Sunday, January 12, 2014

මේ දවස් වල පොත්





එක එක දේවල් අස්සේ එහේ මෙහේ නතර වෙවී යන ජිවිතේ ආයෙමත් හුඟක් පරණ පුරුද්දක් එක්ක නතර වෙලා.. ආයෙමත් මම පොත් කියවන්න පටන් අරගෙන.. ආයෙමත් කිව්වට මම කවදාවත් කියවන එක නතර කරලා තිබේබේ නෑ මම හිතන්නේ.. කවදා බැළුවත් බාගෙට කියවපු පොතක් මම ඉන්න කිට්ටුවෙන් කාමරේ අස්සේ කොහේ හරි තිබුනා..

ඔය කියවන පොත් වලින් 95%ක් ම සිංහල පරිවර්තන.. මොන හේතුවක් හින්දද මන්දා ඒ පොත් කිවන්න පුරුදු වෙලා.. කාලයක්ම මම ලංකාවේ අය ලියන ස්වතන්ත්‍ර පොත් අරගන්න එක කොහෙත්ම කලේ නෑ.. ඒ උනාට මේ පහුගිය ටිකේ මට තෑගි ලැබුන පොතයි මම ගත්ත පොතයි දෙකම ලංකාවේ අයම ලියපු පොත්.. ඒ දෙකම කියවලා ඉවර වෙද්දි මට ආයෙමත් පොත් ගන්න එක එපා උනා.. 

මුලින්ම තෑගි ලැබුනේ සැමීගේ කතාව කිසිම හේතුවක් නැතුව ඇත්තට ම ඒක මට අරන් දුන්නේ ඇයි දන්නේ නැහැ.. හැබැයි ඒක ඇත්තට ගත්තොත් පරිවර්තනයක්.. ඒක කොයි විඳියට ෆිල්ම් එකක් කරාද නොදන්න මට හිතෙන විදියට හිතෙන් හොඳට මවන්න පුළුවන් කතාවක්.. 

ඊළඟට ලැබුනේ මේ සොඳුරු දඩබිමෙහි ඒක නම් අපි දෙන්නම එකතු වෙලා රුපියල් 500ක් ඇතුලේ පොතක් තෝරමු කියලා කොටුවේ ගුණසේන එකෙන් ගත්තේ බොහොම හදිස්සියෙන්.. මංජුල වෙඩිවර්ධන පසු සටහන ලියලා තිබ්බ හින්දා මම නම් හිතුවේ හෙනම සිරා කතාවක් වෙයි කියලා.. මගේ විඳිමේ අවුලක් ඇති කියලා මට තේරුනේ පොත කියවගෙන යද්දියි.. එක්කේ මම සිංහල පොත්.. ටෙලිනාට්‍ය බලලා වැඩියි.. මොකද කතාවේ බොහොම ටිකක් යද්දිම වෙන්නේ මේකයි කියලා හිතාගන්න පුළුවන් ඒක ලියපු කෙනා අයිසිං දාලා දෙන විදිය විතරමයි වෙනස් උනේ... 

ඊට පස්සේ මමම ගිහිං අරගත්තා බොරැල්ලේ සදීපා එකේ තට්ටු නැගලා නැගලා කීර්ති වැලිසර ගේ කාලසර්ප. මගේ හඳහන වතාවක් බලපු කෙනෙකුත් ඔය වචනේ කියනවා මටම ඇහිලා තියෙන නිසා අඩුම තරමේ ඒ ගැන වත් ඇති කියලා හිතාගෙන පොත ගත්තා.. ඇත්තටම 2013 සම්මානෙකුත් ලැබිලා තිබ්බ හින්දා බය නැතුව අරං කියෙව්වා... 

ආයෙමත් අර මගේ අවුල මගේ ඔළුවට ගැහුවා..
ආයේ මළත් සිංහල නවකතාවක් නම් ගන්නෙම නෑ කියලා හිතුවා පොතේ භාගයක් කියවද්දිම.. 
නෑ.. නෑ... 
මම කියන්නේ නෑ කතාව හෙනම චොර කියලා එහෙම නෙවෙයි.. 

ඒ උනාට ඒ කතා අස්සේ තියෙන සීඩ් හැම වෙලාවෙම එකයි.. පිටු ගාණ වැඩි කරලා එක එක ෆ්ලේවර් වල අයිසිං දාලා.. එක එක ඩෙකරේෂන්ස් දාලා දුන්නට අන්තිමටම ඉතුරු වෙන්නේ දන්න කියන දෙයක් විතරයි.. 

