මලී නඟා දැක්කානේ. දැන් කතා කරන්න ඕනේ ආතල් ගැනයි මවුබිම ගැනයි විතරයි. නිකමට වත් විරුද්ධ වෙන්න එපා. සවලෙන් එකතු කරයි කෑලි ටික.

    මම ඉතින් මේ යුද්ධ ඉවර වෙච්ච දුකටයි කියන්නේ No dissent, No democracy කියලා. ඉතින් අනාගතේ ආයේ ප්‍රභාරකන්ලා ඇති වෙන එකක් නෑනේ. ඒක නිසා ආයේ ආතල් දී දී මැරෙන්න එකෙක් නැති නිසා දැන්ම ගමුකෝ ආතල්. මදිනම් කියන්න. රතිඤ්ඤා වලට සල්ලි දෙන්නම්.

    ReplyDelete
  21. මට නමි තියෙන්නේ කියා ගන්න බැරි තරමි සතුටක්! මමත් බෞද්ධයෙක්. ඒත් මෙි ත‍්‍රස්ථවාදියා මැරුන එක ගැන නමි මට සතුටුයි.කිසිම අනුකමිපාවක් නෑ, කිසිම දුකක් නෑ.. පොඩිඩක්වත් බොරුවට වත් දුකයි කියලා මම කියන්නේ නෑ.. ඒ තරමි සතුටුයි!
    ඒත් මෙික තාම ඉවරයක් නැද්ද කියලත් හිතෙනවා.:( මෙහේ (සිඩිනි වල) ලංකාවෙි ළමයි දෙන්නනෙකුට ඇසිඩි ගහලා කකුල් කැඩෙන්න ගහලා. එක ළමයෙකුට හොඳටම අමාරුයි. එයාගේ ඇස් පේන්නෙත් නැතිලු .ඔන්න අර කාලකන්නි මිනිහා නිසා තවමත් වෙන දේවල්.. ඉතින් තවත් අනුකමිපා කරමුද???

    ReplyDelete
  22. ඒ ළමයි දෙන්නා වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන කීයක් කතා කළාද කියල දැනගන්න කැමතියි.

    ReplyDelete
  23. නංගිගේ සමපූර්ණ සටහනම කියෙව්වා.. එදා මං හිතන්නෙ බහුතරය අදහස් දකවල තියෙන්නෙ ඒ සටහනේ මැද ගැන, වලිගය ගැන නෙවේ....

    ජාතිවදී අරගල තවදුරටත් නොනැගිටින්නට අපි සටන් කරන්න උවමනා වග දන්වා

    ඒ ගැන කවුරුත් දොස් කියල තිබ්බෙ නෑ නෙ

    "මටත් දුකය මේසටහන කියවු මොහොතේ දැනුනදුකයි ඒ
    මම ද ශ්‍රී ලාංකිකයෙක්මි.. මටද සතුටුය... නමුත් ඒ වෙනස් විදියේ සතුටකි... අවංකවම කියන්නේ නම් මම කිසිදු ආකාරයේ මරණයකින් සතුටු විය හැකි මනසක් ඇති කෙනෙක් නොවෙමි.. ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන් ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...! එනිසා මම නිෂ්ශබ්ද වෙමි... නමුත් මම සතුටු වෙමි... ඒ වෙනත් කරුණක් නිසාය...! ඒ කවදා ‍හෝ නරඹන්නට යන්න මා සිතා සිටින සංචාරක ස්ථාන ලේඛනයට අළුත් ස්ථාන තොග පිටින් එක් වන නිසාය... යාපනයේ මිදි ලාබෙට කන්න ලැබෙන නිසාය... යාපනයේ තල් හකුරු සමග කොට්ටකිලංගු රස කර කර කන්නට ලැබෙන නිසාය... නිස්කලංකව නිලාවැලි වෙරලේ සති අන්තයක් ගත කරන්නට... ‍ආරුගම්බේ සිට උදා හිරි සේම බැස යන හිරු නරබන්නටද මින් පසු වීසා ගැනීමට අවශ්‍ය නොවන නිසාය...! තරුණ පුතුන්ගේ සීල් කල මිනී පෙට්ටි මින් පසු ගමේ ගෙවල් වලට නොපැමිණෙන නිසාය..! එනිසා දිණු නිදහස මම සතුටින් සමරමි."

