Monday, February 23, 2009

අපී.... ගියා ගාල්ලේ...!

හදිසියේම තීරණය ඇති වුනු අදහසක් අනූව අපි පහුගිය ඉරිදා (22) ගියා දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි බලන්න...උදේ 9ට තමයි අපේ ගමන පටන් ගන්න නියමිත වෙලා තිබුනේ.. සිරිත් පරිදි මම විනාඩි පහක් ප්‍රමාද වී නියමිත ස්ථානයට වාර්ථා කරා. ඔන්න ඉතිං ගමන පටන් ගන්න අපේ ප්‍රවාහන සේවය විදියට තෝර ගත්තේ ‍ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොළඹ මාතර සීඝ්‍රගාමී දුම්රියක්. උදේ 9.35 නියමිත වෙලාවට දුම්රිය ආවට පස්සේ අපිත් ඉතිං මැදක් හරියේ මැදිරියකට ගොඩ වුනා. වැඩි සෙනගක් නොහිටියත් වාඩි වෙන්න තරම් නම් ඉඩක් තිබ්බේ නෑ ඉතිං නැග්ග තැනම දොරක් ළග චණ්ඩියා වගේ හිටගත්තා කියමුකෝ.. ඔන්න ඉතිං ඩක‍‍ඩකස් හූ..හූ.. ගමන ඇරඹුනා.. කෝච්චි ගමනත් නරකම නෑ.. තාලෙට පැද්දි පැද්දි ගමන නොදැනිම යැවෙනවා.. කෝච්චියේ පිරිසිදු කමත් හොද මට්ටමක තිබුනා.. මං හිතන්නේ ලගකදි තීන්න ගාන්න ඇති. කළුතර දකුණ අළුත්ගම කොස්ගොඩ වගේ සීමිත දුම්රිය නැවතුම් කිහිපයක නතර වෙවී දුම්රිය 11.35 විතර වෙද්දි ගාල්ලට ලගා වුනා.

මගදි මං හිතන විදියට බේරුවල හරිය වෙන්න ‍ඕනි එළු පවුලක්ම ඇවිල්ලා අපේ සැප දුක් අහලා ගියා.අර තාර පාරවල් වල බල්ලෝ ඉන්නවා වගේ තමයි එළුවෝ රේල් පාරේ ඉන්නේ. මං හිතන්නේ දුම්රිය එද්දි පාරෙන් ඉවත් වෙන්න එයාලා දන්නවා ඇති.ඉතිං එයාලා ගැන කථා කර කර අපි ගාලු කොටුවට ඇතුල් උනා.. කිව්වට මොකෝ හරී සනීප අව්වක් තිබ්බේ.. ඉතිං මොහොතකට විවේකයක් ගන්නයි අව්වෙන් බේරෙන්නයි පරණ පල්ලියකට ගොඩ වුනා. පිටත සුදු පාට ආලේප කරලා තිබුන පල්ලියේ අතුළු ජනේල ‍වර්ණ වීදුරු වලින් සැරසිලා තිබුනා. බිම මම හිතන විදියට මිය ගිය පෘතුග්‍රීසි ජාතිකයන්ගේ ස්මාරක පලක තිබුනා. පල්ලියට ඇතුළු වෙන්න ඕනි ඒවා පාගගෙන. ඒක කොයි තරම් හොද දෙයක්ද කියන්න මම දන්නේ නැහැ. මොකද පෑගෙන්න පෑගෙන්න ඒවා කාලෙකදි ගෙවිලා යන්න පුළුවන් නේද කියලා අපිට හිතුනා.පල්ලියේ එක පැත්තක දොරක් ලග තිබ්බ බංකුවක එක්කෙනෙක් වාඩි වෙද්දි මම කැමරාවත් අරන් පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා දොරේ කැටයම් එහෙම පිංතූරයට නගන්න පුළුවන්ද බලන්න මෙන්න එක සැරේම පොඩි මල්ලියෙක් ඇවිත් කියපි "අනේ අක්කේ මගේ ෆොටෝ එකක් ගන්නකෝ කියලා" මම හිතන්නේ කොටු පවුරෙම ඉන්න පොඩ්ඩෙක් වෙන්න ඇති. ඉතිං මගේ කැමරාවේ ෆ්ලෑෂර් එකක් නෑ ඉතිං එයාට හිතට මදි ඉතිං අපේ මිස්ට සතුටට කියලා පොඩ්ඩගේ ෆොටෝ එකක් අරන් එයාට එයාවම පෙන්නුවා. එයාට හරි සතුටුයි එයා ගියා. අපිත් පල්ලියෙන් පිට වෙලා ආයෙමත් ඇවිදින්න ගත්තා.

