Thursday, January 16, 2014

නින්ද ඇති දිනේ...



නින්ද කියන්නේ ජිවත් වෙන හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක් උනාට අපේ එක එක කාලවදි අපි ඒක ලබා ගන්න විදිය වෙනස්.. මම කියන්නේ කාල වෙලාවන් ගැන..

මට මතකයි ඉස්සර මම උදේ හයට නැඟිට්ටා.. රෑ එක දෙක තුන වෙනකම් ඇහරගෙන ඉදලා ආයෙත් පහුවදා උදේ හය වෙනකොට නැඟිටින කාලයක් තිබ්බා..

ඊට පස්සේ රෑ දොලහට විතර නිදාගෙන පාන්දර පහට නැඟිට්ටා..

නයිට් ඩියුටි කරපු කාල වල දවල් දවසම නිදා ගත්තා..

අම්මලා ගෙදර නැති දවස් වලටත් එමමයි..

දැන් මම ගොඩක් දවස් වලට නැඟිටින්නේ පාන්දර හතරහාමාරට.. ඒක ලේසි වැඩක් නෙවෙයි.. එලාර්ම් ම තුනක් තියන්නම ඕනි.. හතරට හතරයි කාලට.. හතරහාමාරට.. ඔය අතරමැද නින්ද අනිවර්යමයි!!! තව ට්‍රැෆික් අඩු වෙයි කියලා හිතෙන සෙනසුරාදා ඉරිදා දවස් වලට විනාඩි පහේ ඉඳන් විනාඩි 15 දක්වා එනර්ජි නින්දක් ගන්න පුළුවන්.. අනිත් දවස් වලට වොශ්රූම් නින්ද තමයි හරියන්නේ..

වොශ්රූම්!

කවුරු උනත් ඒක මුලින්ම හදපු මනුස්සයා දෙවියෙක්ම වෙන්නට ඕනි!

ගොඩක් නිදිමත දවස් වලට විනාඩි දෙක තුනක නින්දක් වොශ්රූම් එක අස්සේ ගන්න පුළුවන්.. පරක්කු නම් කොණ්ඩේ පීරන වැඩක් වොශ්රූම් එකේම කරගන්න පුළුවන්.. ඒ නිසා මගේ කාමරේට වඩා පිරිසිදුවට වොශ්රූම් එක තියාගන්න මම හැමවෙලේම උන්නදුයි.

මම කතා කලේ නින්ද ගැනනේ..

දැන් ඇත්තටම කාලෙකින් හිතේ හැටියට නිදාගන්න ලැබුනෙ නෑ.. කවුරු මොනවා කිව්වත් දවස් ගණන් නින්ද අපේ ජිවිතවලට අත්‍යවශ්‍යයයි කියලා හිතන මනුස්සයෙක් මම.. ඒක අපේ සිරුර යතා තත්වයන් වලට විදියට හදන සල්ලි නොයන බෙහෙතක්!
හැමෝටම ඒ වාසනාව නෑ..

කොටින්ම මට පහුගිය ටිකේ තිබුනෙත් නෑ..

නිවාඩු නෑ.. එක්කෝ නිවාඩු දවසටත් ගෙදර හෝවට වැඩ..

ඒකට උත්තරේ මගේ ඇඟෙන්ම හදාගෙන

හෙම්බිරිශ්ශාවක් එක්ක උණක්..

කොහොමටත් ගොඩක් වෙලාවට හැදෙන දරුණුම අශනීපේ තමයි හෙම්බිරිශ්ශාව!

13 රෑ පාන්දර 2.30ට ඇහැරුනේ උඟුරේ අමාරුවක් එක්ක උණක් දැණුන නිසා හීනෙන්ම පැනඩෝල් දෙකක් බීලා දෝ ගත්තා.. 14 උදේම නැඟිටලා වැඩට ගිහිං පැයක් ගියේ නෑ මට දැනුනා මම හොඳටම අශනීපයි කියලා අත ලඟ දොස්තර ඉන්දැද්දි ආයේ මොනා හිතන්නද බෙහෙයි ගත්තා.. පබ්ලික් හොලිඩේ නිසා දාලා එන්නත් බෑ ස්ටාෆ් නැති නිසා.. බැරි බැරි ගානේ වැඩ ටික කරලා රෑ 9ට විතර ගෙදර ඇවිත් දෝ ගත්තා.. මුළු රෑම.. ඊයේ පෝය නේ ගෙදරත් මම විතරයි හිටියේ දවල් දවසම යකා ගහලා වගේ දොයි..
රෑ අම්මාගේ ඉල්ලීම පිට බෙහෙයි ගන්න ගියත් දොස්තර අංකල් නිවාඩු.. පැනඩෝල් වෙනුවට පැනඩීන් රිපේලේස් කරලා ආයේ රෑ එළි වෙනකල් දොයි..

අද උදේ නැඟිටිද්දිම මට දැනුනා..
දැන් මට හොඳයි!!!!
ඒ උනාට හිත හිත ඉන්නේ නැතුව දැම්මා නිවාඩුවක්!
අද මම ගෙදර.. බැලිනම් අද දානේ දවසක් උදේ වරුවේ එකට උදව් පදව් කලා.. ආයේ නිදාගන්න පුළුවන් වගේ දැනිලා ඇඳට ගියාම බ්ලොග් එක එක්කහ නින්ද මතක් උනා.
මම දන්න කෙනෙක් ඉන්නවා ඉස්සර නොපේ දාගෙන සති ගණන් ශීත නින්ද්‍රාවේ උන්නු.
ඔෆිස් එකෙන් හොයන්න ආවත් වැඩට නොගියපු.. අනේ පව් දැන් එයා වීක්එන්ඩ් එකටත් වැඩ!

හිනා උනාට ඇත්තට නින්ද කියන දේ කොයි තරම් වැදගත් ද?
අපි අපේ දාහක් වැඩකට නැති එක්ස්කියුස් කරගෙන අපිට අවශ්‍යම දේවල් කොයි තරම් පැත්තකට කරලද?

පව් අප්පා අපි!



පිංතූරේ ජාලයෙන්. 

4 comments:

  1. වැඩ කරන තැනින්ද ලෙඩ බෝ වෙන්නේ?

    ReplyDelete
  2. මාත් දැන් නම් වැඩ නැති වෙලාවට වැඩි හරියක් කරන්නේ නිදියන එක තමයි..

    ReplyDelete
  3. මටත් නිදාගන්න ඕනනං කොහොම හරි එකස්කියුස් එකක් හදාගන්නවා. නමුත් නින්දේ උවමනාවත් කාලෙන් කාලෙට වෙනස් වෙනව කියන එකයි මගේ අත්දැකීම.

    ReplyDelete
  4. @ කකා - එහෙමයි කියන්නත් බෑ... එහෙම නෑ කියන්නත් බෑ කකා.. මොකෝ එහෙම නම් එතන ඉන්න සේරම ලෙඩාලා වෙන්න එපැයි.. එහෙම නැහැ නේ ඉතිං..

    නියමයි දිනේෂ්

    ඔව් ඉතිං මිශ්ටර් හරේ වගේ ශීනියර් පොරක් කියද්දි අපිට එහෙම නෑ කියලා වාද කරන්නත් බැහැ නේ ඉතිං...!!!

    ReplyDelete