Sunday, November 16, 2008

අනේ මගේ සුන්දර සෙනසුරාදා...!!!

මේ ගෙවිලා යන්නේ ඉරිදා රැය....මම කැමතිම දවස් දෙකකින් පසුව පුරුදු විදියට ගෙවුනු සති අන්තය ගැන ලියන්නයි මේ යන්නේ... මේ සමහර විට සති අන්තයේ සුන්දරත්වය ගැන පාරම් බාන අන්තිය ලිපිය වෙන්නත් පුළුවන් අහෝ මා අදරණීය සෙනසුරාදා දිනය මගේ විවේකි දින වලින් ඉවත්ව යන්නයි හදන්නේ... හයියෝ මට වෙන්න යන දෙයක්... ඊයේ 15 අපේ ගමේ පන්සලට මා‍සිකව දෙන දානය දෙන්න නියමිත දිනය, ‍නිවාඩු දචසක් නිසා මටත් කාලෙකට පස්සේ දානේ පිළියෙල කරන වැ‍ඩේට එකතු වෙන්න පුළුවන් උනා. දුක තමයි දවල් වෙනකම් නිදා ගන්න නම් බැරි උනා. කමක් නෑ කියමුකෝ....දානෙත් පන්සලට පිළිගැන්වුවා කියමුකෝ...එහෙම්මම අම්මා මාව එක්ක ගියා ටවුන් එකට...ම‍ටත් කොණ්ඩේ කපා ගන්න යන්න ඕන වෙලා තිබ්බේ ඉතිං කලින් ඉදන්ම මම ඔය දවස වෙන් කරගෙනයි හිතුවේ..ඒත් කවුද හිතුවේ‍‍‍ මේ වගේ හෙණ ගෙඩියක් පාත් වෙයි කියලා.... අම්මා මාව එක්කන් ගියා සිංගර් එකට... ඒකේ මැහුම් පන්තියට. සකල කළාවන්ගෙන් පරිපූර්ණ ගැහැණියක් ලොවට දායාද කිරීමේ අපේ අම්මාගේ සිහිනයේ ප්‍රතිඵලයක් විදියට මට මැහුම් ඉගන ගැනීමට නියෝග කෙරුනා...වසර ගනනාවක්ම කට්ටි පැණ පැණ සිටියත් තව දුරටත් එසේ කිරීමට නො‍හැකි වූ බව ශොකයෙන් යුතුව දැණුම් දෙන්නෙමි. ඇත්තම කියනවා නම් මට ඇදුම් මහන්න තියා බොත්තම් කාසයක් වත් හරියට මහ ගන්න බෑ... ඉතිං අම්මත් සාධාරණයි නේ..ඉතිං කොහොම හරි තට්ටු තුනක් නැගලා පන්තියට ගියා... තරමක වයස කෙනෙක් ඒ කියන්නේ අවුරුදු පනහකට විතර කිට්ටු කෙනෙක් තමයි උගන්නන්න ඉන්නේ...එයා මගෙන් ඇහුවා මොනවද ඉගන ගන්න ඕනි කියලා...අපේ අම්මා කිව්වේ නැතැයි මෙයාට හැමදේම උගන්නන්න ඕනි කියලා... මම ඉතිං වට පිට බලලා හෙමිහිට කිව්වා මම එම්බ්‍රොයිඩර් වලින් පටන් ගන්නම් කියලා...ඒ අනුව මාව පන්තියට බදවා ගත්තා
මට ලබන සතියේ ඉදන් පන්ති එන්න කියලා එනකොට අරන් එන්න ලිස්ට් එකකුත් දුන්නා
සුදු පොප්ලින් 1m
Frame 1
එම්බ්‍රොයිඩර් නූල්
නො 11 මැෂින් ඉදිකටු 1
DMC නූල්
එම්බ්‍රොයිඩර් කතුරු 1
පැන්සල් 1
‍ටිෂු කඩදාසි 1

