Monday, November 10, 2008

තීරණ

තීරණ - අපේ ජිවිත ‍කාලෙදි අපි කොයි තරම් නම් තීරණ අරන් ඇද්ද ගනිමින් පවතිනවද තව ඉස්සරහට කොයි තරම් නම් ගනීවිද? කියන්න බෑ නේද? උදේ අවදි වෙන වෙලාවෙන් පටන්ගත්තම ‍රෑ අපි නිදාගන්නේ කීයටද කියන දේ වෙනකම්ම තීරණය වෙන්නේ අපි අපිට තේරී හෝ නොතේරී ගන්න තීරණ මත නේද? මම හිතන්නේ අපිට නොතේරෙන ළදරු අවධියේ ඉදන්ම අපි තීරණ ගන්න ඇති. අඩන්න ඕනි කොයි වෙලාවටද හිනා වෙන්නේ කොයි වෙලාවටද ව‍ඩාගන්න කියන්නේ කාටද ‍කොයි සෙල්ලම් බඩුවද ඉල්ලන්නේ ‍ඔය විදියට ‍ඕනි තරම් තීරණ. ඒත් ඒ කිසිම ‍තීරණයක් අපේ ජීවිත වෙනස් කරන්න හෝ ලොකු බලපෑමක් ඇති කරන්න තරම් ප්‍රබල වෙන්නේ නෑ නේද? ඒත් අපි වයසෙන් වැඩෙන්න වැඩෙන්න අපි ගන්න තීරණ අපේ විතරක් නෙවෙයි අපි අවට ඉන්න අපි සමග ජීවත් වෙන බොහෝ දෙනෙකු‍ගේ ජීවිත වලට අඩු වැඩි වශයෙන් බලපෑම් ඇතිකරනවා නේද ?

අපි කන බොන කෑම වලින් පටන් ගත්තම අදින ඇදුම ඉගන ගන්න විෂය පද්ධතිය යන ‍එන තැන් ආශ්‍රය කරන යාළුවෝ කරන කියන හැම දේම පිළිබදවම හැමවෙලේම අපිට ගන්න තීරණයක් ඉතුරු වෙනවා. සමහර වෙලාවට අපි තීරණයක් ගන්න කොයි තරම් නම් හිතනවද ? බුද්ධියට ඉඩ දීලා තිරණ ගැනීම මනසට හිතට හැගීම් වලට ‍‍එක එක වෙලාවට එක ‍එක සාධක වලට ඉඩ දීලා අපි තීරණ ගන්නවා. සමහර වෙලාවට අපිටම හිතෙනවා නේද සමහර තීරණ ගන් අපි ඉක්මන් උනා වැඩියි කියලා,එහෙමත් නැත්නම් පරක්කු වුනා වැඩියි කියලා. එහෙ‍ම තමයි තීරණයක හොද හා නරක කියලා දෙපැත්තයි තියෙන්නේ එක්කෝ අපි ගන්න තීරණය නිසා අපි සතුටු වෙයි ‍නැත්නම් දුක් වෙයි. එච්චරයි. ඒත් එකෙන් පස්සේ ඉතිරි වෙන්නෙත් තවත් තීරණයක් ගන්න වුවමනා කරන පසුබිමක් හැදෙන එක විතරයි.

සමහර වෙලාවට අපි සතිගනන් කල්පනා කරලා තීරණ වලට එළබෙනවා. නැත්නම් බොහොම කෂණිකව හිතට එන අදහස අපි කියනවා. එ ‍දෙවිදියෙන් කොයි විදිය කලත් අන්තිමටම අපි කියන වෙලාවල් තියනවා නේද අපරාදේ මම ඒ විදිය තීරණයක් ගත්තේ කියලා. ඒත් කරන්න කිසිම දෙයක් ඉතු‍රු වෙලා නැති වෙන්න පුළුවන්. සමහර විට ඉතිරි වෙලා තිබුනත් ඒක ක්‍රියාත්මක කරන්න තරම් අපි හිතින් ‍ශක්තිමත් නැති වෙන්න පුළුවන්. සමහර විට ශක්තිමත් වුනත් එක තීරණයක ඉන්න බැරි අය කියන නාමය ලබාගන්න අකමැති කම නිසාම ඒ ගැන වැඩි දුර නොහිතා ඉන්න පුළුවන්. ඒක එහෙම තමයි. සාමන්‍යයෙන් පිරිමි අය කියන්නේ එයාලා එක තීරණයක බොහෝ දුරට රැදී ඉන්නවා කියලා. ගෑහැණු අයව ලේබල් කරලා තියෙන්නේ චපල බොළද පිරිසක් විදියට ඒකට හේතුව තීරණ ගැනීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදි කාන්තාවන්ගේ තියන ගතිපැවතුම් වෙන්න ඇති.