    මටත් තවමත් දුකය.... සටන මුලින් කියවු මොහොතේ දැනුන දුක තාම එහම්මමය දුක හිතුනේ නංගිගේ සටහනේ ඉහත කොටස කියවද්දීය. මා දුටු දේ නිවැරදිනම් ඒ කොටසතිබ්බේ නංගිගේ සටහනේ මැදය!!

    ReplyDelete
  24. සියළු දෙනා වෙත නැවතත් සුපුරුදු හිතවත්කමින්ම ලියමි...!
    සියළු දෙනාම දන්නා පරිදි මම මගේ බ්ලොග් සටහනේ ලියන්නේ මගේ අවංක අදහස්ය.. ඒවා කිසි විටෙක් අන් අය සමග එකග විය යුතුද නැතිද යන්න ගැන දෙවරක් නොසිතා මම ලියමි. මක්නිසාද යත් ඒවා මගේ සිතුවිලිය. ඔබ දකින විදියට මම මානසික රෝගියෙක් දේශද්‍රෝහියෙක් හෝ වෙනත් ලෙස නම් කෙරිය හැක. නමුත් ඒ සියල්ල ‍වන්නේ ඔබ දකින කෝණයේ සිටය. ඒවා හරි /වැරදි කිරිමට මට හැකියාවක් හෝ උවමනාවක් නැත. ඔබ සැම අවංක අදහස් ගැන ස්තූති වන්ත වෙමි. එසේම ඔබ සැවොම කියන පරිදි මිනිසෙකුගේ මරණය ගැන ඔහු තිරිසෙනෙකු හෝ වන මෘගයෙකු හෝ මොකෙක් වුවද තවමත් මට සතුටු විය නොහැක. ඇත්තෙන්ම මට ඇත්තේ හැගීම් විරහිත බවකි.. හේතුව මට දුකක්ද නැති බැවිනි. මම ‍මොකෙක්දැයි ඔබ හිතනු ඇත.. මම මොකෙක්වත් නොවෙමි... මම මහා දේශප්‍රේමියෙක් හෝ ඔබලා සිතන විදියේ දේශද්‍රෝහියෙක්ද නොවෙමි.. නමුත් මම සිතමි.. සිත‍න දේ මම ලියමි! ඒවා කාටවත් සතුට ගෙන ඒම පිණිස ලියවෙන ඒවා නොවීම ගැන මට අවංකවම කණගාටුය.. නමුත් සමාවෙන්න.. මම මා වනු මිස ඔබ විය නොහැක

    ReplyDelete
  25. බිංකු - ඇත්තෙන්ම මේ සතුටට කෙතරම් ලාංකිකයින් පිරිසක් බීවාද කියා මා දන්නේ නැත. හැම දේකටම බීම මුල් කරගන්නා ලාංකිකයින් ‍ෙම් ආතල් එකේදීද නොබී සිටියා නම් පුදුමය. කෙසේ වුවද ගිණිකෙලි ව්‍යාපාරය නම් නැගලාම ගොස් ඇති බව නම් පැහැදිලිය. තවමත් ‍රජතුමාව පෙන්වන විට රතිඤ්ඤා හඬ නැගේ.

    ගංගික - (කට කහනවට) ඇත්තෙන්ම මෙවරද ඔබ අල්ලාගෙන ඇත්තේ වලිගයයි.

    ReplyDelete
  26. Shakunthala> කිසිම මානව හිමිකම් සංවිධානයකින් වත් කථා කරල නෑ හරි විදියට... ඒ අයත් බය වෙලා වෙන්න ඇති...

    ReplyDelete
  27. @Anony mous

    Ehemada

    ReplyDelete
  28. මේක කියවලා ඇත්තටම ඇඩුනා. සතුටත් දුකක් බයත් එකට තෙරපිලා හිත පපුව පිපිරිලා යනවා වගේ දැනුනා.

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. ම‍ගේ බ්ලොග් ලිවිල්ල නොරුස්සන පිරිසක් බ්ලොග් අවකාශයේ ඇතිවී තිබේ. මුලින් පොඩි පොඩි ගොන් පාට් වලින් පටන් ගෙන දැන් එය මා වෙනුවෙන් කුණුහරුප ප්‍රතිචාර යොදනා තරමටම මර්ධන අවශ්‍යතාවය දරුණු වී තිබේ.

