Sunday, September 21, 2008

අච්චාරු

මගේ කෑම සම්බන්ධ කලින් ලිපියට හොද කටට කෙළ උනන ප්‍රතිචාර ලැබුන නිසා මම හිතුවා මේ වතාවෙත් ඒ ‍වගේම ලිපියක් ලිව්වොත් හොදයි කියලා...පොඩි කාලේ කාපු බීපුවා ලොකු අයියලා අක්කලට මතක නැතුව ඇතිනේ...ඉතිං නංගි කෙනෙක් විදියට ඒවා මතක් කරලා දෙන එක මගේ යුතුකම විදියට මම සලකන්නම්....මේ ගැන ලියන අදහස ආවේ ඊයේ (20) ටවුන් හොල් එක ඉස්සරහා කෙනෙක් එනකම් හිටගෙන හිටිය වෙලාවේ. මුලින්ම ඔෆ් ටොපික් උනත් ඒ ගැන කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා මේක එක්තරා විදියක විවෘත දින පොතක් වෙන නිසාත්....

ඊයේ කොළඹ ඡාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.... කලින් කථා කරගෙන තිබ්බ විදිය අනුව මම ඇතුළු අන්තර්ඡාලයේ සුපුරුදු කිහිප දෙනෙක්ම හැබැහින් මුණ ගැහීමේ අමතක නොවන දිනය.... ඒ අතරින් එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැම දෙනාවම ඇත්තට මුණ ගැහුනේ ඊයේ .... මම ඉතිං ලෝභ නැතුව පැය 11/2ක්ම ප්‍රමාද වෙලානේ ගියේ.අතර මගදි නිකම් පුරුදු මුහුණක් පහු උනත් මම හිතුවේ මට පැටලිලා වෙන කෙනෙක් වෙන්න ඇති කියලයි පස්සෙයි දැන ගත්තේ ඒ එයාමයි කියලා හිකිස්. යනකොටත් කට්ටිය දෙවනි මහලත් ගවේශනය කිරිම පටන් අරන් තිබ්බේ ඉතිං මම කෙලින්ම එතනට ගියා යනකොට මුලින්ම දැක්කේ ශිවා ව ඊළගට පාකර් මල්ලි.. ඊළගට පමිත් ඊළගට සමීරම් සහ හරේෂ්. බෝ නම් මම යනකොටත් පොත් රාක්කයක් දිගේ නගිනවා... ලොල්.... පසුව අසිත මල්ලිත් මොහොතකට හරි අපිව බලල යන්න ආවා... අවංකවම මොහොතකට මගේම සහෝදරවරු පිරිසකට මැදි උනා වගේ ලොකු හැගීමකින් මුළු හිතම පිරිලා ඉතිරිලා ගියා.... හැබැයි කියන්න ඕන වැදගත්ම දේ තමයි කට්ටියේ අයියලා මල්ලිලා වගේ මල්ලිලා අයියලා වගේ... වයසින් ලොකුම අයියා සේරටම වඩා පොඩියි... හිකිස්... කොහොම හරි පොත් අරගෙන මම 2ට එළියට ආවා ‍මොකද මාත් එක්ක අම්මත් ගිය නිසා හා එයා එදා තාත්ත‍ගේ වැඩපලේ සුහද හමුවකට යන්න සිදුවීම නිසා... අනික මමත් වෙන සුහද හමුවක් යොදාගෙනයි තිබුනේ.... ඉතිං අම්මාව අදාල තැනින් ඇරලවලා මට සිද්ධ උනා ‍බලන් ඉන්න ග්ර්ර්ර්ර්ර් විනාඩි 20ක් විතර!!! එතන එහා පැත්තේ අඹ කරත්තයක් තියාගෙන ගැණු කෙනෙක් අඹ විකුණනවා ගෙඩි වශයෙන් හා අච්චාරු වශයෙන්... මට ඉතිං එතන තනියම කන්න බෑ වගේ හිතුන නිසා මම අච්චාරු දි‍ගේ අතීතෙට ගියා... ගොඩක් දුර.... මට මතක නැති මුල්ම අච්චාරු කාපු දවස් දිහාවට.....

