Thursday, November 27, 2008

පෞද්ගලිකයි!

පියාපත් නොලැබුනාට අඩුම තරමේ මම තව දුරටත් හිර වෙලා නැහැ. අද මගේ ජිවිතේ නෑ නෑ අපේ ජිවිතේ මුහුණ දෙන්න වෙන එක් අභියෝගයකින් අපි දිණුවා.. දිණුවා කියනවාටත් වඩා හොද වෙයි.. අපි ඒක පහුකරා කියනවා නම්... පහුගිය මාස වල දවස් ගෙවුනේ ‍වෙස්මුහුණකට මුවහ වෙලා. තව දුරටත් එහෙම නෑ... අම්මා දැන් සේරම දන්නවා... මටත් කලින් අම්මාගේ ඇස් වල කදුළු පිරුනේ ඇයි? එයා කිව්වේ කරන දෙයක් පිළිවලකට කරන්න අඩන්න තියාගන්න එපා. කියලා විතරයි. මගේ අම්මා හැමදාම බලන් හිටිය දේ මම අද එයාට කිව්වා. එයා 100%ක් සතුටු නැතුව ඇති (සමහර විට) ඒත් මගේ සතුට වෙනුවෙන් එයා සතුටු වෙයි... අපි දිනලා ඉවර නෑ... තව යන්න තියන ගමන බොහෝම දුරයි.. අඩුම තරමේ මට මගේ අම්මා පහන් තරුවක් වෙලා මාවත පෙන්නාවි. තව දුරටත් මම සියළුම දේ මගේ හිතේ දරාගෙන ඉන්න ඕනි වෙන එකක් නෑ.... මගේ ජිවිතේ සතුටු දවස් වලින් අද එක දවසක්.!
මේ ගමනෙදි දහිරිය දුන් හැමදෙනාටම ස්තූතියි!
අද නො‍වැම්බර් 27 :)

*අපබ්‍රංස වගේ හිතෙන අය වැඩි විස්තර අහන්න එපා හොදේ..!හිතේ සතුට වෙනුවෙන් ලියවුනු පුද්ගලික සටහනකි!

49 comments:

  1. ෂුහ්! සුභ පැතුම්!

    ReplyDelete
  2. සුභ පැතුම්! බාධක මැඩගෙන ඉදිරියටම යන්න ජයෙන් ජය.

    ReplyDelete
  3. උණුසුම් සුභ පැතුම්!
    ඔය කිසි දෙයක් 'බාධකයක්' කියල හිතන්න එපා.
    සරලව ලැපෙන දේට වඩා සංකීර්ණ අත්දැකීම් හරිම සුන්දරයි. ජීවිතයේ මිහරිම අත්දැකීම ආදරයයි!

    ReplyDelete
  4. මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!....:)

    ReplyDelete
  5. සමකාලීනයන් වගේ ඔක්කොම කරුණු දන්නෙ නැහැ, ඒ වුනාට හිතාගන්න පුලුවන්....................

    සිහි කල්පනාවෙන් වැඩ කරන්න.

    තෙරුවන් සරණයි

    ReplyDelete
  6. අපබ්‍රංස නම් තමා... ඒත් ඉතින් අපි ඔටුවොද..
    ටිකක් හිතා ගන්න පුලුවන් මොන වගේ දෙයක් ද කියලා.. හා.. හා.. ඔහොම යං.. ඔහොම යං..
    :D :D :D :D congratulations!!

    ReplyDelete
  7. ඉස්සරහ සටහන් ලියන කොටම තව සටහනක් වැටුන, ඉතින් මට මතක් වුනේ මනමේ නාට්‍යයෙ දිසාපාමොක් ඇදුරුතුමා කියපු සිංදුව....

    සත්හට සෙත්දෙන ලෝක දිවාකර- භගවත් අප මුනිඳුන් සරණා.............
    පත්මෙමුරුන් වන විශ්ණු කතරගම- සමන් විභීෂණ දෙව් සරණා...............
    යන එන හැමතැන පාරබලාගෙන- යා යුතුවෙයිසැමදා දෙදෙනා...............
    පත් වන දුක් සැම දුර හැර ලෝසැප- අත්වෙවා දෙදෙනට යෙහෙනා.....

    ReplyDelete
  8. ඒකත් එතකොට එහෙමයි නේ?
    :-S

    ReplyDelete
  9. Mage unusum suba pathum oya dennatama......
    "Dan ithin wena kumak karannada....
    Adaraya karanu misa" :D

    ReplyDelete
  10. මනමේ නාට්‍යයේ කවිවලින් සුබ පැතුවට ඒ නාට්‍යයේ ඉතුරුටික ඇත්තටම රඟ දක්වන්න නම් යන්න එපා !