දුකම කථාව පටන් ගන්නේ දැන්. පන්තියේ නීතිය අනුව මාසෙකට පැය 20ක් ඉගෙන ගන්න අනිවාර්යයි.මට සති මැද බැරි නිසා අනි‍වාර්යෙන් පැය 20 අවරණය කරන්න වෙන්නේ සති අන්තයේ. එකෙත් ඉරිදා පන්ති නෑ ඉතිං මට සෙනසුරාදා පන්තියට තමයි ඉන්න වෙන්නේ සාමාන්‍යයෙන් පන්ති ‍තියෙන්නේ පැය 2 බැගින්
9-11 , 11-1.00 , 2-4 ටීචර් කිව්වා මට උදේ 9- 1 වෙනකම් පංතියේ ඉන්න එන්න කියලා...ඒත් එහෙම බැළුවත් ආවරණය වෙන්නේ පැය 16 යි මට හිතෙන්නේ මට 9 ඉදන් 2 වෙනකම්ම ඉන්න වෙයි වගේ අහෝ එතකොට සෙනසුරාදා උදේ ‍සිරසේ ළමා චිත්‍රප‍ටය,දවල් වෙනකම් නිදා‍ගන්න, පොත් කියවන්න ‍ඔය හැම දේ කරන්නම මට සෙනසුරාදා අහිමි වෙනවා...අනේ මන්දන්නේ නෑ...මම මහන මැෂිමකින් කොට්ට උරයක් වත් මූට්ටු කරලා නෑ...ලබන සෙනසුරාදා මම මොන විකාරයක් කරගනීද දන්නෙත් නෑ.. ගිහිල්ලම බලනවා ...පන්තියේ අනිත් ලමයි නුත් මං දිහා බැලුවේ අරුම පුදුම සතෙක් දිහා බලනවා වගේ...එයාලත් කොයි කුලේ අයද දන්නේ නෑ... ලබන සතියේ ගිහිං ඇවිත් කියන්නම් මොකෝ උනේ කියලා දැනට නම් ඔළුවේ තියෙන්නේ මට අහිමි වෙන්න යන සුන්දර සෙනසුරාදාව ගැන විතරයි...මං පව් නැද්ද අප්පා.... :(

32 comments:

  1. Haresh - පොඩි කාලේ ඉගෙන ගත්තා..ඒ ලේවල් වලින් පස්සෙත් ඉගෙන ගත්‍තා..ඒ හොදටම ඇති :P

    ReplyDelete
  2. නෑ අප්පා කාලෙකින් නැටුවේ නෑ...

    ReplyDelete
  3. හද කකියවන ඉස්ටෝරියක්... නරකද කොණ්ඩෙ කපන්න සහ බියුටිකචල් වගේ එකක් ඉගෙනගත්තොත්..?

    ReplyDelete
  4. ගෑණු ළමයෙක්ට හොඳයි එහෙම දෙයක් ඉගෙන ගත්තොත්. නංගී වාහන එළවන්නත් ඉගෙන ගන්න, ඒකත් වටිනවා ඉස්සරහට. මට මතකයි, මට අවුරුදු 16 වෙද්දි අම්මා මහන මැශිමක් තෑගි දුන්නා උපන්දිනේට, ඉතින් මැහුවා මැහිල්ලක්, ඒත් අවුරුදු 7 විතර මිනිස් හම ඇරුනු කොට, මහන්න බැරි උනා රෙදි වලින් යමක්.

    ReplyDelete
  5. මගේ comment එකට කැමති නැත්නම් මකල දාන්න, මම පොඩ්ඩක්වත් තරහ නැහැ. මම මේ දාපු commentඑකක් නිසා කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුවක් ලබලයි ඉන්නෙ. ලියන්න අවස්තාවක් ඇති නිසයි ලියන්නෙ. ඔබට වඩා බොහොම වැඩිමල් නිසා මට තියෙනව විශාල අත්දැකීමක්, ජීවිතය පිලිබඳව. ඒ අත්දැකීම ඇසුරෙනුයි මම ලියන්නෙ. මට ඉන්නව පුතාල දෙන්නෙක් ( 34, 23) දුවෙක් - 26