ඔය අතර සමහරු කියනවා "මම නම් කවදාවත් මම ගන්න තීරණ ගැන පසුතැවෙන්නේ නෑ" කියලා. එහෙම අය ඉන්නවා නම් හරිම වාසනාවන්තයි. ඒත් ජීවිතේ එක් අවස්ථාවක දිවත් පසුතැවුනු අය නැති වෙන්න බෑ. මගේ සම්බන්ධයෙන් නම් මම ගත්ත සමහර තීරණ ගැන පසුතැවුනු වෙලාවල් තියනවා.ඒත් ඒවා මත්තෙම නහින්නේ නැතුව මගේ ගමන හදාගන්න මම උත්සහ කරනවා.

තීරණ ගන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර ෂොක්ද? ඔක්කොම අප කෙරෙහි බලය තව කෙනෙකු‍ට පවරලා. එහෙම ඉන්න අයත් ඉන්නවා නේද? ගෙදරට සියල්ල පවරලා තමන්ගේ දේවල් පවා ඉටුකරන එක පවා අම්මලා තාත්තලට බාර දීලා බොහොම සැනසිල්ලේ...අපි කථාවට කියන්නේ රාමුවේ ඇතුලේ ජිවත් වෙන අය. කන්නේ බොන්නේ අදින‍්නේ පලදින්නේ අනිත් කෙනෙක් කියන විදියට කොටින්ම ඉගන ගන්න විෂය පද්ධිතිය තීරණය කරලා දෙන්නෙත් ගෙදර කවුරු හරි. කසාද බදින්න ගෑණීව හරි මිනිහව හරි තොරලා කසාද දවස තීරණය කරලා දෙන්නෙත් අනිත් අය. එහෙම අය නම් හරි පව්. ඒත් වෙලාවකට හිතෙනවා මමත් එහෙම උනා නම් ඉවරයි කියලා. එ‍තකොට ගන්න තීරණයක් වැරදි උනොත් එකත් වෙන කෙනෙක්ගේ කරපිට පටවලා මට බබා වගේ ඉන්න තිබ්බා. ඒත් ‍එහෙම ඉන්න බැරි ලෙඩක් තියනවානේ.

දැන් ඔන්න මට තව තීරණ දෙකක් ගන්න අවස්ථාව ඇවිල්ලා. මම මේ බයිලේ තව ලියනවාද මෙතනින් නතර කරනවද. මේක පෝස්ට් එකක් විදියට දානවද නැද්ද. ඕන එකක් මම මෙක මෙතනින් නවත්තලා පබ්ලිශ් නව් ක්ලික් කරනවා.

11 comments:

  1. මේකට comment එකක් දාන්න ඕනේ ඒත මොනවා ලියන්නද කියලා ගලප ගන්න බෑ...

    මම ගත්ත ගොඩක් තීරණ වලට මම පසුතැවලා තියෙනවා. ඒත් ඊට පස්සේ සිද්ධ වෙන දේවල් නිසා හිතෙනවා හැමදෙයක්ම වෙන්නේ හොඳටනේ කියලා.. ගත්ත සමහර තීරණ නිසා ඒ වෙලාවේ නරක ප්‍රතිඵල ලැබුනත් පස්සේ වෙලාවක ඒවාටත් හරියන්න හොඳ දේවල් ලැබෙනවා....

