තත්
ආශා ගගුල් මැවූ
සප්ත ස්වර අතර
කම්පිත තත්මතින්
ආත්මය හඩ නගන්නේ...
ඇදී හිරවී තදින්
මොහොතකින් වයන්නේ
ජීවිතේ එක් නිමේෂයක
නූපන් වදන් සහසයි...
දුප්පත් භාෂාව ගොළු කර දමා
පත්ඉරු පුරා ලියූ වදන් බොදකර දමා
වැයෙයි පොපියන හදක
හිරවී ගලන සුසුම් පොදක් වෙනුවෙන්
හඩයි තත් කදුළු නූපදින දෑස්
රිදවමින්...
ගල්වුනු සිත් බැමි බිද දමා
ආතුර සිත් සනසවා
වැයේ වැයේ තත් අතර
ආත්මයේ පද රටා...
මලී
03.12.2008
pic by Dhamz A.K.A DJ.Parker
ලස්සනයි.සත්‍යයි.විශ්වයේ සැබැවින් නොපවතින සිතින් අල්ලාගත් හැගීම් විස්තර කිරීමට භාෂාව අපොහොසත්ය. මේ ශුන්‍යත්වය අවබෝධ කරගත හැක්කේ සමාහිත සිතකින්ය. එවිට දුක මෙන්ම සතුටද,සැප මෙන්ම දුකද අනිත්‍යවූ ශුන්‍ය දෙයක් වැටහෙනු ඇත.
ReplyDeleteලස්සනයි. අමූලික ඇත්ත. නමුත් දැන් දැන් බිහිවෙන සමහර සංගීත නිර්මාණ ඇහවම නම් කිසිම හැගීමක් එන්නෙ නෑ.
ReplyDeleteමේකට ලයාන්විත සංගීතයක් එක්ක දෙදරවන ගිටාර් පාරක් අතරින් පතර දාල තාලෙකට කියන්න පුළුවන් නම් එල.
ReplyDeleteKalekata Passe Maleege kaviyak kiyewwa, harima lassanai, Aruthbarai, "Muvin Nododa - Sithin Sithuwa, mesey A'", Hunuwataye kathawe podi kellak mathak una......
ReplyDeleteMaru kava.........
හරිම ලස්සන සිතුවිල්ලක්...
ReplyDeleteපස් දෙනාටම ස්තූතියි හොදේ...!
ReplyDeleteලස්සන පද ටිකක්. ඒ වගේම අදහසත් ලස්සනයි. සුභ පැතුම්.
ReplyDeleteස.....රි....ග....ම....ප...ධ...නි.............................
ReplyDeleteමලි අලුත් දෙයක් කරන්න කැමතිනම් sameera@abans.lk
ReplyDeleteලියන්න
http://apiwenuwenapi.blogspot.com
eka tamai...sangeethaya vishwa bhashawak kiyanne....e wagema visha aushadayak mage hite....
ReplyDelete