    ReplyDelete
  31. ඉහත කමෙන්ට් එක ඉවත් කිරීම හොඳයි වගේ නේද... ඇත්තටම මේ වගේ කොන්ද පනනැති වැඩ ගැන කලින් කිහිප පාරක්ම කියා තිබුනත් කරන්නට දෙයක් නැත... මටත් ඔය කෙරුවාවම කර ඇත... ගනන් ගන්න එපා ... අඩු ගානේ කොන්ද පණ ඇති 5ක් 6ක් වත් මලීගෙ බ්ලොග් එක බලනවනේ ඒ ඇති... සපිරිස්ති....

    ReplyDelete
  32. Wiz kun - ඇයි ‍ඒ???

    Unmaththaka - උඩින් තිබ්බ කමෙන්ට් එක ඩිලීට් කලා.. සතිඅන්තේ ඔන්ලයින් එන්න බැරිවීම නිසා බොහෝ වෙලාවක් එය බ්ලොග් සටහනේ තිබීම ගැන කණගාටුව.

    Aganthuka - හරි අයියේ ඒක මම ඩිලීට් කලා.. මට ඔන්ලයින් එන්න බැරි උනු නිසයි මේතරම් වෙලා තිබුනේ..

    ReplyDelete
  33. මලී, ස්තුතියි. තවත් කමෙන්ට් එකක්
    http://abnormalminds.blogspot.com/2009/04/11042009.html හි දාලා තියෙනවා.

    ReplyDelete
  34. මේ කාලකන්නි යුද්ධය ඉවර වෙච්ච එක ගැන මටත් මගේ ආදරවන්තියටත් බොහෝම සතුට්ුයි. එයා දෙමල කෙල්ලෙක්. මේ යුද්ධය නිසා සිංහල මිනිස්සුයි දෙමල මිනිස්සුයි අතර වෛරයක් ගොඩ නැගෙමින් තිබුනා. බය සහ වෛරය සමඟ සිත් රිදීම්, කොන් වීම් අසමාන-තාවය වගේ වැට කොඩොලු නිසා බොහෝ ප්‍රශ්න ඇති වන්නට තිබුනා.

    ඇයට නවාතැනක් සොයාදෙන්න මට විඳින්න වූ අපහසුතා... කිසිවෙක් තමාගේ ගෙදර කාමරයක් දෙමල කෙල්ලෙක්ට කුලියට දෙන්න කැමති නැහැ. හැමෝම බලන්නේ සැකෙන්.

    මිනිස්සු සිංහ කොඩි වන වන කෑ ගගහ පාරේ යනකොට ඒ මිනිස්සුන්ට බයයි කොයි වෙලේ ආවේගශීලී වෙලා ආපහු 83 වුනා වගේ වේවිද කියලා. ඔය යුද්ධයට අහු වෙලා බේරිලා ආපු මිනිස්සු හරි බයයි රතිඤ්ඤා සද්දෙට.

    මේ රට අපි හැමෝටම අයිතියි. හැමෝම මිනිස්සු. මහ ජාතිය කියලා හිතාගෙන ඉන්න අය කරන්නේ හරි අසාධාරනයක්. හැම කෙනෙක්ටම හැම මිනිහෙක්ම දිහා සමානව බලන්න පුලුවන් නම්, සමානව සලකන්න පුලුවන් නම් අපේ රට කොච්චර ලස්සනද...

    ReplyDelete
  35. Anek ayage sathutu weema oayage sathutu weemata wenass kiyala kiyanna gaththa uthsahayata mama godak sthuthu wantha wenawa. hebai kiyawagena giyama oyai anek ayai athara loku wenasak nehe.

    anek ayata wagema oyath hithala ho nohitha anatha wee sitina demala minisun amatha karanawa oya oluwen hada gannawa eka oyata trip yanna thiyana bhoomiyak kiyala sinhala hemoma ee bhoomiya oluwen akramanaya karala awasanai. namuth awasan kalaya weddi ee pradesha demala minisunge gam bim.

    oyata merunu sinhala hamudawa gena dukak thiyanawa eth oya merunu demala miniha amathaka wela
    jayakgrahanaye unusuma yannatath pera melesa demala minisun amathaka weema apita kiya panne mee rate demala minisunta aithiyak nethi wagai.
    oba obe rate ek parshawa karuwan pirisak amathaka kara rata diyunu kirime marga soyanawa.
    hadawathak thibenam mee ahinsaka demala minisun genath liyanna moo mohothe owunata tharjanayak etha.