    ඔයා තීරණ ගැන ඔච්චරම හිතනවා නම් chaos theory ගැන හොයලා බලලා කියවන්න..

    ReplyDelete
  2. හ්ම්ම්....
    ඉතින් මේහෙමයී ... මම දකින විදිහට අපිට තනිවම ගන්න පුලුවන් තිරනත් තියනවා , බෑරි එවත් තියනවා ... ඉතින් එවගේ වේලාවකට වෑඩිහිටියෙක්ගෙන් උදව් ලබාගෑනිම තමයී නුවනට හුරු...සමහර වේලාවට ගන්න වෑරදි තිරන ආයේ කවමදාවත් වේනස්කරන්න බෑරි එක තමයී නරකම....!
    මම නම් මේ තාක් දුරට ගතත තිරන ගෑන පසුතෑවිලනම් නෑහෑ

    තිරන ගෑනිම්දි කාන්තාපාර්ශවය බොලදයී කියලා කියන්නේ...ඔයාලා වගේ කට්ටිය හෑගිම් වලට ඉක්මනින්ම වහල්වේන හින්දා නේ...අර කතාවකුත් තියෙන්නේ " ඔයාලා ගේ පක්ශේ අයගේ නුවන හෑදිමිටේ කියලා "

    කොහොම උනත්..."හෑම දේම වේන්නේ හොදටයී" කියලා හිතාගමු...

    ReplyDelete
  3. මිනිස් හිත තරම් සියුම්, බලවත් දෙයක් ලෝකෙ තවත් නැහැ. ඕනෑම කෙනෙක් තීරණ ගන්නෙ තමන්ගෙ ඕනෑ එපා කම් අනුවයි. තමන්ගෙ ඕනෑ එපා කම රඳා පවතින්නෙ 'තමන් ජීවත් වන ලෝකය මත', ඒ කියන්නෙ තම තමන්ගෙ ආසාවල් අනුව - එපාකම් අනුව. ගැහැනු පිරිමි කියල වෙනසක් නැහැ. මොකක් හරි කරනව කියල හිතට ගත්තොත්, කොහොමහරි කරන්න මගක් හොයා ගන්නව නේද? සාමාන්‍ය කෙනෙක් හිත පාලනය කරන්න පුරුදු වෙලා නැහැ. ඔන්න ඔතන තමයි වැරැද්ද.. ආසාවල් වැඩියි, තන්හාව නිසා අපි හැම එකම බඳා ගන්නව, ඊට පස්සෙ වැරදි තීරණ ගන්නව. එහෙම නේද? ලෝකයෙ ඉන්න බොහොම දෙනෙක් අතර නොයෙක් නොයෙක් මත තියෙනව තීරණ ගැන. නමුත් තමන් පිලිබඳ තීරනයක් ගන්න ඕන තමන්මයි. ඒ සම්බන්ද ප්‍රායෝගික ක්‍රමයක් අවශ්‍ය නම් මෙහෙම පුලුවන්. කොලයක් අරගෙන ලියන්න - එක පැත්තක මෙහෙම. එක්තරා තීරණයක් ගත්තොත් මොනවද වෙන්න පුලුවන් කියල. අනෙක් පැත්තෙ ලියන්න ඊට වෙනස් තීරනය ගත්තොත් මොනවා වෙයිද කියල. අන්තිමට මේ දෙපත්තම සසඳල බලල හොඳ තීරනය ගන්න. තීරන ගැන, මිනිස් සිත ගැන කියවන්න කැමති නම් මේ පොත කියවන්න. Mind Power - John Kehoe