අපරාදේ කියන්න බෑ දාඩිය බේරෙන හින්දා ආය වතුර උවමනා නෑ.. කො‍ටු පවුරේ එහෙම ගස් කොලන් සෑහෙන්න තියන නිසා :p ඉර අව්ව වැටේන්නේනේනේනේම නෑ. පවුරට ගොඩ වුනාම පැත්තකින් රූමස්සල කදු වැටිය පෙනුනා.. සුදු පාට චෛත්‍යයකුත් පෙනුනා.. ඒක ජපන් හිමි නමක් වැඩ ඉන්න ජපන් සාම චෛත්‍යය කියලා අපිව බලන්න ආව අපේ යාලුවා ඉසුර කිව්වා. ඉතිං ඒකත් බලලා වටේ ටිකක් ඇවිදිද්දි වරායෙන් ගසාගෙන ඇවිත් කොටු පවුරේ වැදිලා තියන බත්තලමකුත් දැක්කා...එතන ඉදං ඉසුරගේ අයිස්ක්‍රීම් සංග්‍රහයත් බුක්ති විදලා අපි ආයෙත් ප්‍රදීපා‍ගාරේ පැත්තට ඇවිදගෙන ආවා.. ‍ඒ අවට තියන නිවාස ඇතුළු අනෙක් ගොඩ නැගිලි වල පෞරාණික ගතිය හො‍දට රැකිලා තිබුනා. ඉසුර අපෙන් සමුගන්න කලින් කිව්ව විදියට දැන් වෙනකොට නම් ඒ නිවාස බොහෝමයක් විදේශිකයන්ට අලෙවි වෙලා ලු මුදලින් කෝටි ගණන් වලට. ඒකත් එක අතකින් හොදයි වගේ ඒ මිනිස්සු වත් ඒවා හොදට බලාගන්නේ නැතෑ.. :P

සීතල අව් රැල්ල යටින් ප්‍රදීපාගාරය...ගාලූ කොටුව උසාවි සංකීර්ණය පහුකරගෙන අපි කොටුවෙන් පිට වුනා. ඒ ඉසුර දීපු ඔත්තුවකට අනූව ඇවිදින්න අව්ව නැති තැනකුයි කෑම කන්න හොද තැන‍කුයි හොයාගෙන...Marine Walk කියන්නේ ගාල්ල මාතර මාර්ගයට ආසන්නයේ මුහුද පැත්තට වෙන්න විවේකීව හදලා තියන පුංචි මාවතක් වගේ එකක්. එක පැත්තකින් කළු ගල් වැටියෙන් එහා මුහුදත් අනෙක් පැත්තෙන් බංකු පේලියකුත් තමයි තියෙන්නේ.. දවල්ට කෙසේ වෙතත් රෑට නම් කට්ටිය එතන සෙට් වෙනවා ඇති කියලා හිතුනේ තිබුන කාලේ/බාගේ හිස් බෝතල් වලින්. ඒත් ඒ පාරේ නම් අපි ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ... අපිත් ඇවිදගෙන ඇවිදගෙන ගිහිං සී ලයින් ආපන ශාලාවට ගොඩ වුනා.. එතනින් දවල් ආහාරය අරගෙන ඉවර වෙනකොට අපි ආයේ යන්න ඕනි වෙලාව ලං වෙලා තිබුනා. ඉතිං ආයෙත් ඇවිදින්න පටන් ගත්තා. 2.30 කොළඹ බලා පිටත් වෙන්න තිබ්බ ‍විශේෂ කෝච්චිය ගැන අමතක කරලා අපි 2.30 ට ‍පුද්ගලික ප්‍රවාහණ සේවය අයත් ඉන්ටසිටි බස් එකකින් නැවත ගෙදර බලා පැමිණියා. 4.45 ට ගෙදරටත් වාර්ථා කලා. ඔන්න ඔහොමයි අපේ පුංචි ගාලු සවාරිය අවසන් වුනේ.. හම්මේ තාම මහන්සී වගේ අප්පා!