අච්චාරු (ලොවි /අඹ/වෙරළු/ ඇඹරැල්ලා/දිවුල්/ අන්නාසි / මිශ්‍ර පලතුරු)

හ්ම්... අච්චාරු ගැන කථා කරද්දි මට මුළින්ම මතක් වෙන්නේ ලොවි. හේතුව අපේ ගෙදර මිදුලේ ඉස්සරහා වම් පැත්තේ කෙලවරක ගේට්ටුව කිට්ටුවම ලොකු ලොවි ගහක් තියෙනවා. අවාසනාවකට වගේ දැන් නම් පිළීලයක් ඇවිත් ගහ මැරිලා තියෙන්නේ :-( ඒ ගහ හිටවලා තියෙන්නේ අපේ තාත්තා ගේ පොඩි අක්කා නැත්නම් මධු ගේ අම්මා... ඒ ගහේ මන් හිතන්නේ ලොවි ගෙඩි ලක්ෂෙකට වඩා ඇවිත් ඇති මම ම විසි තිස් දහක් කාලා ඇති.... ඒ දවස් වල ඒ කියන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර ගේට්ටුවක් තිබ්බේ නැති කාලේ ගමේ ස්කෝලෙට යන අයියලා අක්කලා උදේටයි හවසටයි කෙලින්ම අහන්නේ බලන්නේවත් නැතුව වැටිලා තියෙන ලොවි ඇහිදගෙන යනවා කඩන අයත් හිටියද මන්දා... අම්මා උදේම මිදුල අතුගැවොත් ලොවි ඇහිදලා වෙනම තියනවා එන අයට අරන් යන්න... සාමාන්‍යයෙන් ලොවි වලට වාරයක් තිබ්බට අපේ ලොවි ගහේ හැමදාම ගෙඩි දෙක තුනක් හරි තිබ්බා හොයා ගන්න ඒත් වාරේට පිස්සු හැදෙන්න ලොවි එනවා.. ලා කෙළ පාට ලොවි ටිකෙන් ටික රෝස පාට වෙලා තදම තද කුණු ලේ පාට වෙනකම්ම ඉදෙනවා.. ඉදුනා කියලා ලොවි පැණි රස නෑ.. ඇඹුල් මම නම් ආස හොදටම ඉදුනු ලොවි ‍අතේ පොඩි කරලා මැද්දට ලුණු ඇටයක් දාලා සුප්පු කරන්න... එහෙම නැතුව කෙලින්ම කටේ දාගෙන මුණ ඇඹුල් කරන් හපන වෙලාවලුත් තිබ්බා... කෙහොම උනත් දැන් අච්චාරු ගැන කථා කරමු... මුලින්ම ලොවි අච්චාරු හැදුවේ මම නෙවෙයි... මම බොහෝම පුංචි කාලේ අපේ ගෙදර කිට්ටුවම ඉන්න සුදු අක්කි හා යසන්ති අක්කි... එයාලා ඇවිල්ලා බෑග් එකක් පි‍‍‍රෙන්න ලොවි කඩාගෙන මාවත් එක්කගෙන යනවා එයාලගේ ගෙදර කුස්සියේ තිබ්බ පුංචි වංගෙඩියේ තමයි ලොවි අච්චාරු කොටන්නේ.... ලුණු... මිරිස් කෑලි දාලා කොටලා ඒකට ලොවි ‍‍ටික ටික දාලා හොදට කොටනවා. ඉස්මත් එනවා. ඉතිං ඊට පස්සේ අන්තිමට සීනි පොඩ්ඩක් දාලා කන්න තමයි තියෙන්නේ... ඒ හදන අච්චාරුව කන්න අහල පහල ගෙවල් දෙක තුනේ අය එකතු වෙනවා ධම්මි අක්කා, ඉරේෂා අක්කා, නිරෝෂා අක්කා, ගීතානි වගේ අය ඒ කාලේ දැන් වගේ නෙවෙයිනේ හැමෝම ඉගෙන ගන්නවා... ගෙවල් වල ඉන්න නිසා හැන්දෑවට එකතු වෙන්න වෙලාව තියෙනවා.... තාප්ප නෑ.. එදිනෙදා හැමෝමව දකිනවා. දැන් නම් ඉතිං දකින්නෙත් නෑ... දැක්කත් හායි බායි තමයි. කථා කරන්න වෙලාවක් නෑ... ඒ දවස් වල අච්චාරුව මැද තියාගෙන සුස් සුස් ගගා කන්න තමයි තියෙන්නේ. හැබැයි කාපු ගමන් වතුර බොන්න නම් හොද නැහැලු. පස්සේ ඉතිං මම තනියම වැඩ කරගන්න පුළුවන් කාලේ වෙනකොට ‍අපේ ගෙදර වං ගෙඩියෙන් තනියම අච්චාරු හදාගෙන කන්න පුරුදු උනා... මධු ව දන්නවානේ ඔයාලා. එයා ඉතිං මගේම අක්කා තමයි... හැම නිවාඩුවකටම වගේ ගමේ එන්න කලින් එයා කෝල් කරලා අනිවාර්යෙන් අහන්නේ ගහේ ලොවි තියෙනවද, මූද හොදද නාන්න පුළුවන්ද කියන ප්‍රශ්ණ ටික... සමහර කාල වලට එයා එනකොට ලොවි පැහිලා මදි. එහෙම නැත්නම් මුල් දවසේ සේරම කඩලා දෙවනි දවසේ කඩන්න පැහිච්චා නෑ. එහෙම දවස් වලට අපි අමුම අමු ලොවි වලිනුත් අච්‍චාරු හදනවා... කඩන්න උස මදි දවස් වල ලොවි කැඩුවේ පුටුවක් තියලා ඒක උඩ නැගලා හිකිස්.. මම කඩනවා මධු ඇහිදිනවා.... අම්මලා ඔය ඇති ඔය ටිකෙන් හදන් කන්න වැඩිය කන්න එපා හොද නෑ කියලා වාරණ දානකම්ම අපි ඉතිං කඩනවා.... හැමදාම අච්චාරුව කොටන වැඩේ බාර ‍උනේ මට. මධු කැමති බාගෙට කෙටුනු ඒවට. මම හොදටම කෙටුනු එව්වට... එයා සීනි දාලා කැමති නෑ මම කැමති ඉතිං දෙන්නගෙම කැමැත්තට ගැලපෙන විදියට හදලා ලිං ගැට්ට උඩ ඉදං ඒක ඉවර කරන ගමන් සතර කං මන්ත්‍රණ ඉවර කරලා අපේ දුක සැප බෙදාගෙන තමයි අපි ආයේ ගෙට යන්නේ. ඔය විදියට තමයි ලොවි අච්චාරු එක්ක මගේ මතකය ආයේ එහෙම මතකයක් එකතු වෙන්නේ නෑ.. හේතුව ලොවි ගහ මිය යමින් ඉන්නවා... මධු තව දුරටත් ලංකාවේ නෑ..... දැන් අනිත් අච්චාරු ගැන කථා කරමු.

අඹ, ඇඹරැල්ලා, අන්නාසි මිශ්‍ර පලතුරු ඔය සේරම හදන්නේ එකම විදියට පොඩි කෑලි වලට කපලා ලුණු කුඩු මිරිස් කුඩු හා සීනි පොඩ්ඩක් දාලා.... අපේ ගෙදර පලතුරු ගෙනාවම අනිවාර්යෙන් ඉතිං මගේ පංගුව නම් අච්චාරුවක් බවට පත් වෙනවා මයි... අමු පලතුරු වලින් තමයි අච්චාරු ‍වැඩියෙන්ම රස ඒත් ඉදුනා කියලා වෙනසක් නෑ... සීනි නොදා හදනකොට....

දිවුල් අච්චාරු ගැන කියන්න බැරි උනානේ... අමු දිවුල් නම් කෑලි මිරිස් දාලා ඉදිලා නම් ගම්මිරිස් කුඩු ලුණු එක්ක දාලා හදලා බලන්න... හරිම රසයි.... ආ අමතක වෙනවා පොඩ්‍‍ඩෙන්.... වෙරළු අච්චාරු.... ඒක නම් හදන්න කලින් වෙරළු තම්බලා ගන්න ඕනි. ඊට පස්සේ අනිත් ඒවා හදනවා වගේමයි... ඒ වැඩ කරන්න අමාරු නම් ඉතිං ඔය පාරේ විකුණන කෙනෙක් ගෙන් සල්ලි වලට අරගන්න මම නම් ඊයේ අඹ හා වෙරළු කියන අච්චාරු වර්ග දෙකම කෑවා.... මම අහල පහලින් තියාගන්න කැමතිම කෙනෙක් එක්ක පාර දිගේ ඇවිදගෙන යන ගමන්... ඔහේ කියව කියව යනකොට.... අපේ ජීවිතත් අච්චාරුවක් වගේ තමයි... ඇඹුල් රස, පැණි රස, දැවිල්ල, සැර හැමදේම තියනවා. හරියට ඡිවිතේ දුක, සතුට, සැප, කලකිරීම්, ආදරය, බැදීම්, වෙන්වීම් වගේ සියලූ රසයන්ගෙන් පිරී තියනවා වගේ.... රස්සාවල්, ඉගෙනීම් ,විඳීම්, දැනීම්, පැවතීම්, බැදීම්, ඇතිවීම්, නැතිවීම් පිරිලා තියෙන ඡිවිතය මිශ්‍ර පලතුරු සහිත අච්චාරුවක් වගේ නේද? අපි ආසයි වෙලාවකට අකමැතියි.... මුණු ඇඹූල් කරන් රස කර කර අපි කනවා... හිනා වෙනවා... ජිවිතය පවතිනවා...........

ps.ගෙදරින් පිටදි අච්චාරු කනවා නම් ලග ලේන්සුවක් තියාගන්න නැත්නම් අනිත් කෙනාගේ ලේන්සුව ඉල්ලලා අඩන්න වෙනවා !
pps. සටපිට ඉන්න අයියලා අක්කලා මට බනින්න එපා උඹල‍ගේ රට වලත් පලතුරු ඇතිනේ හදාගෙන කාපල්ලා හැබැයි මම ඇපල් අච්චාරු නම් කාලා නැත හිකිස්...

18 comments:

  1. මාලියෝ මෙහෙ අපේ අයියලාගෙ ගෙදර පිටිපස්සේ වැටේ blue berry පිරිල ...ඒවයින් මොනවත් කරගන්න බැරිවෙයිද?? පිටිපස්සෙ ගෙදර සුදු ඇන්ටි දකින් නැති වෙන්න ඒ පැත්තට තියෙන berry ටිකටත් ගේම දෙන්න පුළුවන් වැඩේ හරියයි නම්..ඒවත් ටිකක් විතර ඇඹුල්..ඉදෙන්න කලින් රතුපාටයි ඉදෙන්න ඉදෙන්න නිල් දම් පාට වෙනව..මාර ගති...

    ReplyDelete
  2. අනේ අයියේ ඔය සටපිට තියෙන පලතුරු ගැන වැඩි දැණුමක් නම් නෑ...අච්චාරු කෙසේ වෙතත් බෙරි වලින් බීම හදන්න පුළුවන් මං හිතන්නේ හොදට ඉදුනු එවා අරන් බ්ලෙන්ඩ් කරලා හරි අතේ පොඩි කරලා හරි ඡුස් එක අරන් සීනි දාලා ලුණු සුසුට්ටත්තක් දාලා හොදට කූල් කරලා බොන්න

    ReplyDelete
  3. අච්චාරු ගැන මරු ලිපියක් නංගි..අපි අතරින් කෑම ගැන ලියන්න උඹට වැඩි අයිතියක් තිබෙන බව ඊයේ උඹව දුටු ගමන්ම මම තේරුම් ගත්තා :P

    අච්චාරු ගැන මට තියන සුන්දරම මතකය තමයි අපි පහේ ශිෂ්‍යත්ව පන්ති යන කාලෙ ගෙවල් අද්දර තිබ්බ ඇලිස් ආච්චිගෙ අච්චාරු කඩේ..

    වෙරලු,අඹ,අන්නාසි,අඹරැල්ල දාල ඉස්ම බේරෙන කැන්ද කොලේකට දාලයි එයා ඒව දෙන්නෙ. අපි යාලු‍වො කට්ටිය ඉතින් හැමදාම වලි අන්තිමට අඹ ඇටේ කන්න.

    ReplyDelete
  4. @සම්පතා - මම බෙරි ගැනනම් දන්නෙ නැහැ මචෝ. ඒත් ඉස්සර අපි ජම්බු වලින් අච්චාරු හදනවා. මාර රහයි බන්..ඕකෙනුත් උත්සාහයක් දාල බලපන්.බැරිවෙන එකක් නැහැ.

    ReplyDelete
  5. මට නම් අච්චාරු කියපු ගමන් මතක් වෙන්නේ ඉස්කෝලේ ගමන් මතක් වෙන්නේ ඉස්කෝලේ ගමන් මතක් වෙන්නේ ඉස්කෝලේ ඇරිලා පාර අයිනේ තියන අච්චාරු අරන් කාපු හැටි.

    ReplyDelete
  6. පළතුරු අච්චාරු විත්රක් මොක්ද ලමයි ඇයි අපි එළවළු අච්චාරු ගැනත් නොකියන්නෙ. පොලොස් අච්චාරු , මැලේ අච්චාරු , සිංහල අච්චාරු , බිලින් අච්චාරු ඔයවගේ ජාති කීයක් ද? අනික අච්චාරු මිරිස් කරලක් තිබ්බනම් මොනා නැතත් බත් එකක් කන්න ඒකම මදෑ. පිරිසිස්දු කම මොනා උනත් පාර අයිනෙ අච්චාරු කෑවා කියල බඩේ අමාරුනම් හැදෙන්නෙ නැහැ ඒක නිස කවුරුත් පාර අයිනෙන් අච්චාරු කන්න බය වෙන්න නම් ඕනේ නැහැ. කටට උනන කෙල ටික ගිල ගිල තමා මේක කියෙවුවෙනම්

    ReplyDelete
  7. Umbath ithin ekthara akarayaka achcharuwak thamai............dakkahama ape moona ambul wela yanawa..........heheheheeee..........

    ReplyDelete
  8. ඕනම පළතුරකින් අච්චරු හදන්න බැරිකමක් නැහැ මන් හිතන්නෙ. පේර වගේ හයිය ජාතිනම් යන්තම් කොටල ගන්න කෙසෙල් වගෙ මෙලෙක් එවනම් කොටන්න යනනෙපා කෑලි කපල ගන්න. එතකොට ඕනේ එකකින් අච්චරු හදාගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  9. @ maranaya - ඇත්ත ඇත්ත අපි කෑම අතිං බොහොම ඉහලින් ඉන්න රටක් තමයි....මම මෙතන කිව්වේ පලතුරු ගැන විතරයි...ඒත් බත් එක්ක කන්න පුළුවන් අච්චාරු කොච්චර තියනවද ? මම නම් මැලේ අච්චාරු වලට හරිම පෙරේතයි...අනේ මට අමතක උනා පේර අච්චාරුත් මම කාලා තියෙනවා..කෙසෙල් නම් නැහැ....අයියෝ කවුද පාරේ අච්චාරු කන්න බය මම නම් මාර ආසයි..පෙරේදත් කෑවා..ආයේ කවද කන්නද කියලා අපේ එක්කෙනත් අරන් දුන්නා ඉතිං හිකිස්

    @ kavi - ane thankyou.....(oka awilla pehedili irisiyawa :p)

    ReplyDelete
  10. මාත් කෙසෙල් ගැන කිවුවෙ නිකන් කවුරුත් කෙසෙල් අච්චරු try කරන්න යන්න නම් එපා මොකද කෙසෙල් වංගෙඩියෙ දාල කෙටුවොත් අච්චාරු කෙසේ වෙතත් කෙසෙල් බීමක් වගෙ දෙයක් නම් හදාගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  11. @ maranaya - පෙති කපලා අරන් නම් හදන්න පුළුවන් වෙයි ඒත් රස පිළිබද ගැටළු එයි ...මොකද කෙසෙල් වලත් වර්ගය අනුව රස වෙනස් වෙනවානේ..හැබැයි මම පොඩි කාලේ කෙසෙල් වලට සීනි දාලා කාලා තියෙනවා...තව මිරිස් හොදියි බතුයි කන වෙලාවට කෙසෙල් ගෙඩියක් අනාගෙන කාලා බලන්න

    ReplyDelete
  12. Mmmmmm.... dan nam kannamai hithenne.... man lankawata ena nisa achcharu kanna puluwan bada palenna...mamath oya achcharu kanna nam hariiiiiiiiima asai...podi kale witharak nemei danuth kanawa...eka nam epa wenne na...:D
    mehetah enawa weralu, aba,diwul... mamath ithin genath hadanawa achcharu...mmmm....
    ithin oyawa me sare nam kohoma hari daka ganna labei ne... :P

    ReplyDelete
  13. කාන්තා පාර්ශවයට අඹුල් කෑම ජාති කන්න අසා වෙන්නෙ එක කාලෙකටලු. මෙයත් මේ අඹුල් ජාති ගැන ලියන්නෙ ඒකද මන්ද? අනික එදා කෑවත් කිවුවනේ

    ReplyDelete
  14. @ Kanch- ane amme oyage belilla.. den kii parak lankawata awada? apita choco thiya eka satha panahe toffee ekak genawada? perethi..!

    @ Maranaya - හපෝ පික්සුද? මම සුට්ටන් කාලේ ඉදන් ඇඹුල් කනවා සියඹලා වලින් පටන් අරගෙන ඕනිම දෙයක් ලුණුත් එක්ක කන්න පුළුවන් නම්....හිකිස්...ඉතිං එදා මම තනියෙන් කෑවේ නැහැනේ මට නම් අවුලක් නෑ..අනිත් කෙනාට මොනා හරිද මන්දා...වෙරළු අච්චාරුව ඉල්ලන්නත් කලින් දැක්ක ගමන් ගත්තා එයා ආසයි කියලා :P

    ReplyDelete
  15. oya hama ekama mama kaala thiyanawa.
    dewl achcharuwata kiyanne dewl sambole kiylala mata mathaka widihata.
    harima dukai lovi gaha gana. akka siyambala hodda hadala thiyanawada?
    ekath maara rasai puluwan unoth ammigen ahala kiyannam! :D

    ReplyDelete
  16. @ Haresh - ඔයා නිකං හිටියත් ඉන්නේ නිකං වෙරි වෙලා වගේ නේ :p

    @ Asi - ah diwul sambole...wena ethi malli peththen peththata wenas wenawne.... siyabala hodda kiyanne thumbun hodada? ara thunapana wediyen daala siyabala karapincha ehema yahamin daala hadanne ekada? eka nam mamath beela thiyanawa. e erenna wena ekak nam danne nehe

    ReplyDelete
  17. @ Haresh - ඔව් ඔව් ඔය වෙරි එක අගට එක එක ඒවා එකතු කරලා ගන්න ඕනි වෙරි රූඩ්..වෙරි බෑඩ් වගේ ඒවා :p LOLZzzzz

    ReplyDelete
  18. @Ok - හපෝ හිතන් ඇති එහෙමයි කියලා හොදයි වෙන නැත්නම් !

    ReplyDelete