    මගේ බිරිඳත් හරිම ආසයි එම්බ්‍රොයිඩරි වලට. ඔයා ආස නැත්නම් ඒක කරන්න බැහැ කරන්නත් එපා නිකම් මුදල් නාස්ති වෙන එක විතරයි වෙන්නෙ. ඉස්සෙල්ල ඔයාම හිතල බලන්න මේකට ආසද නැද්ද කියල. ආස නැත්නම් අම්මට තේරුම් කරල කියන්න් ආස නැහැ කියල. ලංකාවෙ දෙමවු පියන්ගෙ එක වැරැද්දක් තමයි, හෑම එකක්ම කරවන්න යන එක. ඒකෙන් ලමයා විනාශ වෙන්නත් පුලුවන්. මගේ රැකියාවෙ ම්ම ඒවා ඕන තරම් දැකල තියෙනව. ඔයාගෙ සටහන කියෙව්වාම මට හිතුන මම මොනව හරි කියන්න ඕන කියල.
    බුදු සරණයි

    ReplyDelete
  6. ගැණුලමයි උනාම රසට බයිට් හදන්නයි වාහන එලවන්නයිනම් ඉගෙන ගන්නම ඔනේ. නැත්නම් හස්බන්ඩාට වැඩි උනදාට ගෙදර යන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් ඉගෙන ගන්න

    ReplyDelete
  7. බයිට් හදන්න වෙයි මිනිහා බේබද්දෙක් වුනොත් :P
    ආ.. වාහන එලවන්නත් ඉගෙන ගන්න වෙයි. ඇයි බීල එලෙව්වොත් පොලිසි යන්න වෙනව නේ...

    ReplyDelete
  8. මලී අක්ක හොඳට බයිට් වෙන්න නම් දන්නව.

    ReplyDelete
  9. http://abnormalminds.blogspot.com/2008/09/blog-post_4298.html

    ReplyDelete
  10. Shakunthala - දුක හිතෙනවා නේ... බියුටි කචල් මට හරියන්නේ නෑ කියලා අම්මාම‍ තේරුම් අරන් ඇත්තේ කවදාවත් ඒක ඉගන ගන්න කියලම නෑ..

    Bo - අවු.55න් පස්සේ ආයේ රෙදි මහන්න අක්කේ..අනික ඉතිං රෙදි මහන අය ගොඩක් හිටියට හම මහන වැඩේට ‍ගොඩක් අය නැහැනේ‍‍..ඉගන ගන්නවා ඉගන ගන්නවා... වාහනත් ඉගන ගන්නවා ලගදීම :-)

    Sarath - මං ගැන දන්නේ නැහැනේ.. ‍කුහක කමින් තොරව දෙන ඕනෑම උපදෙසක් උපේෂාවෙන් බාර ගන්න මට හොදට පුළුවන්..මගේ සටහන් කියවලා හිතට එන අවංක අදහස ලියන්න පොඩ්ඩක් වත් පසුබට වෙන්න එපා. මම කෙලින්ම කියන්න තියන දේ කියනවා. මම කැමතියි අනිත් අයත් එහෙම වෙනවට.

    අනේ මම අම්මා කියන දේවල් වලට බෑ කියන කෙනෙක් නෙවෙයි. ඒකයි එතන තියන දේවලින් මට කරන්න පුළුවන් වෙයි කියලා හිතුන දේ මම තොරගත්තේ‍‍..මට මං ගැන විශ්වාසයි. මම ඉගනගන්නවා... මට දුක ම‍ගේ සෙනසුරාදා අහිමි වෙන එක විතරයි. උගන්නන කෙ‍නා‍ හොද නම් අනිවාර්යෙන් මම මහයි.අනික මම මහන්න අකමැතීම කෙනෙකුත් නෙවෙයි මේක බලන්නකෝ
    http://abnormalminds.blogspot.com/2008/09/blog-post_4298.html

    බලමු තව ඉස්සරහට හොදට පුළුවන් උනොත් මහලා ඔයාලටත් පෙන්නන්නම් :-)

    ආශිර්වාදයට ස්තූතියි.. ඔයාටත් බුදු සරණයි

    Ma - හික් හික් බයිට් හදන්න පුළුවන් ‍හලෝ... කොයි කාලෙද හදන්න පටන් ගත්තේ කියලාවත් මතක නෑ...මං හිතන්නේ මුළින්ම හැදුවේ බිත්තර ඔම්ලට්.හ්ම් වාහන ඉගෙන ගන්නවා.. ඒත් මං පොඩ්ඩක් බයයි.