22 comments:

  1. මම අපේ ආගන්තුකයා ඇතුලු තව කට්ටියක් එක්ක එක පාරක් ගියා ගාල්ලේ මල ගෙදරක. මල ගෙදර හිටියේ පැය බාගයයි. ඉතුරු ටික මුලු ටවුන් එකේම රවුන් ගැහුවා. ඔයා ගාව තියෙන එ‍ළු ෆොටෝ ටික ඔය විදියටම මගේ ගාවත් තියෙනවා. මට තැන නම් මතක නෑ. උන් ටික හරි ප්‍රසිද්ධයි වගේ.
    පොඩ්ඩාගේ ෆොටෝ එකනම් එළ.
    ඊට පස්සේ කීප පාරක්ම ගාල්ලේ ඇවිදලා තියෙනවා. දැන් ගමට වැඩිය හුරුයි ගාල්ල. නිදහසේ ඔහේ ගිහින් එන්න හොඳම තැනක්. කවුරුත් දන්න අයත් වැඩිය නෑ. ඔය බත්තලම ලඟ බැම්මේ වාඩි වෙලා දවසෙම උනත් මුහුද දිහා බලාගෙන ඉන්න පුලුවන්.

    ReplyDelete
  2. එහෙනම් කොහොම හරි අපේ ගෙවල් පැත්තෙත් ආව නේද. අපෙ ඉස්කෝලෙ තියෙන්නෙත් කොටුව ඇතුලෙ. තව කොච්චර දේවල් තියනවද බලන්ට.

    ප, ලි, කොග්ගල තියෙන්නේ ගාල්ලට එහා, වන අතර, කොලඹ සිට ගාලු එන විට කොග්ගල අසුවූයේ නම් , පැමිණ ඇත්තේ සංචාරක ගුවන් යානයක විය යුතුයි (එහෙම එකක ආවානම් ගාල්ලට එන්න කොග්ගලින් බහින්ට වෙනව )

    ReplyDelete
  3. ඔයාගේ මේ ලිපිය මතකයන් රැසක් මගෙ හිත තුල දිග හැරියා.ගාල්ල මට හුරු පුරුදුයි, ගාලු කොටුව ඇතුලෙම නෑදෑයන් ඉන්නවා,පසු කලෙක පවුරු වලලු චිත්‍රපටයට ගත්තෙත් ඒ ආසන්නයේ ගෙවල් දෙක. හවසට රැම්පාට් එකට (ගාලු කොටු පවුර) ඇවිදින්න යන එක, ඒ අසල නොගැඹුරු මුහුදේ සිප්පිකටු කොරල් එකතුකරන එක හිතට විශාල වින්දනයක් ගෙන ආවා. හරිම නිදහස් ජීවිතයක් ගත වුනේ, ඒත් අවුරුදු ගාණනාවකින් ගාලු ගිහින් නෑ.මතක් වෙන බොහෝ තැන් ඇති නගරයක්.ඔයාලා හොඳට රසවිඳලා තියෙනවා ට්‍රිප් එක,ෆොටෝ දැම්මාට ස්තූතියි.

    ReplyDelete
  4. ම්ම්ම්... ගමන හිතට අල්ලලා වගේ... :D

    දුම්රිය ගමන කෙහොමද? හික්කඩුවේ ගඟට පෙරලෙන්න ඔන්න මෙන්න වගේ critical තැනක තියෙන දුම්රිය මැදිරිය දැක්කෙ නැද්ද?

    ReplyDelete
  5. අනේ මටත් මතක් උනා අපි යාඵවෝ එක්ක ගාලු ගිය ගමන..
    ඒ වගේම මම දන්න කීප දෙනෙක් සුනාමි වලට අහු උනා ගාල්ලෙදි..:(
    මොනවා උනත් ලංකාවට ආවම ගාල්ලේ යන්න ඕන...:)

    ReplyDelete
  6. මාතර පෑත්තටත් එන්නයි තිබුනේ..

    ReplyDelete
  7. කොහොමද ගාල්ල. මල් 7යි නේ.

    @ ගයාන් කල්හාර
    සමහර විට මලී අක්කට කොස්ගොඩ සහ කොග්ගල පැටලිලා ඇති. හික්.

    @ ශාකුන්තල
    ඒක දැන් අයින් කරල. දැන් පාලමත් අලුත් වැඩියා කරල. එන වේගෙන්ම කෝච්චිය යනවා. මරේ මරු.

    ReplyDelete
  8. මාත් මේ යන්න හිතාගෙන ඉන්නේ ඒත් ගමනට යන කාල වේලාවන් පිලිඹඳ අවබෝධයක් නොතිබුන නිසා ගියේ නැත්තේ දැන් යන්න පුළුවන් 9 ට ගියොත් 5 ට කොළඹ නේ

    ReplyDelete
  9. අර ඔළුව කාගෙද? අනේ අප්පේ ගාළු ගිය කාලයක් මතක නෑ....

