Sunday, April 1, 2018

ස්විච් - පත්තු කරලා දුන්න හැමෝම වෙනුවෙන්




පහුගිය 28 වෙනිදා ඉඳන් මේ වෙනකල්ම පුදුම කලබලේකින් දවස් ගෙවෙන්නේ.. ඉස්පිරිතාලෙක ජිවිතේ කියන එක කොහෙත්ම අමුතු දෙයක් නොවෙච්ච මට දැන් මගේ කෙනෙක් බලන්න තුන් වේල ඉස්පිරිතාලෙකට යන්න වෙනකොට ඒක හරිම අමුතුම හැඟීමක්...! ඒ උනාට හෙටින් පස්සේ එයා ආයේ ගෙදර එයි කියලා හිතෙන නිසාම අද අමුතු සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා සෑහෙන කාලෙකට පස්සේ තනියම සිගරට් එකක් පත්තු කලා.. !

එතන වැදගත්ම වචනේ සිගරට් නෙවෙයි.. තනියම කියන එක! මොකද මගේ සුරාවල් දුම් කතන්දර සේරම එන්නේ මගේ යාළුවෝ එක්කමයි. බන්ඩල් එකක් විදියට. කොයි තරම් සතුටු උනත් කොයි තරම් දුක් උනත් කවදාවත් තනියම බොන්නවත්.. තනියම සිගරට් එකක් පත්තු කරන්නවත් මම කැමති නෑ. මම අකමැති තනිකමට නෙවෙයි. මම අකමැති තතියම සෙට් වෙන එකට!

එතකොට ඇයි අද තනියම..?

අද නෙවෙයි පහුගිය දවස් ටිකම හිටියේ තනියම.. සිගරට් එකත් එහෙමම තනියම පෙට්ටියේ හිටියා. ඒක මමත් දැනගෙන හිටියා. ඒත් ඒ මොහොත ආවේ නෑ! නැතුව ඩන්හිල් ස්විච් එකක් දිහා බලබල බකං නිලං ඉන්න තරම් මම  හොඳ ලමයෙක් නෙවෙයි නේ. මම දන්නවා මේ ලෝකේ හොඳම සිගරට් පැකට් මට දුන්නත් මම එකේන් එකක් අරං එක පෆ් එකක් අරං ඉතිරි ටික කාට හරි දෙනවා.. කන්න එපා කියලා චොකලට් පෙට්ටියක් දීලා ගියොත් කෙල ගිල ගිල හරි ඒක නොකා ඉන්නවා. හැබැයි ඩන්හිල් ස්විච් එකක් ලඟ කට කොනකින් හිනාවක් එක්ක මොන මඟුලකටද මේක නිකං තියන් ඉන්නේ කියලා අහන එක අහනවා. ඒ කියන්නේ ඉතිං එකින් එක.. හෙමින් හෙමින් පැක් එකම හරි ඉවර කරනවාමයි කියන එක.

ඇත්ත "දුම් බීම සිරුරට අහිතකරයි". "රජයේ අවවාදය දුම්බීම පිළිකාඇති කරයි" ඔව්වා හිස් මුදුනින් පිළිඅරගෙන තාත්තලට බණ දේසනා කරපු ළමා කාලෙකුයි.. අපෝ සිගරට් බොන කොල්ලෝ/කෙල්ලෝ හෙනම චාටර් කියලා කියපු කාලෙකුයි අපි හැමෝටම තියනවා. ඒත් ඒවා වෙනස් වෙනවා. අපි හිතන පතන විදි මොහොතින් මොහොත වෙනස් වෙනවා වගේ. සිගරට් බොන මිනිස්සු සිරා වෙලා අනිත් උන් චාටර් වෙන එකවත්.. නොබොන උන් සිරා වෙලා බොන උන් චාටර් වෙනවා කියන එකවත් නෙවෙයි මේ කියන්නේ. හැමෝටම තේරීම් තියනවා කියන එක කියන්න. ඒ තේරීම් හරි හෝ වැරදි වෙන්නේ ඒක අපි අපේ කොණෙන් බලන නිසයි. කොයි තරම් කොහොම උනත් අපිට තව කෙනෙක් ගේ කෝනෙකින් දෙයක් බලන්න බෑ වගේ. අපිට පුළුවන් හිතන්න.. ඉමැජින් කරන්න විතරමයි.. එහෙම නැත්තං ගෙස් කරන්න. ඒ ඇරුනම හරි හෝ වැරැද්ද කියන දේ සාපේක්ෂයි.

යන්තං සන්තං අවුරුදු 31ක් ජිවත් කරගත්ත ජිවිතේ අස්සේ මම වැඩියෙන්ම සැහැල්ලු වෙන මොහතෙ තමයි  මින්ට් රහක් එක්ක සුදුපාටත් නැති අළු පාටත් නැති දුම් ටික ඇඟ ඇතුලට අරගෙන පිට කරලා දාන මොහොත! තාමත් ඒ තරම් රිලැක්ස් කරන්න පුළුවන් වෙන දෙයක් හොයා ගන්න බැරි උනා. මම අකමැතිම මගේ ස්විච් එක ඉවර වනෙ එකට. මොකද ඒකේ රස්නේ මගේ මූණට... ඇඟිලි වලට දැනෙනවා.. එතකොට මම දන්නවා මේ සැහැල්ලුව දැනෙන්නේ තව ටික මොහොතයි කියලා.. ඒක හරිම දුක හිතෙන මොහොතක්!

අදත් ඒකම තමයි උනේ..!!! අපරාදේ! ඇයි මේවා තව දිගට හදන්නේ නැත්තේ??? හරියට මයිලෝ ඩ්‍රින්ක් එක බොන්න ගත්ත ගමන් ඉවර වෙනවා  වගේමයි!! එහෙම උනාම වෙන්නේ මේ වගේ අවුල් වෙන එක! එතකොට මනෝ විකාර ඔළුවට එනවා.. ඉතිං මම හිතුවා අද මනෝ විකාර ටික මගේ ආදර ඩන්හිල් ස්විච් වෙනුවෙන් හා  හුළං එන අවුඅස්සේ මට සිගරට් පත්තුකරගන්න බැරි වෙන මොහොතවල්වල මං වෙනුවෙන් ඒවා පත්තු කරලා දුන්න අපේ ගෙදර එක්කෙනා ඇතුළු යාළුවෝ හැමෝටම ලොකූ ස්තූතියක් පලකරන්න!

මචං/මචී ලා තෑන්ස්!




5 comments:

  1. මට කල්පනාව පිට සුවිව් එක කඩාගන්න අමතක වෙන වාර ගණන වැඩියි. ඉන්දුනිසියන් කුරුදු සිගරට් එකක් තියෙනව ඒක මරු. නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. හප්පා..ඒක හරිම අපරාද වැඩක්! මම නම් පත්තු කරනකොටම කඩනවා...

      සිනමන් සිගරට් ලංකාවෙදි වතාවක් ලැබුනා සිනමන් රෙඩ් වැඩකරන යාළුවෙකුගෙන්...

      Delete
  2. ඩන්හිල් ස්වීච් අයි ලව් යූ

    ReplyDelete
  3. බායක් නිකම් ගහල අන්තිම හරියෙන් ස්වවිච් එක දැම්මම පට්ට.

    ReplyDelete