    Thankx

    ReplyDelete
  36. Wiz-Kun - ආහ්! මට දැන් හිතා ගන්න පුළුවන් ඒ ගැන. ඔයාගේ පෙම්වතිය මුහුණ දුන්න දුෂ්කරතාගැනත් මට හිතාගන්න පුළුවන්. සිංහල අපිත් දෙමළ විදියට ඇදගෙන ගියාම බස් වලදි මුරපොලවල් වලදි මූණ දෙන්න වෙන අත්දැකීම් ගැන මම දන්නවා.. ඒත් ඉතිං ඔය තත්වය තව කාලයක් යන‍කම් නැති වෙන්නේ නම් නැහැ.

    Aravinda - ඇත්ත අරා මම ඔයා කියන දේ පිළිගන්නවා.. මං ව‍‍ගේ තනියම හැදෙන මනුස්සයෙක්ගෙන් ඔයා කියන තරම් පරාර්තකාමීත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. ඇත්ත ඇත්තටම මට දෙමළ මිනිස්සු උවමනා වෙන්නේ හරි සරළ කරනා කීපයකට විතරයි.. ඒ රසට තොසේ එකක් උළුදු වඩේ එකක් හදා ගන්න නැත්තං සාරි එකක් අදින්න නැත්තං කරදරයක් වෙලාවට දෙවියෝ යදින්න.. ඒ ඇරෙන්න මට දෙමළ මනුස්සයෝ ගැන මහා කැක්කුමක් නෑ.. ඉතිං සිංහල අය ගැනත් එච්චර තමා.. මං හම්බකරා මම කාලා බීලා ජිවත් උනා.. ඔය ඇරෙන්න ඉතිං ඔයිට වඩා විෂේශ දෙයක් අපි කරන්නේ නැහැ.. හැබැයි මෙහෙමයි මං හිතන්නේ ප්‍රභාකරන්ගේ යුද්දෙට පිං සිද්ද වෙන්න එදාට වඩා අද දෙමළ මිනිස්සුන්ට තැනක් ලැබිලා තියනවා... ජාත්‍යන්තරය බලාගෙන ඉන්න නිසා උතුරේ ජනතාවට අපිට ව‍ඩා සැප ‍ලැබෙයි.. ඒ ගැන අපි කරදර වෙන්න දෙයක් නෑ.. කොහොමත් අපි බදු ගෙවනවනේ.. ! දෙමළ මිනිස්සුන්ගේ ගම් බිම් එයාලටම ලැබෙයිනේ.. ජනාධිපතිතුමා සුළු ජාතිය කියන වචනෙත් ඉවත් කරපු නිසා දැන් අපේ සිංහල මිනිස්සු අනිත් ජාතීන්ට වෙනසක් නැතුව සලකයි.. අපිට ඒ ගැන බය වෙන්න දෙයක් නෑ... නැද්ද?

    ReplyDelete
  37. ඇත්තටම එයා ඉන්දියානු කාන්තාවක්. ඉතින් ඉන්දියාවෙදි ඒගොල්ලො තමයි මහ ජාතිය. ලංකාවට ආවහම අනෙක් ශ්‍රී ලාංකික දෙමල ගොඩටම වැටෙන එක තමයි එයාට හිතට අමාරු. ඉන්දියාවෙ දෙමල අය ලංකාවෙ දෙමල අයට වඩා ගොඩක් වෙනස්, ඒ ඒගොල්ලො එහෙදි මහ ජාතිය වෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  38. ජාතිය ඔළුවේ තියන් ඉන්න අයගෙන් මම අහන්නේ එකම එක ප්‍රශ්ණයයි.. අනිත් ජාතින්ට‍ වඩා තමන්ගේ ජාතිය මහ වෙන්නේ තමන් උපදින්නේ වෙනස් තැනකින් වෙනස් විදියකද? හැමෝම ඉපදෙන්නේ එකම ක්‍රියාවලියකින් නම් එකෙක් තව එකෙකුට වඩා වෙනස් හෝ මහා වෙන්නේ කොහොමද?