    ReplyDelete
  10. එහෙනම් අපේ පැත්තටත් ආව, එත් මම නම ගාළු ගිය කාලයක් මතක නෑ, ලස්සනයි නේද, හික්කඩුවෙ ක්කොරල් බැලුවෙ නැත්තෙ ඇයි.

    ReplyDelete
  11. චමිල - මං හිතන්නේ එළුවෝ ඉන්නේ ‍බේරුවල හරියේ.. ස්තූතියි ඔයාගේ විස්තර ටිකත් බෙදාගත්තට.. මුහුද දිහා නම් ඇති තරම් බලා ඉන්න පුළුවන් තමයි.

    ගයාන්- හික් හික් ආවා ආවා..අනේ අපිට වැඩිය වෙලාවක් තිබ්බේ නැහැනේ මල්ලියෝ හැම තැනම ඇවිදින්න.අනික ඉරිදා නිසා කෞතුකාගාර එහෙම වහලා තිබුනේ.ස්තූතියි වරද පෙන්නලා දුන්නට මම ඒක හැදුවා.

    බෝ - ඇත්තද? ගෙවල් බොහෝමයක් පාරවල් වලට මුහුණ දාලා හදලා තිබුනේ. හරි නිස්කලංකයි නම් තමයි.
    අනික කොටුව ඇතුලේ වෙනමම නගරයක් වගේනේ‍.

    ශකු - හ්ම්මම්ම්ම්ම්..

    දුම්රිය ගමන නම් මරු කියලා වැඩක් නෑ.ගොඩ දවසකින් කෝ‍ච්චියේ ගියේ. නගින බහින එක තමයි කේස් එක.පඩිපෙල අමුතුයිනේ.
    නෑ නෑ ‍එහෙම එකක් දැක්කේ නෑ. හැබැයි රේල් පාරක් ගගකට වැටිලා තියනවා දැක්කා.

    කාංච් - ඉතිං ඔබතුමිය නැවත කෙදිනද ලක් පොළවට පය තියන්නේ?????

    නුවන් - ගාල්ලෙදි කෝච්චියෙන් බැස්සම නම් හිතුනා අපරාදේ මාතරටම යන්න තිබුනානේ කියලා. ඒත් ඉතිං වෙලා නැහැනේ අයියේ.

    තිරියා - යා යා... මල් 7යි.ඉහික්...
    ඒක තමයි මම ඒක හැදුවා ස්තූතියි හොදේ..!

    ම - කොළඹින් නම් 8ට විතර යන්න වෙයි මයේ හිතේ කොච්චියේ යනවානම් මොකද 9.35ට කෝච්චිය අපි ගත්තේ පානදුර නැවතුමෙන්. ඉරිදා දවස් වලට විතරක් හවස 2.30ට කොළඹට විශේෂ දුම්රියක් තියනවාලු. නැතත් බස් එකේ ආවත් 5 වෙනකොට කොළඹ ‍එන්න පුළුවන් වෙයි.

    අමල් - ආආආ..ඒ ඔළුව මේ මේ පාරේ ගිය එක්කෙනෙක්ගේ.. :p
    යන්න යන්න ගිහිං බලලා එන්න. වැඩි අවුලක් නැති පැත්තක්.

    ලස්සන ලංකා - හික් හික් ඔයත් එහෙද? කොහොමත් තමන්ගේ කිට්ටුවෙන්ම තියන එව්වා තමන්ට වටින්නේ නැහැලුනේ. අනේ සහෝ බලන්න නම් ගොඩක් තැන් තිබුනා‍‍.. ඒත් ඉතිං කෝ වෙලාවක්??

    ReplyDelete
  12. අක්කා වැඩ කරන්නෙ පුද්ගලයන් ලියායාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද ?

    මගේ උප්පැන්නෙත් වෙනස් කරල තියෙන්නෙ :-D
    හික්

    ReplyDelete
  13. අප්පේ නුවර හැරෙන්න මම ආසම තැන නොවැ! අනේ ඔය කොච්චියේ ගිය එක නම් මට ටිකක් ..... වගේ ;) මම ආස එහෙව් එව්වා වල යන්න නොවැ! එළ එළ හොඳට ගමනේ අපි එක්ක හදා බෙදා ගත්තා වගේම අපිටත් කිව්වානේ!

