Tuesday, May 19, 2009

මම සතුටු වෙමි නමුත් යුද්ධය අළුත් වී ඇත


මේ ගෙවෙන්නේ අපේ රටේ හැම අස්සකම මුල්ලකම සිටින ජනතාව ප්‍රීතියෙන් ප්‍රමුදිතව ගෙවන දින කිහිපයකි.. ඉතිං මාද සතුටු නොවී කෙසේද? ජනතාවගේ සතුට කෙතෙරම්ද කියනවා නම් දොරින් දොර මාවතින් මාවත ජාතික ‍ධජ ලෙලදෙන්නේය... පාපැදියෙන් පටන් ගන්ගෙන අන් සියළුම වාහන වර්ග වලද කොහේ හෝ ජාතික ධජයක් ලෙලදේ කොටින්ම ඒ පෙබරවාරි 4 වන දින සාමාන්‍යයෙන් සැමරෙන නිදහස් දිනයේදීවත් නොදකින්න ලැබෙන තරමේ ප්‍රමාණයකි‍.... හංදියෙන් හංදියේ කිරිබත් කැවුම් කෙසෙල් ගෙඩි කමින් ජනයා සතුටු වන්නේය....වාහන වල නැගි තරුණ පිරිස් ජයගොස නගිමින් මාවත් දිගේ යමින් සතුටු වන්නේය... සියල්ලෝ සමරන්නේ අභිමානවත් නිදහසකි... ඉතිං සියල්ලෝ සතුටු වෙති‍‍‍.... බුදුන්ගේ දහමින් ආශිර්වාද ලද්දාවූ අප දේශයේ අති මහත් බෞද්‍ධයෝ පවා කෙනෙකුගේ මරණයේදී ප්‍රීති වෙති‍... ඒ ආගමට පෙර රට නිසා විය යුතුය.... දේශප්‍රේමී..ජාතිඅනුරාගී ගීත සෑම ගුවන් විදුලි, රූපවාහිනී නාලිකාවකම ප්‍රචාරය වන්නේ තරගයට මෙනි.. ඒ අන් කිසිවක් නිසා නොව ජාතියේ ප්‍රධාන සතුරා මරාදැමූ සතුටයි...උදා වූ නව නිදහසේ ජයගොසයි...!

මම ද ශ්‍රී ලාංකිකයෙක්මි.. මටද සතුටුය... නමුත් ඒ වෙනස් විදියේ සතුටකි... අවංකවම කියන්නේ නම් මම කිසිදු ආකාරයේ මරණයකින් සතුටු විය හැකි මනසක් ඇති කෙනෙක් නොවෙමි.. ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන් ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...! එනිසා මම නිෂ්ශබ්ද වෙමි... නමුත් මම සතුටු වෙමි... ඒ වෙනත් කරුණක් නිසාය...! ඒ කවදා ‍හෝ නරඹන්නට යන්න මා සිතා සිටින සංචාරක ස්ථාන ලේඛනයට අළුත් ස්ථාන තොග පිටින් එක් වන නිසාය... යාපනයේ මිදි ලාබෙට කන්න ලැබෙන නිසාය... යාපනයේ තල් හකුරු සමග කොට්ටකිලංගු රස කර කර කන්නට ලැබෙන නිසාය... නිස්කලංකව නිලාවැලි වෙරලේ සති අන්තයක් ගත කරන්නට... ‍ආරුගම්බේ සිට උදා හිරි සේම බැස යන හිරු නරබන්නටද මින් පසු වීසා ගැනීමට අවශ්‍ය නොවන නිසාය...! තරුණ පුතුන්ගේ සීල් කල මිනී පෙට්ටි මින් පසු ගමේ ගෙවල් වලට නොපැමිණෙන නිසාය..! එනිසා දිණු නිදහස මම සතුටින් සමරමි.

ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූති කරන්නේ යුධ පෙරමුණේ සටන් වැදි පළමු ආරක්ෂක වළලු වල සටන් වැදි සාමාන්‍ය සෙබලන්ටයි... මක්නිසාද යත් සමන් කුමාරලා සුජිත් විදාණපතිරනලා ආලිංදියට ගොඩ වැදී අපට පෙන්වූ රූප ප‍ටිගත කරන්නට‍ පෙර එම භුමියේම සටන් වැද මිය ගිය මළ සිරුරු ඉවත් කර පිරිසුදු කර අපට නරඹා ප්‍රීති විය හැකි පරිසරයක් සැකසුවේ ඔවුන්ගේ දෑත් වලින් බැවිනි. ඉන් පසුව සියළුම ත්‍රිවිධ හමුදා සේනාංකාධිපති වරුන්ටත් සියළුම වර්ගයේ නායකයන්ටත් ආරකෂක ලේඛම් හා ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත වෙමි. එසේම බදු මුදල් ගෙවමින් කරක් උසට නැගි බඩු මිලෙන් හෙම්බත්ව සියල්ල දරා සිටි ජනතාවට ස්තූතිවන්ත වෙමි..!

සියල්ල අවසානයේ මට කීමට දෙයක් ඇත එනම් තවම යුද්ධය නිමා වී නැති බවයි..‍විදේශයන්ටවී සිටින කොටින්ගේ බළල් අත් තවම හරිවැටී ඇතුවා පමණි.. ඒවා යලි ප්‍රකෘති වීමට අප ඉඩ නොතැබිය යුතුය.. කෙළඹ හා අවට තවමත් මරාගෙන මැරෙන කොටියන් හා කොටි දෙනුන් සිටිය හැක.. ඒ සියළු බාධක වලින් රටක් ලෙස අප සටන් කර යුතුව ඇත...!

එසේම නිදහස් නිවහල් ජාතියක් ලෙස ‍නෑගී සිටිමට ‍අප අවසන් කල යුතු තවත් යුද්ධයක් ඇත. අවසානාවට එයට ඉලක්කයක් නැත. නමුත් බලකායක් ඇත. ඒ ආර්ථිකය වෙනුවෙන් ශ්‍රම බලකාය සටන් වැදිය යුතු යුද්ධයයි. පාසැල් ශිශ්‍යයාගේ පටන් සියළුම අංශ දක්වා අළුත් යුද්ධයට සුදානම් විය යුතුය.. අත ඇති කුමන හෝ ආයුධයක් ගෙන අප ඒ සටනට එක් සිත්ව සැරසිය යුතුය! බිලියන ගණනින් ගෙවා දැමිය යුතු ණය මුදල් මතින් අප රට හෙම්බත්වී සිටින්නෙමු... සංවර්ධණයේ පහළ මට්ටමේ සිටින අපි ඉහළට යායුතුය...! ඒ යුද්ධය නිමා වන දා අප සැබැ නිදහස් නිවහල් ජාතියක් වනු ඇත...! අද ජනපතිගේ ප්‍රකාශය ඇසීමට රටේ බොහෝ අංශ වල වැඩ කටයුතු නතර වී ඇත. ජනයා රූපවාහිනී ගුවන් විදුලි අභියස එය අසමින් සිටින මොහෙතේ ගෙවී යන්නේ පලදායී ලෙස යොදාගත හැකි මිනිස් ශ්‍රම පැයයි‍‍..! එම නිසා හදවතින් නොව බුද්ධියෙන් නිදහස භුක්ති විදීමට අප අදිටන් කරගත යුතුය...! අවසානයේ ‍කොටි ‍උණ්ඩයෙන්ම මිය ගිය කිදිර්ගාමර් මහතා අමාරුවෙන් සිංහල වචන ගැට හසමින් කල ප්‍රකාශයක් මම සටහන් කර තබමි " අපි වේගයෙන් වැඩ කරන්න ඕනි..."

මෙම ලිපිය ලිවිම පිනිස නිවා දැමු ගුවන් විදුලියේ ජනාධිපතිගේ ප්‍රකාශය නැවත ක්‍රියාත්මක කර මම වැඩ කරන්න යමි..යන්නට පෙර ලියමි..
"බැටන් එක යුද හමුදා බලකායෙන් ශ්‍රම හමුදා බලකායට මාරු වී ඇත... දැන් රේස් එක ඇත්තේ අපේ අතේය...."