    Chathura - මිනිහා විතරද ඇයි මම ? :P
    මාව දාගෙන මිනිහට drive කරන්න උනොත් තමයි වැඩේ ... :P

    හැංගිහොරා - බයිට් නේද මලේ...මොනා‍ කරන්නද..කට්ටියගේ ලේ පිරිසිදු වෙනවා නම් එකත් පිනක් නේ...
    අනේ ඉතිං ඇයි ‍ඔයා හොරා වගේ කමෙන්ට් එක දැම්මේ.. නම දැකලා මම ඔයාව බයිට් කරයි කියලා හිතුවද?

    ReplyDelete
  11. ගායනය සහ නර්තනය දෙකම පුලුවන් නිසා මැහුම් වැඩ අත්ඇරල ඉවුම් පිහුම් පන්තියකට යන්න..එතකොට ඔක්කොම සම්පූර්ණයි. කවුද මන්ද එක්කෙනෙක්ට රජසැප එතකොට.

    ReplyDelete
  12. බෝ - ශික් ලැජ්ජ නැද්ද අම්මා ගෙදර ඉද්දි උයන්න ඉගන ගන්න පන්ති ගානේ යන්න... හිතුනොත් මම ගෙදර පන්තියක් දානවා අනිත් අයට උගන්නන්න... මට උයන්න පුළුවන් හලෝ!

    ReplyDelete
  13. හොඳට උයන්න පුළුවන් කෙනෙක් තමයි මමත් හොය හොයා හිටියෙ. බයිට් හදන්නත් පුළුවන් නිසා කැමති නැද්ද මාව කසාද බඳින්න. මම නම් එක පයින් කැමතියි. වාහන එළවන්න බය වුනාට කාරි නැහැ මට තියෙන්නෙ පුෂ් සයිකල් එකක් විතරයි.

    ReplyDelete
  14. උඹ මචන් - අනේ බෑ මචං ...කැමති නෑ

    ReplyDelete
  15. සොරි . කොම් මලී අක්කේ....මටත් ඔය හා සමාන සන්තෑසියක් තමා මේ දවස්වල වෙලා තියෙන්නේ....class යන්න ඕනෙ හින්දා සෙනසුරාදා ආතල් එක මගෙන් ගිලිහී ගියා....දැන් ඉතින් අ.ල. බලන්නත් නෑ...ඒක තමා වැඩිපුරම හිතට දුක....

    ReplyDelete
  16. I thought about it for a long time... and strangely found that I have NO COMMENT to make about Sewing and embroidery etc etc.. other than I just don't like either of them.

    However, Malee can always get advice from my mum about driving the Drunk husband home late night from parties :-)

    Other than THAT ... well.. only thing I could say here is that.... .. I don't watch TV at all. :-) believe it or not, I never watch TV... in fact, I don't even have an Antenna in my home for the TV.

    I just use it to watch movies with my kittens:-)

    (they are avid Movie watchers.. never miss a chance to snuggle cozy to me and watch a movie with me)

    ReplyDelete
  17. අහෝ! බේදයකි! මේ කිනම් විප්‍රයෝගයක්ද! ;)
    ශනිදාවක් නෑ ඔබට මැහුම් ක්ලාස් තියෙනකන්!! :D

    --

    මහන්න ඉගෙනගෙන මට තැපෑලෙන් හොඳ ඇඳුමක් මහලා එවන්නකෝ එහෙනම්. ;)

    --

    හැබැයි මහන්න ඉගෙනගන්න එකෙත් අවුලක් නෑ. දැන් අන්තර්ජාල තියන නිසා ගෙදර ඇඳුම් මහලා අන්තර්ජාලයෙන් ඇනවුම් ඇරගන්න පුළුවන්. නරක නෑ නේද මගේ ව්‍යාපාරික උපදෙස?