    ReplyDelete
  39. hari
    lankawe inne jatheen dekai den ee deshapremin saha desha drohin menime upakaranaya ada hetama rusiyawen gennanawalu
    ethakotath godak aya amaruwe wetei
    mama hithuwe mee lipiya oya liyala thiyenne anek ayata wada wenas akarayen oya dakinna hadanawa kiyala kiyandai kiyala balagena giyama ehema nehe anek aya kiyana deema wenas wachana walin kiyala thiyenne

    "Mama sathutu wemi Namuth Yuddaya Aluth wee etha"
    Thurunuwange saranai

    ReplyDelete
  40. අප්පා එහෙමද? එහෙම නම් මටත් හැංගෙන්න තැනක් හොයා ගන්න වෙයි.. මොකද මමත් දැන් ඉන්න වර්ග දෙකෙන් ප්‍රධාන වර්ගයට අයිති වෙන්නේ නැහැ.. !

    අරා මේ අහන්න..! මං දන්නවා..ඔයා කියන්න හදන්නේ තාමත් දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ එතනමයි කියලානේ.. ඔව් මං පිළිගන්නවා.. අපි අතර ඉන්න හැමෝම කියන්නේ දෙමළ මිනිස්සු එක්ක කිසි තරහක් නැහැ කියලයි.. ඒත් අනිත් පැත්තට කියන්නේ ඔය පර දෙමළු සේරම එකයි ඕකුන් සේරම කොටින්ට උදව් කරනවා කියලයි.. මං දන්නවා.. යුද්ද එකක් නෙවෙයි දහයක් ඉවර උනත් අපේ මිනිස්සුන්ගේ හිත් වල තියන කුණු අයින් කරන්න බැහැ! ඒක හැමෝ‍ගෙම හිත් වල හැමෝටම ආදරය කිරීම කියන තැනින් පටන් ගන්න ඕනි..ඒත් අපි එහෙම නැහැ.. අපි බලන්නේ ලෙයින් හා නීත්‍යානුකූලව අපේ වෙලා ඉන්න ටික දෙනාව බලාගන්න විතරයි.. අපේ අය හුස්ම ගන්නවා නම් අනිත් එකාට හෙණ නෙවෙයි ඊට වැඩි දෙයක් වුනත් කමක් නෑ කියලයි මිනිස්සු හිතන්නේ.. ඔය ක්‍රම වෙනස් කරන්න අමාරුයි සහෝ..! හේතුව හැමෝම සාමාන්‍ය මිනිස්සු.. ‍මම මේ මුල් ලිපිය ලිව්වමත් සමහරු ඇහුවා ඔයා කොහොමද ප්‍රභාකරන් මැරුණු එක ඔය විදියට දකින්නේ මාර්ගඵල ලබලද කියලා.. ඒ කියන්නේ අපි හිතන්නේ මෛත්‍රී කරන්න ආදරේ කරන්න මාර්ගඵල ඕනි කියලයි.. ඒත් පුංචියට හරි අපේ හිත් වලින්ම ඒක පටන් ගන්න අපි ලෑස්ති නැහැ... තමන්ගේ හිත පිළිවලක් කරගන්න ලෑස්ති නැති මිනිස්සු අනුන්ගේ ජිවිත වෙනුවෙන් වැඩ කරයිද සහෝ??? අද වෙනකම් මට ගොඩක් අය තුණුරුවන් ගේ පිහිට පතලා තියනවා.. ඒත් මට පිහිටට ඉන්නේ මගේ අම්මයි තාත්තයි මිනිහයි යාළුවෝ දෙතුන් දෙනෙකුයි විතරයි..ඉතිං ඔයාටත් වටේ ඉන්න කිහිප දෙනෙකුගේම පිහිටයි.

    ReplyDelete
  41. Hoda Arambayak oyage hithe sathutuwela thiyana eka gana mata thiyanne iyawaha giya sathutak
    deviyo inne ahase nemei api karana weda thulai
    lassanata ira payala thiyana wasanthaye eka dawasaka manussa kama pirunu bim agalaka api satan karawi hamu weewi ethek suba gaman

    ReplyDelete