Friday, January 17, 2014

ගම්මිරිස් මෝල





හුරේ... අද මට මේ අවුරුද්දේ පළවෙනි තෑග්ග හම්බඋනා.. ගම්මිරිස් මෝලක්! :D

සෑහෙන කාලෙක ඉඳන් මම මේක ලංකාව ඇතුලේ හෙව්වේ... ඔය රටපිට නාලිකා වල යන කෑම වැඩසටහන් ගැන කෙළ හලන මගේ හැම යාළුවෙක් ගෙන්ම අහලා අහලා උන් කිව්ව හැම තැන් වලින්ම භාගයකටත් වැඩි තැන් වලට ගිහින් මට මේක හොයාගන්න බැරි උනා..

මේ ලොකේ අස්සේ තියන හැම කුණු ගොඩක් ම තියෙන පිටකොටුවේ කඩ අස්සෙන්වත් මට හොයාගන්න බැරි උනා.. මගේ වෙලාවද නැත්තං වෙන කාගේ හරි වියදම් නැකත ඇවිල්ලා තිබ්බේ නැති නිසාද දන්නෙත් නෑ ඉතිං..

සිරාවටම මම උයන වැඩේට හෙන ආසයි... (ගොඩක් වෙලාවට) අම්මත් එක්ක තනියම ගෙදර හැඳුන එකයි ඉස්සරම ටීවී වල ශාන්තා මායාදුන්නේ ඇන්ටිලා එහෙම සෑහෙන්න ඒකට වග කියන්න ඕනි.. අර එයාලා වෙන වෙනම පීරිසි වලට මිරිස් කුඩු ටික පවා වෙන් කරලා හෙන ඇඩ් එක දාලා උයන දේවල් දිහා බලන් ටීවී එක ඉස්සරහා ඉදන් හිතිං  ඒවා හදපු කාලේ ඉදන් අම්මා එක්ක ගල් වංගෙඩියේ සම්බල් කොටලා බිත්තර තම්මබං එහෙම නැත්තං පරිප්පු හොඳියි බුස්ල් අයි කාපු දවල් වල ඉදන් කොටින්ම මට මතක අතීතෙටත් කලින් ඉදං මම උයන වැඩේට ආසයි..

“මෙයා මෙහෙට එනකොට බත් උයන්නවත් දන්නේ නෑ“ කියලා තාත්තා අම්මට දාන නක්කලේ මට කවදා හරි නොවෙන්න වෙන්නත් පුළුවන්...

ඊට පස්සේ පීයෝ ටීවී එකට පිං සිද්ධ වෙන්න ඔය ලෙඩේ හෙනම ඉහට ගැහුවා.. ඒක ඇත්තටම බෝ වෙන ලෙඩක්!

හැඳුවේ නැතත් ඒ දේවල් හදන විදිය.. පාවිච්චි වෙන ටෙක්නික්ස්.. ප්‍රසන්ට් කරන සිම්පල් විදි හැම එකක් අස්සෙම තියෙන මොකක්දේ එහෙකට මම හෙන ආසයි.. නයිජෙලා ලෝසන් එක්ක ජෙමී ඔලිවර් තමයි මගේ මෝස්ට් ෆේවරිට් ජෝඩුව.. ජෙමි අයියාගේ හිනාව විතරක් ඇති බඩ පිරෙන්න!!!!

හැබැටම ගත්තම මම කුකින් ශෝ කරන පිටරට හැම මිනිහටම ආසයි වගේ.. නම් ලැයිස්තු මෙතන පල කරලා නිකං ලෙඩ දාගන්නේ මොකටද...

ඔය මොන කයිකතන්ද කිව්වත් වැඩක් නෑ හැමදාම කන්නේ එකම මෙනු එකනම්!!!
කාන්ට් හෙල්ප් !! අපි ඉන්නේ ලංකාවෙනේ!
රයිස් කියන දේ නැතුව වැඩේ ගොඩ දා ගන්න හෙනම අමාරුයි.. (අපේ තාත්තා අය වගේ එක්ක විශේෂයෙන්.. එක්කෝ බත් නැත්ං චා පා ති!!!!! )

ආයේ මුළටම ගියොත් අර ගම්මිරිස් මොල මට හෙනම වැදගත් වෙන්නේ හැම බත් වෙලකටම සලාදයක් තියෙනවා නම් මං හෙනම ආස හින්දයි.. සලාද විතරක් නෙවෙයි ගම්මිරිස් එන කොයි කෑමටත් එවලේ කොටපු ගම්මිරිස් දාන එක තමයි මම හැමවෙලේම අනුමත කරන්නේ.. මොකද එවලේ කෙටුන ගම්මිරිස් ඇටේක අමුතුම ටේස්ට් එකක් තියෙනවා මට..

මේ තාක් කල් ඉතිං මම කරන්නේ කෑම හදන හැම වෙලේම පොඩි වංගෙඩියට ගම්මිරිස් දාලා කොටන එක.. සහයට ඩැනී ඉන්න දවස් වලට ඒක එයාගේ ජොබ් එක! ඉතිං හැමදේටම ඊසී ක්‍රම හොයන මගේ සහයට ඩැනීගෙන් මට හම්බඋන තෑග්ග තමයි ගම්මිරිස් මෝල

මමත් දැන සෙලිබ්‍රෙටී චෙෆ් කෙනෙක් වෙන්න හෙන ළඟයි වගේ..