    ReplyDelete
  4. හරියට තීරණයක් ගන්න බැරුව වැනෙන අවස්ථා ඕනේ තරම් තිබුනා. හිතේ ඒකාග්‍රතාවයක් නැති කමත් ඒකට එක හේතුවක් ලෙස මම දකිනවා.ජීවිතය සම්බන්ද ඇතැම් දේවල් වලදී තීරණ ගැනෙන්නේ අවට පිරිසට අවශ්‍ය විදිහට තමයි. ඒක මේ ලෝකේ පැවැත්ම තීරණය වුන හැටි. ඒකටත් හේතුව ඉතින් මිනිස්සුම තමයි. මේ තත්වය තේරුම් ගත්තත් එහෙම කියලා අපිත් එකිනෙකාට බලපෑම් කරන්න යනවා නේද. එකිනෙකාගේ අපි දකින අපිට අනුචිත දේ වෙනස් කරන්න යනවා නේද? මලී හොඳ, ලියවීමක්, හිතන්න හිතට ඉඩ දෙන මෙවැනි ලියවීම් වටිනවා. දිගටම ලියන්න නංගී, කලබල අස්සෙ උනත් ඇවිත් කියවනවා මම.

    ReplyDelete
  5. මටනම් කෙලින් තීරන ගන්න තරම් හයියක් නැහැ. කවුරුහරි මගේ තීරනත් ගන්නවනම් මන් කැමතියි. තීරන ගන්න නැතුව හැමදේම සිද්ධ වෙනවනම් නියමයි කියල මන් හිතන්නේ

    ReplyDelete
  6. වැදගත් තිරණයන් ගන්න පෙර හොදට හිතලා තමයි තිරණය ගන්න ඔනේ. ඒකට ඒ ගැන හිතන්න ප්‍රමාණවත් කාලයක් ඔන වෙනවා. ඒක නිසාකවුරු හරි අපෙන් තිරණයක් බලපොරොත්තු වෙන වැදගත් ප්‍රශ්නයක් ඇහැවුවොත් ක්ශනිකව පිලිතුරක් නොදි ප්‍රමාණවත් කාලයක් ඉල්ලගන්න ඔනේ.
    උදාහරණයක් විදියට හිත්වතෙක් ලොකු ණයක් ඉල්ලුවොත්, එයට ඔබේ ක්ශණික පිලිතුර "ඔවු" උනත්, එබව ක්ශණිකව නොකියා "මම දවස් දෙකකින් කියන්නම්" වගේ උත්තරයක් දෙන්න.මොකද ඒ වෙලාවෙ "ඔවු" කියලා ගෙදර ගියාම සමහර විට ඒ තිරණය වෙනස් වෙන්න පුලුවන්.
    හැබැයි දවල්ට සල්ලි කන්න නැතිව ඉල්ලුවොත්," මම දවස් දෙකකින් සල්ලි දෙන්න පුලුවන්ද බැරිද කියල කියන්නම්" කීයල කියන්න එපා

    ReplyDelete
  7. චමිල - නෑ මම උනත් වැඩිය හිතන්නේ නෑ. මේක ලිව්වෙත් කෂණික තීරණයක් මත. ඒත් දැන් ඔයා කිව්ව නිසා ඔය තියොරි එක ගැන හොයලා බලන්නම්. ස්තූතියි

    ප්‍රියා - ඔයා තාම පොඩියි නේ මල්ලි මම කිව්වේ මට සාපේකෂව. ඒ නිසා වැඩිහිටියන්ගෙන් අහන්න පුළුවන් ඒත් වයසත් එක්ක හැමවෙලේම ඒ දේ කරන්න බැරි වෙන වෙලාවල් එනවා. ඒ එක්කම සමහර විට ඔයා කැමති තිරණයක් ගන්න කියලා උත්තරයක් වැඩිහිටියන්ගෙන් එන වෙලාවල් තියනවා. ඒ නිසා ටිකක් හිතලා බලන්න වෙනවා.
    දැන් වැඩිය පොල් කටු හැදි පාවිච්චි වෙන්නේ නැති හින්දා අපේ අයගේ මොළේ එහෙනම් තවත් කොට වෙලාද දන්නේ නෑ හයියෝ...!
    ඔව් ඔව් මොනවා උනත් පෙරළුනු පිට හොදයි කියන්න පුරුදු වෙමු නැත්නම් හැමදාම කලකිරීම තමයි ඉතුරුකරගන්න වෙන්නේ.