    ReplyDelete
  14. ශා මරු ගමන නේද ... ?
    අපිත් ඔය වගේ කොච්චියෙම ගියා ගාල්ලේ... , හප්පා කියලා වඩක් නෑහෑ , කොච්චියේ ගමන නම් මරු.. බස් එකේ යනවා වගේ මහන්සියක් දෑනෙන්නේ නෑහෑ. මගදි අවට සිරි නරබමින් යන්නත් පුලුව්න් නේ.
    අපිනම් කටුනායකින් උදේ 5.30 ට තියන කොච්චියේ ගිහිල්ලා , මරදානින් , යාපනේ ඉදන් ආපු කොච්චියකට නෑග්ගා ... එකෙන් තමයී ගාල්ලට ගියේ , ගිහිලා ආපහු ආවේ 4 යී ගානට තියන කොච්චියේ , කොලබට එද්දි 9 ට විතර වුනා . ඉතින් ඉට පස්සේ බස් එකෙන් ගෙදර ආවා...

    මේ, අර අයීයත් ආවද ගමන යන්න... ?

    ReplyDelete
  15. තිරය - අනේ සුදු මල්ලියේ.. සමාවන සේක්වා.. එක පාරටම දැක්කේ තිරියා වගේ. සොලී...

    බිංකු - ඔයාලා ඉතිං ඉන්නේ ගොඩාක් දුරනේ.. ඒකනේ පුළුවන් හැටියට ඔයාලාවන් අන්තර්ජාල කෝච්චියේ නග්ගගෙන එක්ක ගියේ.. ඉතිං හරිනේ මල්ලියේ..!

    ප්‍රියා - හප්පේ.. අපිට රෑ ගමන් වලට අවසර නැහැනේ මලේ.. මේකට අවසර ගත්තෙත් මුල්ම හා අවසාන කියලයි.. හැබැයි ඉතිං මේ මුලත් නෙවෙයි ඉතිං කෙහෙද අවසාන වෙන්නේ..හිකිස්..!
    ආ.. ඒ අයියා ‍තමයි ගමනට පූර්ණ අනුග්‍රහය දැක්වුයේ.. විශේෂ ස්තූතියක් එයාට හිමි වෙන්න කරන්න කැමතියි මේ අවස්ථාවේ.. බුහාහාහහා හූයියා!

    හ - ඇත්තද? එහෙමනම් දවසක යන්න දවස් තුන හතරක් ඉදලා පූර්ණ සංචාරයක යෙදිලා එන්න.
    අපෝ වැඩක් නෑ.. යන්න යන්න.. හැකි ඉක්මනින් ඔය තැන් වලට ගිහින් බලා කියා ගන්න.
    ආ.. ස්තූතියි..ඔය එකම වගේ ගහක පිංතූර‍ දෙකක් තියෙන්නේ එකේ සතෙක් ඉන්නවා පුළුවන් නම් හොයන්න.. :p
    ආ ඒ බෙල්ල දාන් ඉන්නේ එළුවෙක්! :D

    ReplyDelete
  16. බෙන්තර ගගෙන් එගොඩ අපේ වැයික්කියේ සිරි නරඹන්න පැමිණි මලී ඇතුළු පිරිසට කහට කෝප්පයකින්වත් සංග්‍රහ කොරන්න බැරිවෙච්චි එක ගැනනම් තරහ ගන්න එපා.
    මොකද අපි දන්නනේ ඇවිත් ගියාට පස්සෙනේ.

    ReplyDelete
  17. අපිත් ගාල්ලෙ කොල්ලො තමයි හරිය.
    කොහොමද දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී........
    එළ නේද.
    අර වීඩියෝ කෑල්ල දැන්ම බලන්න විදියක් නෑ මට මොබිටෙල්ලා දිල තියෙන්නෙ 750MB නොවැ කැම්පස් එකට ගියාම බලන්නම්.

    විනෝද චාරිකාවක් යනවනම් බස් එකේ යන්න එපා පුළුවන් තරම් කෝච්චියේ යන්න උත්සාහ කරන්න. ඒක තමයි ආතල්ම ක්‍රමය.

    කොල්ල වගේ ෆුට් බෝඩ් එකෙත් ගියා නේද? හික් හික්. යන්න යන්න හොඳට අල්ලගෙන . ඒකත් මාර ආතල්.

    ReplyDelete
  18. ගාලු කොටුව ගොඩක් ලස්සන හවසට තමය්. බැම්මේ වාඩිවෙලා මුහුදු හුලන් ටිකක් එහෙම වදින කොට නියමය් :)
    ෙකොටුවෙ තියෙන සමුද‍්ර විද්යා කෞතුකාගාරෙට එහෙම ගියෙ නැද්ද? :P

    ReplyDelete
  19. අප්පේ. . මලී නෝනලා අපේ ගම්පළාතට ඇවිත් නොවැ ! කොහොමද ඉතිං හොඳයිද?

    කො‍ටු පවුරේ එහෙම ගස් කොලන් සෑහෙන්න තියන නිසා :p ඉර අව්ව වැටේන්නේනේනේනේම නෑ.

    අනේ ඉතිං කොටු පවුර උඩ ගස්කොලං වවන්නෙ කොහොමෙයි. ඒක ආරස්සාවට හදපු බලකොටුවක් නොවැ. ඔන්න වැව් තාවුල්ලක් වත් උනානං ගස් වවන්ට තිබුනා.

    අනිත් එක නෝන, ගාල්ලෙ කොටුවෙ ඇවිදිංට හොඳම වෙලාව හවස 4න් පස්සෙ තමා. ඒ කිව්වෙ ඉර බැහැගන යනකොට. දුර ඉඳං ඇවිදිං එ වැඩේ කොරන්ට අමාරු තමා. මුලු සතියම නුගේගොඩ දූවිලි කාස්ටකේ පිච්චෙන මම සති අන්තෙ ගෙදර ගියාම සෙනසුරාදා හවහට අනිවාර්යයෙං යන තැනක් තමා කොටුව.

    ReplyDelete
  20. බ්ලෝග් ලියන ඈයෝ* වැඩිහරිය ඉන්නෙ ගාල්ලෙද මංද? (ඈයෝ යනු අර සිවුපාවා නෙමෙයි. මෙහි ඈයෝ යනු පුද්ගලයෝය)

    ReplyDelete
  21. මනෝජ් - අනේ කිසි තරහක් නෑ අනේ.. ඊළග සැරේ එනකොට කියලම එන්නම්කෝ..

    සුරසෙ-හරිය හරිය...
    හික් හික් ඔව් ඔව් එක ඇත්ත
    කොල්ලා වගේ මොනාද කොල්ලා තමයි ආය.. :p ආතල් දත් අහනවා.. මරේ මරු.

    ගවේෂණ - අපිට කොහෙද එච්චර පිනක් ඉර මුදුන් වෙන වෙලාවෙනෙ ගියේ..
    හනේ ඉරිදා නිසා සේරම වහලා තිබුනේ... :((

    ඉනද්‍ර-හොදයිදත් අහනවා.. අපි කල්පනා කලේ ඒ පැත්තේන් ඉඩම් කෑල්ලක් ගන්න කුඩක් ඉහලන්වත් හිටගෙන ඉන්න බැරියෑ..
    හනේ එකනේ‍.. ගස් වවන්න බෑ තමයි.. අඩුම ගානේ හ‍ට් එකක් වත්..
    ලබන සතියේ ගියාම බලන්න බත්තලම හරියේ සර්වියට් එකක් තියේද කියලා.. මගේ සර්වියට් එක එතන දාලා ඇවිත් :(


    නිලන්ත- අනේ එක තමයි.. බලාගෙන ගියහම මම ගිහිං තියෙන්නේ බ්ලොග් කරුවන්ගේ ගමට නේවැයි...

    ReplyDelete
  22. ගාල්ල මලී මාර සංචාර යාමක්නෙ යන්නෙ...මම කෝච්චියෙ මුහුදු බඩ පැත්තක ගිහින්ම නෑ අප්ප..නුවර එළියෙනම් ගිහින් තියෙනව නමුත් දකුණු ලක පැත්තට නමු කොච්චි සවාරියක් දාල නෑ...හැබයි ඉස්සරම හැම සිංහල අවුරුදු නිවාඩුවටම කොළඔ ගාල්ල මාතර තංගල්ල හම්බන්තොට කතරගම හරහා නුවරඑළියෙන් නැවත නිවස බලා එන දවස් 5ක විතර සවාරිය නම් වරදින්නෙ නෑ...එතකොට බෙහොවිට ගාල්ල මාතර හො තංගල්ල තමා දකුණු ලකේ නවාතැන් පොළ වෙන්නෙ...නියමයි...තව තව සවාරි යන්න පින පහළ වේවා...සිරී පාදෙ එහෙම යන්න අදහසක් නැද්ද...

    ReplyDelete