    ReplyDelete
  11. හොද දුවෙක්! මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  12. මොකක් උනත් කමක් නැහැ අපි ඕක වෙනුවෙන් බොමු. චියර්ස්ස්ස්ස්ස්ස්!!!!!!

    ReplyDelete
  13. hehehee....ow ow ithin umbala kiyayi ....api thamai ithin eeta passe ammala ahana ewata uttara denna one.... :P:P ane aththata matath mona loken umba wage nangi kenek labunada manda..? hehehe

    kohoma wunath subapathum nangi....aniwa awulak wenne ne.....mama karanna puluwna ona help ekak denawa.. :)

    ReplyDelete
  14. ගෝර්කිගේ පොතක වරක් තිබුණා.."තමන්ගේ අම්මා තමන් මෙන් සිතීම හැර තවත් සතුටක් මෙලොව නැහැ කියලා"..(ඔය මට මතක විදිහ..ඊ‍ට වඩා ලස්සනට ඒක ලියලා තිබුණා :p)"අම්මා" පොතේද කොහෙද...ඒක මගේ හිතට තදින් වැදුණා.. ඔයාගෙ අම්මත් ඒ ව‍ගේ වෙන්න ඇති.. වාසනාවන්ත නංගීට සුභ පැතුම් ! #HG

    ReplyDelete
  15. ඕනි එකක් ...
    මම දන්නෙ නෑ...
    ඒත් කරපු දේ ගැන කලාට පස්සෙ සතුටු නම් කරපු වැඩේ හරි ඇති...
    ඔන්න මගෙනුත් සුබක්.....

    ReplyDelete
  16. ඔක්කොමලා සුභ පතන එකේ ඔන්න මගෙනුත් සුභ පැතුම්.........

    ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න ලැබේවා....!

    ReplyDelete
  17. මම හිතුවා ඔයවගේ දෙයක් වෙයී කියලා...
    ඔයාගේ "නිකම්ම ලියවුනු අදහසක්" , " තිරන " , " කෙනෙකුට " , යන බ්ලොග් සටහන් දිහා බෑලුවම ඔය අදහස ඉබේම ඉස්මතු වෙනවා...

    ඔයා හරි හොද අක්කා කෙනෙක් , එක නිසා ඔයාට කවදාවත් වරදින එකක් නෑහෑ....
    ඉතින් උනුසුම් සුබපෑතුම්

    මේන්න මගේනුත් මල්මිටක් !

    ජයවේවා !

    ReplyDelete
  18. @ තාරක
    "හොද දුවෙක්! මගෙනුත් සුභ පැතුම්"
    අයීයේ මම නම් හිතන්නේ එයාට හොද පුතෙක් ලෑබෙයී කියලා.

    ReplyDelete
  19. :-)

    Congrats my fellow blogger !

    Wish you all the best in life and "cheers" for a absofuckinglutely future ahead of you !

    Yours sincerely

    Leo DA brave platoon
    :-)

    ReplyDelete
  20. @ශාකුන්තල "ඒකත් එතකොට එහෙමයි නේ? :-S" ආආආ.. මොකෝ මේ විරහ වේදනාවකින් වගේ.. :P

    ReplyDelete
  21. @Chathura Sandeepa,
    එහෙමම එකක් නෑ. මගේ ආදර්ශ පාඨය දන්නෙ නැද්ද? "ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා, නිදහස අගයන්නෙම්"

    ReplyDelete
  22. අපි ලියන දේවල් බලන අය ඒ විදියටම තේරැමිගන්නේ නෑ නේද? 3rd comment

    ReplyDelete
  23. අම්මෝ ‍කමෙන්ට්ස් ගොඩ...
    අනේ හැමදෙනාටම අනේක වාරයක් ස්තූතියි. ඔයාලගේ ආශිර්වාදයන් අපිට ගොඩක් වටීවි. ඉතිං නැවත නැවතත් ස්තූතියි

    හ - එසේම වේවා.

    gayan,Bandula,Charith,Sarath,Shakunthala,
    T.Kanch,Aravinda,Tharaka - බොහෝම ස්තූතියි!
    ම - චියර්ස්ස්ස්ස්ස්ස්
    කවි අයියේ - අනේ උඹට නරක් වෙලා තියෙයි මං වගේ නංගියෙක් ලැබුන එක. උඹේ පිනක්...හරි ඉතිං ඔබතුමාගේ වැඩ වලට මම සහය දෙනවානේ....
    සූ - එකනම් එහෙම තමයි අක්කේ.. අම්මා මගේ විතරනේ.. අනික ඔව් අම්මා පොතේ තමයි ඕක තියෙන්නේ මට මතක විදියට කියන්නේ හොහෙල්
    Aganthukaya,mama machan,priyankara,ediri - ස්තූතියි.