    හැබැයි ඉතින් ඔය පාඨමාලාව ඉවර කරන්න කොච්චර කාලයක් යයිද මන්දා...

    --

    මේ... ඔබතුමිය මධ්‍යසාරය භාවිතයට ගන්නවාදැ?

    :D

    --

    හපොයි! දැන් බ්ලොග් වල මංගල ‍‍යෝජනාත් කරනවා නෙව. හැබැයි ඇත්තටම ඉතින් නටන්න පුළුවන් ගෑනු කෙසේ වෙතත්, උයන්නයි මහන්නයි පුළුවන් ගෑනු හොයාගන්න එකනම් කළුනික හොයනවා වගේ(ලු) අදකාලේ :D

    --

    මේ වෙන වෙනම කියන්න ඕන ඒවා එකේම දැම්මා. :D

    ReplyDelete
  18. The Strom - මට නම් ඉතිං උදේ ‍ෆිල්ම් එක විතරයි.ඊට වඩා බලන්නේ නැති හින්දා ඒ ගැන නම් දුකක් නැහැ.

    N.N - Well I Nash pass me ur amma's contact number . I have already prepare a LIST to discuss with ur amma :P So now all I need is the TP number :P

    Sudaraka Putha - සිංහල රචනාත් මේ වගේ ලියනවද මල්ලියේ? එහෙනම් විභාගේ ගැන බය වෙන්න දෙයක් නෑ. මෙන්න පිළිතුරු

    *1. නැති වෙන්න තමයි යන්නේ...

    *2. හා හැබැයි අදින්න පුළුවන්ද නැද්ද කියලා නම් වගකීමක් නෑ හොදේ..

    *3. නියම උපදෙස. අර සක්විති කලා වගේ සල්ලි අරන් ඇදුම් නොදී හරි ඉන්න බැරියෑ.. නැද්ද මං අහන්නේ
    ඉවර වෙන කාලයක් නම් මමද නොදනිමි.

    *4. අනවශ්‍ය ප්‍රශනයක්ද මන්දා . ඔව් මට හිතුනොත් මම බොනවා...හැබැයි තෝරා ගත් වර්ග පමණක්

    *5. පේනවා නේද බ්ලොග් සටහනක් යන දුර :(

    ** ඔන්න මමත් උත්තර ටික එකටම දුන්නා

    ReplyDelete
  19. මෙක මම පැටියා කාලේ කරපු වැඩක්. මට නම් මතක නැ. ඒත් කතාව ඇත්තලු. දවසක් ගෙවල් ලග නැනදා කෙනෙක් ඇදුමක් මහන්න ගිහින්, මට කියල තියෙනවා ඉදිකට්ටට නුල දාලා දෙන්න කියල.නැන්දාගේ ඇස් පෙනිම අඩු නිසයි මට කියලා තියෙන්නේ. මමත් උත්සහාකරලා බැරිමතැන කිව්වලු " නැන්දේ මේ ඉදිකට්ටේ හිලක් නැ කියල"

    ReplyDelete
  20. තමන් කැමති නැති උනත් මැහුම් වගේ දෙයක් ඉගෙනගන්න එක හුගක් හොදයි, විශේෂයෙන්ම ගැනු ලමයෙක්ට. ඔය අකමැත්ත යට කරගන්න. මැහුම් වලට අසා නැතිනම් ආසා දෙවල්, මැහුම් වලට සම්බන්ද කරලා මැහුම් හැන අසාවක් ඇතිවන දේවල් කරන්න. ඒ කියන්නේ මල් වලට කැමතිනම් මැහුම් ඉගෙනගෙන මල් සම්බන්ද නිර්මාණ කරන්න, කොට්ට උර වගේ.එතකොට ඉබේම කැමැත්ත ඇතිවේවි. දෙමවුවියන් යමක් කරන්න බලකරන්නේ එයින් අපිට හොදක් වන බව ඔවුන්ට වැටහෙන නිසා.හැබැයි ඉතින් එහෙමයි කියලා කියන හැම දෙයක්ම කරන්න කලින් හිතලා බලන්න ඔනේ එකෙන් අපි ප්‍රයෝජනයක් වෙනවද කියලා.