මට කලින් වෙච්ච ලෝකේ ඉන්න අනිත් අය ගැන දැන ගන්න ඕනි නම් යන්න මෙතනට 

මං ඉස්සර හදපු කෑම වලට කෙල ගිලින්න මෙතනින්  මෙතනින් මෙතනින් මෙතනින් 


ඔලිවර් අයියා....! 

12 comments:

  1. උදේම ඔයාගෙ කෑමට කෙල ගිල්ලා. රහත් ඇතේ නේ ...

    ReplyDelete
  2. මෙක ගැන විස්තර කියපු එකට තැන්කිව්. මාත් ඕඩර් කලා...

    ReplyDelete
  3. අනෙ අම්මේ... මාත් ඔය කෑම හදන ෂෝ නං බලං ඉන්න හෙන ආසයි... හැබැයි ඉවිල්ලට නං පුදුම කම්මැලියි... බොරු මොකටද ඉතිං... බොහොම කළාතුරකින් තමයි අමුතු කෑමක් හදන්නෙ... හි හි

    ReplyDelete
  4. කොහෙන්ද මේ මෝල හොයාගත්තෙ..?

    ReplyDelete
    Replies
    1. http://www.ebay.com/sch/?_nkw=pepper%20grinder&clk_rvr_id=574790665734

      Delete
  5. මේක දැකලමයි ආවෙ. ඇත්තටම මේ ජාතියෙ ගම්මිරිස් මෝලක් තිබ්බනම් හොඳයි කියල මාත් හිතන්ඩ ගත්තෙ ටීවී එකෙන් දැකල තමයි :-D
    ඉස්සර මං ආසම ටීවී ඉවුම්පිහුම් වැඩසටහන NDTV goodtimes එකේ විකී රත්නානිගෙ ඉවුම් පිහුම් වැඩසටහන
    http://goodtimes.ndtv.com/Ndtv-Show-Special.aspx?ID=638
    විකීගෙ ගම්මිරිස් මෝල කරකැවිල්ල තමයි සිත් ඇදගන්නෙ.
    ඊට අමතරව එතන තියෙන පුංචි පැළයකින් එයා කොළයකුත් කඩල අතින්ම කුඩුකරල දානව විවිධ කෑම හදනකොට.

    ReplyDelete
  6. මේක දකින ගෑණු ගම්මිරිස් එක්කම වෙන වැඩ වලට ගයිද දන්නෑ.

    ReplyDelete
  7. ශා මලී ශෙෆ් කෙනෙක් කියල දන්නේ අදනේ :)
    මමත් ආසයි උයන්න එක එක කෑම ජාති... ජේමි ඔලිවර් ට ඇත්තටම හරිම හුරතල් හිනාවක් තියෙන්නේ නේද?!! යූටියුබ් එකේ එයා එයාටත් වඩා හුරතල් දූලා දෙන්නා එක්ක පෑන් කේක්, කප් කේක් හදනවා බලන් ඉන්න ආසයි.

    ReplyDelete
  8. මේච්චර කල් කාපු අය නම් කන්න බෑ කියලා ඉතුරු කරලා නම් නෑ නදී.. ඉතිං රස නැතුව ඇති වෙන්න බෑ.

    හොඳමයි එස්. ඒ. විස්තර අහපු කෙනාට විස්තර දුන්නු එකටත් තෑන්ක්ස්

    එදිරිට උත්තර හම්බුඋනානේ?



    හිරූ.. ඉව්වේ නැතුවට ඔයා වෙන වෙන ලස්සන වැඩ කරනවානේ.. ඉතිං අවුලක් නෑ...

    චතුරි මට නම මතක නෑ.. NDTV එකේ කොක්ටේල් ප්‍රෝග්රම් එකක් කලා කොණ්ඩේ කපපු ගෑණු කෙනෙක් ඒක තමයි මම NDTV එකේ ආසම වැඩසටහන.. හයි වේ ඔන් මයි ප්ලේට් එකයි.. චක්ලේ ඉන්දියා කරන කෙනාගේ ප්‍රෝගමුත් මරු නේ? වීකී ගේ පට් පට් ස්ස්ස් ගාලා රස කිරිල්ලයි තමයි නියම!

    අනේ අනුන්ගේ වැඩ ගැන අපි මොකට කරදර වෙන්නද ඇනෝ?

    හයියෝ දූලා දෙන්නෙක් ඇයි නිරෝ ඔයා මගේ හිත බිඳින්නේ??? :((




    ReplyDelete
  9. අද තමයි මෙතනට අවේ..මාත් උයන්න පුදුම ආසයි..හෙස්ටන් බ්ලුමන්තල්, හර්පාල් සිං,නයිජෙලා වගේම...ගැරී මෙහිගන් සහ ජෝජ් කොලම්බැරිස් මගේ ආසම චරිත..
    ඒත්.. අදටත් මගේ අම්ම තමයි මගේ හොඳම ගුරුවරයා...

    ReplyDelete
  10. @ රාමයා. මරු මරු....

    ReplyDelete
  11. interesting! I like ur writing style! gud luck for ur new life as a celebrity chef! ;) even though im nt really a "cooking type of person" i love watching programs like "khana kazana", Master chef, etc! n for a long time i wanted to marry a chef too! :D

    ReplyDelete