    Nash - thanx my dear Nash...........

    ReplyDelete
  24. @ මලී

    මෙතන මම දැක්කෙ එක ප්‍රතිචාරයක් තියෙනවා අමුතු කමකින් ඒකෙ දාලා තියෙන්නෙ ඉරාජ් වීරරත්න මහතාගෙ වෙබ් ලිපිනය. ඒ ප්‍රතිචාරය මොඩරේට් කරනවනම් සුදුසුයි කියලා මම යෝජනා කර සිටිනවා.

    ReplyDelete
  25. ඔයාගෙ බ්ලොග් එකේ ඔය සම්බන්දධව ලියවුන හැමදේම කියෙවුවා.ඒ නිසා කතාව ටිකක් දන්නවා..
    හොඳ ළමයෙක්......!!!!
    සුභ පැතුම්....!!!!

    ReplyDelete
  26. ආහ්, මම ඉතින් මේ සටහන් කියවන විට ටිකක් පරක්කු වෙනව, මොකද කාලය ගැටළුයිනෙ,

    කෙසේ හෝ මගෙනුත් ඔබට සුභ පැතුම්,

    සුභ අනාගතයක් ෴

    ReplyDelete
  27. ප්රියංකරගෙ කතාව ඇත්ත... ඒක අයින් කලොත් නම් හොඳයි...

    ReplyDelete
  28. ලස්සනට, සභ්‍යත්වයෙන් යුක්තව සටහන් දාලා අසභ්‍ය වචනයකින් සටහනක් තියෙනව. ඒක කවුරු දැම්මත් මේ බ්ලොග් එක අයිති තරුණ ගෑනු ලමයට කරන අගෞරවයක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  29. මනසින් උස් අයගේ හා මානසික රෝගීන් යන දෙගොල්ලොම අපි අතර ඉන්නවා කියලා පේන්නයි මම අර කිව්ව අමුතු නමින් ඉන්න ‍ඉරාජ් මහතා‍ගේ වෙබ් ලිපිනය යොදාගත් පුද්ගලයාගේ අදහසත් ඉතිරි කරලා තිබ්බේ. නමුත් වැඩි දෙනාගේ අදහසට ගරු කරමින් මම එය ඉවත් කලා. ස්තූතියි හැමදෙනාටම නැවත නැවතත්! :)

    ReplyDelete
  30. @ශාකුන්තල:"ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා, නිදහස අගයන්නෙම්" චික් මොකද බං ඒ..

    @ මලී :

    1. පව් අනේ ශාකුන්තල අප්සට් ගහලා "පමා වැඩියි ඔබ පමා වැඩියි.." කියලවත් කියන්න පව්නේ... :D

    2. ඔයා link එකයි නමයි(**හොරා) අයින් ක‍රලා නෑනේ..

    ReplyDelete
  31. @Chathura Sandeepa,
    >චික් මොකද බං ඒ..
    ඒ කාලෙ ඉඳලම ඒව එහෙම තමා.

    @මලී,
    1. ඇහැට දැකලවත් නැති නමවත් දන්නැති කෙල්ලන් සමග ගොඩයන්න වුවමනාවක් මා වැන්නන්ට නැති බව මේ අනුවණයා නොදනී.
    2. Comment moderation on කරන්න.

    ReplyDelete
  32. ආ...මාත් ඉතින් ටිකක් පරක්කු වෙලා තමයි කියවන්නෙ... මෙන්න මගෙනුත් සුභ පැතුම්...

    @Chathura & Shaakunthala
    අනේ අම්මපා මුංගෙ මඩ ගහ ගැනිල්ල... ඕකට ලගදිම විසදුමක් ලැබෙන්න කියලා පතනවා... සැලෙන්ඩ එපා අයියෙ...

    ReplyDelete
  33. apinam itn kalinma suba pathuwane :D ai ammata witarada kiwwe? thathtata kiwwe na?

    ReplyDelete
  34. @ PVGM - Madhuranga: අපේ කිසි ගහගැනිල්ලක් නෑ බං, පොඩි අහිංසක ආතල් එකක් ගත්තා.. එච්ච‍රයි :D

    @ ශාකුන්තල : නැත්ද මචං :)

    ReplyDelete
  35. ඒකං ජයසිරි මංගලං ඈ....අපිටත් ඕව කියාපං හොදේ...hik hik

    ReplyDelete
  36. හික් හික්... මලී දවසක එක වචනයක් විතරක් ලියල බලන්න.

    කට්ටිය බෝංචි වැල් කොයි තරම් හිටවයිද බලන්න..