    ReplyDelete
  21. ශා එත්කොට තව ටික දවසකින් ඔයාට පුළුවන් වෙයි සීතාම්බර සළුවෙනුත් ඇඳුමක් මහන්න. මොකද මන් දැක්කා ඔයාගේ පරණ පොස්ට් එකක ඒ ඇඳුමට සෑහෙන්න ඉල්ලුමක් තියෙනවා.

    ReplyDelete
  22. පික්සු හෑදෙනවා...

    අම්මෝ එකදිගට පෑය 6 ක් ඉන්නේ කොහොමද....
    ඔන්න , පෑය බාගේ ගානේ ඉන්ටවල් 4 විතර දුන්නනම් හරි.... අර මිස්ට කියන්න මම කිව්වා කියලා එතකොට හරි
    අර ලිස්ට් එකේ ගොඩක් දේවල් අඩුයීනේ හලෝ...

    1 . වතුර බෝතලය
    2 . කෑම පෙට්ටිය
    3 . මකන කෑල්ල
    4 . ලේන්සුව
    5 . පෑන්සල් පෙට්ටිය
    හ්ම්ම් තව ගොඩක් දේවල්...

    හ්ම්ම්.....මගේත් කමිස වගයක් තිබුනා මහගන්න.....

    ReplyDelete
  23. අහිමිවෙන්න යන සෙනසුරාදාව ගැන මාගේ බලවත් කණගාටුව.

    මේක කියවල මට මතුවුනේ අමුතුම ප්‍රශ්නයක් !

    අපි හිතමු මිනිසගේ ප්‍රධාන අවශ්‍යතාවයන් ගෙන් එකක් ආහාර නිසා, උයන්න ඉගනගත්ත කියල, ඇයි ඒවුනත් මහන්න ඉගනගන්න ඕන ?

    මගේ පෞද්ගලික මතයන් අනුව මම නම් කැමති නැහැ ගෙදර මහපුව අඳින්න (අක්කා මොනවහරි මැහුවොත් ඒකෙ soft copy එකක් අපේ bloggers group එකට දාන්න හොඳේ, අපිට download කරගන්න). මොකද අළුත් ස්ටයිල් (ඔන්න ඔන්න.. මම ස්ටයිල් කාරයෙක් නෙවේ !) එහෙම ගොඩක් ගන්න පුළුවන් කඩෙන් ඇඳුම් ගත්තම නේද ? අනිත්එක කඩේ ඇඳුම්වල "ගතිය" එන්නෙ නැහැ ගෙදර මැහුවම.

    හේතුව මේකයි මම හිතන්නේ. ඇඟළුම් කම්හල් වල නිපදවන ඇඳුම් මසන්නේ වෘත්තීයමය ... (අර පෙදරේරුවා, කරණවෑමියා වගේ ඇඳුම් මසන්නාට සිංහලෙන් කොහොමද කියන්නේ ?) විසින් නිසා, එහි තාක්‍ෂණය ඉහළ ඇති.

    අනේ මන්ද, ගෑනු ළමයි මේ හැම කෙහෙම්මලක් ම මොකට ඉගන ගන්නවද කියල 100% අහල දැනගන්න මට කෑල්ලක් නැති වුනාට (සාධනය : try යනු කෑලි නොවේ !) මට හිතෙන්නෙ නම් එහෙමයි !

    මේවා වැඩකට ඇති වැඩද ? අපේ ස්කූල් සර්විස් එකේ 4 වසරෙ පොඩි නංගි කෙනෙක් යනවා. දවසක් එයා මධ්‍යම ප්‍රමානෙ බෝනික්කෙකුත් අරගෙන ඉස්කෝලෙ යනව. මම ඇහුව ඒක මොකටද කියල. ඒ අරගෙන ගිහිං තියෙන්නෙ නැළවිලි ගී පාඩමකට !!! අනේ මන්ද, 4 වසරෙ ඉගනගත්තුවා ඕන කාලෙට මතක තියෙයිද කියල. අනේ ඒ පොඩි එකාගෙන් එව්ව අහල වැඩක් නැති නිසා මං කට වහගෙන හිටිය !