මම හරි ආසයි සියක් වසක හුදකලාව.. කිඳුරු අරණ.. එහෙම නැත්තං කැල්විනෝ හරි අයියන්දෙගේ හරි පොත් කියවද්දි මට වෙන්න තියෙන මහන්සියට.. නිකං වචන විතරක් නෙවෙයි.. ඉමැජිනරි ෆිල්ම් එකක්ම අපිට දෙනවා පොතත්  එක්කම.. ඒ ෆිල්ම් එක හිතෙන් හදාගත්තේ නැත්තං පොත කියවලා ඉවරයි.. ආ මෙහෙම වෙයි කියලා අපි හිතත්දිම ඊළග පිටුවෙන් අපිව කණපිට හරවනවා.. හුටස්!! 

මම බලාපොරොත්තු වෙන පොත් ඒ වගෙයි..

ඔය වගේ මෙලෝ රහක් නැති මූඩ් එකක ඉන්දැද්දි තමයි ඔෆිස් එකේ නංගි කෙනෙක් සෙන්කොට්ටන් ං ගෙනැල්ලා අතටම දුන්නේ.. එහෙන් මෙහෙන් ඒ ගැන හොඳ අහලා තිබුනට එක සැරේ ම අරගෙන කියවන්න හිතුනෙත් නෑ.. ඒ උනාට නිකං ලැබුන අස්සයාගේ දත් බලන්නේ මොකටද හිතලා අරන් කියෙව්වා.. 

සෑහෙන්න කාලෙකින් රැයක් ඇහැරගෙන නිදිමත අමතක කරලා පොතක් කියෙව්වා මම! 
පහුවෙනිදා උදේ මට මාර හැපී.. කතාවක් කියවන ගමන් තාමත් කතාව හින්දා අඬන්න මට පුළුවන් කියලා මට දැනුනා.. මම ඉල්ලන හැම දේම පොත අස්සේ නොතිබ්බත් මොකක්දෝ නොදන්න වචන වලින් විස්තර කරන්න නොදන්න හැඟීමක් හැම වෙලේම සෙන්කොට්ටං ඇතුලේ තිබුනා.. ඒ හැඟීම පොඩිනා ගැනද.. වීරප්පුලි හේනයා ගැනද.. බබාහේනයා ගැනද.. හැමදේම කරබාගෙන කඳුළින් ඉවසපු මල්මා රිදී ගැනද නැත්තං සමස්ථ ජීවීන් ගැනමද කියලා මට තේරුනේ නෑ.. 
හැබැයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආයෙමත් මොනා හරි දෙයක් ලියලා දානවට වඩා යමක් ගැන ලියා පල කිරීම ගැන මට සතුටු හිතුනා.. 

ආයෙමත් වතාවක් සිංහල නවකතාවක් සල්ලි දීලා ගන්න මම හිත හදාගත්තා.. ඒ සෙන්කොට්ටං..! 
.... කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි
මට නං හිතෙන්නේ



උඩ තියෙන පිංතූර සේරම ගුගල් අරන් දීපුවා හොදේ! 

8 comments:

  1. ඔය ජාතියෙම කේස් එකක් මටත් තියෙනව.. පරිවර්තන කොච්චර කියෙව්වත් සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ (ළමා කතා ඇරුනම) කියවන්න හිතෙන්නෙම නෑ.... හැමදාම එකම ටික.. කියෝලා ඉවර උනාම ඉතුරු වෙන්නෙ මහා හිස්බවක් විතරයි අන්තිමට... බොහොම අමාරුවෙන් හිත හදාගෙන සෙංකොට්ටං කියෙව්වෙ මාස ගානක් පොත් රාක්කෙ දූවිලි බැඳි බැඳී තිබිල මේ පෙරේදා රෑ... තව ඉතුරු වෙලා තියෙනව මාගම් සෝලියයි තව දෙකක් තුනක් ද කොහෙද.. තව මාසෙකින් විතර හිතලා බලන්න ඕනෙ ඒවා කියවන්න හිතහදාගන්න පුළුවන් ද කියල...

    ReplyDelete
  2. සෑහෙන්න කාලෙකින් රැයක් ඇහැරගෙන නිදිමත අමතක කරලා පොතක් කියෙව්වා මම!
    පහුවෙනිදා උදේ මට මාර හැපී.. කතාවක් කියවන ගමන් තාමත් කතාව හින්දා අඬන්න මට පුළුවන් කියලා මට දැනුනා.. මම ඉල්ලන හැම දේම පොත අස්සේ නොතිබ්බත් මොකක්දෝ නොදන්න වචන වලින් විස්තර කරන්න නොදන්න හැඟීමක් හැම වෙලේම සෙන්කොට්ටං ඇතුලේ තිබුනා.. ඒ හැඟීම පොඩිනා ගැනද.. වීරප්පුලි හේනයා ගැනද.. බබාහේනයා ගැනද.. හැමදේම කරබාගෙන කඳුළින් ඉවසපු මල්මා රිදී ගැනද නැත්තං සමස්ථ ජීවීන් ගැනමද කියලා මට තේරුනේ නෑ..

    සෙංකොට්ටං මෙහෙට එනකම් පාර කාලයක් ඉවසගෙන ඉඳලා ආවට පස්සෙත් සතියක් විතර ඇඳේ එහා පැත්තේ ඉඳලා එක රෑක මේක කියවන්න ගත්තා. කියවලා ඉවරවෙද්දි ඉවර වෙන්නත් කලින් මගේ අතීත මතක ඒ ගම් හා ගම් වල මිනිසුන්ගේ මතක එක්ක අවුරුදු තිහකට විතර එහා අපේ ළමා කාලේ මේ ගම් වල කතාවත් වෙනස් වුනේ නෑ කියලා මතක් වුනා. මට ඇඩුනේ හරියට මම දන්න ඇඳුම් හෝදන අයත් ඒ කතාව අස්සේ හිටියා වගේ. මහින්දගෙයි අපේ ගම් යි එක ළඟ හින්දා මේ නවකතාවේ විස්තර කරන ගම් මගේ ළමා කාලේ බොහොම සාමාන්‍ය පළාතක්. වචන භාවිතයත් ඒවාම වෙන්න ඕනේ. (ඩයලෙක්ට් එක.) මටත් ඉස්සර ඇඳුම් වල ඔය සෙංකොට්ටන් වලින් ලියපු මාක් එකක් තිබුනා. ඒ ඇඳුම් හෝදලා ගෙනත් දුන්නම පුදුම සුවඳකුත් තිබුනා. ඒ සුවඳමයි මට ඒ පොත අස්සේ තියෙන කතාවෙන් ආවේ.

    ReplyDelete
  3. කාලසර්පයි සෙංකොට්ටනුයි කියවන්න මාරම ආසාවකින් ඉන්නේ.. ඒත් තාම හරි ඉඩක් ලැබුනේ නැනැහේ..

    ReplyDelete
  4. එමමයි!!
    කන්දෙ වීදිය-ගත්තෙ ස්වර්න පුස්තක නිර්දෙශ නිසා.මට තෙරෙන්නේ නෑ ඒක මොකද්ද කියලවත්.
    කාල සර්ප-කතාවේ කිසිම ගලායමක් නෑනේ.එකෙන් පොඩි කෙටිකතා 2ක් වගෙ ගත්තෑකි.
    සෙන්කොට්ටන්-බලපොරොත්තුවු කම්පනය යම් ආකාරයකින් ලැබුනා.
    සින්හල නවකතා එතරන්ම පහලට දාන්න මටනම් බැරි සුනේත්‍රයි,ලියනගේ අමරකීර්තියි නිසයි.
    සුනේත්‍රගෙ 2013 සෞම්යාලෝකය ලස්සන පාපොච්චාරනයක්.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි අදහස් වලට.. මේක මට විතරක් නෙවෙයි කියන ගොඩක් අයට තියෙන ගැටළුවක් නිසා පොත් ලියන්නෝ මීට වඩා අපි ගැන හිතලා කටයුතු කරයි කියලා සේරොමත් එක්ක එකට එකතු වෙලා ප්‍රාර්ථනා කරමු අපි.

    ReplyDelete
  6. මායාවාස මාස කීපෙකට කලින් කියවන්න අරන් බාගයක් විතර කියවල තාම මේසෙ උඩ තියෙනව. කියවීමේ ආතල් එක මගෙන් ගිලිහිලා ගිහින්. සමහර විට ආයෙත් එයි...

    ReplyDelete
  7. වයසට යනකොට එහෙම වෙන්න ඇති හරේ... දුක් වෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. දුකක් නෑ... ආතල් ගන්න ක්‍රමේ විතරයිනෙ වෙනස් ;-)

      Delete