    ReplyDelete
  37. හරියට කිරලා මැනලා හරිම වචනෙ ලිව්වොත් බලාගත්හැකි :D

    ReplyDelete
  38. දැන් ඉතින් වෙන කුමක් කරන්නද....
    ආදරය කරනු මිස......

    සුභ පැතුම් මලී අක්කේ...............

    ReplyDelete
  39. එල එල... ඔය කියල තියෙන විදියට කාටවත් නොතෙරුනොත් තමා පුදුමේ. :)

    මගෙනුත් උණුසුම් සුභ පැතුම්. නිවෙන්න කලින් ගන්න. :)

    ReplyDelete
  40. ඉදිරියේදි ඔයාට දිනන්න පුලුවන්. මගේ සුභපැතුම්.

    ReplyDelete
  41. ඔන්න මමත් මේක කියෙව්වා,ඇත්තටම මේකේ ලියලා තියෙන්නේ ව්වාහයක් ගැනද?මට නම් එහෙම දෙයක් හැගෙන්නේ නැ,මම හිතන්නේ මෙතන "අපියි" කියන්නෙ වෙනත් දෙයක්.අනේ මන්දන්නේ නෑ මට හැගුන හැටි.කොහොම වුනත් සුභ පතනවා

    ReplyDelete
  42. හැමෝටම ස්තූතියි.

    චතුර - මේ මේ ශකුන්තල මගේ යාළුවා හරිද අනම් මනම් කථා එපා

    ශකූන්තලා - ගණන් ගන්න එපා මචෝ

    ධම්ස් - අම්මා තාත්තාට කිව්වෝ..

    හමා - අනේ උඹලට නොකියා කොහොමද බං අයියේ...

    හ - ඔයා කියනවා නම් හා

    මචෝ - අන්න එක තමයි බැරි

    ස්ට්‍රෝම් / මොහම්මඩ් / කැඩපත - තුන් දෙනාටම ස්තූතියි..ඔන්න නිවෙන්න කලින් ගත්තා හොදේ

    ගැන්ස්ටර් - අපේ ‍අප්පොච්චියේ..විවාහය නෙවෙයි විවාහය නෙවෙයි.. මම තාම පොඩි එකා මොන කසාදද දැන්ම.. මේ නිකං ගෙදරට දැන්වුවා පමණයියියියියියි....

    ReplyDelete
  43. @ මලී "මේ මේ ශකුන්තල මගේ යාළුවා හරිද අනම් මනම් කථා එපා " හ‍රි හ‍රි බං ඒක මේ පොඩි විහිලුවක්.. ආතල් එකට... ගණන් ගන්න එපා බං..

    මං ඔයාගෙ "ඇබ්නෝමල්" blog එක දැන් ටික දවසක ඉදන් බලනවා.. හෙණ ගේමක් දීලා සිංහලෙනුත් comments දානවා... :D, හොදයි දිගටම ලියන්න..

    "අම්මා තාත්තාට කිව්වෝ" වැඩේ බ‍රපතලයි වගේද???

    ReplyDelete
  44. චතුර - හරි හරි ෆි‍ට් තමාමාමාමායි!
    සිංහල ටයිප් කරන්න ඉගන ගත්තා කියලා අපතේ යන්නේ නෑ අනේ..

    තාත්තාට‍ කිව්වට අවුලක් නෑ.. එයාලා ෆුල් සීරියස් විදියට සිරිත් විරිත් කරන්න යන එක තමා අවුල මට ඕවා පුරුදු නෑ අප්පා..!

    ReplyDelete
  45. megen unusum suba pathum ....
    dakkane mama kiyapu deyak waradila nane :P

    ReplyDelete
  46. @ මලී_මසාජ්: ඔව් ඔව් අපතේ යන්නෙ නම් නෑ.. හැකි ඉක්මණින් මාත් සිංහල බ්ලොග් ඒකක් හදාගෙන මොනාහ‍රි ලියන්නයි ඉන්නෙ..මේ ඒකට තමා practice වෙන්නෙ...

    මේ දවස් ටිකේ හ‍රි බිසී.. Final Year Project එක නිසා.. නිදාගන්නවත් වෙලාවක් නෑ.. වව්ලෙක්ටත් වඩා අන්තයි.. මේ නිදිමත වැඩි උනාම තමා comments දාන්නෙ.. :)

    ReplyDelete
  47. දෙයියෝ සාක්කි මම හිතන්නේ වලින් වාර්තාවක් තියලද කොහෙද...

    ReplyDelete
  48. මටත් හිතෙනවා සුභ පතන්න
    කොයි දේටත් මගෙනුත් සුභ පැතම්....

    ReplyDelete