    ඔන්න ඔය වගේ අපේ ලංකාවෙ අපි ඉගන ගන්න දේවල් ඇත්තටම වැඩක් තියන දේද කියල මට ප්‍ර්ශ්නයක් තියනවා !

    දන්නා සුපින්වත්හු අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙත්වා !

    ReplyDelete
  24. ගෙදරම මහගන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු දෙයක්ද?
    සල්ලිත් ඉතුරුයි.

    අනික අහළ පහළ කාටහරි ඇඳුමක් මහලා දීලා පොඩි සතුටක් ලබන්නත් පුළුවනි.

    හරි,

    එහෙනම් ‍මොනවාද ඉගෙන ගන්න ඕනේ?

    උයන්න-පිහන්න, තමන්ගේ ඇඳුමක් මහන්න බැරි නම් කාන්තාවක්ගෙන් ඇති වැඩක් නෑ. නැත්තන් අපිට වෙන්නේ දැන් ඇමරිකාවට වෙන දේමයි. ඒක හොඳ උදාහරණයක්. ඇමරිකාවේ මිනිස්සු ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ව‍ගේ.

    පවුලක සමඟිය රැඳිලා තියෙන්නත් මේවා බලපානවා. සරලව හිතන්න පුළුවන් දේවල් නම් නෙවෙයි මේවා.

    ReplyDelete
  25. හ - දුක හිතෙනවා නේ???

    කැටපත - හික් හික් එහෙම හිල් නැති ඉදිකටුත් ඇති. ඒත් ඒවට කියන්නේ ඉදිකටු නෙවෙයි ඇල්පෙනෙති කියලා...

    ඔව් ඔව් මහන දේවල් වලින් ආස හිතෙයි කියලා හිතුනු දේ තමයි මුලින්ම තෝරගත්තේ..බලමුකෝ....

    හැංගිහොරා- මොනවා කියන්නද? තාමත් මම ආසයි.. හැමදාමත් ආසයි.. මම තනියම ඉගෙන ගත්තේ..අතේ මහන මැහුමක් නේ..හැමදාමත් ආසයි.

    අමල්- අනේ මම නම් අවස්ථානුකූලව බොරු කියනවා ඒක නිසා මට ඔය කියන සළුව පේ‍න්නේ නැතිවෙයි අප්පා..

    ප්‍රියා- මේ හිතුවද මම මොන්ටිසෝරි යන්නේ කියලා මකන කෑලි කෑම පෙට්ටි උස්සන් යන්න...හපෝ කිව්වොත් කියන්නේ ඔය වගේ කථාවක්මයි ;)

    හා හා ඉගන ගත්ත ගමන් මහල එවන්නම් ‍කමිස කලිසම් කරලා හරි ලොල්ස්

    ජීව- අම්‍මියෝ මේ ළමයි විභාගේ උත්තර ලියනවා වගේ නේ කමෙන්ට් ලියන්නේ එහෙනම් මෙන්න මගේ පිළිතුර

    1.ඇදුම් නැතුව ඉන්න පුළුවන්ද මල්ලී? ඔයා කියන විදියට නම් හරිම සරළයි කඩෙන් ගත්තා ඇන්දා ඒත් කඩේට ඒ ඇදුම ආවෙත් කවුරු හරි මහපු නිසයි.