මට කලින් ලිව්ව අයගේ ලිපි - සුදාරක
චමිල

Wednesday, May 13, 2009

දතේ අමාරුවට ලිව්ව කවිය




දවසට තුන් සැරයක් දත් මදින මට
අයියෝ පල දෙන්නේ මේ කුමන පව
රිදෙනවා අම්මෝ රිදෙනවා මගේ කට
අලුතෙන් දතක් එනවා මගේ හක්කේ අග


කරාබු නැටි අරවා මේවා තියන ගොඩ
එක එක ජාති ‍දත් බෙහෙතුත් ති‍බේ ‍ ගොඩ
හොදම බුරුසුවක් හොයලා මදින කට
ඒත් අම්මෝ හොදටම රිදෙනවා දත


ඊයේ හවස සොයා ගියා ඩෙන්ටිස් ව
වහලා එයාලා ඉන්නා තුන් පොළ ම
අ‍රගෙන ඇවිත් ෆාමසියෙන් දුන් බේ ත
බීවම අඩු වෙලා ගියා මගේ අමාරු ව


මහ රෑ ජාමේ ආයෙත් ඇහැරුනා මට
තරු විසි වුනා දත රිදෙන කොට
‍බෙහෙතුත් ළග නැති වුනා මගේ පවට
හයියෝ අළුත් දත් නම් ආයෙත් එපා මට


මලී
13052009





Tuesday, May 12, 2009

Branded as a Lunatic - OFFICIALLY.


It's an age old rivalry ... between the Gods and the Demons !

It's a rivalry of Titans !

It's the rivalry of Wise over Wits !

What am I talking about ? ... The rivalry between Doctors and Lawyers !

The annual Doctor - Lawyer ball at the end of the year stands as a silent witness for it. Where we (the lawyer) men look at the Doctor ladies and go "oooooohhh....... fetish piece of ass... let's fuck em" .. while the lady docs look at us and say "RUUUUN.. here comes the WOLF pack"....

Ironically.... it's also the place where the Doctor MALE's look at the lady lawyers and go "oooohhh... wits of ass all around... let's fuck em" ... for which the Lady lawyers say "RUUUUNNN... here's comes the IDIOTS" ...

What ever said and done... Lawyers need Docs when we get ill.. and they need us when they fuck the patient and get caught !
------------------------------------------------------------------------------

Ok, saying all that.. let's get into the real topic of this entry.

I am branded as a lunatic ! ... Really.. I mean for REAL ! by a motherfucking DOCTOR ! can you believe that ?

The story which lead to the whole issue of this branding is long and twisting..... but if I were to index the so called "Road to Eden" on my account of events.

I have an addition of sex ! yeah !.. no surprise there ! .. but be noted that it's not "SEX" that I am after ! anything that's ranging from the uncontrollable desire to rape a woman to the minor yet uncontrollable urge to stare at each and every woman is branded as an addiction for sex (shhheezzz.. yeah.. doctors and their fucking definitions !.. a guy can't even stare at a woman's ass without some dick head doctor branding it as a sickness and giving it a name like "hyper-ass-mania" or some bullshit like that)

ok.. moving onwards again !


I never knew I had this sort of a problem.. let along imagined that I would need to really go and see a doc about it. But, there was a time when Nash_Node had a beautiful girl by his side ! (sigh) .. a woman to be more factual.. and she was someone (or the only one of many....many..many) that Nash_Node actually fell head over his heels in love. To be the sissiest of all, Nash_Node even went far into roaming the fantasy world of marrying her and having children..a.k.a A FAMILY !

Yet, whole of that beautiful world came to a nose dive crash when she left Nash_Node... even without a skipping a heart beat. Nash knew that he cannot blame her ! .. after all.. she had a son of her own ! (yeah.. ok.. complicated story.. but she went back to her own country cause of her son)

After which... I = Nash had a complete break down ... a complete deadpool.. a complete blackout of feelings, thoughts and emotions at an insurmountable proportions. I left the house which she and I lived.. took another place for me ! .. I shied away from the world at large for a considerable amount of time... it took time to get back on the feet. Here I must mention "malee" whom never seemed to be tired of listening to my bitching about my life and who was always available with a shoulder to pour my self over ! (which is exactly why I am in her blog contributing... the least I can do for the time she had to listen to all my bitching)

I must confess the matters got worse with the time... and something had switched ! .. and that switching made things worse and seriouse. I was going at 200 kmph at woman ! .. lolz !

Not in a car... emotionally and physically ! after about 3 months... I even stopped my close and incredibly friendly relationship I had with Malee... cause I was scared that I would go hit her as well ( lolz.. ok.. dude... malee.. now you know why I stopped talking to you over the IM and basically dissipated into thin air for a long time.... even now come online or talk to you when and only it's needed... casue.. as a friend.. you are more precious to me than many)

So... yeah.. that was my problem (though I never accepted it as a problem) .. for the last 1 year, I have lost the count of woman I had been with (no prostitutes). The worst part is... non was emotional. ! everything was raw and physical.. almost of the basic animal fury !