    සරත් - ඔව් ඔව් ඒ අතින් අපේ හිත් හරි කපටියි. අපිට කරන්න ඕනි නැති උනත් හිතට ඒක කරන්න ඕනි නම් කොහොම හරි විදියක් හොයාගෙන අපිට නොතේරීම ඒ දේ කරනවා. හිත පාළනය කරනොගැනීම ඒකට හේතුව වෙන්න ඇති.
    ඔයා කියන ක්‍රමය මමත් අත්හදා බලන්න ඕනි හොදයි වගේ කියලා හිතනවා දැනට.
    පොත ගැන ඔත්තුව දුන්නට ස්තූතියි.

    බෝ - අපි අනුන්ගේ තීරණ වලට දොස් කියන්නේ ඒකනේ අක්කේ.අනේ වැඩ අස්සේ කමෙන්ට් නොකලට කිසි අමනාපයක් නෑ.මට ලියන්න දේවල් හිතෙනකම් මම ලියයි හැමවෙලේම. ස්තූතියි.

    ම - මම නම් තීරණ ගන්නවා. ‍වෙන දෙයක් වෙද්දෙන් කියලා. ඊට පස්සේ ඒවා ගැන දුක් වෙලත් තියනවා. දැනුත් වෙනවා. උදේට ඉරපායනවා හවසට බැහැල යනවා වගේ අපේ ජිවිත වලත් හැමදේම නියත වෙලා තියනවා නම් මමත් ආසයි ඒත් එහෙම නැහැනේ.

    කැඩපත - ඕවා ඔළුව තේරුම් ගත්තට හිත තේරුම් ගන්නේ නැති එකනේ අවුල

    ReplyDelete
  8. mama nam waradi theerana aran thiyenne athalossai. habai eken pradaana eka thama awuruddak bio karapu eka.hik hik! ammage kamattha ahaka daanna bari nisa..... kohoma hari adda awuruddak......eth theruna karagaththe kiyala.......epara itin panna commerce walata. 2 yrs mula indanma kara. issara kaley bio karapu awurudda gana duk wunath dannam ehema naha. bio nokalanam samahara wita commerce ekath anaa ganna chance ekak thibba. lol. anika ee kaley labapu xprience nisa thamai ada, eeyeta wada hodata inne :D

    ReplyDelete
  9. චමිල මම ගැන දන්න හින්දා මම මේ සාක්ෂි එක්ක පෙන්නන්න හදන්නේ... මම කෙලින් තීරණ ගන්නවා... මම තාම නං ඒවා ගැන පසුතවිලා නෑ... කාටහරි උදව්වක් කලාම මට ඒ ඇති.....
    ඒකෙ හොද නරක මට වැඩක් නෑ...
    වැඩේ නියමයි මලී එත් කවදාවත් ගත්තු තීරණ ගැන පසුතවෙන්න එපා....

    ReplyDelete
  10. ජීවිතය විදිනවා කියන්නෙ පසුතැවීමක් නැතුව ජීවත් වෙන එකනෙ.. මට තාම දම්මිනී( මගේ පෙම්වතිය ) බනින්නේ මම තාම තනිකඩයෙක් කියලා හිතාගෙන ඉන්නවා කියලා... එත් ජීවිතේ ඒ අවස්තාවෙ ජීවත් වුනොත් ගැටලුවක් වෙන්නෙ නෑ නේද...?

    ReplyDelete
  11. Dhamz - Oya gaththa theerana gena oya sathutin nam echcharai ethanin ehata hithala wedak ne malliye

    Visitor - ඔයා කියන දේ හරි. නමුත් පසුතැවීම කියන්නේත් අපේ ජිවිත වල අවස්ථාවෙන් අවස්ථාව මතු වෙන හැගීමක්නේ ඉතිං ඒක පාලනය කරගන්න කම් ඒ හැගීම ඇතුලේ ටිකක් විදවන්න වෙයි.

    Haresh - අපෝ වැනෙන්නේ නෑ.. පාවෙනවා :P ස්තූතියි ‍ඔයා තීරණ ගන්න විදිය විස්තර කලාට

    ReplyDelete