    2 කඩේ ඇදුම් - ම්ම්ම් මල්ලි හිතන විදියට පිරිමි අයගේ පැත්තෙන් සාධාරණයි. මොකද පිරිමි අ‍යගේ ඇදුම් ගැහැණු ඇදුම් වගේ නෙවෙයි ඒවා මහන රෙදි වර්ග වල ඉදන් මහන විදිහ හා ඒවායේ නිමාව දක්වා විශේෂයක් තියනවා. ඒදේ ගෙදරක සාමාන්‍ය මැෂිමකින් මහලා ගන්න බැහැ. ඉතිං ඔයාලා කඩේ ඇදුම් අදින/අදින්න කැමති වෙන එක පුදුමයක් නෙවෙයි. කොටින්ම මගේ ගෙදර පවා අම්මා එයාටයි මටයි ඇති තරම් ඇදුම් මහලා ඇති ඒත් තාත්තාගේ ඇදුම් සේරම ගන්නේ කඩෙන්.
    හැබැයි තව දෙයක් මම නම් කැමතියි ගෙදර මහන ඇදුම් වලට මොකද මම වැඩියම අදින්නේ කපු ආශ්‍රිත ඇදුම් කාන්තා ඇදුම් ගත්තම කඩවල වැඩිපුර තියෙන්නේ කෘතිම රෙදි අනික මෝස්තර කාලෙන් කාලෙට හරිම පොදුයි..හැමෝම එක වගේ ඒවා අදින්නේ..ඉතිං ඒ දේවලින් නිදහස් වෙලා වෙන කවුරුවත් අදින්නේ නැති ලස්සන ඇදුම් මට කැමති විදියට අදින්න පුළුවන් වෙන්නේ ගෙදර මහන ඇදුම් වලදි විතරයි. ඒක ඇදන් යද්දි තව කෙනෙක් ඒකම ඇදන් ඉදීද කියන බයත් නෑ..ඒක නිසා මම නම් ‍අම්මට කියලා ‍මගේ ඇදුම් මම නිර්මාණය කරලා මස්සවගන්නවා. මම ඒකට කැමතියි.

    3 - ඇයි හැම දේම ඉගෙන ගන්නේ? එහෙම තමයි අපේ සමාජය අපේ ඔළු හදලා තියෙන්නේ.හැබැයි ඉගන ගත්ත කියලා වරදක් නෑ කියලයි මමත් හිතන්නේ. මහා බරක් කරගන්නේ නැතිව සිම්බල් එකේ කොයි දේත් දැනන් හිටියා කියලා වරදක් නැහැ නේද?

    4 ඉගන ගන්න දේවල්. ඒ ගැන කථා කරන්න නම් මගේ දැණුම ප්‍රමාණවත් නෑ මල්ලි. ඒත් තේරෙන විදියට නම් ලංකාවේ අධ්‍යාපනය ඇවිල්ලා අමුතුම බයිලයක්. ඒ ගැන කථා නොකර ඉන්න තරමට හොදයි වගේ. 4වසරෙදි නැළවිලි ගී උගන්නන්නේ සමහර විට නිර්මාණශිලී හැකියාව වර්ධනය කරන්න වෙන්න පුළුවන්

    *අදුම් මහන කෙනාට කියන්නේ සන්නාලිය කියලා නේද ?
    **ඔන්න මම පුළුවන් තරම් කෙටියෙන් පිළිතුර දුන්නා.

    සුපුන් සුදා - මල්ලි හරි මල්ලි. හැබැයි උයන්න මහන්න බැරි ගැණියකගෙන් වැඩක් නෑ කියන එකට නම් ඔන්න මම විරුද්ධයි. මොකද ගැහැණුන්ට ඔවා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනා කියලා නීති දාන එක වැරදි එහෙමනම් පිරිමිත් දැනගෙන ඉන්නම ඕනි.අනික මල්ලි හිතේ හැටියට සල්ලි තියනවා නම් ඇදුම් කෑම බීම කියන්නේ ඒ තරම්ම ප්‍රශ්ණ නෙවෙයි

    ReplyDelete
  26. Aney ban, ja*****kwath mahaganna igena ganin!

    ReplyDelete
  27. Anony - Oya kauru unath...mama me oya kiyana kam thamai balan hitiye igana ganna

    ReplyDelete
  28. අහ්! ම‍‍ගේ වච‍නේ සැර වැඩියි වගේ. මම අදහස් කරේ නෑ කාන්තාව කුස්සියට හිර කරන්න ඕනේ කියලා. මම කිව්වේ, මේ දෙක දන්නවානම් ඒ කාන්තාව ගොඩක් වටිනවා කියලා... ;)

    ReplyDelete
  29. මැහුම් පිළිබඳ PDF එකක් හොයල කියෙව්වනම් හරිනේ.

    ReplyDelete
  30. Callkalpa - කියවලා මහන්න ඉගන ගන්න පුළුවනෑ? :|

    ReplyDelete