And the amount of emotional pain I might have bought upon all those poor woman is just incredible.. and I am seriously going to pay for all that someday by some mean one way or another.. I know !

So.. who came to my rescue !

who else... my mother !

She forced me to go see a doctor..... obviously she sees her boy wasting his life trying fill a void that was left open by another woman !

So.. I did ! .... Three weeks ago !

and I was officially branded a Lunatic ! ... a sex addict ! .. a man with a uncontrollable impulse to have sex with any woman he visually appreciates !.. the worst part was... I CAN ! ... envy me.. .. I can and I am someone with an almost a god's given gift when it comes to women and flirting !.. so I CAN.. and I do it ! (the above para does sound a bit boasting.. but I assure you .. it's NOT)

I was branded at the same classified section of people who has Gambling problems, Obsessive Eaters, Addicted drug users and get this... the classified section as SERIAL RAPISTS !

and I was given a drug... yeah.. a DRUG to control my emotions in the brain !

Do you know how fucked up it feels ? .... you take a pill in the morning to fuck your brain.... instead of you fucking someone else !

HOW bloody fucked up things can be? ... shit man.. I tell ya... complete utter shit feeling !

Now I... take a pill.. each day in the morning for an expected duration of 1 year to cure me !

So the ultimate question is.. had it have any effects?

Apart from the apparent loss of appetite... I am yet to see a solid difference in me !

But then again ! .. as the joker says... "WHY SO SERIOUS SON?"... I am a lunatic ! .. a branded and an official one as well... So be afraid.. be very afraid to associate with me !

Thursday, May 7, 2009

Obituary

Principal - Devi Balika - of Colombo 08, SL- Formerly of Education Ministry and residing in Devi Balika staff quarters was called upon by the Lord (Public Services Commission) on 6th May 2009. Dearly beloved of one Jobless (but highly politically connected) husband and loving mother of two stupid young girls. More well hated principal of the Devi Balika Vidyalaya and much much much hated dictator of the students were firmly terminated from services with immediate effect from 6th May 2009 by the Public Services Commission on alleged money frauds and miss using powers vested on her. The kicking out ceremony had already taken place and may load have mercy on that poor stupid soul.


Right...moving on...
why I did this and made a personal comment on this issue?

This is absolutely wonderful neck breaking super duper work from a public commission I had heard after a long time... damn long time.

It's ironic that we have to praise the work of government, where these should be done by default.. but with the politics getting into everything, such stern and rock solid decisions are hard to come by and witness. This principal and 4 others had been accused of mismanaging / swindling and accepting of bribes both monetary and financially over the past 1 year time.

Since this case had come up, incredible amounts of political pressure bolted out in from of the education minister even going upto the level of "DA BOMB = PRESIDENT".

But.. surprise.. surprise.. the officials of the Public Services Commission whom had conducted the investigation (1 year long) and minted out the decision to interdict all these 5 people's services... they had stuck to their decision and shot down any pressure or opposition for their final verdict.

Bravo Gentleman !

Super show ! .. that's the way you all have to be in the government service... couple a more of you and we can get back to the "Premadaasa" era of public administration and government service !

Monday, May 4, 2009

මේ ගිරවාට සහනාධාර දෙන්න.

හරි අනම් මනං කථා නැතුව අපි කෙලින්ම කථාවට බහිමුකෝ... මේකයි සිද්ධිය. ගිය සෙනසුරාදා (2) හවස අපේ ‍අයියා කෙනෙක් අපේ ගෙදරට ‍පොඩි පෙට්ටියක දාගෙන මොකක්දෝ මංදා අරන් ආවා. අපේ තාත්තා ටීවී බල බලා හිටියේ. ඔන්න අර අයියා ගෙදරට ගොඩ උනේම "ලොකු මාමේ මේ ගිරා පැටියෙක්‍‍... "කියාගෙන. මාත් ඉතිං හිටිය තැනින් සුරුස් ගාලා ගිහිං බැලුවා. අනේ ඔව්මයි පොඩි ගිරා පැට්ටෙක්‍. අපේ ගෙවල් හරියේ පොඩි මල්ලිලා ටිකක් එකතු වෙලා වෙසක් ‍එකට සව් දන්සැලක් දෙන්න යනවා. ඉතිං ඒකට අධාර එකතු කරන්න යනකො‍ට පාළු වත්තක් හරියේ පාර අයිනේ වැටිලා ඉදලා තමයි ගිරා පැට්ස් ව හොයාගෙන තියෙන්නේ. ගෙනාවට ඉතිං තියාගන්න කවුරුවත් කැමති නැතිව අපේ අයියට දීලා. එයාටත් ගෙනියන්න බැරිලු එයාගේ ‍ගෙදර පූසෝ ඉන්නවා කියලා.

