Tuesday, December 23, 2008

මින් ඉක්බිති...



නොකියා පැටළුනු වදන් සහසක්
සිත්තුල සිරව යද්දී...
වාන් බිදි වැව් දිය මෙන්
ඒ වදන් නිදහසේ
ගලා යනු පිණිස
ඇදිය නොහැකි නම් කාලය
ආස්ස‍ට..
රික්තකයක සිට නැවත ඇරඹුමට
නොහැකි බව හැගේ නම්
...

මිහිදන් කර සිත් තුලම
ඉකි බිදෙන අතීතය,
නොහඩා... නොතැවී...නොලැබුනු දෙයට‍
යන්න යමු ඉදිරියට
ඇණි ඇණී රිදුම් දෙන
කටු පොකුරු යම් දිනෙක
සියක් පෙති තඹරු මල්
නොවෙනු යැයි
කිව හැක්කේ කා‍ට...???

මලී
23.12.2008

7 comments:

  1. කාටද හැබෑට...

    ReplyDelete
  2. මට බැහැ ඔයාට පුළුවනිද?

    ReplyDelete
  3. මටත් බැහැ. ඔය වගේ අනාගතේට අයිති දේවල් පිළිබඳව එන විධියට බැලීම තමයි මගේ ක්‍රමය නම්. :(

    ReplyDelete
  4. මමත් එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ..

    ReplyDelete
  5. මලී, මගේ යට ගිය දවස සටහනේ ඔබට ප්‍රතිචාරයක් දක්වා ඇත. කරුනාකර එය කියවන්න.

    ReplyDelete
  6. අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී නම් සැනකින්
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා...මගේම වී ඔබ
    අපේම වී අපි ඉපදේවා....

    මෙවැනි ප්‍රාර්ථනා කෙතෙක් කලත් යථාර්ථයේ නිර්වචනය ඊට කෙතරම් පටහැනිද? කාලය හා අවකාශය දෙකක් නොව එකකි. එය ශුන්‍යක්වය ඉක්මවා නොයයි.අතීතය කෙතරම් හිතේ පැළපදියම් උනත් එය සිතිවිලි මාත්‍රයක් පමණි. සියල්ල අනිත්‍ය වී ගොසිනි. අනාගතයද අවිනිශ්චිතය. වර්තමානය හැම ක්ෂණයක් පාසාම අතීතය බවට පත්වෙමින් තිබේ. අතීතය හැමවිටම සැබැවින් නොපවතින හිතේ පමණක් රැදුනු හිස් දෙයකි.

    ReplyDelete
  7. දුශ්කරයි කිය හැර යා යුතුද ජීවිතය....?
    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිනිස...
    රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete