Friday, December 12, 2008

ගතවුනු දින...


ඊයේ හවස ගෙදරින් ගියපු අම්මලා නැවත එන්නේ හෙට හවසට. රෑ දෙකකුත් සම්පුර්ණ ‍දවසක් වසා ඇති නිවසක මම තනිවම මගේ බලු සිගිත්තිත් සමග...පෝය හද රෑ පුරහම ඇහැරිලා.... මම ඊයේ රෑ හතට බලද්දිත් හද අහසට ඇවිල්ලා.. නිදාගන්න කලින් රෑ 1.00 ට විතර මිදුලට ගියහමත් හද අහසේ පායලා මිදුල පුරා එළිය විහිදුවනා.. ඇය වටෙන් පුළුන් වලා කිහිපයක් සිනිදු සේළ මෙන් ඇය වටා එතෙමින් නැළවෙනවා... ගතපුරා වෙලෙන සීතල දරාගන්න බැරි නිසා මම ගේ ඇතුලට ගියා... නින්ද හෙමි හෙමින් ගාට ගාටමින් ඇදට ගොඩ වුනා... දවල් 11 ‍ට අම්මාගේ ඇමතුම එනතුරුත් මම නින්දේ... දහවල් හිරු එළිය මුලු හැම තැනම ආලෝක කදම්බයෝ විහිදුවමින් තිබුනා... දවස ආරම්භය කිසිදු හදිසියකින් හෝ හැගීමකින් තොරව.... ‍හිස හරවා බලන විට බලු සුරතලා පය පාමුල දොයි....නාකියා හීල හා දහවල් ‍ආහාර වේල් දෙකටම මෑගී පැකට්ටුවේ සහය පතා නැවතත් නින්ද... දහවල් 2 පමණ සිට සවස 6 වන තුරු... කිසිදු හැලහොල්මනකින් තොරව... දවස ගතවී අවසන්... නොදැනීම...ඉගුරු තේ කෝප්පයක්.. රෑ ආහාරයට ඕම්ලට් එකක්.. හෙමි හෙමින් සැකසී මේ වන විට සියල්ල අවසන්... අද රැයත් නිහඩවම ගෙවෙමින් පවතී.. සද එළිය නැවත මිදුලට ගාට ගාටා පැමිණ ඇත... කණාමැදිරි එළි.. නිශාචර ජීවින්ගේ මුණු මුණු හඩ... රාත්‍රී නිසංසලත්වය තුල නිහඩවම සංගීතය මුසු කරයි... හිත පුරහා ‍දුවන ඔහුගේ මතක.. ඉතිං කියමින් තව මොහොතකින් වචන බවට පෙරලෙනු ඇත... හෙට උදාවන හිරු සමගින් නැවත මම මේ නිසංසලත්වයෙන් මිදී සුපුරුදු හැල්මේ දුවන ගමනට වැටෙනු ඇත... කවදා නැවත මම අත්වීදීවිද මේ නිසංසල නිහඩතාවය... මම මගෙනුත් මිදී...නිවි සැනසෙන මොහොත.....

pic from Flicker

20 comments:

  1. මලී නෑෂ්ව කොපි කරන්න අරගෙනද? හික් හික්...

    මමත් මේ තනිකමත් එක්කමයි පහුගිය සතියම ගෙව්වෙ. චිත්‍රපටි ගොඩක්, පොතක්, දුමත් එක්ක තණකොල පිරුණ නිහඬ ගෙවත්තක් විටින් විට මම ඇසුරු කලා. ඇත්තටම අර කිව්වත් වගේ මම මගෙන්ම මිදුණ දින කීපයක් මමත් ගෙව්වා.

    ReplyDelete
  2. අපිව බලා ගන්න කවුරුත් නැහැනෙ :-(

    ReplyDelete
  3. @ Chanaka sir - චානක සර් දැන් අර ගෑනු ලමය චැට් කරන්න එන්නෙ නැද්ද?ඔන්න මේ දවස් වල ගෙදර ඇවිත් ඉන්නව නත්තලට.සර් ගැනත් මගෙන් ඇහුව.සර් දන්නවනෙ මන් කවුරු ගැනද කියන්නෙ කියල...:P

    ReplyDelete
  4. ඇත්තටම තනිකම වෙලාවකට වාතයක් උනාට සමහර වෙලාවට පුදුම සහනයක් ලබා දෙනව නේද?

    ReplyDelete
  5. කාලෙකින්, රෑ අහස දිහා පාඩුවේ බලාගෙන ඉන්න බැරිවුනා. ඒ වුනාට මම බලා හිටිය වගේ දැනුන....

    ReplyDelete
  6. නිසංසල මොහොතක මේ අවිද්‍යා සහගත සිතිවිලි වලින් මිදී නිකමට හෝ මෙනෙහි කලා නම් උපන්දා සිට මේ දක්වා වින්ද සැපදුක් ගැන. සැපක් කියා කිසිවක් විද නැහැ කියා අවබෝධ කරගන්න තිබුනා.යම් සැපක් වින්දා නම් ඒකත් මේ වන විට අනිත්‍යයවී ගොස් කියා දැකගන්න තිබුනා. එහෙම උනානම් පාලුවක් දැනෙන එකක් නෑ. මොකද පාලුවත් අනිත්‍ය දෙයක්. ගෙදර අය නිවසට ආ සැනින් ඒ පාලුවත් නිසංසලත්වයත් අනිත්‍ය වී යන හැටි දකින්න තිබුනා.

    ReplyDelete
  7. බලු සිඟිත්තිගෙ නම මොකක්ද ?

    ReplyDelete
  8. ගෙදර කව්රුත් නෑ කියලා මේකෙ ලියන්න එපා.. හොරු පනිවි.. :P

    ReplyDelete
  9. ha - කොපි ඇයි එහෙම කියන්නේ? හිකිස් මම ඔයාව කොපි කලා

    CAM - අපිටත් නෑ.. මොනා කලන්නද ඉතිං...දුක තමයි

    CW - ඔව්වා ප්‍රසිද්ධියේ කියන එක හොදද මංදා?

    Thara - මට නම් තවම වාතයක් වෙලා නෑ.. මම වැඩියෙන් ඉන්නේ තනියම. මම නම් ඒකට පුරුදු වෙලා...හැබැයි කැමති තරමටම අකමැතියි ඒත් කැමතියි

    Keerthi - මටත් අහම්බෙන් මේ වගේ දවස් වල තමයි ඉඩක් ලැබෙන්නේ

    HJC - ඔබතුමා කියන දේවල් සම්පූ‍ර්ණයෙන්ම ඉටුකරන්න පුළුවන් තරමට මම මගේ සිත හික්මවාගෙන නෑ මම හිතන්නේ.. කොහොම උනත් ස්තූතියි උපදෙසට.. උත්සහ කරන්නම් ඒ දේ කරන්න.

    CAM - ෂ් ෂ් කිව්වට අපිට ඇහුනෝ...
    එයාට එකී මෙකී නොකී නම් කියනවා ඒත් වැ‍ඩියෙන් බාවිතා වෙන්නේ පැටී කියලා

    CM - අප්පා.. ‍ඔන්ලයින් එන හොරු අනේ එන්න කියන්න අපේ ගෙදරින් අරන් යන එකක් නෑ.. කීයක් හරි අපිට දීලා යයි.

    ReplyDelete
  10. බලු සිඟිත්තිගෙ වයස කීයද ?
    එයා ඉස්කෝලෙ එහෙම යනවද ?

    ReplyDelete
  11. @ CAM : දැං බල්ලොත් ඉස්කෝලෙ යනවද? මාරයි නේ.. ආ.. උන්ටත් නිදහස් අද්දියාපනේ තියෙන්ට එපාය.. :D

    @ මලී : බලු සිගිත්තියක් විත‍්රද ඉන්නෙ. ඔයාට සිගිත්තියක් නැත්ද??? :P :D

    ReplyDelete
  12. @ මලී : ඔන්ලයින් හොරු එන්න ඕනෙ නෑ. address එක දන්නවනම් මං බල්ලව හ‍රි උස්සනවා.. :D :P ඔයා නම් එපා.. අප්සට් ඩයල් එක නේ... :D :P

    ReplyDelete
  13. මාත් ඉස්සරහට දවස් කීපයක් ගෘහ මූලිකය වෙන්න යන්නේ. මන් නම් එකට දැම්ම ඉඳන් බෝතල් ලෑස්ති කරන්වා.

    ReplyDelete
  14. අපිත් සෙ‍‍ට් ‍වෙන්නද.....?

    ReplyDelete
  15. @ම
    මචෝ දවස කියපං අපිත් සෙට් වෙන්නම්

    ReplyDelete
  16. @ ම, ආගන්තුකයා, තාරක : අපෝ උඹලා වගේ බේබද්දෝ... කවදා හැදෙයිද මන්දා...

    ReplyDelete
  17. හා...හා... එහෙනම් මෑහුම් පන්ති යන්න නෑතිව ඈති...
    ඔය නිදාගත්තු වෙලාවේ උසස් පෙල කරපු කාලේ ගෑන බ්ලොග් එකක් ලියන්නම් ඉවරයීනේ... කම්මෑලි නෑතිව...

    ReplyDelete
  18. @ ප්‍රියා - ඇත්ත ඇත්ත මල්ලි... මෙයා ඉස්කෝලෙ ගැන ලියන එක හෙමීට මග ඇරලා..

    ReplyDelete
  19. ගැහැණු ළමයි තනියම ඉන්න වෙලාව මාර සෞන්දර්යාත්මක විධිහට තමයි ගෙවෙන්නෙ නේද ඒකට අපි .......

    ReplyDelete