මාත් ඉතිං කථාව දැන ගත්ත ගමන් සුරුස් ගාලා ඇහුවා. "අනේ අපි මෙයාව තියාගමුද කියලා.." තාත්තා නම් කිව්වා අපි තියාගන්නේ කොහොමද අපේ පැටී (අපේ බලු කික්කි) එක්ක කියලා.. මං කිව්වා මං මගේ කාමරේ තියා ගන්නම් කියලා.. අම්මා කිව්වා තියාගත්තට කමක් නෑ හැබැයි ගිරා ට මොනා හරි උනොත් අඬන්න බෑ කියලා.. මං හා කිව්වා.. දඩි බිඩි ගාලා පරණ මුට්ටියක් හොයාගත්තා.ගෙදර කොහු වගයක් තිබිලා ඒක පතුලට දැම්මා.(අයියා තමයි ඒ වැඩ ටිකට‍ උපදෙස් දුන්නේ) ගිරාව පෙට්ටියෙන් අරන් මුට්ටියෙන් තිබ්බා. හරේ..... දැන් එයා ජිවත් වෙන්නේ මුට්ටිය ඇතුලේ..



තාත්තා කිව්වා එයාට කිරිබත් කවන්න කියලා.. ඉතිං ඒ හදිස්සියේ කිරිබත් සුට්ටකුත් හැදුවා. හැදුවා වගේ නෙවෙයි නේ ගිරාට තනියම කන්න බැහැ නේ.. ඉතිං මම හදන්න බාර ගත්ත නිසා ඉතිං මම ම කවන්න පටාන් ගත්තා... හපොයි.. කට සුට්ටක් ඇරලා කෑම දැම්මම මේකා එළියට දානවා.. ඉතිං සෑහෙන්න ගේමක් දීලා කවා ගත්තා..

මෙන්න කාලා පැය භාගයක් ගියේ නෑ මේකට කැවට පස්සේ හයිය ඇවිල්ලා.. අතගාන්න හද‍නකොට කොටන්න පනිනවා. ඒ වුනාට දැන් නම් මගේ කට හඬට ටිකක් පුරුදුයි වගේ... හැබැයි තාම සැජ්ජයි එයා...

අදට එයා ‍අපේ ගෙදරට ඇවිල්ලා දවස් දෙකක් වෙනවා... තාම ඉන්නේ මුට්ටියේ.. තාම පියාඹන්න බැහැ. බෙල්ල වටෙයි කකුල් වලයි පිහාටු වැවිලා නැහැ. මට තියන එකම දුක තමයි එයාව කූඩුවකට දාන්න වෙන එක. මම කූඩු කරලා සත්තු හදන්න කැමති නැහැ. ඉතිං මං හිතන් හිටියේ එයාට පියාඹන්න පුළුවන් උනාම යන්න අත හරිනවා කියලයි. ඒත් අම්මලා කියනවා ගෙවල් වල හදලා අත හරින සත්තුන්ව ආපහු ගිරා රෑන් වලට එකතු කර ගන්නේ නැහැල්ලු‍. කොටලා කොටලා තුවාල කරලා දාලා යනවලු.

ඉතිං දැන් මට දන්න කියන අයගෙන් උදව් ඕනි. මෙයාට ඉක්මනට පිහාටු වැවෙන්න මෙයාලා සාමාන්‍යයෙන් ආහාරයට ගන්න දේවල් මොනවාද?
ගිරවෙකුව කූඩුවකට දාන්නේ නැතුව ගෙදරක හදන්න පුළුවන් පහසු විදි තියනවාද? තිබේ නම් ඒ මොනවාද?
අනික් වැදගත් ම දේ තමයි මේ ගිරා බබාට නමක් නෑ... අනේ මේක කියවන කෙනෙක් ඉන්නවා නම් අනේ මේ ගිරවාට නමක් දෙන්න‍‍..